සැමට විදු නැන නුවණ – Science Literacy for All

මනසෙහි ඇබ්බැහිවීම්: සංනිවේදන කුසලතා

හවුලේ පරිහරණය කරනු ලබන වටිනාකම් හෙවත් හරයන්, ආකල්ප සහ කුසලතා, එක්එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරන්නේ කෙසේ ද යන්න ගැන පුද්ගලයෝ ඉතිහාසය  පුරාවට සිය සැලකිල්ල, අවධානය දක්වා  ඇත්තාහ. මේ කාරණා තුනම,  විධිමත් පාසල් අධ්‍යාපනය නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර උගන්වනු ලැබූ ඒවාය.  දැනුම, ඉගෙනුම සහ ජීවිතයේ අනෙකුත් අංග ගතහොත් ඒවා ගැන ජනතාවගේ අදහස් හැඩගැන්වීම්හිලා අද පවා පවුල, ආගම, සමපදස්ථයන්( – සාමාන්‍යයෙන් සම වයසේ, තත්ත්වයන් හා උනන්දුව ඇති අය), පොත පත,  ප්‍රවෘත්ති සහ විනෝදය සපයන මාධ්‍ය  සහ  පොදු ජීවන අත්දැකීම් ප්‍රධාන බලපෑම් මාර්ග වේ.  මේ ක්‍රියාදාමයේදී,  පාසල් අධ්‍යාපනය හෙවත් ශික්ෂණය යන සන්දර්භය තුළ  විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණය යන අංග තුණ වැදගත්  කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඊට හේතු දක්වතොත්,  ඒවා  ගොඩ නැගී ඇත්තේ කැපී පෙනෙන හර පද්ධතියක් මත වීම ද, ඒවා  පොදුවේ සමාජය හරයන් පිළිබිඹු කිරීම හා එම හරයන්ට ප්‍රතිචාර දැක්වීම ද එමෙන්ම  හවුලේ පරිහරණය කරන සංස්කෘතික හරයන් හැඩගැසීමෙහිලා එන්ට එන්ට ම වැඩි වන බලපෑම් කිරීම ද සඳහන් කළ හැකිවේ.  සංස්කෘතික විවිධත්වය සහ පෞද්ගලිකත්වය අගයන එමෙන්ම  මතවාදය දෙස සැක මුසුව බලන සමාජයක දැඩි සංවේදී තාවයක් දක්වන කාරණාවක් වන  හරයන් සහ ආකල්පයන් සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය(ශික්ෂණය)  දක්වන දක්වන සැලකිල්ලෙහි ‍ප්‍රමාණයටම  තරුණ පිරිසගේ පාසලෙන් ඔබ්බට  ඇති ජීවිතය සූදානම් කිරීමේදී ද විද්‍යාත්මක හරයන් ම‍ෙන්ම ආකල්ප  සැලකිල්ලට  ගත යුතුය.

මෙලෙසම, විද්‍යාව ගණිතය සහ  තාක්ෂණය හා සම්බන්ධව තරුුණ පිරිස් සිය පාසල් සමයේ දී වර්ධනය කරගැනීමට අවශ්‍ය චෛතසික කුසලතා ද ඇත. සුවිශේෂීව ම නොවුණත් මේවා අතරින් බහුතරය විධිමත් සහ අවිධිමත්  ඉගෙනුම යන දෙකටම මෙන්ම සමස්තයක් වශයෙන් සමාජය තුළ ජීවිත කාලයක් ගත කිරීමටද අත්‍යවශ්‍ය ගණිතමය හා තාර්කික කුසලතා ය. එක්ව ගත්කල මෙම හරයන්, ආකල්ප සහ කුසලතා මනසෙහි ඇබ්බැහි ලෙස සිතිය හැකිය. ඊට හේතුව ඒවා සියල්ල සෘජුවම පුද්ගලයෙකුගේ දැනුම හා ඉගෙනුම මෙන්ම සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති දෘෂ්ටියකින් සම්බන්ධවීමයි.

මේ ලිපිපෙළ මගින් විද්‍යා අධ්‍යාපනය යන සන්දර්භය තුළ  හරයන්,  ආකල්පයන් සහ කුසලතාවන් සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කරණු ලැබේ. ලිපි පෙළෙහි මුල් කොටසින් හරයන් සහ ආකල්ප සම්බන්ධ විශේෂිත අංග හතරක් ගැන අවධානය යොමු කෙරේ: විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණයට ආවේනික වටිනාකම්; විද්‍යාව සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම්; පොදු සමජ වටිනාකම් වෙරගැන්වීම; විද්‍යාව සහ ගණිතය අවබෝධ කර ගනු වස් තමන් තුළම ඇති හැකියාව ගැන ජනතාවගේ ආකල්පයන්.

ලිපි පෙළෙහි දෙවැනි කොටසින් අවධානය යොමුකෙරෙන්නේ, ආගණනය සහ නිමානය(computation and estimation), මෑනවීම(හසුරුවීම) සහ නිරීක්ෂණය(manipulation and observation), සංනිවේදනය, සහ  නැගෙන තර්කවලට දක්වන  විචාරාත්මක ප්‍රතිචාර කෙරෙහිය.

සංනිවේදන කුසලතා

විද්‍යාව. ගණිතය හා තාක්ෂණයට අදාළ කතිකාව කියා සිටින්නේ අදහස් සත්‍යානුරූපව හා පැහැදිලිව සංනිවේදනය කිරීමේ සහ තොරතුරු බෙදා හදා ගැනීමේ හැකියාව තිබිය යුතු බවයි. මීට අදාළ ඇතැම් කුසලතා විද්‍යාව. ගණිතය සහ තාක්ෂණයට සුවිශේෂී වන අතර අනෙක් කුසලතා පොදු ස්වරූපයක් ගනී. ඒවා අන්තර්ගතයෙන් ස්වාධීන නොවන්නේ පවා වන නමුත් මතු දැක්වෙන දේ කිරීම පිණිස කෙනෙකුට මග පාදන කුසලතා සැමදෙනෙකුම සතුව තිබිය යුතුය.

Related image

  • මෙම ලිපි පෙළෙන් දැක්වෙන මූලික අදහස් වාචිකව මෙන්ම ලිඛිතව ප්‍රකාශ කිරිම එම කාර්යයේදී අන් සියල්ලට වඩා එකී අදහස් ගැන යම් අවබෝධයක් ලබා ගැනීම, ඒවා තමන්ගේ සංජානන ව්‍යුහයන් තුළට ගොඩ නගා ගැනීම සහ ඒවා නිදසුන් සහිතව සහ තාර්කික ඥානයෙන් යුතුව ගෙන හැර පෑමේ හැකියාව අවශ්‍ය වේ.
  • මෙම ලිපි පෙළෙහි යොදා ඇති පරිදි, විද්‍යාව, ගණිතය හා තාක්ෂණයට අදාළ ප්‍රධාන අදහස්වලට යෝග්‍ය, සම්මත වචන සමුදාය හෙවත් වාංමාලාව(standard vocabulary) ගැන මනා පරිචයක් සහ හොඳින් හුරුපුරුදු ගතියක් ඇතිවිය යුතුය. බොහෝ පාසල්වල විද්‍යාව උගන්වනු ලබන්නේ වචන සමුදායක් හැටියටය. එමෙන්ම (අවසානයේ) වැඩිකොටම පරීක්ෂාවට ලක් කරනුයේ ද එයයි. මෙය අසාර්ථක, විනාශදායක ප්‍රවේව්ශයකි. මෙහිදී අප දැක්වූයේ එවැන්නක් නොවේ. අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වාංමාලාවකට මග පාදන අන්දමේ විද්‍යාව පිළිබඳ අවබෝධතා මට්ටමකි.
  • ‘ඉදින් (නම්)… එවිට…”(“if…, then …,”), “සහ”(and), “සෑම”(every), “නොව”(not), “සමග සහසම්බන්ධවේ”(correlates with) සහ “හටගන්වයි (ඇති කරවයි)”(caises) යන පද නිවැරදිව අර්ථ දැක්වීම.
  • තොරතුරු සරල වගුලෙස සංවිධානය කර ගැනීම
  • (නිසලන හෙවත් පුස්ථිතික. ත්වරිත, හීනවන ඵල, සහ චක්‍රීය) ප්‍රවණතා පෙන්නුම් කිරීම සඳහා නිදහස් ආරේ ප්‍රස්ථාර ඇඳීම මගින් තොරතුරු සහ සම්බන්ධතා නිරූපණය කිරීම
  • ප්‍රවණතා සහ ආන්තික අගයන් සටහන් කරගනිමින් එමෙන්ම ප්‍රස්තාරයක පණිවුඩය තෝරාගත් පරිමාණයට සංවේදී වන්නේ කෙසේද යන්න හඳුනා ගනිමින්, වට සටහන් සහ සරල තීරු හා රේඛා සටහන්, අතථ්‍ය වර්ණ සිතියම්, දෙමං දත්ත වගු වලින් අගයන් කියැවීම,
  • දත්තවල වගු, ප්‍රස්තාරමය සහ වාචික විස්තරයන් අතර සාදෘශ්‍යයන් පරීක්ෂාව
  • පියවරෙන් පියවර උපදෙස්, සංයෝග ක්‍රම, සූත්‍ර, ගැලීම් සටහන්, සහ දළ සටහන් ස්වරූපයෙන් ක්‍රියාදාමයන් ලිවීම සහ ඒවා අනුගමන කිරීම
  • ලම්බ, සමාන්තර, සමරූපී, අංගසම, ස්පර්ශක, භ්‍රමණය, සහ සමමිතිය ඇතුළුව මූලික ජ්‍යාමිතික සම්බන්ධතා තේරුම් ගැනීම හා භාවිත කිරීම
  • ඍජුකෝණාස්‍ර හා ධ්‍රැවීය ඛණ්ඩාංක යොදා ගනිමින් සිතියම්වල පිහිටීම් සෙවීම
  • (සාකච්ඡාවකදී) අන් අය පවසන දෑ යළි පැවසීමට හෝ සාරාංශ ගත කිරීමට, පැහැදිලි කිරීම් හෝ වැඩිදුර විස්තර කිරීම් ඉල්ලා සිටීමට, විකල්ප දෘෂ්ටීන් දැරීමට මගින් විද්‍යාත්මක මාර්තෘකා ගැන සමූහ සාකච්ඡාවලට සහභාගිවීම.

Related image

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HABITS OF MIND නම්  12 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක  තවත් ලිපියකි.   මේ. ලිපි  සෑම සඳුදාවකම පළවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: