මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප‍්‍රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ. මේ රාමුව වනාහි සමස්ත ග‍්‍රහලෝකය මත ජීවිතය සඳහා කොන්දේසි ඒකාබද්ධව නිර්ණය කරවන ද්‍රව්‍යය සහ ශක්තිය ප‍්‍රවාහනය සහ පරිවර්තනය කරන අන්තර් ක‍්‍රියාකාරී භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක සහ මානව ක‍්‍රියාදාමයන්ගේ කට්ටලයකි. අවශ්‍ය වන්නා වූ සමෝධානමය චින්තනය විදහා දැක්වීම පිණිස අප ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක පමණක් නොව ගොඩබිමෙහි, ඊටත් වඩා වැදගත් වශයෙන් සාගරයෙහි ද බෙදා හැරීමේ ප‍්‍රධාන මගක් ලෙස ගත් කළ විශේෂයෙන්ම ඛනිජ ‘දූවිලි’ වල වායුගෝලීය ප‍්‍රවාහනය ඉටු කරන විවිධ කාර්ය භාරයන් සමාලෝචනය කළ යුතුය. මෙහිදී දුවිලි පිළිබඳ ගෝලීය වැදගත්කම මතුවන්නේ එය සාගරික ශාක ඵලදායිත්වය කෙරෙහි සහ ඒ අනුව වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීම මත එමගින් ඇති කරන පාලනයයි. දූවිලි, වාතය සහ මුහුද ජෛවී භූ රසායනිකව සම්බන්ධ කෙරෙන සංකීර්ණ අන්දම දේශගුණ විපර්යාසයන් අවබෝධ කර ගැනීමේ නව අභියෝගයන් අපට ගෙන එයි. එමෙන්ම, සම්ප‍්‍රදායානුකූල විද්‍යාත්මක ශික්ෂාවන්ගේ සීමාවන් ඉක්මවා යන ප‍්‍රශ්න ඇසීමට අපට බල කරයි.
ඉඩම් පරිහරණ විපර්යාසයන් හේතුවෙන් ඇති විය හැකි දූවිලි නිෂ්පාදනයේ අඩුවීම ප්‍රමාණ කිරීම වැදගත් අභියෝගයක් ලෙස පවතින්නේ යයි වඩාත් මෑතක ප්‍රතිඵල පෙන්නුම් කරන බව පසු ගිය සතියේ ලිපියෙන් දැක්විණ. ගෝලීය වශයෙන්ට වඩා කලාපීය පරිමාණයෙන් දූවිලි සැපයුමෙහි විපර්යාසයන් සිදුවීමේ ඉඩකඩක් සමග ගොඩබිම මතුපිට විශාල පරිමාණයේ වෙනස්කම් අවසානයේ තීරණය කරනු ලබන්නේ සමාජ ආර්ථික සහ දේශපාලන සාධක විය හැකිය. නිදසුනක් ගමු : පාංශු ඛාදනය සහ ඊට අදාල දූවිල කුණාටු පිටු දැකීමේ සුවිශේෂී අරමුණු ඇතිව චීනය තුළ දැවැන්ත නැවත වන වගා වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මකය. චීනය මත්තේ දූවිලි කුණාටු ඇතිවීමේ සීඝ්‍රතාවය නිර්ණය කිරීමේ දී දේශගුණ සාධක බලවත් කාර්ය භාරයක් ඉටු කරන බව මෑතක සිදු කෙරුණු අධ්‍යයන ගණනාවක් පෙන්නුම් කර ඇතත් යකඩ සංවේදී සමක සහ උතුරු ශාන්තිකර සාගරික පරිසර පද්ධති කෙරෙහි නැවත වන වගාවේ වෙනස්කම් (මෙතෙක් ප්‍රමාණනය නොකළ) බලපෑම් ඇතිකළ හැකිය.
දූවිලි විමෝචන කෙරෙහි මානව ක්‍රියාකාරකම් බලපාන දෙවෙනි ක්‍රමය තමයි මානව මූලික දේශගුණ විපර්යාස. දේශගුණයේ යම් විපර්යාසයක් මගින් ශූෂ්ක ප්‍රදේශවල වෘක්ෂලතා ආවරණය වර්ධනය වීමෙන් වායුගෝලයට සැපයෙන දූවිල්ල අඩුවෙයි. වායුගෝලය හරහා දූවිලි ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවද වෙනස්වේ. ඒ සමගම ගෝලිය වර්ෂණයෙහි වැඩිවීම හේතුවෙන් දූවිලි විවෘත සාගරය වෙත යාමට මත්තෙන් ඉවත්කෙරේ. කෙසේවෙතත් අනාගත දේශගුණය දූවිලි විමෝචන කෙරෙහි බලපෑම ගැන වර්තමාන මොඩුයුල විඩම්භන අතරේ මත එකඟත්වයක් නොමැත. 2090 වනවිට දූවිලි විමෝචන සියයට 60කින් තරම් ඉහළ ප්‍රමාණයකින් අඩුවෙතැයි ඇතම් විඩම්භන මගින් දැක්වෙන අතර අනෙක් විඩම්බන පෙන්නුම් කරන්නේ දූවිලි විමෝචන සියයට 10 ක තරම් ප්‍රමාණයකින් වැඩි වීමට පවා හැකි බවයි. මෙලෙස ගත් කල දූවිලි විමෝචනයන්හි අනාගත විපර්යාසයන්ගේ ප්‍රතිචාරය සහ ඒවායේ දිශාව පවා බෙහෙවින්ම රඳා පවතින්නේ යොදා ගනු ලබන දේශගුණ මොඩලය මතයි.
ඇතිවිය හැකි බලපෑම් ගැන වර්තමානයේ තිබෙන කාබන් චක්‍ර (carbon cycle) පරිගණක මොඩියුල මගින් සැපයිය හැකිවන්නේ දළ අදහසක් පමණකි. කෙසේවෙතත්, එවන් අත්හදාබැලීම්, දූවිල්ලෙහි මැදිහත්වීමක් ඇති පෘථිවි පද්ධති ඇතුළත වැදගත් පුරුකක් හුවා දක්වයි. : මින් පෙර සහමුලින්ම අමතක කර දමා තිබූ කාබන් චක්‍රීකරණය සහ දේශගුණය සහ මානව ක්‍රියාකාරකම් අතර සම්බන්ධයයි. කාබන් අයවැය ගණනය පිණිස කියොටෝ සන්ධානය(Kyoto Protocol – 1997) ඉදිරිපත් කළ යම් පමණකට පටු හා සීමිත ප්‍රවේශය සාගරය සම්බන්ධ පෘථිවි පද්ධති ප්‍රතිපෝෂණය නොසළකා හැරෙන හෙයින්, සරල වැඩිය.
Royal Society Series on Advances in Science(vol. 2)(2007) නම් ග්‍රන්ථයේ Dust in the Earth System: The Biogeochemical Linking of Land, Air, and Sea යන පරිච්ඡේදය් ආශ්‍රයෙන් සැකසෙන ලිපි මාලාවකි.