පෘථිවි පද්ධතිය තුළ දූවිල්ල : දූවිලි සැපයුමෙහි මානවමූලික වෙනස් කිරීම

Posted by

මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප‍්‍රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ. මේ රාමුව වනාහි සමස්ත ග‍්‍රහලෝකය මත ජීවිතය සඳහා කොන්දේසි ඒකාබද්ධව නිර්ණය කරවන ද්‍රව්‍යය සහ ශක්තිය ප‍්‍රවාහනය සහ පරිවර්තනය කරන අන්තර් ක‍්‍රියාකාරී භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක සහ මානව ක‍්‍රියාදාමයන්ගේ කට්ටලයකි. අවශ්‍ය වන්නා වූ සමෝධානමය චින්තනය විදහා දැක්වීම පිණිස අප ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක පමණක් නොව ගොඩබිමෙහි, ඊටත් වඩා වැදගත් වශයෙන් සාගරයෙහි ද බෙදා හැරීමේ ප‍්‍රධාන මගක් ලෙස ගත් කළ විශේෂයෙන්ම ඛනිජ ‘දූවිලි’ වල වායුගෝලීය ප‍්‍රවාහනය ඉටු කරන විවිධ කාර්ය භාරයන් සමාලෝචනය කළ යුතුය. මෙහිදී දුවිලි පිළිබඳ ගෝලීය වැදගත්කම මතුවන්නේ එය සාගරික ශාක ඵලදායිත්වය කෙරෙහි සහ ඒ අනුව වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීම මත එමගින් ඇති කරන පාලනයයි. දූවිලි, වාතය සහ මුහුද ජෛවී භූ රසායනිකව සම්බන්ධ කෙරෙන සංකීර්ණ අන්දම දේශගුණ විපර්යාසයන් අවබෝධ කර ගැනීමේ නව අභියෝගයන් අපට ගෙන එයි. එමෙන්ම, සම්ප‍්‍රදායානුකූල විද්‍යාත්මක ශික්ෂාවන්ගේ සීමාවන් ඉක්මවා යන ප‍්‍රශ්න ඇසීමට අපට බල කරයි.

දූවිලි සැපයුමෙහි මානවමූලික වෙනස් කිරීම

‘‘ඉහළ පෝෂක-පහළ ක්ලොරොපිල් කලාප” හෙවත් High-Nutrient Low-Chlorophyll’ (HNLC) කලාප වලට වර්තමානයේ යකඩ  සැපයුම සාගරයේ ජෛව විද්‍යාත්මක පොම්පය( එහි උපරිම කාර්යක්ෂමතාවයෙන් ක‍්‍රියා කිරීමට සහ සපයනු ලබන නයිට්‍රේට් සියල්ලම උපයෝගී කර ගැනීමට  ප‍්‍රමාණවත් තරම් විශාල නැත. මෙයට අමතරව, මධ්‍යම නිවර්තන ශාන්තිකර සහ උතුරු අත්ලාන්තික් වැනි අනෙකුත් කලාපවල දී යකඩ අතින් සීමාන්තයට හෝ අර්ධසීමාන්තයට පැමිණ තිබෙනවා විය හැකියි. දූවිලි සැපයුමෙහි යම් අඩුවක් ඇති වුවහොත් දැනටමත් සීමිතව ඇති ස්ථාන වලදී  එය තවත් තීව‍්‍ර කිරීමේ සහ අනෙකුත් ස්ථාන වලදී ඵලදායීත්වය සීමා කිරීමේ විභවයකින් යුක්ත වෙයි. ඒ කොයික වුණත් වායව(Aeolian) යකඩ ගලා යාම  පහළ නම් සාගරය මගින් කාබන්ඩයොක්සයිඞ් (CO2) ඇද ගැනීමේ අනුපාතයෙහි අඩුවීමක් ඇතිවිය යුතුය. මෙය වායුගෝලීය  CO2 සාන්ද්‍රණයන් සහ අනාගත දේශගුණ විපර්යාසයන්ගේ අනුපාතය මෙන්ම මට්ටම කෙරෙහි බලපෑමක් ඇති කරයි. සාගරයට දූවිලි සැපයීමෙහි අඩුවීමක් ඇතිවිය හැක්කේ කුමන තත්ත්වයන් යටතේ ද? මෙම පැණයට පිළිතුරු සැපයීමේ දී වායුගෝලීය දූවිලි වෙත එකිනෙකට වෙනස් මානව වංශීය දායකත්ව වර්ග දෙකක් ගැන පැහැදිලි කිරීමක් සම්බන්ධ වේ. භූමියේ (ගොඩබිම) මතුපිට වෙනස් කිරීමෙන් මනුෂ්‍යයන්ට දූවිලි නිෂ්පාදනය සෘජුවම බලපෑ හැකිය. දූවිලි චක‍්‍රය මත  මානවමූලික දේශගුණ විපර්යාසයන්ගේ සමුච්චිත බලපෑම මගින් වායුගෝලීය කාබන් බර කෙරෙහි මනුෂ්‍යයන්ට වක්‍රව බලපෑම් කළ හැක.

Related image

ගොඩබිම කාබන් ‘හිරකර තබාගැනීම'(පරිවේෂ්ටනය =sequestration) සඳහා භෞමික පරිසර පද්ධති  ඕනෑකමින්ම මෑනවීම පිණිස යෝජනා ඉදිරිපත් වී තිබේ. මෙකී මෑනවීම් අතරට බිම් කොටා සැකසීම අඩු කිරීම වැනි පාංශු කළමණාකරණ භාවිතයන් වෙනස් කිරීම, බිම් ආවරණයෙහි ප‍්‍රදේශීය හා කන්න වපසරිය වැඩි කිරීම සහ වඩාත් විශාල වෘක්ෂලතාදී ආවරණයන් ද,  අතිරේක කෘෂිකාර්මික ඉඩම් නිෂ්පාදනයෙන් ඈත්කර ‘පැත්තකට කර තැබීම්’ සහ කලින් හායනයට පත් බිම් පිළිසකරකිරීම හා වනවගාව  ඇතුළත්ය. කෙසේවෙතත්,  දූවිලි ඇවිස්සීම අඩුකිරීම, පාංශු ස්ථායිකරණය සහ වඩාත් විශාල වෘක්ෂලතාදී ආවරණයන් ද දූවිලි විමෝචන අඩු කිරීමට ඉඩ සැලසිය හැකිය. සාගරයෙහි ජෛව විද්‍යාත්මක පොම්පය කෙරෙහිදූවිල්ල වැදගත් පාලනයක් ඇති කරන හෙයින් භූමිය මත කාබන් පරිවේෂ්ටනය කිරීමේ(sequestration) ඵලදායීතාව සාගරය මතින් කාබන් උරා ගැනීමේ අඩුවීමක් මගින් හීන වී යා හැක.

දූවිලි ප්‍රවාහනය සහ නිධි සාධනය පිළිබඳ කලින් තිබු ආකෘති හෙවත් මොඩල මගින් ගම්‍ය කෙරුණේ, වර්තමානයේ ගෝලීය දූවිලි සැපයුමෙහි සැලකිය යුතු කොටසක් (30 – 50%) ඇවිස්සුණු පසෙන් හට ගත්තේය යනුවෙනි. අනාගතයේ දී මෙම පස් කාබන් විවික්ත කිරීම සඳහා ස්ථායීකරණය කළොත් ගෝලීය දූවිලි විමෝචනයන්ගේ සැළකිය යුතු අඩුවීමක් ඇතිවනු ඇත. පරිගණක ආකෘති මොඩල හඟවන්නේ, ගෝලීය සාගරයට දූවිලි ගලායාම් 30% කින් අඩුවීම, සාගර ඵලදායීත්වය කොපමණ නම් දුරට පහළ දමයි ද කියතොත් වායුගෝලීය ඣ2 නොවෙනස්ව තබා ගනිමින්.  ගොඩබිම කාබන් විවික්ත කිරීමේ වාසිය මග හැරවීමේ විභවය දුර්වල සාගර කාබන් කිඳාවට ඇති බවයි. කෙසේ වෙතත්, අනතුරුව ලබාගත් චන්ද්රීකා පාදක විශ්ලේෂණ දන්වන්නේ මානවමූලිකව ඇතිවන කොටස බොහෝ සේ කුඩා බවයි. එපමණක් ද නොව දූවිලි මොඩල විඩම්භන මතුපිට නිරීක්ෂණයන් හා සැසඳීමට මෑතක ගනු ලැබූ උත්සාහයන් හඟවන්නේ කෘෂිකාර්මික භාවිතයන් ගෝලීය සම්පූර්ණ වායුගෝලීය දූවිලි වඩියට දායක වන්නේ 10% කට වඩා අඩුවෙන් බවයි. කෙසේ වෙතත්, මතුපිට නිරීක්ෂණ සීමිත නිසා මෙම සංඛ්යාව නිශ්චිතව නිර්ණය කිරීම අසීරුය. ඉඩම් පරිහරණ විපර්යාසයන් හේතුවෙන් ඇති විය හැකි දූවිලි නිෂ්පාදනයේ අඩුවීම ප්‍රමාණ කිරීම වැදගත් අභියෝගයක් ලෙස පවතින බව මෙකී වඩාත් මෑතක ප්‍රතිඵල පෙන්නුම් කරයි. (ඉතිරිය ලබන සතියේ)

Royal Society Series on Advances in Science(vol. 2)(2007)  නම් ග්‍රන්ථයේ  Dust in the Earth System: The Biogeochemical Linking of Land, Air, and Sea යන පරිච්ඡේදය් ආශ්‍රයෙන්  සැකසෙන ලිපි මාලාවකි. සෑම බ්‍රහස්පතින්දා දිනකම පළවේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.