පෘථිවි පද්ධතිය තුළ දූවිල්ල : භෞමික  ප‍්‍රදේශ තුළ දූවිලි නිධි සාධනය

Posted by

මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප‍්‍රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ. මේ රාමුව වනාහි සමස්ත ග‍්‍රහලෝකය මත ජීවිතය සඳහා කොන්දේසි ඒකාබද්ධව නිර්ණය කරවන ද්‍රව්‍යය සහ ශක්තිය ප‍්‍රවාහනය සහ පරිවර්තනය කරන අන්තර් ක‍්‍රියාකාරී භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක සහ මානව ක‍්‍රියාදාමයන්ගේ කට්ටලයකි. අවශ්‍ය වන්නා වූ සමෝධානමය චින්තනය විදහා දැක්වීම පිණිස අප ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක පමණක් නොව ගොඩබිමෙහි, ඊටත් වඩා වැදගත් වශයෙන් සාගරයෙහි ද බෙදා හැරීමේ ප‍්‍රධාන මගක් ලෙස ගත් කළ විශේෂයෙන්ම ඛනිජ ‘දූවිලි’ වල වායුගෝලීය ප‍්‍රවාහනය ඉටු කරන විවිධ කාර්ය භාරයන් සමාලෝචනය කළ යුතුය. මෙහිදී දුවිලි පිළිබඳ ගෝලීය වැදගත්කම මතුවන්නේ එය සාගරික ශාක ඵලදායිත්වය කෙරෙහි සහ ඒ අනුව වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීම මත එමගින් ඇති කරන පාලනයයි. දූවිලි, වාතය සහ මුහුද ජෛවී භූ රසායනිකව සම්බන්ධ කෙරෙන සංකීර්ණ අන්දම දේශගුණ විපර්යාසයන් අවබෝධ කර ගැනීමේ නව අභියෝගයන් අපට ගෙන එයි. එමෙන්ම, සම්ප‍්‍රදායානුකූල විද්‍යාත්මක ශික්ෂාවන්ගේ සීමාවන් ඉක්මවා යන ප‍්‍රශ්න ඇසීමට අපට බල කරයි.

භෞමික  ප‍්‍රදේශ තුළ දූවිලි නිධි සාධනය

සුළගෙන් ගසාගෙන යන දූවිලි, භූමිය මත ගොඩ ගැසෙන බව අපි කවුරුත් පාහේ අත් දැකීමෙන්ම දන්නා කරුණකි. එහෙත්, මේ දූවිලි අප සිතනවාටත් වඩා විශාල ප‍්‍රමාණයන්ගෙන් ඒකාරාශී වන බවට නම්  අපට එහෙමට අවබෝධයක් නොතිබෙන්නට පුළුවන. නොඑසේ නම් අප ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වා නැතිවන්නට පුළුවන. නිදසුනක් ගමු : ආසියාවේ කාන්තාරවල සිට කලාපය(Loess Plateau region) දක්වා පසුගිය වසර මිලියන ගණන් තුළ සුළඟින් ගසාගෙන ගොස් ගොඩ ගැසී හෙවත් ඒකරාශී වී ඇති පාංශු අනුක‍්‍රමණයන් මීටර 200 දක්වා ඝනය.

මෙලෙස දූවිලි නිධි සාධන අනුපාතය සැලිකය යුතු මට්ටමකට අඩු ස්ථානවල දී පවා  පාංශු ව්‍යුහය කෙරෙහි දූවිලි මගින් බලපෑම් එල්ල කෙරේ. උදාහරණයකට, වායව තිරුවාණ (Aeolian quartz), ඒවායේ යටිතල උපස්තරය,  පහසුවෙන්ම ජීර්ණයට (weathering) අවනත හෙවත් ග‍්‍රහණශීලි වනවිට, ඒවා පසෙහි වැදගත් සංරචකයක් (soil constituent) බවට පත්විය හැකියි. පර්යේෂකයක් දක්වන අන්දමට, හවායි දූපත් වල බැසෝල්ට්මය යටි පාෂාණයෙහි පසෙන් වැඩි කොටස දුර කතර ගෙවා පැමිණ ඇත්තේ චීනය හා මධ්‍යම ආසියාතික කාන්තාර වලිනි.

පාරිසරික පරිසර පද්ධති ව්‍යුහය තුළ සහ ශාක ඵලදායීත්වය මත දූවිලි වැදගත් ජෛවභූරසායනික(biogeochemical) පාලනයක් ඇති කරයි. ඊට හේතුව, එහි (එනම් දූවිලි වලට අදාළ) ඛනිජ විද්‍යාව සහ කණිකා තරම (grain size),  පසෙහි ජලය සහ පෝෂක රඳවා ගැනීමේ ගුණාංග කෙරෙහි දැඩිව බලපෑමක් එල්ල කරන බැවිනි.

තවද, භෞමික පරිසර පද්ධතිය තුළ ද දූවිලි වඩාත් සෘජු ජෛවී භූ රසායනික කාර්යභාරයක් ඉටු කරයි. ඇමසෝනියාවේ(Amazonia = ප‍්‍රධාන වශයෙන් බ‍්‍රසීලයේ ද එහෙත් පේරූ රාජ්‍ය, කොළොම්බියාව සහා බොලීයාව යන රටවලට ද ව්‍යාප්ත වන දකුණු ඇමරිකාවේ ඇමොසාන් නදිය අවට ප‍්‍රදේශය: ලෝකයේ දැනට ඉතිරිව ඇති නිවර්තන වැහි වනාන්තර වලින් දළ වශයෙන් තුනෙන් එකක් පිහිටා ඇත්තේ මෙහිය)  කොටස්වල පාංශු දැනටමත් බෙහෙවින් ජීර්ණයට (weathered) පත්ව ඇති අතර පෝෂක හිඟය.

වසර සිය ගණන් සිට දහස් ගණන් කාල පරිමාණ ගතහොත් වැහි වනාන්තරවල පෝෂණ තුලනය පවත්වාගෙන යනු වස් ගංගා වලින් ලැබෙන පෝෂණ සැපයුම ප‍්‍රමාණවත් නොවන්නට ඉඩ තිබේ. මෙම කලාපය තුළ පොස්පරස් වැනි පෝෂකවල වායව නිධි සාධනය තීරණාත්මක විය හැකි යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. මේ අනුව, සහරා කාන්තාරයේ සහ උතුරු අප‍්‍රිකාවේ සහරාවට දකුණෙන් පිහිටි  විශාල අර්ධ ශුෂ්ක කලාපයක් වන සහෙල් කාන්තාරයේ (වාර දූලි කුණාටුවල දී  සිදුවන්නාක් මෙන්) සිට අත්ලාන්තික් සාගරය හරහා ප‍්‍රවාහනය කෙරෙන දූවිලි, පරිසර පද්ධතියේ දරා සිටිය හැකි උපරිම ප‍්‍රමාණය නැතිනම් විශාලත්වය කෙරෙහි බලපෑමක් සිදු කරනු ඇත.  ඇතැම් පැරණි හවායි දූපත්වල දේශීය වශයෙන් සැපයෙන ප‍්‍රමාණය ඉක්මවා යන අන්දමට මේ අත්‍යවශ්‍ය පෝෂකය, ක්ෂරණය (leaching  =සෝදා පාළු වීම) සහ සංසරණයනොවීමේ (immobilization) හේතුවෙන්. බොහෝ සේ ජීර්ණයට පත් වූ සහ පොස්පරස් සීමිතවූ  පාංශු මගින් හැඟවෙන්නේ, මෙයට සාදෘශ්‍ය හෙවත් සමානකම් පෙන්වන  තත්ත්වයකි.

නැවත වරක් සඳහන් කළ යුත්තේ, සාගරය හරහා(මේ සඳහන් කරන අවස්ථාවේ නම් ශාන්තිකර සාගරය හරහා) ප‍්‍රවාහනය කෙරෙන  වායව පොස්පරස්, පරිසර පද්ධතියේ පෝෂක අයවැය තුලනය සඳහා අවශ්‍ය වන බවයි. මේ අනුව, භෞමික වශයෙන් එකිනෙකින් ඈත් වූ, දුරස්ථ වූ භූ ස්කන්ධ දෙකක භූමි පෘෂ්ඨ (බිම් මතුපිටවල්) එකට එක් කිරීමට දූලි වලට හැකිය. එසේ හෙයින්, එක්  පරිසර පද්ධතියක ඇතිවන වෙනස්කමක්, විශේෂයෙන්ම ශුෂ්ක හෝ අර්ධ ශුෂ්ක වෘක්ෂලතාදියකට මාරු වීම, දෙවැනි පරිසර පද්ධතියෙහි ඵලදායීත්වය කෙරෙහි බලපෑමේ විභවයක් ඇත.

ලබන සතියේ බ්‍රහස්පතින්දා:සාගරික  ප‍්‍රදේශ තුළ දූලි නිධි සාධනය.

Royal Society Series on Advances in Science(vol. 2)(2007)  නම් ග්‍රන්ථයේ  Dust in the Earth System: The Biogeochemical Linking of Land, Air, and Sea යන පරිච්ඡේදය් ආශ්‍රයෙන්  සැකසෙන ලිපි මාලාවකි. සෑම බ්‍රහස්පතින්දා දිනකම පළවේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.