සියල්ලෙහි සුලමුල 10: කාලගුණය  නිතරම වෙනස් වන්නේ ඇයි? II කොටස

Posted by

ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

කාලගුණය  නිතරම වෙනස් වන්නේ ඇයි? II කොටස

කඳු වැටි වෙත එල්ලවන සුළං ඒවායේ වැදී උඩට තෙරපෙන බව අපි ඊයේ ලිපියේ සඳහන් කළාට එසේ උඩට එසවන සුළං වලට සිදුවන්නේ කුමක්දැයි කීවේ නැහැනේ? අද ඒ ගැන සොයා බලමු.

වාතය ඉහළ නගිද්දී එය සීතල වනවා මෙන්ම ප්‍රසාරණයද වෙනවා. එතකොට,  කිසියම් මොහොතකදී එය ජලවාෂ්පවලට වායු ස්වරූපයෙන් තවදුරටත් සිටිමට නොහැකි අයුරින් සීතල වීම (වුවමනාවට වඩා) වැඩිවෙනවා. වාතය මෙකී තුෂාර අංක උෂ්ණත්වයට පැමිණි විට ජලය ඝනීභවනයවීම ඇරඹී පිටතට එන්නේ කුඩා බිංදු පොකුරු සාදමිනුයි. ඒ  බිංදු පොකුරු  තමයි වලාකුළු. මේ බිංදු ප්‍රමාණවත් තරම් විශාල වුවහොත් ඒවා අහසේ සිට වර්ෂාව, ශීතකර වර්ෂාව (sleet) හිම හෝ හිමවැහිකැට(hailstones)  හැටියට පතිතවෙයි.

මේ සියල්ල සිදුවන්නේ පරිවර්තීය ගෝලය(troposphere) ලෙස හැඳින්වෙන වායුගෝලයේම පහළම කිලෝමීටර 7 සිට 20 දක්වා කොටසෙහිය. මේ උන්නතාංශයෙන් උඩ දි වාතය යළි උණුසුම්වෙන්න පටන් ගත්තේ ඕසෝන් ස්තරය මගින් පාරජම්බුල ආලෝකය අවශෝෂණය කිරීමේ හේතුවෙනි. මෙය තමයි අපරිවර්තී (stratosphere) ගෝලයේ පහළතම ඉම. ඔන්න ඉතින් ඔහොම තමයි ඕවා සිදුවෙන්නේ. සුවදායක සන්සුන් දිනවල සිට දරුණු කුණාටු දක්වා අප අත්දකින කාලගුණික සිදුවීම් සියල්ලම පැහැදිලි කිරීම සඳහා මේ සාධක ප්‍රමාණවත්.

අකුණු, විදුලිය කෙටීම්, තිරශ්චිකා

මේ සියල්ල අතුරෙන් වඩාත් ප්‍රචණ්ඩකාරීවන්නේ,  අකුණු කුණාටුය. සූර්යයාගේ තාපය ප්‍රමාණවත්ව ප්‍රබලව ඇත්නම් තර්මල් (thermals) යනුවෙන් හැඳින්වෙන උණුසුම් සුළං ධාරා මගින් මල් ගෝවා හැඩ ගත් කැටි වැහි වලාකුළු (cumulus clouds) නිර්මාණය කෙරේ. ඒවාට පරිවර්තී ගෝලයේ ඉහළටම යා හැකිය. ඉහළ ව්‍යාප්ත ප්‍රෙද්ශවල දැඩි ශීත උෂ්ණත්ව අයිස් ස්ඵටික නිර්මාණය කරයි. තවද ඒවා අතර ඝට්ටන මගින් ,විදුලිය ආරෝපණයක් වියෝජනය කෙරේ හෙවත්  වෙන් කෙරේ. වියෝජනය තීරණාත්මක මට්ටමකට පැමිණි කල, ආරෝපණයෙන් නැවත එක්වන්නේ අකුණු සැරයක් ලෙසිනි. වලාකුළ දැන් ඔන්න අකුණු කුණාටුවකි. ඒ වුණාට අකුණු කෙටීමේ හේතුව නම් තවමත් පැහැදිලි නැහැ.

කැටි වැහි වලාකුළු

ලෝකයේ තදම වැසි ඇතිවන්නේ අකුණු කුණාටු මගිනි. ඉතින් සුළං තත්ත්වයන් හොඳට තිබේ නම් (හොඳට කීවාට ඒ දෙස බලන ආකාරය අනුව නරකට තිබේ නම් කියල කියන්නත් පුළුවන් තමයි.) අකුණු කුණාටු ස්වභාවධර්මයේ වඩාත් ප්‍රචණ්ඩ සුළං කුණාටුව වන ටෝනාඩෝවට මග පාදයි. 1999 මැයි මාසයේ .ඔක්ලහෝමා හී හටගත් ටෝනාඩෝවක දී රේඩාර මගින් පැයට කිලෝමීටර 486 ක සුළං වේගයක් සටහන් කෙරුණා. එය මෙතෙක් වාර්තා වී  (සටහන් වී) ඇති වේගවත්ම සුළං වේගයයි.

Related image

ටයිෆූන්(සමක කලාපීය සුළි සුළඟ) සහ සැඩ කුණාටු (hurricanes) ඇතුළුව නිවර්තන වාසුළි යනු තවත් අතිශය දරුණු කාලගුණ පද්ධතියක්. ටෝනාඩෝවලට වඩා ප්‍රබලත්වයෙන් අඩු වුවත් ඒවා ද සුළු පටු නොවේ. හරහට කිලෝමීටර 2000ක් දක්වා විශාලය. එමෙන්ම මීටර් 10 කට වැඩි කුණාටු සැඩ රළ ජනනය කරන අතර දිනකට මීටරයකට වැඩිය වර්ෂාව ඇද හෙළයි. සෙල්සියස් අංශක 27 ඉක්මවන මුහුදු මතුපිට උෂ්ණත්වයක් ඇති සාගරයේ ස්ථානවල නිවර්තන වාසුළි හටගන්නේ විශාල ප්‍රමාණයක වාෂ්පීකරණයක් ඇති කරමිනි. මෙම ජලවාෂ්ප ඝනීභූත වූ විට ගුප්ත තාප මුදා හැරීමෙන් නිවර්තන වාසුළි හට ගනී. සුළඟ සහ කොරියෝලිස් බලවේගයන්ගේ එකතුවෙන් කුණාටුවට භ්‍රමණය වීමට පටන් ගතහොත් එහි ප්‍රතිඵලය වනුයේ මේ මිහිපිට වඩාත්ම විනාශකාරී කාලගුණ පද්ධතියයි.

 

ප්‍රීතිදායක ඒකාකාරී බව

Related image

අත්‍යන්ත කාලගුණික තත්ත්වයන් ජන මාධ්‍යවල සිරස්තල බවට පත්වන අතර බ්‍රිටිෂ් අයිල්ස්හි වෙනස්වන සුළු කාලගුණය එරට වැසියන්ට අල්ලාප සල්ලාපයට මාර්තෘකා සපයයි. එහෙත් ලෝකයේ අන්ත බවින් අඩුම එමෙන්ම වෙනස් වන සුළුබවින් අඩුම කාලගුණය ඇත්තේ කොයිබද දැයි ඔබ නිකමට හෝ හිතනලා තිබෙනවාද? ඒක සොයා බලන්න  Weatherwise  නම් සඟරාව උත්සාහයක් දැරුවා. සොයා බලන්න හොඳම  තැන හැටියට සඟරාව මගින් තෝරාගනු ලැබුවේ චිලි රාජ්‍යෙය්, වැල්පැරයිසෝ හි වෙරළබඩ නගරයක් වන Valparaiso ය. වසර පුරාම එහි දහවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ත් 25ත් අතරයි.  සාමාන්‍යෙයන් මද වශයෙන් වළාකුළින් බරයි. පොද වැස්ස බොහොමයි. සුළං. තද  මද පවනකට වඩා වැඩිවෙන්නේ කලාතුරකින්. මේ නගරයෙහි අධික ශීතල හෝ හිම ඇතිවන්නේ නැහැ. ඉඳහිට ඇතිවන අකුණු කුණාටුවක් තමයි ඉතින් ඒකාකාරි කාලගුණ තත්ත්වයන්වල වෙනසක් ඇතිකළොත් ඇතිකරන්නේ.

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  WHY IS THE WEATHER ALWAYS CHANGING? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.