ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
සියල්ලෙහි සුලමුල 13 – පෙට්‍රෝල්වලින් අපේ ග්‍රහ ලෝකය පිරී ගියේ කෙලෙස ද? II කොටස
තත්ත්වයන් නිසියාකාරව ඇත්නම් පෙට්‍රොලියම් සෑදෙන බවත්, ඒත් ඉතින් මේක මේ කතාවේ අවසානය නොවන බවත් ඊයේ සියල්ලෙහි සුලමුල ලිපියෙහි අන්තිමට සඳහන් කරලා තිබුණා මතකනේ? අද ඉතුරු කොටස කියවන්න.
පෙට්‍රෝලියම් භුගත ජලාශයක ඒකරාශී වූවොතින් ඒ බෙහෙවින් කලාතුරකිනි. එය (බොහෝ විට ජලයත් සමග) පාෂාණ තුළට අනුකලය කෙරෙන අතර ඉන් වෙන් කර ගත යුතුවේ. එපමණක් ද නොව එය ඵල ප්‍රෙයා්ජන ගත හැකි සංචිත ලෙස සෑදෙන්නේ ඇතැම් තත්ත්වයන් යටතේය. යම් පාෂාණයක් තුළ එය සෑදුනේද එම පාෂාණය සවිවර විය යුතුය. මතුපිට දිශාවට ඉහළ නගමින් ජලය සහ වායුවලට එය හරහා ගමන් කළ හැක්කේ එවිටය. ඊට අමතරව එහි අවුරණයක්(trap) තිබිය යුතුය. මේ අවුරණය බාගදා සවිවර නොවන පාෂාණ ඝන ස්තරයක් ලෙස හෝ තෙල් මතුපිටට වෑස්සීම වළක්වනු වස්, තෙල් දරන පාෂානයට් උඩින් තිබෙන විභේදනයක් විය හැකිය. තවද, ඊට යටින් තෙල් සහ වායු ඒකරාශී වීමට ඉඩ සලසන පරිදි තෙල් දරා සිටින එම මුදුන් පාෂාණය නිවැරදි හැඩයෙන් යුක්ත වීමද අවශ්‍ය වේ. අප තෙල් ආකර යනුවෙන් හඳුන්වනු ලබන විශාල තෙල් සහ වායු නිධි සෑදීමට හැකිවන්නේ එවිට පමණකි.
තෙල් ආකාර මෙන්ම තෙල් ආකර
වාසනාවකට හෝ අවසානාවකට (දෙකෙන් කෝකද යන්න තීරණය වෙන්නේ බලන ආකාරය අනුවයි) මෙවන් පෙට්‍රෝලියම් බහුලව ඇත. තවද පෘථිවිය විශාල තැනකි. තවද, ඵල ප්‍රෙයා්ජනයට ගත හැකි තෙල් සහ වායු නිධි බෙහෙවින් සුලබ වන අන්දමට භූ විද්‍යාත්මක කරුණු කාරණා ද ගැලපීමක් ඇත. දැනටමත් දන්නා වූ තෙල් ආකර බිම් 65,000ක් වගේ ගණනක් ඇති අතර තව තවත් අලුතෙන් සොයා ගැනීමට ද භූ විද්‍යාඥයෝ සමත් වෙති. මේ තෙල් ළිංවලින් ලැබෙන දේ හඳුන්වන්නේ බොර තෙල් වශයෙනි. ඔබ මුදල් ගෙවා රථයේ ටැංකිය පුරවා ගන්නා ද්‍රව්‍යෙයහි සිට නූතන ලෝකය ගතිලක්ෂණ කර දක්වන ප්ලාස්ටික් දක්වා දේ ඇතුළ නිෂ්පාදන පරාසයක ආරම්භක අවස්ථාව එයයි.
පෙට්‍රෝලියම්වල යථාතථ්‍ය සම්භවය නිරික්ෂණය කිරීම බෙහෙවින් අසීරුය. මන්ද කීවොත්, පෙට්‍රෝලියම් බොහෝ විට භූගතව බොහෝ දුර ගමන් කිරීම හා ඒවා තැන්පත්ව තිබූ හෝ ඒවා මත තිබූ පාෂාණ මගින් දින වකවානු තීරණය කිරීම ද නොහැකි නිසාවෙනි. එසේ වුවද, ඒවා සෑදුනේ කවදාදැයි දැන ගැනීම, පොළව යට ඇත්තේ කුමක්දැයි අවබෝධ කරගැනීමට තෙල් භූවිද්‍යාඥයන්ට උපකාරී වන අතර එහෙයින්ම, ඔවුන්ගේ ගවේෂණ ප්‍රයත්නවල එල්ලය විය යුත්තේ කොයිබද යන්න තීරණය කිරීමට ද සහායක් වනු ඇත.
තෙල්වල දින වකවානු සාමාන්‍යෙයන් තීරණය කරනු ලබන්නේ ජෛවී සලකුණු මගිනි. එනම්, ජිවිතේ විවිධ යුගවලට ආවේණික ගුණාංග දක්වන ඓන්ද්‍රීය සංයෝගයයි. නිදසුනක් ගමු. oleanane යන සංයෝගය සාදනු ලබන්නේ සපුෂ්ප ශාකවලින් පමණකි. ඉතින් ඒවායේ අඩංගු තෙල් ක්‍රිටේෂීය යුගයට හෝ ඊට පසු කාලයකට අයත් විය යුතුයි. අවසානයේ ඛනිජ තෙල්බවට පත්වන ඓන්ද්‍රීය ද්‍රව්‍යවලට, පරාග (pollen) කුඩා එහෙත් වැදගත් දායකත්වයක් සපයයි.
ජෛවී සලකුණු විශ්ලේෂණ පෙන්නුම් කරන්නේ සමහර ඛනිජ තෙල් ඇත්ත වශයෙන් බොහෝ පැරණි බවයි. වයස ගත්තොත් වසර මිලියන 540කට පෙර එනම් පෘථිවිය මත සංකීර්ණ ජීවය පරිණාමය වෙන්නත් කලින්ය. අනෙක් ඛනිජ තෙල් වසර මිලියන 5ක තරම් මෑතකය. පොදුවේ විශ්වාස කෙරෙන අන්දමට පෙට්‍රෝලියම් සෑදෙන්නේ වසර මිලියන ගණනාවක්ම ගතවේ. එහෙත් එය සැම විටම එසේ නොවන බවක් පෙනී යන්නේ ඉතාමත් තරුණ නිධි සමහරක් සොයා ගෙන තිබීම නිසයි. වසර 5,000ක් තරම් මෑතක පරිණත තෙල් කැලිෆෝනියා බොක්කෙන් සොයාගෙන තිබේ. තවද, වසර 50ක් පමණ තරම් පරණ තෙල් කම්ච්ට්කාවලින් සොයාගැනීමට හැකිවීයැයි රුසියානු භූවිද්‍යාඥයෝ කියා සිටිති. සමහරක් තෙල්වල සම්භවය ගතහොත් ඒවා ජීවිවිද්‍යාත්මක නොවන ප්‍රභවයකින් යුක්තය. පෘථිවිය සෑදෙන අවස්ථාවේ මිහිතලයේ තිබූ කාබන්වලින් හෝ ධූමකේතු ගෙන ආ කාබන්වලින් සෑදුනා විය හැකියි. එහෙත් එවැනි තෙල් තිබුණේ වී නමුත් එය අපේ තෙල් නිධි හා සසඳද්දී ගණන් ගත නොහැකි තරමට සුළු අනුපාතයකි.
අතුරුදන්ව ගිය සාගරයක් යට සිට
තෙල් සකස් වීම පිළිබඳ ස්වර්ණමය යුගයක් ඇතොත් එයා මෙයට වසර මිලියන 200 සිට 145 දක්වා ඉහත පැවති ජුරාසික් අවධිය විය යුතුය. පුරාමහාද්වීපි වන ගොන්ඩ්වානා සහ ලවුරේසියා කලක් වෙන් කර තිබූ ටෙතිස් (Tethys) සාගරය යට දැවැන්ත ප්‍රමාණවලින් තෙල් සෑදිණ. මහාද්වීප ප්ලාවිතය (continental drift) හේතුකොට ගෙන අවසානයේ සාගරය වැසී ගිය නමුත් ඉතිරි වූ කොටස් තවමත් දැකිය හැකිය. මධ්‍යධරණී, කළු, කැස්පියන් සහ ඒරල් මුහුදු එදා තිබූ ටෙතිස් සාගරයෙහි කොටස්ය. ඒත් සාගරයෙහි වඩාත්ම වැදගත් උරුමය වන්නේ මැද පෙරදිග රටවල් කිහිපයක් යට තැන්පත් වී පවතින දැවැන්ත ශක්ති ගබඩාවන්ය. අද ලෝකයේ තෙල්වලින් තුනෙන් දෙකක් සැපයෙන්නේ එම මැද පෙරදිග රටවලිනි. උතුරු මුහුදේ තෙල් ද සෑදුනේ ජුරාසික් අවධියෙහිය. ඉතින් ඔබේ රථය බලගන්වන ශක්තිය පැමිණෙන්නට ඇත්තේ, මෙයට වසර මිලියන 200කට ඉහළ මිය ගිය ප්ලාවාංගයක් මගින් වීමට තියෙන ඉඩකඩ වැඩියි.
ගොහොරුවෙන් මතුව ආ කළුරත්රන්
ලොව ප්‍රථම තෙල් ළිඳ කණිනු ලැබුවේ ඇ.එ. ජනපදයේ පෙන්සිල්වේනියාවේ ටයිටස්විල් ආසන්නෙහිය. ඒ 1859 දීය. පොළොවෙන් බුබුළු මෙන් මතුව ආ බිටුමත්මය ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ තෙල් දොළ (Oil Creek) ලෙසටය. එහි වැසියෝ බිටුමත්මය ද්‍රව්‍යය ඖෂධ ලෙස යොදා ගත්හ. ඒත් පෙන්සිල්වේනියා රොක් ඔයිල් සමාගම අනාගත දෘෂ්ඨියකින් යුතුව අලුත්ම අලුත් ව්‍යාපාරයකට මුල පුරන්නට තීරණය කළේය. ඔවුන්ගේ ඉලක්කය වූයේ එළිය සැපයීමයි. පාෂාණ තෛලයෙහි භූමිතෙල් අඩංගු බව සමාගම තේරුම් ගෙන තිබුණි. එමගින් ලාම්පු පත්තුකර එළිය සැපයි හැකිය. වැඩිකල් නොගොසින්ම භූමිතෙල් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්විය. එම අවධියේ පෙට්‍රල් බොහෝ විට ඉවතට දමන එතරම් වැඩකට නැති අතුරු නිෂ්පාදනයක් පමණකි.
එහෙත්, දහනව සියවසට ගෙවී ගොස් නව සියවස උදාවෙන අවස්ථාවේ තෝමස් අල්වා එඩිසන්ගේ විදුලි බුබුළු භූමිතෙල් වෙළඳාම වලදමද්දී තෙල් නිෂ්පාදකයන්ට ධන නිධානයක් පහළ විය. හෙන්රි ෆෝඩ් නූතන ලෝකයේ ගමනාගමන විප්ලවීය වෙනතකට ලක් කරමින් අභ්‍යන්තර දහන ඇන්ජිම නිපදවීය. එය අද ලෝකයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙද්දී හදිසියේම (පෙරදා නිකරුණේ යාමට සැලසූ) පෙට්‍රල් සඳහා අධික ඉල්ලුමක් මෙන්ම දිගටම පුළුල්වන වෙළෙඳපොළක් හිමි කර ගත්තේය.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID OUR PLANET FILL UP WITH PETROL? පරිච්ඡේදය ආශ්‍රයෙනි.