හිතට වදදෙන අතීත මතකයන්

Posted by

‘අතීත  මතකයන්ගෙන් පීඩනයට පත්වෙන්න එපා’ යයි මහා නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර් අපට අවවාද කරනවා. ඒත් බිඳුනු හදවතක වේදනාවෙන් දුක් විඳි අයෙකු හොඳාකාරව දන්න විදිහට ඒක ඔය කියන තරම් පහසු වැඩක් නොවෙයි. ඒ ඇයිද කියන්න ඔවුනට නොහැකිවෙන්න පුළුවන්. ඒත්,  අසාර්ථක වෙච්ච  සමබන්ධතාවයන් හේතුවෙන් ඇතිවන වේදනාව අමතක කරන්න මෙතරම් අසීරු මන්දැයි මනෝ විද්‍යාඥයන් නම් දැන් සොයාගෙන ඇති බවක් පේනවා.

හීනවීයන ආවේදන අභිනතිය(fading affect bias) යනු මානසික පෙරහනක් හෙවත් ෆිල්ටරයක් (මේ පිළිබඳ වීඩියෝවක් මෙතැනින් නරඹන්න).  අපේ මතකයන්ට ඈඳී තිබෙන සෘණාත්මක චිත්තවේග එමගින් ධනාත්මක හැඟීම්වලට වඩා වේගයෙන් හීනවී යාමට සලස්වන්නේ වේදනාකාරී අත්දැකීම්වලින් ඈත්වීමට අපට සහායවෙමිනුයි. “එය ඇත්තටම හිතකර ක්‍රියාදාමයක්. මොකද අපට අතිතයේම ජීවත්වෙන්න බැහැනේ” යනුවෙන් පවසන්නේ එක්සත් රාජධානියෙහි, සදැම්ප්ටන් විශ්විද්‍යාලයේ බෙටිනා ශෙන්ගල් ය. “ඒත් අපි අතිත සම්බන්ධතා ගැන හිතනකොට යහපත ජය ගන්න බවක් පේන්න නැහැ, එය අයහපත මගින් පරාජය කරනු ලැබ පස්සට තල්ලුවෙනවා” ඇය තවදුරටත් කියා සිටී.

මෙම පර්යේෂණය මෙහෙයවන ශෙන්ගල්  ඇතුළු කණ්ඩායම තම තමන්ගේ වර්තමාන හෝ අතීත ප්‍රේම සබඳතාවකට අදාල සිදුවීම් විස්තර කරන්නැයි ගැහැණු පිරිමි 200කට වැඩි පිරිසකගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම, එම අත්දැකීම් ගැන වර්තමානයේ ඔවුනට දැනෙන දේ ද නොවලහා පවසන ලෙස ද දැනුම් දෙනු ලැබුවා. පර්යේෂණයට ලක් කෙරුණු අයගෙන් අඩකට මදක් අඩු පිරිසක් විස්තර කිරීම සඳහා තෝරා ගනු ලැබුවේ දැනටත් පවතින සම්බන්ධතාවලට අදාල සිදුවීම්ය. තවද, සාමාන්‍ය වශයෙන් ගතහොත් ඔවුන්ගේ ධනාත්මක මතකයන්, සෘණාත්මක හැඟීම්වලට වඩා ප්‍රබල විය.

කෙසේවෙතත්, අතීත සම්බන්ධතා ගැන සලකද්දී හීනවීයන ආවේදන අභිනතිය ඒ පමණටම  සාර්ථකව ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.   තමන්ගේ අතීත පෙම්වතෙකු හෝ පෙම්වතියක ගැන කතාකරද් දී ඒ අතීත ස්මරණයට අදාල අත්දකීමෙහි සෘණාත්මක පමනක් නොව ධනාත්මක චිත්තවේග ද එකලෙස නැවත වාරයක් අත්විඳි බවක් පෙනි ගියා.

කාරණා වඩාත් නරක අතට හැරුණේ පර්යේෂකයන් ඔවුන්ගෙන් අතීත ලිංගික සබඳතා ගැන විමසන විටයි. එම අවස්ථාවල දී එකී අසාර්ථක සම්බන්ධතාවල සෘණාත්මක මතකයන් සොඳුරු මතකයන්ට වඩා දිගටම පවතින බවක් පෙනින. අදාල පුද්ගලයාට අනාරක්ෂිත බවක් දැනෙන විට අඳුරු හැඟීම් වැඩි කාලයක් පවතින බව ද පර්යේෂකයන්ට පෙනි ගියා.

ප්‍රේමාන්විත නැතිනම් රොමැන්තික සම්බඳතාවලදී හීනවීයන ආවේදන අභිනතිය බලපාන අන්දම ගැන සිදු කෙරුණු ප්‍රථම අධ්‍යයනය මෙය බව පෙන්වා දෙන චිකාගෝ හී සෙන්ට් ෂේවියර් විශ්වවිද්‍යාලයේ ටිම් රිචී, උපදේශනයෙන්(counselling) සෙතක් සලසා ගත හැකි අය තෝරා ගැනීමේ දී මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රයෝජනවත් වනු ඇතැයි පවසනවා.

New Scientist (16 February, 2019) හී පළවූ Bad memories of former Valentines    යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.