සියල්ලෙහි සුල මුල 9: පෘථිවියෙහි භූමිය වගේම සාගර තියෙන්නේ ඇයි? II කොටස

Posted by

ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

පෘථිවියෙහි භූමිය වගේම සාගර තියෙන්නේ ඇයි? II කොටස

එදා තිබූ ලෝකය අද අප දකින මේ ලෝකය ම නොවේ යයි ද  චන්ද්‍ර ඝට්ටනයෙන් පසුව මතුව ආ උණු වූ පාෂාණ බෝලයට වඩා නම් එය බෙහෙවින් වෙනස් වී තිබු බව ද ඊයෙ පළවූ මෙම ලිපියේ මුල් කොටසෙහි සඳහන් වුණා.  පෘථිවිය ඒ අන්දමට වෙනස් වූයේ කෙසේද?  යනුවෙන ඇසූ  ප්‍රශනයට පිළිතුරු සමග ලිපියේ ඉතිරි කොටස අද කියවමු.

වර්තමානයේ පෘථිවි කබොල සෑදී ඇත්තේ තනිකරම පාහේ වසර බිලියන 3.6කට වඩා පැරණි නොවන පාෂාණවලින් හෙයින් නරකාවාට පරිසරය පිළිබඳ සළකුණු පොළොව මත  අතිශය හීනය. දැනට ඉතිරිව ඇති සැබැවින්ම පුරාණ පාෂාණ ප්‍රමාණය කබොලෙහි මිලියන කොටසකට එකක් වාගේය.  එදා සිට ඉන් බොහොමයක්ම, උණු වී සම්පීඩිතව,  ඊළඟට යළි උණු වී යලි සම්පීඩිතව ගියේ මුල් ස්වරූපය හඳුනා ගැනීමටවත් නොහැකි වන ආකාරයටය. එහෙත් ස(ර්)කොන් (Zircons) යනුවෙන් දැක්වෙන ඉතා කුඩා ප්‍රත්‍යස්ථිතික ස්ඵටිකවලට ස්තුතිවන්නට, සිදුවූයේ කුමක් ද යන්න ගැන යම් හෝඩුවාවල් ඇත.

Related image

Related image

ලොව පැරණිතම ඛනිජ

බටහිර දිග ඔස්ට්‍රේලියාවේ වැඩිකොටම දක්නට ලැබෙන  ස(ර්)කොන්  වනාහි පෘතිවියෙහි පැරණිතම ඛනිජයන්ය. ඒවා සෑදී ඇති අතිශය කල් පවතින ස(ර්) කෝනියම් සිලිකේට් (zirconium silicate) ස්ඵටිකවලින් වන අතර යුරේනියම් ඉහළ සාන්ද්‍රණයක් අඩංගුය. ඉතිරිව ඇති විකිරණශීලීත්වයෙන් ඒවායේ  දින වකවානු නිර්ණය කිරීමට මේ සාන්ද්‍රනය ඉඩ සලසයි. බොහෝ  ස(ර්)කොන්  ගතහොත් ඒවා වසර බිලියන 4 කට වැඩි යයි දින නිර්ණය කරන්න පුළුවන. ඉන් කියැවෙන්නේ ඒවා නරකාවාටයේදී සෑදුනු බවයි.

බැට කෑ පෘථිවිය යලි සිසිල්වෙද්දී ඊට සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිතවම කීමට මෙම ස(ර්)කෝන්වලට  හැකියාවක් නැත. හැබැයි, ඒවායේ ඔක්සිජන් අන්තර්ගතය පෙන්නුම් කරන්නේ ඒවා ජලයෙහි හටගත් බවයි. ඉන් අපට සිතා ගත හැක්කේ මෙයට වර්ෂ බිලියන 4කට පෙරත් පෘථිවියෙහි සාගර පැවති බවයි. මෙය අලුතෙන් ප්‍රශ්න ගණනාවක්ම මතු කිරීමට සමත් වෙයි. හුදු ජලය ආවේ කොයිබින්ද? එම ජලය උණුවී නටා හිඳී යන්නේ නැතුව දිගටම පැවතීමට සමත් වූයේ කෙසේද යන්න පමණක් නොව සාගර පැවතිය හැක්කේ  පෘෂ්ඨයක් මත පමණක් වන හෙයින්, නරකාවාටයේදී පෘථිවියට කබොලක් එක් වන්නට ඇතැයිද එය අපට කියයි.

ප්‍රථම මහාද්වීපය සෑදෙන්නට පටන් ගත්තේ ද මේ අවධියේ දී ය. ඒවා සෑදුනේ තවත් යමහල් පාෂාණයක් වන කළුගලිනි(granite). මේවා  නිමජ්ජන කලාපවල(subduction zones) සෑදෙන සැහැල්ලු පාෂාණය.  නිමජ්ජන  කලාප යනු සාගර පත්ලෙහි එකිනෙක අස්සට ලිස්සායාම හෝ මහද්වීප යටට  රිංගා යන කලාපයි. කළුගල්,  බැසෝල්ට්වලට වඩා ඝණත්වයෙන් අඩුයි. එනිසා එය වඩාත් ඝණ පාෂාණ මත පාවුණා. මේ විදියට තමයි ප්‍රථම සැබෑ මහාද්වීපක කබොල සෑදුණේ. මෙයට වසර බිලියන 4කට පෙර සෑදුනු ඒ මහාද්වීපක කබොල්ලෙහි කුඩා කොටස් අදටත් පවතී.

කළුගල් තිබීමෙන් අපට කියැවෙන්නේ භූකාරක තැටිචලනය ද ඔය කියන කාලයේම සිද්ධ වෙන්න ඇත කියන එකයි. හැබැයි ඉතින් එය අද පෘථිවි පෘෂ්ඨයේ (ග්ලැසියරානුකූලව මන්දගාමී වුවත් ) ඝනසැරේට සිදුවෙන කැළඹිල්ල තරම් නම් නොවෙයි. වෙනකක් තබා, තාරකාවාටයේදී  ජීවය පටන් ගත්තේ යයි පවා මත පළවෙනවා. දැනට හමුවී ඇති පැරණිතම විශ්වාසය තැබිය හැකි ෆොසිල වසර බිලියන 3.43ක් පැරණියි. එහෙත් වසර බිලියන 4.1ක් පැරණි ස(ර්)කොන්වල රසායනික අනන්‍යතා ලකුණු ඇති අතර ඒ ජීවත්වන ජීවි විශේෂයන්ගේ හෙවත් සජීවීන්ගේ අවශේෂ විය හැකියි. එසේ නම් තරකාවාට සමයේ තිබූ අපායාකාර තත්ත්වයන් යටතේ සජීවීන්  පවතින්නට ඇත්තේ කෙසේද යන්න විසඳීමට ඇති තවත් නව අභිරහසකි.

අන්තරීක්ෂ භයානක මිශ්‍රනය

පෘථිවිය, එහි ආදි කාලයේදීම සාගරවලින් සමන්විත වූ  අතර පෘථිවියට ඒවා ලැබුණේ කෙසේද යන්න අභිරහසකි. සූර්යයාට මෙතරම් සමීපව පිහිටා තිබීම නිසා මූලග්‍රහමය තැනුම් ද්‍රව්‍යයන් වලින් යම් ජලයක් ඉතිරිකර තබා ගත්තේ යයි සිතීමට ඉඩ ප්‍රස්ථා අඩුය. සම්මත පැහැදිලි කිරීම වනුයේ ධූමකේතු හා ග්‍රහක වැනි අයිස් මය වස්තූන් ගෙන ආ ජලයෙන්  පසුකාලීන zzz දී සාගර පහළ වූ බවයි. කෙසේවෙතත්, ඵ් 67P Churyumov Gerasimenko යනුවෙන් හඳුන්වනු ලබන ධූමකේතුව වෙත මෑතක සිදුකෙරුණු රොසෙටා මෙහෙයුම එකී අදහස ගැන යම් සැක මතුකර තිබෙනවා.මෙකී ධුමකේතුවේ  ජලයෙහි පෘථිවි ජලයෙහි සංයෝජනයම නොමැත. අනෙකුත් ධූම කේතු හා ග්‍රහකවල ජලයෙහි එකිනෙක අතර විශාල වෙනස්කම් ඇත. මෙයට වසර බිලියන 4කට වැඩි කාලයකට පෙර ජීවය සපයන පසුකාලීන දැඩි විවර්ෂණය හෙවත් බැට දීම(Late Heavy Bombardment)  ලෙස පැමිණි සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ මූලයන් ගෙන ආ ජලයෙහි මිශ්‍රනයක් බවයි.  ඊළඟ වාරයේ කේතලය ලිප තබන විට ඔබ නටවන්න යන්නේ  එවන් මිශ්‍රනයක් බව මතක තබා ගන්න!

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  WHY DOES EARTH HAVE LAND AND OCEANS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.