ඵලදායි ඉගෙනීම සහ ඉගැන්වීම: ඉගෙන ගැනීමේ මූලධර්ම

Posted by

‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත.  ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු,  ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා,  එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය  මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු වී ඇති උගැන්වීම් පිළිබඳ භාවිත දැනුමද ප්‍රයෝජනයට ගනිති. ඉගෙනීමට දෙන දේවල සුවිශේෂී ගති ලක්ෂණ,  සිය ශිෂ්‍යයන්ගේ පසුබිම සහ ඉගෙනීම සහ ඉගැන්වීම සිදුවන්නේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න ගැන ආකෘතිකව ඔවුහු සැලකිලිමත් වෙති.

එවන් ගුරුවරුන්ගේ ප්‍රවේශයෙහි ගතිලක්ෂණවලට අනුකූල  ඉගෙනුම් සහ ඉගැන්වීම් මූලධර්ම කිහිපයක් —  ක්‍රමානුකූලව හෝ සම්පූර්ණව නොවූවත් —  මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. මේ මූලධර්ම බොහොමයක් පොදුවේ ඉගෙනීමට මෙන්ම උගැන්වීමටද අදාළ වන නමුත් සමහරක් පැහැදිලිවම වැදගත් වන්නේ  විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණවේදය අධ්‍යාපනයටයි. පහසුව තකා මෙම ලිපි මාලාවේදී (ඒවා සමීපව එකිනෙකට සම්බන්ධ වුවද) ඉගෙනුම හා ඉගැන්වීම වෙනම ම කොටස් හැටියට ඉදිරිපත් කර ඇත.

ඉගෙනීමේ මූලධර්ම  

ඉගෙනීම අවශ්‍යෙයන්ම ඉගැන්වීමේ ප්‍රතිඵලයක් නොවේ. ඥානන පර්යේෂණ හෙළි කරන්නේ යහපත් උපදේශන ලෙස ගැණෙන දේ ඉගැන්වුවත් ශාස්ත්‍රාලීය වශයෙන් කුසලතා ඇති අයද ඇතුළුව සිසුන් අවබෝධ කරගනෙනේ (ඔවුන් අවබෝධ කරගනේ  යයි) අප සිතනවාට වඩා අඩුවෙන් බවයි. අධිෂ්ඨානයෙන් යුතුව විභාගයකට පෙනී සිටින සිසුන්ට තමනට කියාදුන් දේ හෝ තමන් කියවා ඇති දේ හඳුනා ගැනීමට සාමාන්‍ය වශයෙන් පුළුවන. කෙසේ වෙතත් සැලකිල්ලෙන් සොයා බැලීම් සිදුකිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ අවබෝධය සහමුලින්ම වැරදි හෝ එසේ නොවන්නේ නම් අඩුතරමින් සීමිත හෝ නැතිනම් විකෘතිව ඇති බවයි. අධ්‍යයන නිෂ්ටාවන් (educational goals) නියම කිරීමේදී අර පරෙස්සම අත්‍යවශ්‍ය බව මෙම සොයා ගැනීමෙන් ගම්‍ය වේ; අවධාරණයකිරීම සඳහා පාසල් මගින් තෝරාගනු ලැබිය යුත්තේ වඩාත්ම වැදගත් සංකල්ප සහ කුසලතාවන්ය. මන්ද කීවොත්, ඉදිරිපත් කෙරෙන තොරතුරුවල ප්‍රමාණයට වඩා අවබෝධ කරගැනීමේ ගුණාත්මක බව ගැන ඒවායින් එක එල්ලේ යොමුවිය හැකි නිසාවෙනි. සිසුන් උගෙන ගන්නේ කුමක්ද යන්න කෙරෙහි ඔවුන් සතුව දැනටත් තිබෙන අදහස් බලපෑම් කරයි.

ගුරුවරුන් සහ පොත් තමුන්ට කොපමණ නම් පැහැදිලිව දේවල් කියාදෙන්නේ වී නමුත් පුද්ගලයන්ට තමන්ගේම අර්ථය ගොඩනගා ගැනීමට සිදුවේ. පුද්ගලයෙකු වැඩිම වශයෙන් මෙය සිදුකරන්නේ අලුත් තොරතුරු හා සංකල්ප ඔහු හෝ ඇය දැනටමත් පිළිගන්නා දේට සම්බන්ධ කරමිනි. සංකල්ප වනාහී,  මනුෂ්‍යයන්ගේ චින්තනයෙහි අත්‍යවශ්‍ය ඒකකය වේ.   ලෝකය ගැන සිසුවෙකු කල්පනා කරන්නේ කෙසේ දැයි යන්න සමග සම්බන්ධයක් නොමැති සංකලප මතකයේ රැඳී නොසිටින්නටත්, ප්‍රයෝජනවත් නොවන්නටත් ඉඩ තිබේ. එසේ නොමැතිව ඒවා මතකයේ රැඳී තිබුණේ වී නමුදු, ඒවා ලේබලයක් ගසා– නිදසුනක් හැටියට අපි කියමු  “2015 ජීවවිද්‍යා පාඨමාලාව” යන ලේබලය කියලා — ලේබලයක් ගසා කොහේ හෝ අරන් තියනවා මිසක් ලෝකය පිළිබඳ වෙනත් කිසිම කාරණයක් ගැන සිතුවිලිවලට බලපෑමක් ඇති කරනු වස්  ඒවා ලබාගැනීමක් සිදු නොවේ. සංකල්ප වඩාත් හොඳින් උගෙන ගත හැක්කේ ඒවා(සංකල්ප) සංදර්භ ගණනාවකදී හමුවන්නේ නම් හෝ විවිධ ආකාරවලින් ප්‍රකාශයට පත්කෙරෙන විටදීය. මන්ද එවිට ඒවා සිසුවෙකුගේ දැනුම් පද්ධතිය තුළ මුල් බැස ගැනීම පිණිස වැඩි අවස්ථා ඇති කරලීම සහතික කරන හෙයිනි.

එහෙත්, ඵලදායී ඉගෙනුමට නම් බොහෝ විට හුදු පැරණි අදහස්වලට නව අදහස් බහුසම්බන්ධතා ඇති කරගන්නවාට වඩා වැඩි යමක් බොහෝ විට අවශ්‍ය වේ.  එපමණක් නොව පුද්ගලයන් සිය චින්තනය තදබල ලෙස යළි ව්‍යුහගත කිරීමද ඇතැම් විට අවශ්‍ය වේ. ඒ කියන්නේ යම් නව අදහසක් සංයෝජනය කිරීමට නම් ඉගෙන ගන්නා අයවලුන්, ඔවුන් දැනටමත් දන්නා දේ අතර ඇති සම්බන්ධය වෙනස් කළ යුතුය. හෝ ලෝකය පිළිබඳ කලක් තිස්සේම දැරූ අදහස් ඉවත දැමීම පවා කළ යුතුවේ. අවශ්‍ය ප්‍රතිව්‍යුගත කිරීමකට විකල්පයක් වනුයේ තම පැරණි අදහස්වලට අනුකූලවන සේ නව තොරතුරු විකෘති කිරීම හෝ නව තොරතුරු මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමයි. සිසුන් පාසලට පැමිණෙන්නේ ඔවුනට හදි ගැහෙන සෑම මාතෘකාවක් සම්බන්ධයෙන්ම පාහේ ගැන ඇතැම්විට නිවැරදි ඇතැම්විට වැරදි  තමන්ගේම අදහස් දරාගෙනය. ඔවුන්ගේ ප්‍රතිභාඥනය හො දුර්මත සිතා බලන්නේවත් නැතිව නොසලකා හරින්නේ නම් හෝ පහකර දමන්නේ නම් ගුරුවරයාට අවශ්‍ය දේ සැපයීමට ඉඩ ඇතත් කලක් ගතවෙද්දී ඔවුන් මුලින් දැරූ මතයම ජයගන්නට  ඉඩ තිබේ. විභාගයේදී හුදු විසංවාදය හෙවත් පරස්පරයම ප්‍රමාණවත් නොවේ. ලෝකය පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම පිණිස නව දැක්මක් කොපමණ උපකාරී වේදැයි දැකීමෙන් එවන් නව දැක්මක් වර්ධනය කරගනු වස් සිසුන් දිරි ගැන්විය යුතුය.

Related image

තව කොටසක් ලබන සතියේ

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ PRINCIPLES OF LEARNING  නම් 13වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකඅවසන් ලිපියයි මේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.