මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප්රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ. මේ රාමුව වනාහි සමස්ත ග‍්‍රහලෝකය මත ජීවිතය සඳහා කොන්දේසි ඒකාබද්ධව නිර්ණය කරවන ද්‍රව්‍යය සහ ශක්තිය ප‍්‍රවාහනය සහ පරිවර්තනය කරන අන්තර් ක‍්‍රියාකාරී භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක සහ මානව ක‍්‍රියාදාමයන්ගේ කට්ටලයකි. අවශ්‍ය වන්නා වූ සමෝධානමය චින්තනය විදහා දැක්වීම පිණිස අප ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක පමණක් නොව ගොඩබිමෙහි, ඊටත් වඩා වැදගත් වශයෙන් සාගරයෙහි ද බෙදා හැරීමේ ප‍්‍රධාන මගක් ලෙස ගත් කළ විශේෂයෙන්ම ඛනිජ ‘දූවිලි’ වල වායුගෝලීය ප‍්‍රවාහනය ඉටු කරන විවිධ කාර්ය භාරයන් සමාලෝචනය කළ යුතුය. මෙහිදී දුවිලි පිළිබඳ ගෝලීය වැදගත්කම මතුවන්නේ එය සාගරික ශාක ඵලදායිත්වය කෙරෙහි සහ ඒ අනුව වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීම මත එමගින් ඇති කරන පාලනයයි. දූවිලි, වාතය සහ මුහුද ජෛවී භූ රසායනිකව සම්බන්ධ කෙරෙන සංකීර්ණ අන්දම දේශගුණ විපර්යාසයන් අවබෝධ කර ගැනීමේ නව අභියෝගයන් අපට ගෙන එයි. එමෙන්ම, සම්ප්‍රදායානුකූල විද්‍යාත්මක ශික්ෂාවන්ගේ සීමාවන් ඉක්මවා යන ප‍්‍රශ්න ඇසීමට අපට බල කරයි.
නිගමන හා පර්යාලෝක
කාල පරිමාණ පරාසයක් තුළ පෘථිවි පද්ධතිය කෙසේ ක්‍රියාකරන්නේද යන්න ගැන රැඩිකල්වාදී නව දර්ශනයක් කරා අප එළඹෙන්නට පටන්ගත්තා පමණකි. ඉහළ මට්ටමක අන්තර්ක්‍රියාකාරීත්වය සහ එකිනෙකට සම්බන්ධවීම් තුළින් පැන නගින දේශගුණ පද්ධතියෙහි සංකීර්ණ සහ සමහරවිට අනපේක්ෂිත චර්යාව අපට තේරුම් ගැනීමට නම් මෙම සාකල්‍යවාදී දසුන නැතිවම බැරිය. ඇත්ත වශයෙන්ම. දූවිල්ල සහ සම්බන්ධ තනි උප පද්ධතිය වැනි තනි තනි උප පද්ධතිවලට පවා අතිශය සංකීර්ණ සහ රේඛීය නොවූ චර්යාවන් ප්‍රදර්ශනය කළ හැකිය. මන්ද, දූවිල්ල යනු, පෘථිවි පද්ධතියේ අංගෝපාංග අතර සිද්ධිවල හුදු අක්‍රීය ‘සංනිවේදකයෙකු’ට වඩා බෙහෙවින් වැදගත් කාර්යයක් ඉටු කරන හෙයිනි. නිදසුනක් ගනිමු : දූවිලි ගැලීමේ විපර්යාසයන් වායුගෝලිය කාබන් ඩයොක්සයිඩ් මෙන්ම දේශගුණය කෙරෙහි ද බලපායි නම්, තවද එවිට දූවිලි ගැලීම් ගොඩබිම මතුපිට සහ ජලාවර්තන චක්‍රෙයහි ප්‍රබලත්වයෙහි විපර්යාසයන් හරහා ගෝලීය දේශගුණය කෙරෙහි පෙළඹීමක් දක්වන්නේ නම් එමගින් ‘ප්‍රතිපෝෂණ ‘ හැකියාව ඉස්මතු කරයි. (පහත චිත්‍රෙයහි මෙය අවධාරිතයි.
භූමිය, වාතය සහ මුහුද (හා දේශගුණය) දූවිල්ල මගින් සම්බන්ධ කිරීම දැක්වෙන ක්‍රමාණුකූල චිත්‍රය. පෘථිවි පද්ධතියේ වැදගත්ම අංග හතර අවධාරණය කර ඇත. ඒවා අතර ජෛවී භූ රසායනික සම්බන්ධතාවල ධනාත්මක සහසම්බන්ධයක් තිබිය හැකිය.
එවන් පද්ධතියකදී ග්ලැසියර තත්ත්වයක් කරා පසුබැසීම වැනි ගෝලීය වශයෙන් සිදුවන යම් සිසිල්වීමේ සිද්ධියක් මගින් දූවිලි ලබා ගත හැකිවීමට සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිකිරීමකට මගපෑදිය හැකිවේ. මෙය නැවත, දක්ෂිණ සාගර යකඩ සංසේචනය තුළින් කාබන් ඩයොක්සයිඩ් තවදුරටත් අඩුවීමට හේතුවෙයි. මෙය තවදුරටත් සීතල වීමක් හට ගන්වන අතර මෙලෙස තවදුරටත් දූවිලි සැපයුමෙහි වර්ධíයක් ආදිය ඇති කිරීමට හේතුවේ. මෙකී ‘ධනාත්මක’ ප්‍රතිපෝෂණය ෆොසිල ඉන්ධන දැවීමෙන් හටගත් ආරම්භක වික්ෂෝභයෙහි හෙවත් කැළඹීමෙහි(perturbation = දේශගුණ සිසිල්වීම) විශාලත්වය වර්ධනය කරයි. මෙකී දූවිලි ප්‍රතිපෝෂණය මගින්ම, ෆොසිල ඉන්ධන දැවීමෙන් ඇති වූ විමෝචන මගින් ආරම්භක වශයෙන් මෙහෙයවනු ලබන අනාගත දේශගුණ විපර්යාසයන් ද වර්ධනය කරනු ලැබිමට හේතු විය හැකිය.
ප්‍රතිපෝෂකවල සංකීර්ණ කාර්යභාරය සහ දේශගුණ පද්ධතියෙහි ක්‍රියාකාරිත්වයේ සමස්ත හැසිරීම සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නම් අපට අලුත් ගවේෂණාත්මක මෙවලම් — පෘථිවි පද්ධතියේ සංඛ්‍යාත්මක මොඩල අවශ්‍ය වේ. සාගර සහ වායුගෝලීය සංසරණය නියෝජනයන්, ගුප්ත ගෝලය (cryosphere) සමග, භූමිය, වායුගෝලය, සාගර සහ අවසාදිත තුළ පැතිර යන මූලික ජෛවී භූ රසායනික චක්‍ර විස්තර එකට ඈඳීමෙන් කාල පරිමාණ පරාසයක් තුළ ක්‍රියාත්මක දේශගුණ පද්ධති ක්‍රියාකාරිත්වය පරිපූර්ණව ගවේෂණය කළ හැකිය. මෙකී මොඩල, සමාජ ආර්ථික මොඩල සමග සමෝධානය මගින් තවදුරටත් ව්‍යාප්ත කළ හැකි නම් දේශගුණ පද්ධති සහ මානව මූලික ක්‍රියාකාරකම් අතර අන්තර්ක්‍රියාකාරිත්වය ගැන සොයා බැලිය හැකිය. ‘දේශගුණ සමාජ – ආර්ථික සමෝධානික තක්සේරු මොඩල’ (‘Integrated Assessment Models’) දැනට වර්ධනය කරගෙන යමින් තිබෙන අතර ඒවා, අනාගත දේශගුණ විපර්යාස අප සංසිඳවන්නේ කෙසේද එමෙන්ම ඒවාට හැඩගැසෙන්නේ කෙලෙසද යන්න තීරණය කිරීමේදී බෙහෙවින් උපකාරී වනු ඇත.
Royal Society Series on Advances in Science(vol. 2)(2007) නම් ග්‍රන්ථයේ Dust in the Earth System: The Biogeochemical Linking of Land, Air, and Sea යන පරිච්ඡේදය ආශ්‍රයෙන් සැකැසුණු ලිපි පෙළ මින් අවසන් වේ.