සියල්ලෙහි සුලමුල 13 – පෙට්‍රෝල්වලින් අපේ ග්‍රහ ලෝකය පිරී ගියේ කෙලෙස ද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

Related image

පෙට්‍රෝල්වලින් අපේ ග්‍රහ ලෝකය පිරී ගියේ කෙලෙස ද?

ඊළඟ වාරයේ ඔබ මෝටර්රියක, බසයක හෝ රේල්ලුවක ගමනක් යන විට මෙහෙම හිතන්නකෝ. ඔබේ ගමනට ඉන්ධන වශයෙන් සැපයෙන්නේ වසර මිලියන දශ ගණනක් හෝ සිය ගණන් පවා කාලයක් තුළ හිරු එළියක් නොදැක සිටි ෆොසිලගත සූර්යාලෝකය මගිනුයි.

ඛනිජ තෙල් නූතන ශිෂ්ඨාචාරයේ ජීවනාලියයි. එය අපගේ සෞභාග්‍යයට සහ ආරක්ෂාවට නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත. ඛනිජ තෙල් වෙනුවෙන් ඇතම් පාර්ශ්ව යුද්ධ පවා සිදුකර ඇත. ඛනිජ තෙල්  අහවර වී ගිය පසු එය නොමැතිව අප ජීවත් වන්නේ කෙසේද යන්න ගැන සංගත සැලැස්මක් අප සතුව නැත. තවද, අපි දිනපතාම ඛනිජ තෙල් බැරල් මිලියන 90කට ආසන්න ප්‍රමාණයක් භාවිතයට ගන්නෙමු. ඒ කියන්නේ ලන්ඩනයේ O2 අංගනය පස් වතාවක් පිරවිය හැකි ප්‍රමාණයක්.

ලන්ඩනයේ O2 අංගනය

ප්ලවාංග බලය

ලෝකයේ ඛනිජ තෙල්වලින් අතිමහත් බහුතරයට ආරම්භය සපයන්නේ ආදි කාලීන සාගරයක පාවෙමින් ප්‍රභාසංශ්ලේෂණය මගින් සූර්යාලෝකය ඓන්ද්‍රීය අණු බවට සෙමින් සෙමින් පරිවර්තනය කරන ප්ලාවාංග බව සලකන විට ඉහත දැක්වූ කරුණු උත්කෘෂ්ට දේවල් හැටියට් සිතෙන්නට පුළුවනි. ප්ලවාංග මිය ගිය කල ඒවායේ සිරුරු සාගර පත්ලට කිදා බසී. ඒවා වියෝජනය (දිරායාම) පිණිස එහි ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවේ. ඒවායේ (ප්ලාංග) ශක්ති පෝෂිත අවශේෂී ඝන ඓන්ද්‍රීය ගොහොරුවක් ලෙස ඒකරාශී වී, රොන්මඩ, පස් යන අනෙකුත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය හා මිශ්‍රව අවසාදිත ස්තර යටට යාමෙන් ක්‍රමයෙන් අතුරුදන් වී ගියේය.

සාගරයේ සැඟැවුණු ප්ලවාංග ලෝකය

ඒ මත අවසාදිත තව තවත් තැන්පත් වෙද්දී වසර මිලියන ගණනක් ගෙවී යන විට ගොහොරුව තව තවත් යටටම  වැළලිගියේය. එය කිලෝමිටර තුනක ගඹුරකට පැමිණෙන විට යටින් එන තාපයෙන් සහ උඩින් ඇතිවන පීඩනය කරනකොට ගෙන ඓන්ද්‍රීය අණු පිසෙන්නට පටන් ගත්තේ ඒවා සරල හයිඩ්‍රොකාබන් දාම හැටියට බිඳ දමමිනි. මෙහි ප්‍රථම නිෂ්පාදනය වූයේ කෙරොජන්(kerogen) යනුවෙන් දැක්වෙන ඉටි වැනි ඝනයකි. මේවා තවවදුරටත් බිඳ දමනු හෙවත් පළා දමනු ලැබුවේ පෙට්ට්‍රෝලියම් යනුවෙන් හඳුන්වනු ලබන ද්‍රව හයිඩ්‍රොකාබන් මිශ්‍රනයක් හා එක්ව මීතේන් හෝ ස්වාභාවික වායු මිශ්‍රනයක් සාදමිනි. සමහර අවස්ථාවල උෂ්ණත්වය වුවමනාවට වඩා ඉහළින් පැවතීම නිසා සියලු ඓන්ද්‍රීය ද්‍රව්‍ය මීතෙන් හැටියට බිඳ දැමිණ. මෙකී ‘අධිපිසීම‘ (පමණ ඉක්මවා පිසීම) සාමාන්‍යෙයන් සිදුවන්නේ තැන්පතුව කිලෝමීටර 5කට වඩා යටින් තිබෙන විටය.

එසේ වුව ද, තත්ත්වයන් නිසියාකාරව ඇත්නම් එවිට පෙට්‍රොලියම් සෑදේ. නිමි නිෂ්පාදනයන්ගේ සංයුතිය රඳා පවතිනුයේ ආරම්භක ද්‍රව්‍යෙයහි සහ එය කුමන ප්‍රමාණයක අන්දමක තාප සහ පීඩනය එකතුවකට  භාජනය වූනේද යන්න මතය. අඩු උෂ්ණත්වයේ පෙට්ට්‍රෝලියම් උකුය. එමෙන්ම කළුය. තාර බඳුය. වඩාත් ඉහළ උෂ්ණත්වයක පෙට්‍රෝලියම් තුනීය, පැහැදිලය, පෙට්‍රල් බඳුය. වර්ණය නම් කළු පාට සිට දුඹුරු කොළ පැහැ හෝ කහ පැහැ පවා ගත හැකිය. තවද සැබැවින්ම වටිනා සංයෝගවල අනුපාතය– ඉන්ධන බවට සැකසන පැරෆින් සියයට 15ක් තරම් කුඩා ප්‍රමාණයක සිට 60%ක් දක්වා වෙනස් විය හැකිය.

එහෙත් ඉතින් මෙය කතාවේ අවසානය නොවේ. එහෙම නම් ඉතිරිය ගැන හෙට(ඉරිදා) දැනගමු.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  HOW DID OUR PLANET FILL UP WITH PETROL? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.