සැමට විදු නැන නුවණ – Science Literacy for All

මනසෙහි ඇබ්බැහිවීම්: විද්‍යාව, ගණිතය සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම

හවුලේ පරිහරණය කරනු ලබන වටිනාකම් හෙවත් හරයන්, ආකල්ප සහ කුසලතා, එක්එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරන්නේ කෙසේ ද යන්න ගැන පුද්ගලයෝ ඉතිහාසය  පුරාවට සිය සැලකිල්ල, අවධානය දක්වා  ඇත්තාහ. මේ කාරණා තුනම,  විධිමත් පාසල් අධ්‍යාපනය නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර උගන්වනු ලැබූ ඒවාය.  දැනුම, ඉගෙනුම සහ ජීවිතයේ අනෙකුත් අංග ගතහොත් ඒවා ගැන ජනතාවගේ අදහස් හැඩගැන්වීම්හිලා අද පවා පවුල, ආගම, සමපදස්ථයන්( – සාමාන්‍යයෙන් සම වයසේ, තත්ත්වයන් හා උනන්දුව ඇති අය), පොත පත,  ප්‍රවෘත්ති සහ විනෝදය සපයන මාධ්‍ය  සහ  පොදු ජීවන අත්දැකීම් ප්‍රධාන බලපෑම් මාර්ග වේ.  මේ ක්‍රියාදාමයේදී,  පාසල් අධ්‍යාපනය හෙවත් ශික්ෂණය යන සන්දර්භය තුළ  විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණය යන අංග තුණ වැදගත්  කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඊට හේතු දක්වතොත්,  ඒවා  ගොඩ නැගී ඇත්තේ කැපී පෙනෙන හර පද්ධතියක් මත වීම ද, ඒවා  පොදුවේ සමාජය හරයන් පිළිබිඹු කිරීම හා එම හරයන්ට ප්‍රතිචාර දැක්වීම ද එමෙන්ම  හවුලේ පරිහරණය කරන සංස්කෘතික හරයන් හැඩගැසීමෙහිලා එන්ට එන්ට ම වැඩි වන බලපෑම් කිරීම ද සඳහන් කළ හැකිවේ.  සංස්කෘතික විවිධත්වය සහ පෞද්ගලිකත්වය අගයන එමෙන්ම  මතවාදය දෙස සැක මුසුව බලන සමාජයක දැඩි සංවේදී තාවයක් දක්වන කාරණාවක් වන  හරයන් සහ ආකල්පයන් සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය(ශික්ෂණය)  දක්වන දක්වන සැලකිල්ලෙහි ‍ප්‍රමාණයටම  තරුණ පිරිසගේ පාසලෙන් ඔබ්බට  ඇති ජීවිතය සූදානම් කිරීමේදී ද විද්‍යාත්මක හරයන් ම‍ෙන්ම ආකල්ප  සැලකිල්ලට  ගත යුතුය.

මෙලෙසම, විද්‍යාව ගණිතය සහ  තාක්ෂණය හා සම්බන්ධව තරුුණ පිරිස් සිය පාසල් සමයේ දී වර්ධනය කරගැනීමට අවශ්‍ය චෛතසික කුසලතා ද ඇත. සුවිශේෂීව ම නොවුණත් මේවා අතරින් බහුතරය විධිමත් සහ අවිධිමත්  ඉගෙනුම යන දෙකටම මෙන්ම සමස්තයක් වශයෙන් සමාජය තුළ ජීවිත කාලයක් ගත කිරීමටද අත්‍යවශ්‍ය ගණිතමය හා තාර්කික කුසලතා ය. එක්ව ගත්කල මෙම හරයන්, ආකල්ප සහ කුසලතා මනසෙහි ඇබ්බැහි ලෙස සිතිය හැකිය. ඊට හේතුව ඒවා සියල්ල සෘජුවම පුද්ගලයෙකුගේ දැනුම හා ඉගෙනුම මෙන්ම සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති දෘෂ්ටියකින් සම්බන්ධවීමයි.

මේ ලිපිපෙළ මගින් විද්‍යා අධ්‍යාපනය යන සන්දර්භය තුළ  හරයන්,  ආකල්පයන් සහ කුසලතාවන් සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කරණු ලැබේ. ලිපි පෙළෙහි මුල් කොටසින් හරයන් සහ ආකල්ප සම්බන්ධ විශේෂිත අංග හතරක් ගැන අවධානය යොමු කෙරේ: විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණයට ආවේනික වටිනාකම්; විද්‍යාව සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම්; පොදු සමජ වටිනාකම් වෙරගැන්වීම; විද්‍යාව සහ ගණිතය අවබෝධ කර ගනු වස් තමන් තුළම ඇති හැකියාව ගැන ජනතාවගේ ආකල්පයන්.

ලිපි පෙළෙහි දෙවැනි කොටසින් අවධානය යොමුකෙරෙන්නේ, ආගණනය සහ නිමානය(computation and estimation), මෑනවීම(හසුරුවීම) සහ නිරීක්ෂණය(manipulation and observation), සංනිවේදනය, සහ  නැගෙන තර්කවලට දක්වන  විචාරාත්මක ප්‍රතිචාර කෙරෙහිය.

විද්‍යාව, ගණිතය සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම

ඉගෙනීමේ ක්‍රියාදාමයෙහි ප්‍රතිඵල ගැන සිතද්දී අගයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන වෙනත් අර්ථයක් ද ඇත. (ශිෂ්‍යයන්) තමන්ට ගැළපෙන ලෙස යොදා ගත හැකි විද්‍යත්මක අගයන්ට පරිබාහිරව එවන් ප්‍රයත්නයන්ගේ පොදු සමාජයීය වටිනාකම් ගැන ශිෂ්‍යයන් දැන ගත යුත්තේ සහ විශ්වාස කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නය පවතී. විද්‍යාෙවහි, ගණිතයෙහි සහ තාක්ෂණයෙහි සමාජයට ඇති මහා අගය ගැන සෑම උපාධිධරයෙකුම ඒත්තු ගෙන සිටීම අවශ්‍යමද?
සියල්ල සැලකිල්ලට ගන්නා විට, විද්‍යාව, ගණිතය හා තාක්ෂණය මනුෂ්‍යයන්ගේ පැවැත්මෙහි ගුණාත්මක බව ඉදිරියට ගෙන ගොස් ඇති අතර ශිෂ්‍යයන් ඒවායේ දැනුවත් ආධාරකරුවන් බවට පත් විය යුතුය. එහෙත්, විද්‍යාවම නිදහස් චින්තනය කොයි තරම් නම් ඉහළින් සලකයිද කියතොත්, ශිෂ්‍යයන් විද්‍යාවෙහි අවිචාරවත් ආධාරකරුවන් බවට පත්වෙන අයුරු ගුරුවරුන් විසින් හුදු ප්‍රගුණ කරවීමට උත්සාහ ගනු ලැබිය යුතු නොවේ යයි ඉන් කියැවේ. ඒ වෙනුවට, මේ ලිපි පෙළෙන් නිර්දිශ්ට අරමුණ කරා යාමේදී අවසානයේ ශිෂ්‍යයන් විද්‍යා ගණිත සහ තාක්ෂණ වටිනාකම් ගැන තුලනාත්මක දර්ශනයක් ඇති කර ගන්නා ඇතැයි ද එමෙන්ම අවිචාරවත්ව ධනාත්මක හෝ විරුද්ධවාදී නොවනු ඇතැයි ද යන ස්ථාවරය ඔවුන්(ගුරුවරුන්) දැරිය යුතුවේ.


විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය ඉගෙනීම කෙරෙහි ආකල්ප
මූලික පාසල් ළමුන්ට නිරායාසයෙන්ම හෙවත් ස්වයං සිද්ධව ස්වභාවය හා සංඛ්‍යා ගැන උනන්දුවක් ඇත. එය එසේ වුවද, බොහෝ සිසුන් පාසලෙන් පිටවන්නේ ගණිතය පිළිබඳ බියකින් මෙන්ම විද්‍යාව යනු ඉගෙනීමට කම්මැළි හිතෙන, ඉගෙනීමට අසීරු දෙයක් යන ගර්හාවෙන් යුක්තවය. ඔවුන් බොහෝ විට විද්‍යාව දකින්නේ ශ්‍රාස්තීය හෙවත් අධ්‍යයන ක්‍රියාකාරකමක් හැටියට මිස ඔවුන් ජිවත්වන්නා වූ ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ මාර්ගයක් හැටියට නොවේ. මේ ‘නොකමැත්තෙහි’ ඵලවිපාක දරුණුය. මන්ද, නුවමණා සංඛ්‍යාවක සිසුන් පිරිසකගේ ජීවිත (ඒ හේතුවෙන්) සීමා වනවා පමණක් නොව ජාතියට විද්‍යාඥයන්, ගණිතඥයන් හා ඉංජිනේරුවන් සපයා ගත හැකි සමස්ත කුසලතා සංචිතය (එය) තිබිය යුතුවාට වඩා කුඩාවේ.


මෙම තත්ත්වය වෙන’තකට හැරවීම තමන්ටම කරගැනීමට පාසල්වලට නොහැකි විය හැකියි. එහෙත් එවැනි හැර වීමක් ගැන යථාර්ථවාදීව බලාපොරොත්තු වීමට නම් ඒවා(පාසල්) අවශ්‍ය වේ. සිසුන් අතරේ ධනාත්මක ආකල්ප පෝෂණය කිරීමේ ශක්තිය ගුරුවරුන් අතරේ ඇත. ඔවුන් විද්‍යාවේ සහ ගණිතයේ වැදගත්, ළඟාකර ගත හැකි සහ ප්‍රොබෝධජනක මාතෘකා තෝරා ගනු ලබන්නේ නම්, ඔවුන් හුදු පද කටපාඩම් කරවීම්ම වෙනුවට වඩා වැඩි ගවේෂණය හෝ අවබෝධය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් තවද සිසුන් සියලු දෙනා ගවේෂණය කර උගෙනුමෙහි යෙදෙතැයි හා සිසු ජයග්‍රහණ පිළිගනු ලැබීමට අපේක්ෂා කරන බව සිසුන්ට දැන ගැන්වීමට සැලැස්විය හැකි නම්, එවිට එම සිසුන් සියල්ලම පාහේ මනාව උගෙන ගන්නාහ. තවද සාර්ථකව ඉගෙන ගැනීම යනු සිසුන් සියලු පාඩම් අතුරෙන් වඩාත් වැදගත්ම පාඩම ඉගෙන ගැනිමයි — එනම්, ඔවුන්ට එසේ කළ හැකි බව (ඉගෙනගත හැකි බව) උගනීමයි!

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HABITS OF MIND නම්  12 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක  තවත් ලිපියකි.   මේ. ලිපි  සෑම සඳුදාවකම පළවේ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: