ඉගෙන ගැනීමේ තවත් මූලධර්ම

Posted by

‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත.  ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු,  ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා,  එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය  මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු වී ඇති උගැන්වීම් පිළිබඳ භාවිත දැනුමද ප්‍රයෝජනයට ගනිති. ඉගෙනීමට දෙන දේවල සුවිශේෂී ගති ලක්ෂණ,  සිය ශිෂ්‍යයන්ගේ පසුබිම සහ ඉගෙනීම සහ ඉගැන්වීම සිදුවන්නේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න ගැන ආකෘතිකව ඔවුහු සැලකිලිමත් වෙති.

එවන් ගුරුවරුන්ගේ ප්‍රවේශයෙහි ගතිලක්ෂණවලට අනුකූල  ඉගෙනුම් සහ ඉගැන්වීම් මූලධර්ම කිහිපයක් —  ක්‍රමානුකූලව හෝ සම්පූර්ණව නොවූවත් —  මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. මේ මූලධර්ම බොහොමයක් පොදුවේ ඉගෙනීමට මෙන්ම උගැන්වීමටද අදාළ වන නමුත් සමහරක් පැහැදිලිවම වැදගත් වන්නේ  විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණවේදය අධ්‍යාපනයටයි. පහසුව තකා මෙම ලිපි මාලාවේදී (ඒවා සමීපව එකිනෙකට සම්බන්ධ වුවද) ඉගෙනුම හා ඉගැන්වීම වෙනම ම කොටස් හැටියට ඉදිරිපත් කර ඇත.

Related image

ඉගෙනීමේ ප්‍රගමනය සාමාන්‍යෙයන් නිශ්චිත දේ සිට අවිනිශ්චිත දේ දක්වායි.

තමන්ට ස්පර්ශ කළ හැකි සහ ඍජුවම සිය ඉන්ද්‍රීයයන්ට – දෘශ්‍ය ශ්‍රව්‍ය, ස්පර්ශගත සහ චලවින්දක ඉන්ද්‍රීයයන්ට ගෝචර වන දේවල් ගැන තරුණ ජනතාව වඩාත් කැමැත්තෙන්ම උගෙන ගනිති. අත්දැකීම් එකතුවෙන්ම ඔවුහු අමුර්ත සංකල්ප අවබෝධ කරගැනීමේ හැකියාව, සංකේත මෑනවීම, තර්කානුකූලව විචාරය කිරීමේ සහ සාමාන්‍යකරණය හැකියාව ක්‍රමයෙන් වර්ධනය කර ගනිති. කෙසේ වෙතත් මෙකී හැකියාවන් වර්ධනය වන්නේ සෙමින්ය. එමෙන්ම නව අදහස් පිළිබඳ නිශ්චිත නිදසුන් මත රැඳියාව බොහෝ දෙනාට ජීවිත කාලය පුරාවට පවතින්නකි. උගෙනීමේදී, නිශ්චිත නිදසුන්  යම් අදාළ සංකල්පමය ව්‍යුහ සන්දර්භයක් තුළ ඇතිවන විට  වඩාත් ඵලදායී වේ.  වියුක්තිකරණයන් වටහා ගැනීමේදී සිසුන් බොහොමයක් මුහුණපාන අපහසුතා බොහෝ විට තමන්ට අවබෝධයක් නොමැති තාක්ෂණික වචන මතක තබා ගැනීමට හා වමාරා කීමට ඇති හැකියාවෙන් වැසී යයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරුවරු — බාලාංශයේ සිට ඉහළ පන්ති දක්වා ගුරුවරුන් වියුක්තිකරණයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තම සිසුනට ඇති හැකියාව සමහර විට අධිතක්සේරු කරන අතර සිසුන් නිවැරදි පදය නැතිනම් වචනය භාවිත කිරීමම එය අවබෝධ කරගෙන සිටීමේ සාක්ෂි ලෙස ගුරුවරුන් විසින් පිළිගනු ලැබේ.

ජනතාව හොඳින් ඉටු කිරීමට උගෙන ගන්නේ ඔවුන් සිදුකර පරිචයක් ලබාගන්නා දේ පමණකි.

සිසුන් (උගත්) අදහස් නැවුම් හෙවත් අළුත් අවස්ථාවන්හී දී යොදා ගැනිතැයි අපේක්ෂා කරන්නේ නම් ඔවුන්  එවිට එම අදහස් නැවුම් අවස්ථාවල යොදාගෙන පරිචයක් ලබා ගත යුතුය. සිසුන් සිදුකරන්නේ පුරෝකථනය කළ හැකි අභ්‍යාසවලට හෝ අතාත්වික ‘වචන ගැටලුවලට’ හෝ පිළිතුරු ගණනය කිරීම  පමණක් නම් ඔවුන් එවිට ඉගෙන ගන්නේ එපමණක් වීමට ඉඩ තිබේ. එලෙසම එවිට බොහෝ සන්දර්භයන් තුළ සිසුන්ට එම දේවල් යළි යළිත් සිදුකිරීමට අවස්ථාව ලබාදීම සහ එසේ කිරීමට  උනන්දුවක් නැතිනම්, තර්කානුකූලව විචාරාත්මකව සිතීමට, තොරතුරු විශ්ලේෂණයට, විද්‍යාත්මක අදහස් සංනිවේදනයට, තර්කානුකූලව වාද කිරීමට,  කණ්ඩායමක සාමාජිකයන් ලෙස ක්‍රියාකිරීමට සහ අනෙකුත් යෝග්‍ය කුසලතා අත්පත් කර ගැනීමට ඔවුන්ට නොහැකිය.

ඵලදායී උගෙනීමට නම් සිසුනට ප්‍රතිපෝෂණය අවශ්‍ය වේ.

කාර්යයන් – අතින් කරන්නක් වේවා බුද්ධියෙන් කරන්නක් වේවා හුදු පුන පුනා කිරීම ම, වඩාත් දියුණු කුසලතාවලට හෝ තියුණු අන්තර් දෘෂ්ටින්ට මග පාදන්නේ නැත. ඉගෙනීම වඩාත් හොඳින් සිදුවන්නේ සිසුනට අදහස් ප්‍රකාශ කිරීමට සහ සිය සමපදස්ථයන් ගෙන් ප්‍රතිපෝෂණය ලැබීමට අවස්ථා ඇතිවිටය. එහෙත් ප්‍රතිපෝෂණය සිසුනට වඩාත්ම ප්‍රයෝජනවත් වීමට නම් එය හුදෙක් නිවැරදි පිළිතුරු සැපයීමට වඩා වැඩියමකින් සමන්විත යුතුය. ප්‍රතිපෝෂණය විශ්ලේෂණාත්මක විය යුතුය; ඉඟිපාන්නක් විය යුතුය සහ සිසුන් ඒ ගැන උනන්දුවකින් දක්වන විට එය (ප්‍රතිපෝෂණය) ලැබිය යුතුය. තවද ඔවුන්ට ලැබෙන ප්‍රතිප්‍රෝෂණය ගැන ඉන් පසුව නැවත සිතීමට (ආවර්ජනයට), එමෙන්ම  ගලපා ගැනීම් සිදුකොට නැවත උත්සාහ කර බැලීමට සිසුනට කාලය තිබිය යුතුය.  මෙය බොහෝ විභාගවලදී අමතක කර දමා ඇති අවශ්‍යතාවක් බව දැක්විය යුතුය.

Related image

අපේක්ෂණයන් කාර්යඵලය කෙරෙහි බලපෑම් ඇති කරයි

තමන්ට උගෙන ගත හැකි සහ උගෙනගත නොහැකි දේ වශයෙන්  තම අපේක්ෂාවන්ට සිසුවෝ ප්‍රතිචාර දක්වති. සමීකරණයක් විසඳීම වේවා බයිසිකලයක් පැදීම වේවා යමක් උගෙනීමට හැකි යයි සිසුන් විශ්වාස කරන්නේ නම් එවිට ඔවුහු ඉදිරියටම ගමන් කරති. එහෙත් ඔවුන්ට විශ්වාසය අහිමිවී ගිය කල එවිට ඉගෙනීම ඔවුන් මගහැර යයි. ඉගෙනීමේදී සාර්ථකත්වය අත්විඳින විට ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය වන්නා සේම නැවත නැවතත් අසමත් වෙද්දී සිය ආත්ම විශ්වාසය නැතිවී යයි. මේ අනුව ගුරුවරයා කළ යුත්තේ අභියෝගාත්මක එහෙත් ජය ගත හැකි ඉගෙනීමේ කාර්යයන් සිසුනට ලබාදී ඔවුනට සාර්ථකත්වය අත්විඳීමට උපකාර කිරීමයි.

එපමණක් ද නොව ඔවුන් වෙනුවෙන් සාර්ථකත්වය හෝ අසමත් වීම සම්බන්ධයෙන් වෙනත් අයට ඇති අපේක්ෂනයන් ඉක්මණින්  දැනගනිති. දෙමාපියන්, උපදේශකයන්, විදුහල්පතිවරුන්, සමපදස්ථයන්, සහ වඩාත් පොදුවේ නව මාධ්‍ය විසින් දන්වනු ලබන ධනාත්මක මෙන්ම ඍණාත්මක අපේක්ෂාකරණයන් සිසුන්ගේ අපේක්ෂාවන් කෙරෙහි බලපාන අතර එහෙයින් ඔවුන්ගේ ඉගෙනීමේ චර්යාව කෙරෙහිද බලපායි. නිදසුනක් ලෙස ගුරුවරයෙකු යම් විෂයයක් අවබෝධ කර ගැනීමට සිසුන්ගේ ඇති හැකියාව ගැන විශ්වාසයක් නොමැති බවට සංඥා කරන විට සිසුවෝද ඔවුන්ගේ හැකියාවන් ගැන විශ්වාසය පිරිහී (එසේ නොවන විට සිදුවෙනවාට වඩා) දුර්වල අන්දමට කාර්යයන් ඉටුකිරීමට ඉඩ ඇත. මෙලෙස පෙනී යන ශිෂ්‍යයාගේ අසාර්ථකත්වය, ගුරුවරයා (සිසුන් ගැන) කලින් සිතූ ආකාරය තහවුරු කිරීමට හේතු වන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස  විශ්වාසය සහ කාර්ය සාඵලත්වය කළකිරවන සුළු අන්දමකට සර්පිලාකාරව පහළ වැටිමක් සිදුවේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ PRINCIPLES OF LEARNING  නම් 13වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකඅවසන් ලිපියයි මේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.