ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ජීවය ආරම්භ වූයේ කවර කලෙකද?
ජීවයේ රසායනික ප්‍රතිචාර උත්ප්‍රේරණය කිරීම ඇතුළුව ඕනෑම දෙයක් පාහේ ප්‍රෝටීනවලට ඉටු කළ හැකියි. කෙසේ වෙතත්, ප්‍රෝටීන නිපදවිමට අවශ්‍ය තොරතුරු ගබඩා කර ඇත්තේ DNAවලය. DNA නොමැතිව අළුතෙන් ප්‍රෝටීන තැනිය නොහැකිය. තවද ප්‍රෝටීන නොමැතිව අළුතෙන් DNA තැනිය නොහැකිය. ඉතින් කියමු බලන්න මුලින්ම ආවේ කුමක්ද? හරියටම කිව්වොත් මුලින් ආවේ කිකිළියද? බිත්තරය ද වගේ ප්‍රශ්නයක් බව ඊයේ ලිපියේ අග අප සඳහන් කරා මතකනේ? ඉතින් දැන් ඒ ගැන තවදුරටත් කතා කරමු.
RNAවලට ප්‍රෝටීනවලට මෙන් මදක් නැමිය හැකි බවත් එමෙන්ම ප්‍රතිචාරයන් උත්ප්‍රේරණය කළ හැකි බවත් සොයාගැනීම නිසාවෙන් මේ කිකිළි – බිත්තර ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිවුණා. තමන්ගේම නිමැයුම උත්ප්‍රෙරණය කරන RNA අණු වලින් මුල්ම ජීවය සමන්විත වූයේය යන අදහසට මෙයට වසර 25කට පමණ මුල පිරුණේ එමගිනුයි. මේ අනුව මෙකී DNA ලෝකයට පරිණාමය වන්නට ඉස්තරම්ම තැන ක්ෂාරීය කවුළු ලෙස පෙනී ගියා. ඊළඟට වැදගත් වුණේ අණු විසිරී ඒමේ අත යාම වැළැක්වීමයි. ක්ෂාරීය කවුළුවටම මේ කාර්ය කරන්න හැකියාව තිබුණා. එහි සවිවර ව්‍යුහය තුළ දුහුල් ඛනිජ බිත්තිවලින් වට වූ සෛල ආකාර එකිනෙකට සම්බන්ධ ඉතා කුඩා අවකාශ තිබුණා. මේ කුඩා අවකාශයන් DNA සහ අනෙකුත් සංකීර්ණ අණු සිය මතුපිට තුළ දරා සිටීමට හා ඒකරාශීවීමට මග පාදන්න ඇති.
මේ DNA ලෝකයට ශක්තියක් අවශ්‍ය වුණා. ඔන්න ඒකත් ජල තාප කවුළුවලින්ම සැපයුණා. ඒ තරලය, මුහුදු ජලය හා එක්වන ස්වාභාවික බැටරියක ස්වරූපයෙනුයි. මුහුදු ජලය ආම්ලිකය (ප්‍රෝටීන බහුලය); තවද කවුළු තරලය ක්ෂාරියයි(ප්‍රෝටීන හිඟයි). ඉතින් මේ දෙක එකට එක හමුවන තැන ප්‍රෝටෝන සාන්ද්‍රණයෙහි දැඩි වෙනසක් තිබෙනවා. ඉතින් ප්‍රෝටෝනවලට ධන ආරෝපණයක් (positive charge) ඇති නිසා, මේ බෑවුම යාකරණය හරහා විද්යුත් විභවයක් නිර්මාණය කෙරුණා. එපමණක් ද නොව මෙම ශක්තිය, සංකීර්ණ අණු සහ වඩාත් දීර්ඝ DNA සෑදීම වේගවත් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් සහ හයිට්රජන් අතර ප්‍රතිචාර තවදුරටත් පණගන්වන්න ඇති. එක්තරා අවස්ථාවකදී අනුක්‍රමණයෙන් ප්‍රයෝජනයට ලබාගත හැකි ක්‍රමයක් මූලසෛල පරිණාමය කර ගන්න ඇති. පරිණාමයේ වැදගත්ම පියවර සඳහා හොඳම සාක්ෂි කිහිපයක් වන්නේ සෛල පටලය හරහා යන ප්‍රෝටෝන අනුක්‍රමන මගින් තවමත් සජීවී සෛල පණගැන්වෙන්නේ යන්නය.
සරල වට්ටෝරුව
සපුරාගතයුතු තවත් පියවර බොහොමයක් තිබෙනවා. ඒත්. RNA ලෝකය සඳහා වඩාත් යෝග්‍යතම වුණේ ක්ෂාරීය ජලතාප කවුළුය. මේ කාරණාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි එකම විකල්පය එය නොවුවත් ජීවයේ තොටිල්ල ගැන අපට තිබෙන හොඳම අනුමානය තමයි ඒවා. තවත් ප්‍රශ්න බොහොමයක් ඉතිරිව පවතිනවා. කවුළුවලින් ජීවය ගැලවී ස්වාධීනවුණේ කෙසේද? ඒවා DNA සිට RNA දක්වා සහ ප්‍රෝටීන දක්වා සංක්‍රාන්තිය කෙසේ සිදුවීද? අපට කිසිදිනක දැනගන්නට බැරිවෙන්න පුළුවන්. ඒත් ජලතාප සිද්ධාන්තය වලංගුව පවතී නම් එය බෙහෙවින් ගැඹුරු යමක් අපට පවසයි: මේ මිහිතලයේ ජීවය හට ගැනීම අවබෝධ කර ගැනීමට අපහසු අභිරහසක් නොව, පාෂාණ මුහුදු ජලය හා කාබන් ඩයොක්සයිඩ් යන මූලික අංගෝපාංග සහිත ග්‍රහලෝක පද්ධතියක ජීවය හට ගැනීම නොවැළැක්වය හැකි තරමේ ප්‍රතිඵලයකි.
පිටසක්වලින් පැමිණි ජීවය
ජීවයේ සම්භවය පිළිබඳ එක්තරා බෙහෙවින් අනුමාන සහගත අදහසක් වනුයේ පැන්ස් ජර්මියාවයි(පෘථිවියේ ජීවය බිහිවුනේ අභ්යාවකාශයෙන් පැමිණි ක්ෂුද්‍ර ජීවීන්ගෙන්ය යන සිද්ධාන්තය) මින් කියැවෙන්නේ මන්දාකිනියේ වෙනත් තැනක බාගවිට අඟහරුලොව ජීවය හටගෙන ධූමකේතුවක හෝ උල්කාෂ්මයක මත ජීවය පෘථිවියට පැමිණි බවයි. එසේ නම් අප සියලුදෙනාපිටසක්වල ජීවීන්ය. තවද, පෘථිවිය මත එකී ජීවය පැවති වසර බිලියන හතර හෝ එපමණට වඩා එකී ජීවය වයස්ගත විය යුතුයි. කෙසේ වෙතත් ජීවයේ ගමන ආරම්භවුණේ කෙසේද කවදාද යන මූලික ප්‍රශ්නයට පිළිතරු පැන්ස් පර්මියාවෙන් නොලැබේ. ඉන් කෙරෙන්නේ ජීවයේ ආරම්භය වෙන තැනකට අරගෙන යාම පමණයි.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID LIFE BEGIN? පරිච්ඡේදය ආශ්‍රයෙනි.