සැමට විදු නැන නුවණ – Science Literacy for All

පිරිමි උපත් පාලන පෙත්ත පිළිබඳ පරීක්ෂණ සාර්ථකවෙන ලකුණු

උපත් පාලනය පිළිබඳ වගකීම කලක් තිස්සේ පටන් වැඩිකොටම පැවරුණේ කාන්තාවන්ටය. ඒ සඳහා විවිධ ක්‍රම වෛද්‍ය විද්‍යානුකූලව වැඩි දියුණු කරනු ලැබ ඇති අතර ඒ අතරින් කාන්තාවන් අතරේ වඩාත්ම ජනප්‍රියව ඇත්තේ  දෛනිකව ගන්නා උපත් පාලන පෙත්තය. කොන්ඩම සහ වාසෙක්ටොමි සැත්කම හැරුණු කොට පිරිමින් සඳහා ඇති විකල්ප සීමිතය. කෙසේවෙතත්, පිරිමින් සඳහා ද වෙනත් විකල්ප උපත් පාලන ක්‍රම පිළිබඳව නොයෙකුත් සොයා බැලීම සිදු කෙරෙන අතර කාන්තාවන්ට මෙන්ම  පිරිමින්ට ද දිනපතා ගිලින පෙත්තක් නිපදවීමට විද්‍යාඥයන් උත්සාහ දරන්නේ දැන් කලක සිටය.

සැලකිය යුතු මට්ටමේ අතුරු ආබාධ නොමැතිව  . මෙලෙස,  දෛනිකව ගන්නා කැප්සියුලයක් ගැන මෑතක  කෙරුණු අත්හදා බැලීම්වල දී සාර්ථකත්වයක් පෙණී යාමත් සමග පිරිමි උපත් පලන පෙත්ත පිළිබඳ බලාපොරොත්තු ඉහල ගොස් තිබේ.

Related image

මෙහිදී යොදාගනු ලබන ඖෂධයෙන්  අපේක්ෂා කරන්නේ  ශුක්‍රාණු සහ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය මෙහෙයවන හෝමෝන් මට්ටම් යටපත් කිරීමයි. මාසයක් තිස්සේ පැවති මෙම පරීක්ෂණයේ දී දෛනික කැප්සියුලය ගත් පුරුෂයන්ගේ ශුක්‍රාණු  නිපදවීම සඳහා අවශ්‍ය හෝමෝන මට්ටම පහළ වැටෙන බව වෛද්‍යවරුන්ට පෙනී ගියේය. ඉන් හැඟවෙන්නේ  ශුක්‍රාණ ගිණුම්  කැපී පෙණෙන ලෙස පහල වැටුණු බවයි. ඊළඟ පියවර වන්නේ පහළ වැටීම සනාථ කිරීම සහ එය ප්‍රමාණවත් දැයි නිර්ණය කිරීමයි.

A condom factory in Sarstedt, Germany

පරීක්ෂණය සිදු කෙරෙන සියැටල් හී වොෂිංග්ටන් විශ්වවිද්‍යාලයේ  වෛද්‍යවිද්‍යා මහාචාර්ය සහ සම-ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ස්ටෙප්නි පේජ් කියා සිටින්නේ ” සමස්ත වැඩසටහනේ අරමුන වන්නේ කාන්තාවන් සඳහා දැනට පවතින්නාක් මෙන් පිරිමින්ටද විකල්පා උපත් පාලන ක්‍රම ගණනාවක්ම සපයාදීමටය” යනුවෙනි.  විකල්පයන් සීමිතවීම නිසා උපත් පාලනය කිරීමේ විභවයක් සහිත පිරිසක් මග හැරී යන බව ඇය පෙන්වාදෙයි.  සැලසුම් නොකළ ගැබ්ගැනීම් පහළ නොවැටී 40% ක් ලෙස එක තැන රැඳී පැවතීමට ද මෙය හේතුවක් බව ඇගේ අදහසයි.

Related image

පරීක්ෂණයේ ප්‍රථම අදියරට  සෞඛ්‍යසම්පන්න පුරුෂයින් හතළිස් දෙනෙකු ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ අතර ඉන් දස දෙනෙකුට ව්‍යාජ ඖෂධ කැප්සියුලයක් (ඖෂධ සහිත කැප්සියුලෙහි පෙනුමම ඇති එහෙත් ඖෂධ නොමැති) සැපයිණ. ඉතිරි තිස්දෙනාට නම් ඖෂධයෙන් දිනකට මිලිග්‍රෑම් 200ක හෝ 400ක මාත්‍රාවක කැප්සියුලය බැගින් දින 28ක් තිස්සේ ආහාර සමග ගන්නට සලස්වන ලදී. ඖෂධයට ප්‍රෝජෙස්ටරෝන් ස්වරූපයක් ඇතුළත්ය.  එය, ශුක්‍රාණු සෑදීමට අවශ්‍ය LH  සහ FSH හෝමෝන නිපදවීම අවහිර කරන්නකි. එයට ටෙස්ටොස්ටෙරෝන් සමාන සංයෝගයක් හෙවත් අන්ඩ්‍රොජන්  එක් කර ඇත. ප්‍රොජස්ටින් නිසාවෙන් හට ගත් පුරුෂ හෝමෝනවල පහළ වැටීම ඉන් තුලනය කරයි. “වෘෂණ කෝශ තුල ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අවහිර කර දමා ඇති හෙයින් ඇන්ඩ්‍රොජෙන් ක්‍රියාකාරිත්වය,  පිරිමි පන්නයේ කොන්ඩය, ගැඹුරු කටහඬ, ලිංගික පෙළඹීම හා ක්‍රියාකරිත්වය,  සහ සිහින් ශරීර ස්කන්ධය වැනි ශරීරයෙයෙ සෙසු කොටස්වල පුරුෂ ලක්ෂණ රැකගනිමින්  ‘පුරුෂභාවය’  පවත්වාගෙන යයි.

Related image

ව්‍යාජ ඖෂධය ලබාදුන් පුරුෂයින් සමග සංසන්දනයේ දී ඖෂධය සහිත කැප්සියුලය ගත් පුරුෂයින්ගේ LH සහ FSH  මට්ටම් සැලකියයුතු  ප්‍රමාණවලින් පහළ වැටුණු අතර ඉන් ගම්‍ය වූයේ ඔවුන්ගේ ශුක්‍රාණු නිපද වීම නතර වූ බවකි. එහෙත් අධ්‍යයනයේ අනෙක්  සම-ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ක්‍රිස්ටිනා වෑන්ග් කියා සිටින්නේ ශුක්‍රාණු නිශ්පාදනය නතර කිරීමට නම් මාස තුනක් හෝ ඊට වැඩි කලක් යන බවයි. “අපට මෙතෙක් පෙන්වන්න පුළුවන් වුණේ ඖෂධය වෘෂ්ණ ක්‍රියාකාරිත්වය පාලනය කෙරෙන හෝමෝන අක්‍රිය කරන බව පමණයි” ඇය පැහැදිලි කරයි.

පරික්ෂණයට එක්වූ පුරුෂයින් කිසිවෙකුත් අතර මග දී ඉන් ඉවත් වූයේ නැති අතර පැරීක්ෂණ කාලයේ දී ලිංගික හැසිරීමෙ අඩුවක් දැක්වූයේ ද නැත.  එසේ වුවද , සමහරුන්ට හිසරුජාව, විඩාව, ශිශ්නය සෘජුවීම හෝ කාමාශාව(ලූබ්ධිය) මද වශයෙන් අඩුවීම වැනි  මද අතුරු ඵල ඇතිවිය.  පිරිමින් වෙනුවෙන් උපත් පාලන ක්‍රම ගැන කෙරෙන පරීක්ෂණ වලට මෙය සැවිටම බාධාවක් බව පෙණී ගොස් තිබේ.

පිරිමි උපත් පාලන ‘පෙත්තක්’ වෙළඳ පළට ඒමට තව දශකයවත් ගත විය හැකි බව පෙන්වාදෙන පර්යේෂකයන් කියා සිටින්නේ එවන්නක් සඳහා දෙපාර්ශවයෙන්ම ඉල්ලුමක් ඇති බවයි. “නව ක්‍රමය අත්හදාබලන්න පුරුෂයින් සියයට 50ක් පමණ කැමැත්ත දක්වන අතර ඔවුන්ගේ සහකාරියන්ගේ ප්‍රතිචාරය ඊටත් ඉහළයි” වෑන්ග්  කියා සිටින්නීය.

The Guardian (medical research) හී පළවූ   Hopes rise for male contraceptive pill breakthrough යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: