මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප්රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ. මේ රාමුව වනාහි සමස්ත ග‍්‍රහලෝකය මත ජීවිතය සඳහා කොන්දේසි ඒකාබද්ධව නිර්ණය කරවන ද්‍රව්‍යය සහ ශක්තිය ප‍්‍රවාහනය සහ පරිවර්තනය කරන අන්තර් ක‍්‍රියාකාරී භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක සහ මානව ක‍්‍රියාදාමයන්ගේ කට්ටලයකි. අවශ්‍ය වන්නා වූ සමෝධානමය චින්තනය විදහා දැක්වීම පිණිස අප ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක පමණක් නොව ගොඩබිමෙහි, ඊටත් වඩා වැදගත් වශයෙන් සාගරයෙහි ද බෙදා හැරීමේ ප‍්‍රධාන මගක් ලෙස ගත් කළ විශේෂයෙන්ම ඛනිජ ‘දූවිලි’ වල වායුගෝලීය ප‍්‍රවාහනය ඉටු කරන විවිධ කාර්ය භාරයන් සමාලෝචනය කළ යුතුය. මෙහිදී දුවිලි පිළිබඳ ගෝලීය වැදගත්කම මතුවන්නේ එය සාගරික ශාක ඵලදායිත්වය කෙරෙහි සහ ඒ අනුව වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීම මත එමගින් ඇති කරන පාලනයයි. දූවිලි, වාතය සහ මුහුද ජෛවී භූ රසායනිකව සම්බන්ධ කෙරෙන සංකීර්ණ අන්දම දේශගුණ විපර්යාසයන් අවබෝධ කර ගැනීමේ නව අභියෝගයන් අපට ගෙන එයි. එමෙන්ම, සම්ප්‍රදායානුකූල විද්‍යාත්මක ශික්ෂාවන්ගේ සීමාවන් ඉක්මවා යන ප‍්‍රශ්න ඇසීමට අපට බල කරයි.
අන්තිම අයිස් සමයේ අවසානය කෙරෙහි දූවිල්ලේ දායකත්වය
පසුගිය වසර මිලියනයක පමණ කාලයේ දී පෘථිවියේ තීව‍්‍ර අයිස් සම මාලාවක් නැතිනම් පෙළක්ම ඇතිවිය. මේ සෑම අයිස් සමයක්ම වාගේ අවසන් වූයේ හදිසියේමය; ඒ, ශීතල ගැලැසියර තත්ත්වයන්ගේ සිට (සාපේක්ෂව කෙටි) මෘදු අන්තර් ගැලැසියර යුගයක් කරා සීඝ‍්‍ර උණුසුම් ‘සංක‍්‍රාන්තිය’කිනි(‘සමාපනය’ = ‘termination’ ). පහත චිත‍්‍රය (අ) බලන්න.
(a) පෘෂ්ටයෙහි සමස්ථානිකව ව්‍යුත්පාදක උෂ්ණත්ව විපර්යාසයන් (වර්තමානයට සාපේක්ෂව)
(b) අයිස් තුළ අඩංගු වා බුබුළුවල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය
(c) අයිස් තුළ දූවිලි සාන්ද්‍රණය
මෙම චක‍්‍ර මෙහෙයවනු ලැබුවේ කෙසේ ද යන්න ගැන විවිධ සිද්ධාන්ත බොහොමයක් ඉදිරිපත් වී ඇත. මේවායින් ඒකාකෘතිකව අවධානය යොමු කෙරුණේ භෞතික දේශගුණ පද්ධති කෙරෙහිය. විශේෂයෙන් අයිස් තලාවන් (ice sheets) සහ ඊට යටින් ඇති පතුල් පාෂාණ අතර අන්තර් ක‍්‍රියාකාරීත්වය කෙරෙහිය. පෘථිවියේ මතුපිටට වැටෙන සූර්යාලෝකයේ සෘතුමය තීව‍්‍රතාවයෙහි කක්ෂ මූලිකව මෙහෙයවනු ලබන විචල්‍යයන්ගෙන් බාහිර බල කිරීම සැපයිණ. කෙසේ වෙතත්, ගෝලීය අයිස් පරිමාවෙහි නිරීක්ෂිත වක‍්‍රතාවයෙහි විශාලත්වය හා සිදුවන වේලාවන් හරිහැටි පුරෝකතථය කිරීමට එවන් පැහැදිලි කිරීම් අපොහොසත් වේ. ඉන් හැඟවෙන්නේ අතිරේක සාධක තීරණාත්මක විය හැකි බවයි.

අයිස් වල ස්ඵටික ව්‍යුහයන් තූළ සිර වූ පෞරාණික වා බුබුළු ස්වරූපයෙන් ඇති අතීත වායුගෝලීය සංයුතියේ වාර්තා මෙකී අයිස් සමවල චක‍්‍ර මෙහෙයවනු ලබන්නේ කුමකින්ද යන්න වටහා ගැනීමේ විප්ලවයකට තුඩු දුන්නේය. ඇන්ටාක්ටිකාවෙන් යළි සොයාගනු ලැබීමෙන් අනතුරුව වා බුබුළු වායු සංයුතිය සඳහා විශ්ලේෂණය කෙරුණු අයිස් කඳන් මගින් හෙළි කෙරුණේ වායුගෝලීය කාබන්ඩයොක්සයිඞ්(CO2), අන්තර් ගැලැසියර යුගවලදී මිලියනයකට කොටස් 280ක් පමණකින් සහ වඩාත්ම තීව‍්‍ර ගැලැසියර යුග වලදී මිලියනයකට කොටස් 190 වශයෙන් චක‍්‍රාකාරව වෙනස්වන බවයි.
කාබන්ඩයොක්සයිඞ් නැතිනම් CO2 වල නිරීක්ෂිත විචල්‍යතාව ඇති වන්නේ කවර හේතුවක් නිසාවෙන් ද? වොස්ටොක් (Vostok ice) අයිස්වල ද වාර්තා වී ඇති දූවිලි නිධි සාධනයන් හි විපර්යාසයන්ගෙන් යම් හෝඩුවාවක් ලබා ගත හැකිවන්නට ඉඩ තිබේ. අයිස් තුළ ඇති දූවිලි සාන්ද්‍රණ තරමක කැපී පෙනෙන කූළු(peaks) පෙළක්ම සාපේක්ෂව පහළ වටිනාකමකින් යුතු පසුබිමක් මත ප‍්‍රදර්ශනය කරයි; එය, හිම ඒකාරාශී වීමේ අනුපාතයෙහි වෙනස්කම් වලින් පමණක් ඇතිවන බලපෑම් සැර බාල කිරීමෙන් දැක්විය හැකිවනවාට වඩා බෙහෙවින් ගතික පරාසයකි. එනම්, මේ කුළු හටගැනීම, සුවිශේෂීව පහළ මට්ටමක වායුගෝලීය CO2 අගයන් සහිත කාලෙඡ්ද සමග සහසම්බන්ධ වේ. මෙසේ මතුපිටට වැඩියෙන් යකඩ සපයන සහ සාගරයේ ජෛව විද්‍යාත්මක පොම්පය (biological pump) වඩාත් ජවසම්පන්නව පොළොඹවන දූවිලි පිරුණු ගතිය ඉහළින් පවතින ගැලැසියර කාල සමග සංගත වේ. කෙසේ වෙතත්, ජෛව විද්‍යාත්මක පොම්පයෙහි ශක්තිය වැඩි කිරීම, සංඛ්‍යාත්මක මොඩල මෙන්ම නිරීක්ෂණ යන දෙකම යොදා ගනිමින් සිදු කරන ගෝලීය කාබන් චක‍්‍රයේ පරීක්ෂණ පෙන්නුම් කරන්නේ පහළ මට්ටමක ගැලැසියර වායුගෝලීය CO2 සාන්ද්‍රණයන් සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම්වල එක කොටසක් පමණක් විය හැකි බවයි. වෙනත් යාන්ත‍්‍රණ ද ක‍්‍රියාත්මක වනවා විය යුතුයි.
වායුගෝලීය CO2 වල නිරීක්ෂිත ගැලැසියර අන්තර්-ගැලැසියර විචල්‍යතා සමහරකට දූවිලි වගකිව යුතු නම් එවිට දූවිලි ගලායෑම් හි විපර්යාසයන් ගෙන ඒමට බලපාන සාධක ගැන වඩාත් හොඳ අවබෝධයක් අපට තිබිය යුතුය. වර්ධිත දූවිලි ගලායාම් හුදෙක් ඇන්ටාක්ටිකාවට පමණක් සීමා වී නැත. ඇත්ත වශයෙන්ම, සමාන අංග ලොව පුරා අයිස්, සාගරික, සහ භූ භෞමික පරිසරයන්ගේ දූවිලි වාර්තාවල දැකිය හැකිය. වඩා අඩු ජවයක ජල චක‍්‍රයක් සහිත වඩාත් සීතල, වඩාත් වියළි ග්ලැසියර දේශගුණයක් හේතුවෙන් අඩු වූ අවක්ෂේපී කසල බිඳීම (precipitation scavenging), දූවිලි වඩාත් කාර්යක්ෂමව ප‍්‍රවාහනයකිරීම සහ, එහෙයින් වඩාත් ඉහළ නිධිසාධන අනුපාතයන් ද ඇති කරයි.

කෙසේ වෙතත්, දූවිලි ජනනය, ප‍්‍රවාහනය සහ නිධි සාධනය පිළිබඳ මොඩල(ආකෘති) ගම්‍ය කරන්නේ ග්ලැසියර දූවිලිභාවය ඉහළ යාම පැහැදිලි කිරීම පිණිස ජල චක‍්‍රයෙහි අඩුවීමක් පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි. දූවිලි මූලයන්ගේ වඩාත් වැඩි ශක්තීන් ප‍්‍රවර්ධනයද සැලකිල්ලට ගත යුතුය. සීතල, වියළ ග්ලැසියර දේශගූණික තත්ත්වයන් යටතේ ඇති ශූෂ්ක ප‍්‍රදේශ ව්‍යාප්ත කිරීම හෝ අයිස් තලා වර්ධනය වෙද්දී සහ මුහුදු මට්ටම් පහළ වැටෙද්දී මහද්වීපික තටක(continental shelves) නිරාවරණය කිරීමෙන් පවා නව දූවිල ප‍්‍රභව ඇතිවිය හැකිය. එපමණක් ද නොව ග්ලැසියර යුගයේ දී ඉහළ සුළං වේගයන් හේතුවෙන් දැනට පවතින ප‍්‍රභව ප‍්‍රදේශ වලින් සංයානය (ගලායාම්) ඇතිවිය හැකිය. මේ අනුව මුහුදු මට්ටම්, ශුෂ්කතාව, සහ වෘක්ෂලතාදිය වර්ගයේ හා ආවරණයේ විපර්යාසයන් මෙන්ම වායුගෝලීය සංසරණය සහ අවක්ෂේපණ ශක්තිය සහ රටා යන මේ සියල්ල දූවිලි නිධි සාධනය, සහ එයත් සමග වායුගෝලීය CO2 සහ දේශගුණය කෙරෙහි බලපෑමට එකට එක්වෙයි.
Royal Society Series on Advances in Science(vol. 2)(2007) නම් ග්‍රන්ථයේ Dust in the Earth System: The Biogeochemical Linking of Land, Air, and Sea යන පරිච්ඡේදය් ආශ්‍රයෙන් සැකසෙන ලිපි මාලාවකි.