ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
පස් එන්නේ කොයිබින්ද? II කොටස
අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ඇතැම් පස් වසර මිලියන 114ක් පැරණිය, ඒවා අයත් වන්නේ ක්‍රිටේෂීය යුගයටය යනුවෙන් ඊයේ පළවූ මේ ලිපියේ මුල් කොටසින් කියවුණා. ඊටත් වඩා පැරණි පස් ගැන අපි අද කියවමු.
පසෙහි ඉතිහාසය ගතහොත් එය බොහෝ ඈතට දිවෙනවා. දැනට දන්නා පුරා පාංශු (palaeosols) හෙවත් ෆොසිල ගත පස්වල දිනවකවානු බලුවොත් වසර බිලියන 2කට වඩා පැරණියි. ඒ කියන්නේ ශාක ගොඩබිම පැතිරයාම තබා ඒවා හටගැනීමටත් බොහෝ කාලයකට පෙරයි. මේවා ප්‍රාථමික බවින් බොහෝ ඈත් වූ ඝන, හොඳින් වර්ධනය වු ඒවාය. සමහරක පරිමාවෙන් සියයට 50ක තරම් වූ ප්‍රමාණයක් පතුල් ජීරණයෙහි අවසන් ඵලය වන මැටි ඛනිජ අන්තර්ගතය. මෙය අඩුතරමින් වසර දහස් සියගණන් ස්ථාවරව පවතින පසක ගුණාංගයකි.
උත්කෘෂ්ට පාංශු
වර්තමානයේ ඔවුන් කරන්නාවු අනර්ඝ කාර්යභාරය ඉටු කිරීම පිණිස ශාක, පණුවන් සහ සන්ධිපාදිකයන් යන බහු ශෛලිය ජීවීන් නොසිටි නමුත් පුරා පාංශු, නූතන පස් සෑදෙන ක්‍රියාදාමයට බෙහෙවින් වෙනස් ක්‍රියාදාමයක් මගින් සෑදුනේ යයි සිතීමට හේතුවක් නැත. ඔය කාලයේ ලයිකන ද බාගදා නොතිබෙන්නට ඇත. එහෙත් ෆොසිල බෙහෙිවන් හිඟ නිසා නිසැකවම කිව නොහැකිය. වුවත්, සිදුවෙන්නට බොහෝ ඉඩකඩ ඇතැයි සිතිය හැකි කතන්දරය තමයි, මෙයට වසර බිලියන ගණනකට පෙර ගොඩ බිම මතු පිට ගනාවාස පිහිටුවාගෙන සිටි, (ඒ අවධියෙ පැවති අසීරු තත්ත්වයන්ට) ඔරොත්තු දෙන බැක්ටිරියාවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් පස් සෑදෙන්නට ඇත යන්න.
මේ අහිමිව ගිය පුරාණ ලෝකයට වඩාත්ම සමීප සාදෘශ්‍යය ඇත්තේ උටා මහා කාන්තාරයෙහි කැනියොන්ලෑන්ඩ්ස් ජාතික උද්‍යානයෙහි ය(Canyonlands National Park). එහි ගිනි ගහන අවවේ, සහ Oනෑම දෙයක් කරන්න සූදානමින් සිටින සුළංවලට මැදිව බැක්ටීරියා, ලයිකන සහ පාසි අසීරුවෙන් සිය පැවැත්ම රැකගෙන සිටියි. පාෂාණ මතුපිට ඒවා එකට එකතු වී පාෂාණවල පෘෂ්ඨයෙහි ගුප්තයෝගීමය කබොල්ල(cryptogamic crust) ලෙස දැක්වෙන කබොල්ල සෑදෙයි. මේ කබොල සමග ඛනිජ සහ ඓන්ද්‍රීය සුන්බුන් තුනී ස්තරයක් කලවම් වී ඇත. වෙන වචනවලින් කියතහොත් පසක්! සළකුණු කරන ලද මංපෙත් ඔස්සේ පමණක් ගමන් කිරීමෙන් මේ සියුමැලි පස ආරක්ෂා කරන ලෙස එහි පැමිණෙන ආගන්තුකයන්ට දැනුම්දීම් කෙරේ. පයකට එකම වරක් පෑගුනෝතින් පවා මෙහි කබොල බිදීගොස් යට ඇති පස ඛාදනයට නිරාවරණය වේ. එලෙස ඛාදනය පටන් ගත්තොත් එය විපත්තිදායක ලෙස පැතිරයාමට පුළුවන.
පස ආරක්ෂා කිරීම පෙර කී සුවිශේෂී ස්ථානයට පමණක් සීමා නොකර ගෝලීය මට්ටමින් කළ යුත්තකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන අන්දමට පෘථිවියෙහි පසෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මය හා ඉදිකිරීම හේතුවෙන් ආපදා පන්න වී තිබේ. තවද, අප විනාඩියකට පාපන්දු පිටි 30 තරම බැගින් සාරවත් මතුපිට පස අපට අහිමිව යයි; අපේ ආහාරවලින් සියයට 95 ක් වැවෙන්නේ පසෙහිය; මුළු වායුගෝලයෙහිම රැඳෙන කාබන් මෙන් තුන් ගුණයක කාබන් පසෙහි රැඳී තිබේ; පස යළි ආදේශ කිරීමට වසර දහස් ගණනක් ගතවේයි. මේ කිව් කාරණා ගැන පමණක් සැලකිල්ලට ගත්තත් පස සුරැකීමට අප ඇත්තටම ක්‍රියා කළ යුතුමය. ඇස මෙන් පස සුරකිමු!
ස්වරූප 20,000ක පස්
අද කාලය ගතහොත් පස් කියන්නේ බෙහෙවින්ම සිතාගන්න බැරිතරමට ම විවිධත්වයෙන් යුතු ද්‍රව්‍යයක්. පතුල් පාෂාණ, දේශ ගුණය, දේශීය පරිසර පද්ධතිය සහ පසෙහි වයස යන මේ සියල්ල පසෙහි සංයුතිය කෙරෙහි බලපෑමක් ඇති කරයි. මෙකී විවිධත්වය, අප ජීව ස්වරූප වර්ගීකරණය කිරීම සඳහා උපයෝගී කරගන්නා අකාරයටම සෑම අතින්ම විස්තරාත්මක වර්ගීකරණ ක්‍රමයකට හසු කර ගෙන ඇත. උදාහරණයක් දක්වතොත්. ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසෙහි වර්ගීකරණය අනුව පස ගෝත්‍ර(Orders) උපගෝත්‍ර(suborders) මහා කණ්ඩායම්, උපකණ්ඩායම්, කුල සහ අන්තිමට ශ්‍රේණිය (මෙය විශේෂයකට සමානය) ලෙස වර්ගීකරණය කෙර්. එක්සත් ජනපදයේ පමණක් පස් 20,000ට වැඩියෙන් වට්ටෝරු ගත කර ඇත.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DOES SOIL COME FROM? පරිච්ඡේදය ආශ්‍රයෙනි.