සියල්ලෙහි  සුලමුල – 8: චන්ද්‍රයා ඇත්තටම ග්‍රහලෝකයක් ද? II කොටස

Posted by

ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

ඊයේ තතු ලිපිය හා සම්බණ්ධයි….
චන්ද්‍රයාගේ පාෂාණ සහ පෘථිවියේ පාෂාණ සංයුතිය අතින් විශාල වශයෙන් වෙනස් යැයි කෙනෙකුට සිතන්නට පුළුවන් බව සුල මුල 8 ඊයේ ලිපියෙහි අපි සඳහන් කළා මතකයිනේ? ඒ වුණාට, ඇත්තවශයෙන්ම චන්ද්‍රයාගේ ඔක්සිජන්, ක්‍රෝමියම්, පොටෑසියම් සහ සිලිකන් සංයුතිය පෘථිවියේ සංයුතියෙන් වෙන්කර හඳුනාගන්න බැහැ. චන්ද්‍රයාගේ පාෂාණවල පුදුමය දනවන සුළු ප්‍රමාණයක් ජලය අඩංගුයි. යෝධ ඝට්ටනයකින්  ඇතිවන මහා හුට පට මධ්‍යයේ ජනනය වුණු තාපය හේතුවෙන්  හරිනම් ජලය සිඳීයා යුතුයි. ඒ වෙනුවට, සොයා ගැනීම්වලින් හැඟී යන්නේ චන්ද්‍රයා යනු ඝට්ටනය වන ග්‍රහලෝකයකින් කිලිටි වන්නේ නැතිව අභ්‍යවකාශයට පුපුරා ගිය කලක් පෘථිවියෙහිම  කොටසක් බවයි. ඒ වුණත් ඩාවින් ඉදිරිපත් කළ විසඳුමෙහි අඩුපාඩු විසඳා ගත හැක්කේ අති දැවැන්ත ශක්ති ප්‍රමාණයක් කොයිබින් පැමිණියාද කියලා සොයා ගැනීමෙනුයි. එත්,  උද්වේගකර එහෙත් සැක කළ හැකි අදහසක් වන්නේ මේ දැවැන්ත ශක්තිය (අපි සමාන කර බලනවා නම්  හිරෝෂිමාවට හෙලන ලද බෝම්බ බිලියන මිලියන 40ක ශක්තියක්)  පැමිණියේ චන්ද්‍රයා අභ්‍යන්තරයෙන්ම යන්නයි. ඔව්, යෝධ න්‍යෂ්ටික ස්ඵෝටනයක් හෙවත් පිපිරීම්ක් ලෙසින් චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙන්මයි.

Related image

මුලින්  කියන කොටම  දැනෙන තරමට මේ  අදහස පුදුම සහගත නැහැ. පෘථිවියෙහි කලක් ස්වභාවිකව හටගන්නා යුරේනියම් සාන්ද්‍රනවලින් සමන්විත වූ බව අපි දන්නෙමු. ඒවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරයක(reactors) ලෙසට හැසිරෙන්නට ඇති. ඒවායේ අක්‍රීය අවශේෂයන් ලෝකයේ විවිධ ස්ථානවලින් විශේෂයෙන් ගැබොන් හි තිබී සොයා ගනු ලැබ තිබෙනවා. මෙකී ප්‍රතික්‍රියා කාරක  මෙයට වසර බිලියන දෙකකට උඩදි  සක්‍රීයව පැවැති අතර වසර ලක්ෂ කිහිපයක් තිස්සේ ඒවායේ යුරේනියම් සැපයුම අහවර වනතුරු දැවෙන්නට ඇත. එහෙත් ඒවා හරහාට මීටර  10ක පමණ වැඩි නොවීය. ඒ කියන්නේ පොළොව දෙකට වෙන් කිරීමට හැකිවන පරිදි පුපුරුවා යැවීමට තරම් විශාල මදියි කියන එකයි. ඒ වුණත් ඔයිට සමාන ආකාරය දෙයක් චන්ද්‍රයාගේ සම්භවය පැහැදිලි කිරීම පිණිස යොදාගත හැකි වෙන්න තවමත් ඉඩකඩ තියෙනවා. මෙහිදී මූලික අදහස වන්නේ යුරේනියම් සහ කොරියම් සහ ප්ලූටෝනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය පෘථිවියෙහි ගැඹුරටම කිඳා බැස ඝන පාෂාණවල  සාන්ද්‍රගත ව තිබෙන්නට ඇත යන්නයි.  ඒවා සෑදීමෙන් සුළු කලකට පසු ඒවා පිටත හරය සහ ප්‍රාවරණය අතර ඉමෙහි ඒකරාශී වූ අතර එහිදී භූවිද්‍යාත්මක බලවේග මගින් ඒවා එකිනෙකට සමීප කරන ලද්දේ දැවැන්ත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරයක්  සෑදෙන ආකාරයටයි. එය අවසානයේ අති අවධි (super-critical) බවට පත් වී පුපුරා ගියේ චන්ද්‍රයාගේ ප්‍රමාණයේ පාෂණ කුට්ටියක් කක්ෂයට එකතු කිරීමට තරම් ප්‍රමාණවත් බලයක් සහිතව ය.

Related image
සුළු ප්‍රහාරය ?

මහා ප්‍රහාරයට අදාල ප්‍රශ්න වලින් ගොඩ ඒමේ මං නැතුවාම  නොවේ. එකක් තමයි තෙයියා වස්තුවේ ප්‍රමාණයෙන් අඩක පමණ වස්තුවක් එක එල්ලේ ඝට්ටනය වී පෘථිවිය ඇතුළටම වෙන්නට වැළලී ගියා යන්න. පරිගණක විඩම්බන (simulations) පෙන්නුම් කරන්නේ උණු වූ ද්‍රව්‍ය රොටුවක් කක්ෂගත කිරීම පිණිස මේ සංසිද්ධිය ප්‍රමාණවත් ශක්තියක් සපයන්න ඇති කියා.  ඉතින් එහෙම තමයි පෘථිවි පාෂාණ වලින් වෙන්කොට දැක්වීමට නොහැකි අන්දමේ පාෂාණවලින් සමන්විත චන්ද්‍රයකු නිර්මාණය වුණේ.

මෙයට වෙනස් ‘සුළු ප්‍රහාර‘ මතයක් තිබෙනවා. එහි දී අනුමාන කෙරෙන්නේ එකක් පෘථිවිය ප්‍රමාණයෙන් භාගයක් පමණ වනග්‍රහයන් දෙදෙනෙක්  සෙමින් එකිනෙක හා ගැටුනා යන්නය. එහි ප්‍රතිඵලයක් ලෙස හටගත් එකට බැඳීම මගින් අපේ පෘථිවි ග්‍රහයා බිහි වුණා පමණක් නොව ඉතිරි කොටස් වලින් චන්ද්‍රයාද නිර්මාණය වුණා. මේ කතාවට අදාළව ශුභාරංචිය තමයි න්‍යෂ්ටික පිපිරීමේ මතය නිවැරදි වුනත් නැවත ‘රඟ දැක්වීමේ‘ (නැවත වරක් සිදුවීමේ) අවදානමක් නම් නැත යන්නයි. ඒ කිව් පිපිරීම බලගැන්වූ විකිරණශීල සමස්ථානික(radioactive isotopes) මේ වන විට බොහොමයක්ම ක්ෂය වී ගොස් හමාරයි. හැබැයි ඉතින් තවත් විපත්තිදායක ඝට්ටනයක් තව සැරයක් ඇතිවුනොත් නම්  අපි ඒ තරම් වාසනාවන්ත නොවන්නට පුළුවනි.

මධ්‍යාහ්නයේ අන්ධකාරය

Related image

ඔබ පූර්ණ සූර්ය ග්‍රහණයක් දැක ඇත්නම්, ඒ කියන්නේ ඔබ සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් පුදුමාකාර සහසිද්ධිය අත්දැක තිබෙනවා කියන එකයි. චන්ද්‍රයා, සූර්යයාගේ මුහුණත වසාගනිමින් ලිස්සා  යද්දී චන්ද්‍රයාගේ මුහුණත හරියටම ගාණටම සූර්යයාගේ මුහුණත සම්පූර්ණයෙන්ම වසා ගන්නේ එහි(සූර්යයාගේ) රැස් වළල්ල ප්‍රභා කවයක් සේ පෙනෙන ආකාරයටයි. මේ  සංදර්ශනය දැකගත හැක්කේ අහසේ දී සූර්යයා සහ චන්ද්‍රයා ප්‍රමාණයෙන් සමානව වගේ වීම නිසයි.

එහෙම පෙනි ගියත්, ඇත්තටම සූර්යාගේ විෂ්කම්බය චන්ද්‍රයාගේ විෂ්කම්භයට වඩා 400කින් විශාලයි. ඒත් ඒ වගේම සූර්යයා  සිටින්නේ චන්ද්‍රයාට වඩා 400 ගුණයක් එහායිනුයි හෙවත් ඈතිනුයි. එය වැදගත් කාරණාවක් බවත් පෙනී ගියත් ඇත්තටම එය සහසිද්ධියකි. චන්ද්‍රයා කලක් මීට වඩා බෙහෙවින් පෘථිවියට සමීප ව සිටි අතර වසරකට සෙන්ටිමීටර් 3.78 බැගින් අපෙන් ඈත් වෙයි. ඒ අනුව ඈත අතීතයේ දී වත් ඒ වගේම ඉදිරියේ ඉතා දුර අනාගතයක දී වත් පූර්ණ සූර්යග්‍රහණය,  චමත්කාරජනක නොවුනා වගේ ම නොවෙන්නත් පුළුවනි.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  IS THE MOON REALLY A PLANET? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.