වෛද්‍ය විද්‍යාව සෑම විටම මනුෂ්‍යයන්ගේ ශරීරයට ගරුසරුවක් දක්වා නොමැත. ආදිකාලීන ශල්‍ය වෛද්‍යවරුන් වේතාලයන් මෙන් අපේ ශාරීරික කොටස් එකට තබා ගැනීම ගැන දැක්වු ණු නොසැලකිල්ල ගැන සිතන්න. ඔවුහු හිස් කබලේ හිල් විද කූඩැල්ලන් හෝ සැත් පිහි යොදා රුධිරය ඉවත් කළහ. මෙය දහනම වැනි සියවස පසු කාලයක් වනතුරුම වෛද්‍ය විද්‍යාවේ ‘හොඳ‘ පුරුද්දක් ලෙස පැවතුණි. අද පවා ඉතා ජනප්‍රිය ශල්‍යකර්ම ගතහොත් ඒවායේ දී උණ්ඩුකපුච්ඡය (appendix), පිත්තාශය (gallbladder), ගලමූල ග්‍රන්ථි (tonsils) ගර්භාෂය (uterus) (ගර්භාෂ නම් ඉවත් කෙරෙන්නේ සාමාන්‍යයෙන් දරු උපත් වලින් පසුවය.) ආදි ශරීර කොටස් තොග ගණනින් ඉවත් කිරීම සිදුකෙරෙන්නේ දෙවරක් නො නොසිතාමය. එම (ඉවත් කල)කොටස් නැතුව යහතින් ජීවත් විය හැකිය යන සහතිකය මේ සමඟම රෝගීන්ට වෛද්‍ය ප්‍රජාවෙන් ලැබේ. ශල්‍යකර්ම මගින් ශරීර ඉවත් කිරීම්වලට අදාල වලංගු හේතු බොහොමයක් තිබෙන බව ඇත්තකි. එහෙත් මෙකී අවයව කොහෙත්ම වැදගත් නැත හෝ එපමණටම වැදගත් නැත යන අදහස නම් එන්නට එන්නටම අභියෝගයට ලක්වෙයි.
අපි උණ්ඩුකපුච්ඡය ගෙන බලමු. පුරීතතයෙන්(the colon) මතුවන ඇඟිල්ලක ආකාර මේ නෙරුව, ඇතැම් සර්පයන්ගෙන් දැකිය හැකි කුරු පාද අස්ථි(puny leg bones) මෙන් මානව පරිණාමයේ අවශිෂ්ට ශේෂයක් පමණක් බව අප බොහෝදෙනකු ඉගෙන ගන්නේ පාසල් සමයේ දී ය. එහෙත් මේ මතය නිවැරැදි නොවන බව පෙන්වා දෙනු ලැබ ඇතැයි මධ්‍යම බටහිර ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කාය ව්‍යවච්ඡේද පරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ, ජීව විද්‍යාඥ හීදර් ස්මිත් පෙන්වා දෙන්නීය. . ස්මිත්ගේ ප්‍රධානත්වයෙන් 2017 පැවති අධ්‍යයනයකදී ක්ෂීරපායි විශේෂ 533කුට අදාල දත්ත සමාලෝචනයට ලක් කෙරිණ. එහිදී සොයා ගනු ලැබුවේ එකිනෙකාට සම්බන්ධයක් නොමැති විශේෂයන් කිහිපයකම උණ්ඩුකපුච්ඡය දැකිය හැකි ව බවයි. ‘ මේකෙන් පෙනී යන්නේ එහෙම පවතින්න නම් ඊට හොඳ හේතුවක් තිබෙන්න ඕන බවයි‘ ඇය පවසයි.
මෙම ‘හොඳ හේතුව’ ප්‍රතිශක්තිවේදීය හෙවත් රෝග නිරෝධවේදීය සහ ආමාශයාත්රිකව(gastrointestinal) අදාල බවක් පෙනී යයි. උණ්ඩුකපුච්චයක් ඇති සෑම සත්ව විශේෂයක ම එහි වසා පටක(lymphoid tissue) අඩංගු හෝ වසා පටක සමග සමීපව සම්බන්ධ බව සඳහන් කරන ස්මිත් පෙන්වා දෙන්නේ, වසා පටක ප්‍රතිශක්ති පද්ධතියට සහාය වීමේ දී කාර්යභාරයක් ඉටුකරන බවයි. මානවයන් ගත්හොත් උන්ඩුකපුච්චයේ හිතකර බඩවැල් බැක්ටීරියා ස්ථරයක් පවතින බව ඩියුක් සරසවියේ විද්යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. 2007 ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවක් අනුව ඔවුන් කියා සිටියේ උන්ඩුකපුච්චය හිතකර බැක්ටීරියා රැකීම පිණිස ‘රැකවල් නිවසක්'(safe house) ලෙස ක්‍රියාකරනවා විය හැකි බවයි. ක්ෂුද්‍ර බියෝමය වෙත රෝගවලින් පහර වදින විට උන්ඩුකපුච්චයේ එසේ සිටින හිතකර බැක්ටීරියා වෙන් අඩුව පිරිමසාලිය හැකි බවයි. මීට සාපේක්ෂව යම් තොරතුරු 2011 වර්ෂයේ දී පළ වූ අධ්යන වාර්තාවක සඳහන් විය. Clostridium difficile නම් බැක්ටීරියා විශේෂය මගින් යළි ආසාදනය වීමේ හැකියාව උණ්ඩුකපුච්ඡයක් රහිත පුද්ගලයන්ට 2.5 ගුණයකින් වැඩි බව ඉන් කියැවිණි. Clostridium difficile යනු හිතකර බැක්ටීරියා නොමැති විට බඩවැල්වල යහතින් වැජබෙන අන්තරායකාරී බඩවැල බැක්ටීඉර්යා මාදිලියකි.
අපගේ ගලමුලග්‍රන්ථ සහ නාසික ග්‍රන්ථි (adenoids) වල ප්‍රයෝජනය ගැනද යම් අදහසක් නව පර්යේෂණ මගින් ගෙන එනු ලැබේ. 2018 ජූලියේ පළ වූ අධ්‍යයන වාර්තාවක් අනුව ඩෙන්මාර්ක් ජාතික මිලියන 1.2 ළමුන් අතර මේවා ඉවත් කිරීමේ හෝ තවදුරටත් තබා ගැනීමේ දිගුකාලීන බලපෑම ගැන අන්තර්ජාතික කණ්ඩායමක් ඇගයීමක් සිදු කර ඇත. වසර 10 සිට 30 දක්වා වූ මෙහි පසු විපරම් කාලච්ඡේදය තුළ දී, වයස අවුරුදු 9 ට පෙර මින් එකක් හෝ අවයව දෙකම ඉවත් කරනු ලැබූ 5% ක පමණ අය අතරේ ඉහළ ස්වසන මාර්ගයේ රෝග සහ අසාත්මිකතා හා ඇදුම රෝගයට ගොදුරුවීමේ හැකියාව දෙගුණයේ සිට තුන් ගුණය දක්වා අනුපාතයකින් වැඩි බව හෙළි වී තිබේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඔවුන් වැඩි නිරන්තර බාවයකින් කර්ණ ආසාදන සහ ශල්යකර්ම මගින් උපකාර කළ හැකි යැයි සැලකෙන කෝටර ආසාදනවලින් පෙළුණු බවයි.
ආශ්වාස කිරීමෙන් හෝ ආහාර මගින් පැමිණෙන ව්‍යාධිජනක වලට එරෙහිව ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස නාසික ග්‍රන්ථි සහ ගලමූල ග්‍රන්ථි ක්‍රියා කරන බව අප දිගු කාලයක් තිස්සේ දන්නා කාරණයකි. මේ අවයව වඩාත් ප්‍රමුඛව දැකිය හැක්කේ ළමා වියේදීය. නාසික ග්‍රන්ථි වැඩිවියට පත් වන අවධිය වන විට නැතුවම ගොසින් වාගේය. ඒවා අනවශ්‍ය අංග ලෙස සිතීමට මේ කාරණා බලපාන්නට ඇති බව අධ්යයනයේ ප්‍රධානී, මෙල්බන් ජනගහන සහ ගෝලීය සෞඛ්ය පාසලේ ජෙයේෂ්ඨ පර්යේෂක ෂෝන් බයර්ස් කියා සිටී. “බාගදා ඒවා ළමා වියේදී වැඩියෙන්ම ප්‍රමුඛව තියෙන්න හේතුවක් ඇති” බයර්ස් සඳහන් කරයි. කල්පවතින ප්‍රතිඵල ගෙන එන අයුරින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය හැඩගැස්වීමට උපකාර වීමේ දී ඇතැම් විට ඒවාට යම් කාර්යභාරයක් සතුවනවා ද විය හැකියි. සිය අධ්‍යයනයද විශාල එකක් වූයේ නමුදු එහි එන කරුණුකාරණා වෙනත් මූලයන්ගෙන් ද සනාථ විය යුතුයය යැයි බයර්ස් අදහස් කරයි. ළමයෙකුට ප්‍රතිකාර ලබාදීමට(ශල්‍යකර්ම සිදුකිරීමට) ගන්නා තීරණය එක් එක් ළමයා සම්බන්ධ වෙන වෙනම සලකා බලා ගත යුතුය. මේවා “ළමා අවධියේ වඩාත් සුලභ ශල්‍යකර්ම නිසා වඩාත් ප්‍රඥාගෝචර වන්නේ වඩාත් මැදිහත් ප්‍රවේශයකට පිවිසීම බව අපගේ ප්‍රතිඵල පෙන්නුම් කරනවා” බයර්ස් සඳහන් කරයි.
ගලමුල ග්‍රන්ථි ඉවත් කිරීම ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම එය වඩාත් ප්‍රචලිතව පැවති විසිවන සියවසෙහි මැද කාලයෙන් පසුව පහළ වැටී ඇති බව දැක්විම වැදගත්ය. ගර්භාෂය ඉවත්කිරීමේ සැත්කම් ද අඩුවීමෙන් පිළිබිඹු වන්නේ දරුවන් දැරීම අවසන් වුවත් ගර්භාෂයෙහි පයෝජනවත් බව අඩුනොවන සෙයකි. එමෙන්ම තන්ත්වාහ(fibroid) හෙවත් ගර්භාශයේ ගෙඩි වැනි සුලබ ප්‍රශ්නවලදී කෙළින්මගර්භාෂය ඉවත් කිරීමට තරම් ඉක්මන් නොවී ඒ වෙනුවට වෙනත් පිළියම් ඇතැයි යන මතය ඊට බලපායි.
මේ නයින් බලන කල මනුෂ්‍ය ශරීරයේ කොටස් සැබවින්ම ප්‍රයෝජනයකින් තොර ද? නැතිනම් අවශිෂ්ට ද? මේ ගැන කතා කිරීමේ දී හොඳම තර්කය ගොඩ නගා ගැනීමට නුවණ දත (wisdom teeth) කෙරෙහි යොමුවිය හැකිය. “අනෙකුත් ප්‍රිමාටේස් සතුන් හා සසඳන විට අපගේ මුහුණු කොපමණ පැතලිදද කිව්වොත් නුවණ දතකට ඉඩකඩ බොහෝ විට නොලැබේ” යයි ස්මිත් නිරීක්ෂණය කරන්නීය. තවද අප අපගේ ආහාර පිසින ආකාරය ගත්විට අපට සැබවින්ම නුවණ දත් අනවශ්‍යයි. එතකොට අනෙක් ශරීර අවයව?
Scientific American(March 2019) හී පළ වී ඇති Are All Our Organs Vital? යන ලිපිය ඇසුරෙනි