මෙයට කලින් සිතියම් නොකළ කඳු දහස් ගණනක් මුහුදු පත්ලෙන් සොයාගැනේ. සාගර පත්ල ගැන මෙතෙක් සකස් කල වඩාත් විස්තරාත්මක සිතියමට ඒවා ඇතුල් කර ඇත.
ජලයෙන් යට පිහිටා ඇති මූදු ගිරි(seamount) නම් වු මෙම ශිඛර හඳුනාගනු ලැබ ඇත්තේ කැලිෆෝනියාවේ, සැන් දියාගෝ හී ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ (Scripps Institution of Oceanography) ඩේවිඩ් සෑන්ඩ්වෙල් සහ බෲක් ටෝශර් විසිනි. ඔවුන්ගේ නව, භූ ලක්ෂණ සිතියම මගින් මූදු ගිරි 5000 කට වැඩියෙන් නිරාවරණය කරගෙන ඇති අතර සමරහවිට 10,000ක් තරම් විය හැකියි.
මෙලෙස යාවත්කාලීන කළ සිතියම, දේශගුණ ආකෘති තැනීමේ දී සහ සුනාමි අනාවැකි පළකිරීමේ දී බෙහෙවින් වැදගත්වේ. මෙයට හේතුව වන්නේ දේශගුණය කෙරෙහි බලපෑමක් ඇතිකරන සාගර ප්රවාහයන් කෙරෙහි බලපෑම් ඇති කිරීමට මූදු ගිරිවලට හැකියාවක් තිබීමත්, එමෙන්ම මූදු ගිරි, මුහුද යට දැවැන්ත නායයාම් ඇතිවන ස්ථාන වීමට හැකිවීමත් ය.
මුහුදු පත්ලෙහි වැඩිකොටස සිතියම් ගතකෙරෙන්නේ මුහුද මතුපිටට ගුරුත්වයෙන් ඇතිවන බලපෑම් මැනීමෙනි
සෝනාරය(sonar = ශබ්ද තරංග මගින් දිය යට වස්තූන් සෙවීමේ ක්‍රමය) මගින් මුහුදු පත්ලෙන් සිතියම් ගත කර ඇත්තේ සියයට 10ක් පමණය. ඉතිරිය සිතියම් ගත කර ඇත්තේ මුහුදෙහි මතුපිට ගුරුත්වයේ බලපෑම මැනීමෙනි. මෙය සිදුකිරීමට හැකිවන්නේ සමතලා මුහුදු පත්ල, සාගරය කෙරෙහි ඇතිකරනවාට වඩා වැඩි ගුරුත්ව බලයක් මූදු ගිරි ඇතිකරන හෙයිනි. මුහුදු පෘෂ්ඨ උසෙහි මද වෙනසක් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවේ. මෙකී මද වෙනස්කම් නිවැරදිව මැනිමෙන් මුහුදු ජලය යට මූදු ගිරි ඇති දැයි නිගමනය කිරීමට චන්ද්‍රිකා වලට අවකාශ සැලසේ.
2014 සැකසූ සිතියමකට මේ ආකාර මිනුම් යොදා ගනු ලැබීය. ඊට දළවශයෙන්, මූදු ගිරි 10,000ක් ඇතුළත් වුව ද නව සිතියම වඩාත් නිවැරදි දත්ත යොදා ගනී. නිදසුනක් ලෙස ගතහොත්, එය ඉන්දු-ප්‍රංශ හවුල් ඇල්ටිකා(Altika) සංවේදමානයේ කියවීම් යොදා ගනී. මේ සංවේදමානය 2013 දී චන්ද්‍රිකාවක් හරහා දියත් කරන ලද්දකි. මෙම උපකරනයට, මුහුදු පෘෂ්ඨයට ඇති දුර මිලිමීටර 21ක් ඇතුළත නිවැරදි තාවයකින් මැනිය හැකිය. මෙය මීට පෙර සංවේදමානවලට වඩා දෙගුනයක නිවැරදි තාවයකි.
NASA SWOT
මෙම ශිල්ප ක්‍රමය 2014 දී උපයෝගී කරගත හැකි වූයේ කිලෝමීටර 2කට වැඩි මූදු ගිරි සියල්ල සිතියම් කිරීම පිණිස යොදාගැනීමටය. එහෙත් අද, කිලෝමීටර 1.5ට වැඩි මූදු ගිරි සංන්දහා ද යොදා ගත හැකිය බව සෑන්ඩ්වෙල් කියයි. නාසා ආයතනය 2021 දී SWOT චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමෙන් අනතුරුව තවත් මූදු ගිරි දහසකට වැඩියෙන් සොයා ගත හැකිවනු ඇත යන්න ඔහුගෙ විශ්වාසයයි. යාන්තම් කිලෝමීටරයක් උසැති මූදු ගිරි සොයා ගැනීමට ද SWOT චන්ද්‍රිකාව ට හැකිවෙනු ඇත.
New Scientist magazine (March 23, 2019) හී පළවූ Plenty more mountains in the sea යන ලිපිය ඇසුරෙනි