මිනිස් මල යොදා ගඩොල් තැනීම

Posted by

නිවසෙහි කක්කුසි කසළ වල දිය බස්වා, පිරියම් කිරීමෙන් අනතුරුව එහි ඉතුරුවන ද්‍රව්‍ය වේලෙන්නට හැරියාට පසුව සිදුවන්නේ කුමක් ද? මෙහෙමයි: ඔයින් කොටසක් අන්තිමේ දී පොහොර බවට පත්වෙනවා. එතකොට  ඉතිරිය? මිනිස් මල අවශේෂයන්ගෙන් අති විශාල ප්‍රමාණයක් — සියයට 30ක් ඉඩම් ගොඩ කිරීමේ ස්ථාන වලට ගොහින් දමනවා; නැතිනම් ඔහේ පැත්තකට දමා තිබෙන්නට හරිනවා. බැලුවහම කොයි තරම් නාස්තියක් ද?

ඒත් ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයේ  පර්යේෂකයන් පිරිසක් මේ ජෛවී ඝන ද්‍රව්‍ය (bio solids) ඵලදායී ආකාරයකට නැවත් ප්‍රයෝජනයට ගැනීමේ සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. අප්පිරියාවෙන් ඉවත දමන් මිනිස් මල ගඩොල් තැනීම සඳහා යොදා ගැනිමේ මෙම තැත එක අතකින් පුදුම සහගතයි.

ජෛවී ඝන ද්‍රව්‍ය ගඩොල් බවට හැරවීම  “ලොවපුරා ජෛවී ඝන ද්‍රව්‍ය  අවශේෂයන්  ප්‍රතිචක්‍රීකරනය සඳහා වූ  ‍ප්‍රායෝගික එමෙන්ම තිරසාර යෝජනාවක්” යයි  පර්යේෂක කණ්ඩායම සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කරයි, “ගඩොල් නිෂ්පාදනයේ දී ජෛවී ඝන ද්‍රව්‍යවලින් සියයට 15ක් පමණක් ප්‍රයෝජනයට  ගැනිමෙන් ගඩොල් නිෂ්පාදනයේ කාබන් පාසටහන අඩු කර ගත හැකි අතර ගඩොල් සඳහා සියළුම පාරිසරික සහ ඉංජිනේරුමය අවශ්‍යතා සපුරලීමට ත් පුළුවන්”.

RMIT ඉංජිනේරු ඉංජිනේරු අබ්බාස් මොහන්ජෙරානි

සාමාන්‍යයෙන්, ගඩොල් නිශ්පාදනය කෙරෙන්නේ මැටි හෝ සිමෙන්ති මිශ්‍රනයක් උපයෝගී කරගනිමිනුයි. පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට ගෝලීය වශයෙන් නිශ්පාදනය කෙරෙන ගඩොල් ට්‍රිලියන 1.5 වෙනුවෙන් මැටි පස් ඝන මීටර බිලියන 3.13 පමණ අවශ්‍යවේ. ඒ කියන්නේ පාපන්දු පිටි 1000කට සමාන ප්‍රදේශයක් මීටර 440ක් තරම් ගැඹුරට හාරා ගන්නා ප්‍රමානයක්. ඉන් පාරිසරික ප්‍රශ්න ගණනාවක්ම මතුවන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ . ” මේ ආදී පාරිසරික අභියෝග වලට පිළියම ගඩොල් නිපදවීමේ දී ජෛවී ඝන ද්‍රව්‍ය යොදා ගැනීම විය හැකියි” යනුවෙන් RMIT ඉංජිනේරු ඉංජිනේරු අබ්බාස් මොහන්ජෙරානි පෙන්වාදෙයි.

සමස්තයක් වශයෙන් ගත්තහම ගඩොල් නිශ්පාදන කාර්යයේ දී අසූචි මිශ්‍රනය හොඳින් ක්‍රියාත්මකවෙනවා. ජෛවී ඝන ද්‍රව්‍ය සියයට 10 සිට 25 දක්වා යොදා ගන්නා විට ප්‍රබලතා පරීක්ෂණ සමත් වීමට මල මිශ්‍ර ගඩොල්වලට හැකිවුණා. එමෙන්ම, ජෛවී ඝන ද්‍රව්‍ය  යෙදූ ගඩොල් වඩාත් සවිවර බව ද පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තියෙනවා. ඉන් අදහස් වෙන්නේ ඒවා හොඳ  පරිවාරක(insulators) බවයි. “සාම්ප්‍රදායානුකූල ගඩොලක තරමටම තත්ත්වයෙන් හොඳවනවා පමණක් නොව,  මල මිශ්‍ර ගඩොල් පිළිස්සීමට වැයවන්නේ අඩු ශක්තියක්. එහෙයින් ජෛවී ඝන ද්‍රව්‍ය  ගඩොල් නිශ්පාදනයේ කාබන් පාසටහන් මෙන්ම ශක්තිය සඳහා වැයවන මුදල් ද අඩුකර ගැනීමට හැකි වෙනවා” යි මොහන්ජෙරානි කියයි.

Related image

වර්තමාන ගොඩනැගිලි කර්මාන්තයේ දී මොනයම් ආකාරයක වුවත් ගඩොල් එතරම් යොදා නොගන්නේ යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් , ඉහතින් ද දක්වා ඇති පරිදි වසරක් පාසා ගෝලිය වශයෙන් ගඩොල් ට්‍රිලියන 1.5 ක  ප්‍රමාණයක් නිපදවීමෙන් පෙනී යන්නේ ගඩොල් තවමත් බහුලව ගොඩනැගිලි තැනීමට යොදා ගන්න බවයි. මෙහි දී සෘජුව හා වක්‍රව ඇතිවන පාරිසරික ප්‍රශ්න සැලකිල්ලට ගැනීමේ දී ගඩොල් නිපදවීමට වෙනත් අමු ද්‍රවය යොදා පර්යේෂණ පවැත්වීම අරුමයක් නොවේ. දහය්යා, ලි කුඩු, ආදිය එවැනි ද්‍රව්‍යය වෙ. මොහන්ජෙරානි ඇතුළු කණ්ඩායම ද මීට පෙර(2017 වසරේ දී) සිගරැට් කොට යොදා ගෙන ගඩොල් නිපදවීමේ අත්හදා බැලීම් සිදු කළහ.

මිනිස් මල යොදා නිපදවන ගඩොල් පාරිසාරික වශයෙන් වාසිදායක වන බව පෙන්වාදෙන මොහන්ජෙරානි ජලය හීනවීම හැරුණුකොට සාම්ප්‍රදායානුකූල ගඩොල් නිපදවීමේ දී ඇතිවන අනෙකුත් අයහපත් පාරිසරික බලපෑම් අඩුකර ගැනීමට හැකිවෙන බව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු තවම නිමාවට පත්වී නැතැයි RMIT කණ්ඩායම කිය සිටියි.  ජෛවී ඝන ද්‍රව්‍ය  ස්ථානයෙන් ස්ථානයට වෙනස් විය හැකි නිසා ඒවා අතර රසායනික සංයුතියේ මෙන්ම ගුණාංගවලද බොහෝ අසමානතා තිබිය හැකියි. ඒවා ගැනත් සොයා බැලිය යුතුව ඇත. තව් තවත් පර්යේෂණ සිදු කළ යුතුය. එහෙයින්, මිනිස් මල මිශ්‍ර ගඩොල් යොදා ගෙන ඔබේ අනාගත නිවස ගොඩ නැගීමට නම් ඉතින් තව ටික කලක් බලාගෙන ඉන්න වේවි.

Science Alert හි පළවූ Bricks Made From Human Waste Could Be The Future of The Construction Industry සහ Forbes media හි පළවූ Building Bricks Made From Human Waste  ලිපි ඇසුරෙන් සැකසිණ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.