කන ඇහෙන්නේ නැතුව ගියොත් මොනවාද කරන්නේ?

Posted by

සත්වයන් තුළ සවන් දීමේ හැකියාව පරිණාමය වූයේ අනතුරු පිළිබඳව කල් වේලා ඇතිව දැන ගැනීමේ ක්‍රමයක් ලෙස යයි විශ්වාස කෙරේ.  ඒ කොහොමවුණත් මනුෂ්‍යයන්ට නම් ශ්‍රවන හැකියාව අමිල ප්‍රයෝජන අත්පත් කරදෙයි. අවාසනාවකට මෙන් ඇතම් පුද්ගලයන් උපතින්ම බිහිරිය. නැතිනම් පසු කලෙක වෙනත් හේතූන් නිසා ශ්‍රවන හැකියාව නැතිව යයි. එමෙන්ම බොහෝ දෙනෙකු විය පත්වෙත්ම කන් ඇසිමේ හැකියාව ද  ක්‍රමයෙන්  අඩු වී යයි. (මනුෂ්‍ය කර්ණයේ ව්‍යුහය දැක්වෙන වීඩියෝවක්(ඉංග්‍රීසි බසින්) මෙතැනින් නරඹන්න) කන් නොඇසීම හෝ නිසියාකාරව නොඇසීම හේතුවෙන් ඇතිවන නොයෙකුත් අවාසිවලට අමතරව එය පුද්ගලයෙකුට  කොයි තරම් නම් කරදරයක් ද? ඒත් දැන් නවීන විද්‍යාවට ස්තුතිවන්නට  එවැනි ආබාධ සහිත පුද්ගලයන්ට මෙම වැදගත් හැකියාව යළි පණ ගැන්වීම පිණිස ශ්‍රවනාධාරක(hearing aids) භාවිත කළ හැකිය.

සාම්ප්‍රදායානුකූල ශ්‍රවනාධාරක ක්‍රියාකරන්නේ ශ්‍රවනාබාධිත පුද්ගලයාගේ කනට පැමිණෙන ශබ්දයෙහි පරිමාව වර්ධනය කිරීමෙනි. හරියට මයික්‍රෆෝනයක හෝ ඉලෙක්ට්‍රික් ගිටාරයක් වැනි සංගීත  භාන්ඩයක හඬ වර්ධකයක්(amplifier) මගින් ශබ්දය ප්‍රබල කරන ආකාරයටයි. මේ අන්දමින් ද සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වුවත්, වර්තමානයෙහි ලබාගැනීමට හැකියාව තිබෙන ශ්‍රවන උපකරණ  හා සසඳද්දී  මෙය සාපේක්ෂව පහළ මට්ටමේ තාක්ෂණයක් බව කිව යුතුයි.

නූතන තාක්ෂණයෙන් යුතු  එවන් උපකරණයක් හැටියට කර්ණශංඛයක ආරෝපන(cochlear implant) දක්වන්න පුළුවනි. ශබ්දය පුද්ගලයෙකුගේ ශ්‍රාවණ ස්නායු (auditory nerves) ඔස්සේ කෙලින්ම මොළයට යැවීමට මේවා මග සලසයි. මෙය සාමාන්‍ය ශ්‍රවනාධාරකයකට වඩා ඵලදායි විසඳුමක් බව පෙණී ගොස් තිබේ.

ශ්‍රවනය කිරීම සඳහා පෙර කල මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ ශබ්ද යළි ශ්‍රවනයට මින් පුද්ගලයින්ට අවස්ථාව සැලසෙන අතර වෙනත් අය කියන දේ වඩා හොඳින් අවබෝධ කර ගැනිමට ද මං සලසයි. ශ්‍රවනාධාරකයක් පැළඳීමෙන් වාසි සලසා ගත හැකි පුද්ගලයන් අතුරෙන් ඒවායේ සහාය පතන්නේ පහෙන් එකක් පමණකි. ශ්‍රවනාධාරක පළඳින්නන් දෙස සමාජය වපර ඇසින් බැලීම සමහරුන් අධෛර්‍ය කරවන්නක් විය හකියි.  ඒ සියළු දෙනාම ඒ සඳහා ඉදිරිපත්වන්නේ නම් මෙය නුදුරු අනාගතයේදීම  සුලබ  තාක්ෂණයක්  බවට  පත්වනු නිසැකය. විශේෂයෙන්ම, නවීන ශ්‍රවනාධාරක වෙනත් අයට නොපෙනන තරමටම විචක්ෂණශීලීව පැළඳිය හැකි නිසාත්, ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් එන්ට එන්ටම උසස් ගුණාංග සහිතව නිෂ්පාදනය වන නිසාත් ලැජ්ජාව හෝ වෙනත් හේතු නිසාවෙන් එවන් උපකරන භාවිත නොකිරීම මග හැරී යමින් පවතී. අනාගතයේදී කර්ණශංඛය(cochlea) සම්පූර්ණයෙන්ම පුනර්වර්ධනයකිරීමේ හැකියාව ඇතිවිය හැකිනිසා ශ්‍රවනාධාරක මත රැඳෙන්නේ නැතිව බොහෝ දෙනාට ශ්‍රවනයේ ආස්වාදය අත්විඳීමේ අවස්ථාව සැලසෙනු ඇත.

 

Can a Cow Jump(2016) නම් ග්‍රන්ථයෙහි   How do you fix a human ear? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.