පෘථිවියෙහි වායුගෝලය ඇති දැවැන්තය. කොපමණ නම් දැවැන්තද කියතොත් අභ්‍යවකාශයේ රඳවා තිබෙන අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ගමන් මග කෙරෙහි පවා පෘථිවි වායුගෝලය බලපායි. ඒත් ඉතින් අපේ මේ පෘථිවි ග්‍රහයාට මේසා විශාල වායුමය ආවරණයක් ලැබුණේ කෙසේද? මේ ප්‍රශ්නයම වෙන විදිහකට අහනව නම් පෘථිවියට වායුගෝලයක් තිබෙන්නේ ඇයි? අපි සොයා බලමු.
මේ ප්‍රශ්නයට කෙටි පිළිතුර වන්නේ අපේ වායුගෝලය අපට ලැබී ඇත්තේ ගුරුත්වය නිසාය යන්නයි. මෙයට බිලියන 4.5කට පමණ පෙර පෘථිවිය සෑදෙන අවස්ථාවේ උණුව, ද්‍රවව පැවති මේ ග්‍රහලෝකයට වායුගෝලයක් නොතිබුණාසේය. තිබුණා නම් ඒ යාන්තමයටය. ඒත් ග්‍රහලෝකය ක්‍රමයෙන් සිසිල්වෙද්දී යමහල් මගින් පිට කෙරෙන වායු වැඩි වශයෙන් උපයෝගී කරගනිමින් වායුගෝලය සෑදුණේ යයි ස්මිත්සෝනියානු පරිසර පර්යේෂණ මධ්‍යස්ථානය(Smithsonian Environmental Research Center) පෙන්වා දෙයි. මේ මුල් කාලයේ වායුගෝලය අද අපට තිබෙන වායුගෝලයට වඩා බෙහෙවින් වෙනස්ය. එම මධ්‍යස්ථානය දක්වන පරිදි එදා ඒ පැවති වායුගෝලයෙහි හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතෙන් සහ නූතන වායුගෝලයේ තිබෙනවාට වඩා 10 සිට 200 දක්වා ගුණයක් කාබන් ඩයොක්සයිඩ් ද පැවතිණ.
“අපි විශ්වාස කරන විදිහට පෘථිවියෙහි ආරම්භක කාලයේ වායු ගෝලය සිකුරු ග්‍රහයාගේ වගේ වෙන්න පුළුවන් තරමක් දුරට. නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් සහ සමහරවිට මීතේන් බහුල වායුයෝගලයක්” එක්සත් රාජධානියේ සදෑම්ප්ටන් විශ්වවිද්‍යාලයේ භෞතික රසායන විද්‍යා මහාචාර්ය ජෙරමි ප්‍රේ පවසයි, ” ඉතින් කොහේ හරි සාගරයක පතුලේ කොතැන හරි ජීවය ආරම්භ වෙන්න ඇති”.
වසර මිලියන 3ක් පමණ ගිය තැන ප්‍රභාසංස්ලේෂණ ක්‍රමය පරිණාමය විණි. ඉන් අදහස් කෙරෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල අණු (molecules of carbon dioxide and water), සීනි සහ ඔක්සිජන් වායුව බවට පත්වනු පිණිස සූර්යයාගේ ශක්තිය ඒක සෛලික ජීවිය මගින් උපයෝගී කරගන්නා ක්‍රමයයි. මෙය පුදුමාකාර ලෙස ආදී මිහිතලයේ ඔක්සිජන් මට්ටම් ඉහළ දැමීමට මගපෑදු බව ප්‍රේ පෙන්වා දෙයි. “ඉතින් ඕක තමයි ජීවිතය ඉටුකළ වැදගත්ම කාර්ය භාරය කියලා කෙනෙකුට කියන්න පුළුවනි. මොකද එය සෙමින් සෙමින් අපේ ග්‍රහලෝකය පරිවර්තනයකට ලක් කළා”.
දැන් කාලයේ අපේ වායුගෝලය දළ වශයෙන් 80%ක් නයිට්‍රජන් සහ 20%ක් පමණ ඔක්සිජන් වලින් සමන්විතයි. මීට අමතරව වායුගෝලය ආගන්, කාබන්ඩයොක්සයිඩ් ජලවාෂ්ප සහ නොයෙකුත් අනෙක් වායුද අඩංගු වන බව වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානය(according to the National Center for Atmospheric Research) පවසයි.
වායුගෝලයේ මෙම වායු තිබීම යහපත් දෙයක්. සූර්යයාගේ දරුණු කිරණවලින් ආරක්ෂා කරන අතර අන්ත උෂ්ණත්වයන් අඩු කිරීම තුළින් පෘථිවය ආරක්ෂා කිරීම පිණිස පෘථිවිය වටා එතූ පොරෝණයක් ලෙස ක්‍රියා කරයි. එතකොට, හරිතාගාර බලපැම හෙවත් ආචරණය කියන්නේ සූර්යාගේ සිට පැමිණෙන ශක්තිය අතරමගදී අල්ලාගෙන අවශෝෂණය කරගැනීමෙන් පසුව නැවත මුදාහැරීමේ ක්‍රියාවලියයි. හරිතාගාර වායු වර්ග ගණනාවක්ම ඇත. ඉන් ප්‍රධාන ඒවා නම් කාබන් ඩයොක්සයිඩ්, ජලවාෂ්ප, මීතෙන් සහ නයිට්‍රස් ඔක්සයිඩ්ය. හරිතාගාර වායු නොමැති නම් මහ පොළොව හිමාංකනය වඩා පහළට යනු ඇත.
කෙසේ වෙතත් අද හරිතාගාර වායු පාලනයෙන් තොරය. මිනිසුන් වැඩි වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්කරද්දී පෘථිවියෙහි හරිතාගාර ආචරණය එන්ට එන්ටම බලවත් වෙන්නේ යයි වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශගුණය උණුසුම් වේ.
පෘථිවියෙහි වායුගෝලයට සමාන වායුගෝලයක් (අප දැනට දන්නා පරිදි) වෙනත් ග්‍රහ ලෝකයකට නොතිබීම විමතිය දනවන කරුණකි. අඟහරු සහ සිකුරු ග්‍රහයන් සතුවත් වායුගෝල ඇතැද ඒවාට ජීවය(අඩුතරමින් මේ මිහිපිට ඇති අන්දමේ ජීවය) පවත්වාගෙන යාමේ හැකියාව නැත. ඊට හේතුව ඒවා සතුව ප්‍රමාණවත් තරමට ඔක්සිජන් වායුව නොමැති වීමයි.
ඇත්ත වශයෙන්ම ගතහොත් සිකුරු ග්‍රහයාගේ වායුගෝලය සල්ෆියුරින් අම්ල වලා සහිතව ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ්ය. ‘වාතය‘ කොපමණ ඝන ද රස්නෙද කියතොත් මනුෂ්‍යයෙකුට එහිදී හුස්ම ගැනීමට (ආශ්වාස කිරීමට) නොහැකිය. නාසා ආයතනය දක්වන පරිදි, සිකුරු ග්‍රහයාගේ ඝන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ පළායන හරිතාගාර ආචරණයක් මගින් තාපය හසුකොට ගැනීමෙන් එය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ උෂ්ණාධිකම ග්‍රහලෝකය බවට පත්කරයි. එහි මතුපිට උෂ්ණත්වයන් ඊයම් දිය කිරීමට තරම් ප්‍රමාණවත්ය. “සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ ලෝක හා සසඳද්දී පෘථිවිය සතුව වායුගෝලයක් තියනවාය යන කාරණය බෙහෙවින්ම අසාමාන්‍යකරණයක්‘’ ප්‍රේ කියයි. නිදසුනක් දක්වන්නේ නම් සිකුරු ග්‍රහයා මත පීඩනය වායුපීඩන ඒකක 90ක් පමණ වේ. ඒ කියන්නේ පෘථිවියෙහි සාගරය යට අඩි 3000 කිමිදෙද්දී ඇති පීඩනයට සමාන පීඩනයක්. ‘’මුලින්ම එහි (සිකුරු වෙත) ගිය රුසියානු අභ්‍යවකාශ යානය තත්ත්පර ගණනක් දත්ත වාර්තා කිරීමෙන් අනතුරුව තැළී පොඩි වී ගියා“ ප්‍රේ තවදුරටත් සඳහන් කරයි, “එහි කොයිතරම් රස්නයක් අත්දැයි කිසිවෙකුත් හරිහැටි දන්නේ නෑ.“
ඉතින් පෘථිවියෙහි වායුගෝලය කියන්නේ ජීවයයි. එම වායුගෝලය නොමැති නම් අප දන්නා ආකාරයේ ජීවයක් මේ මිහිපිට තිබිය නොහැකියි. ජීවය ආරම්භවීමට නම් පෘථිවිය මත යෝග්‍ය වායුගෝලයක් තිබිය යුතුය. “එය(පෘථිවිය) යෝග්‍ය වායුගෝලය නිපදවා තිබෙනවා පමණක් නොව එහි ජීවත්වීමට යෝග්‍ය තත්ත්වයන්ද නිර්මාණය කර තිබෙනවා. වායුගොලය, මුළුමනින්ම ජෛවිද්යාත්මක පද්ධතියෙහි වෙන් කළ නොහැකි කොටසක්” ප්‍රේ වැඩිදුරටත් සඳහන් කරයි.
Live Science (Life’s little mysteries) හි පළවූ Why Does Earth Have an Atmosphere? යන ලිපිය ඇසුරෙනි