බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් නින්දෙන් ගොරවන්නෙකු ලෙස ප්‍රකටය. වික්ටෝරියා මහ රැජින ද එලෙස යයි කියනු ලැබේ. එම කාරණයේ දී ඔවුන් තනිවී නැත. දළ වශයෙන් ගතහොත් පිරිමින්ගෙන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු ද ගැහැනුන් 4 දෙනෙකුගෙන් 1 අයෙකුද සෑම රාත්‍රියකම හෝ සෑම රාත්‍රියකම පාහේ නින්දේදි ගොරවන බව (ඇ.එ.ජ.) ජාතික නිද්‍රා පදනම(National Sleep Foundation) පෙන්වා දෙයි.
ඇත්තටම පුද්ගලයන් නින්දෙන් ගොරවන්නේ ඇයි?
“අප නින්දට ගිය විට අපට පේශී තානය අහිමි වීමේ ප්‍රවණතාවකට ලක්වෙනවා. ඒ කියන්නේ අපේ දිව ආපස්සට වැටී නාසයේ සහ උගුරේ පටක සහ පේශී ලිහිල්වීමය“ යි. හිස හා ගෙළ ශල්‍ය වෛද්‍යවරයෙකු සහ කෙන්ටකි විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය බ්‍රෙට් කමර් පවසයි. පුද්ගලයකු ආශ්වාස හා ප්‍රශ්වාස කරන විට මෙකී ලිහිල් වූ පටක උඩින් සහ (ඒවා)හරහා වාතය ගමන් කරන විට එම හේතුවෙන් එම පටක කම්පනයට ලක්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස හඬක් නගමිනි. ඒ හඬ තමයි ගොරවන හඬ!
කෙනෙකු තුළ ගෙරවීමට ඇති නැඹුරුව කෙරෙහි සාධක කිහිපයක්ම බලපාන බව කමර් කියයි. ස්ථුල ශරීරයකින් යුක්ත වීම එක් කාරණාවකි. “අපි හැමෝටම දිවෙහි මුල සහ උගුර මුදුන දිගේ මේද තට්ටු තියෙනවා. ඒවා (තව මහත්වී) වැඩි ඉඩක් අත් පත් කර ගන්නා විට පේශීන් ඇතුළට තද කිරීමෙන් අවහිරතා ඇතිකරන්න පුළුවන්” කමර් පැහැදිලි කරයි. මද්‍යසාර පානයද තවත් සාධකයකි. මද්‍යසාර පානය කළ විට වාමංවල පටක හා පේශී තවදුරටත් ලිහිල් කරන අතර ඉන් ගෙරවීම ප්‍රවර්ධනය වේ. උඩු බැල්ලෙන් අතට නිදා ගැනීමෙන් ද දිව උගුර තුළට එල්ලා වැටීම හේතුවෙන් වාතය ගලා යාම අවහිරකරවමින් කම්පනය වැඩි කරයි. ව්‍යුහාත්මක සාධක කිහිපයක් ද ගෙරවීමට බලපායි. එකක් තමයි අප ගමනය වූ ආවාරය (deviated septum). ඒ කියන්නේ නාස් පුඩු වෙන් කරන්නා වූ නාසයේ ඇතුල් බිත්තිය ඇලවීම හේතුවෙන් වාතය සංසරණය වීම හීන වී යාමයි. දෙවනියට දක්වන්න පුළුවන් ඔබේ රසදිව (uvula). රසදිව කියන්නේ ඔබේ උගුරේ පිටුපස එල්ලෙමින් පවතින කුඩා දිවත් වැනි කොටසයි. එය දිග ගතියක් දක්වයි නම් එය ලිහිල් වී දිව මත වැතිරීම හේතුවෙන් ගෙරවීමට ඇති හැකියාව වැඩි කරයි.
මේ සියල්ල මැද්දේ, ශුභ ආරංචිය තමයි ගෙරවීම, බොහෝ අවස්ථාවලදී ප්‍රශ්නයක් බවට පත් නොවීම. අඩුතරමින් නින්දෙන් ගොරවන පුද්ගලායාට ප්‍රශ්නයක් නොවේ. ඒත් මෙයට වෙනස් අවස්ථා ද නැතුවා නොවේ. Sleep and Breathing සඟරාවෙහි පළවූ 2016 වර්ෂයේ අධ්‍යයනයකින් හෙළි වූයේ නින්දෙන් ගෙරවීම, දිගට පවතින ආශ්වාස නතරවීම්, අවරෝධන නිද්‍රා ඇප්නියාව (නෛරානය) හා එකට එක්වූ විට හෘදවාහිනී රෝගාබාධ අවදානම දෙගුණයකින් වැඩිවීම හා සම්බන්ධ වෙන බවයි. පළමු මෙම අධ්‍යයන වාර්තාවේ දැක්වේ.
ඇයි එහෙම වෙන්නේ? ගෙරවීම සහ නිදි ඇප්නියාව, “intermittent hypoxia” හෙවත් ‘සවිරාම හයිපොක්සියාවට (පටකවලට සැපයෙන ලේ අඩුවීම) මුල පිරෙතැයි ෆින්ලන්තයේ සෞඛ්‍ය හා සුබසාධන ජාතික ආයතනයෙහි පර්යේෂකයෙකු වන ටීමු නෛරානන් කියා සිටියි. හෙතෙම අධ්‍යයනයේ ප්‍රමුඛ කර්තෘවරයාය. හයිපොක්සියාව හේතුවෙන් සිරුරේ පටකවලට ඔක්සිජන් ප්‍රමාණවත්ව නොලැබීමෙන් ධමනි හානිය හෝ අවහිරවීමට, ප්‍රදානය සහ පපුව ඇතුළේ සෞඛ්‍යයට අහිතකර පීඩන වෙනස්කම්වලට මුල පිරිය හැකිය. අවරෝධක නිද්‍ර ඇප්නියාව ඇත්දැයි තමන්ටම බලා ගැනීම සඳහා පහසු ක්‍රමයක් නොමැත. ඊට පිළියම් ගතහොත් බර අඩුකර ගැනීම්ම, හා ආශ්වාස කිරීමේ උපකරණයක් පැළඳ නිදා ගැනීමෙන් ප්‍රතිකාර ඇරඹිය හැකි අතර ශල්‍ය වෛද්‍යමය මැදිහත්වීමකට ද ඉඩ නැතුවා නොවේ.
වෙනත් සමහරක් ගෙරවීමේ රටාවන් ද අවධානයට යොමු විය යුතු විය හැකිය. කෙනෙකු බොහෝ විට තත්ත්පර තුන හතරක් තිස්සේ හුස්ම නොගෙන හෝ යාන්තමට හුස්ම ගන්නේ නම් තවද ඉන් අනතුරුව ‘ගර ගර’ හඬ නගනවා නම් හෝ හුස්ම හිරකරන ගතියක් දක්වන්නේ නම් සිරුරේ තිගැස්සීමක් සහිතව අවදිවීමට උත්සාහ ගන්නට තැත්කරන බවක් පෙනී යන්නේ නම් හොඳම වැඩී වෛද්‍යවරයෙකු මුනගැහීම තමයි යනුවෙන් කමර් කියා සිටියි. මේවා, ඇප්නියාවට සමාන කමක් දක්වන හයිපොප්නියාවේ සලකුණු විය හැකියි.
සමස්තයක් වශයෙන් ගත් කල පුද්ගලයෙකු සාමාන්‍ය අන්දමට හුස්ම ගන්නේ නම් මහහඬින් වුවත් ගෙරවීම සැලකිලිමත් විය යුතු කාරණාවක් නොවේ. එහෙත් ඊට එක් ව්‍යාතිරේකයක් ඇතැයි කමර් කියයි. කලින් නින්දේදී ගෙරවූයේ නැති අයෙකු හදිසියේම වාගේ තදින් ගොරවන්නට පටන් ගතහොත් එය වා මගෙහි යම් අවරෝධයක් වර්ධනය වීමේ සංඥාවක් විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. එවිට වෛද්‍යවරයෙකු මුන ගැහෙන්න.
අවසාන වශයෙන් කිව යුත්තේ මත් පැනින් වැළකී, එමෙන්ම පැත්තට හැරී නිදා ගැනීම ඔබට මෙන්ම අහල පහළ අයටත් සුව නින්දක් ළඟා කර දීමට හේතු වෙන බවයි. ඔබටත් ඔබ ආසන්නයේ නිදන සෙසු අයටත් සුව නින්දක්!
Time.com(TIME magazine) හී පළ වූ Is Snoring Dangerous? Here’s When to Worry යන ලිපිය ඇසුරෙනි