පහුගිය කාල සීමාවේ ලංකාවේ අප දැඩි උෂ්ණත්වය නිසා පීඩාවට පත් වී. සිටියෙමු. දැන් ඔන්න වර්ෂාව ඇවිදින්. ඉතින් මේ වගේ දෙශගුණයේ — නෑ නෑ පොඩ්ඩක් ඉන්න –කාලගුණයේ වෙනස්කම් වලට අප මුහුණ පාන වෙලාවල් වලදී තමයි බොහෝදෙනාට ඔය කාරණා ගන මතක්වෙන්නේ. අප සියළු දෙනාම නිරන්තරයෙන්ම වායුගෝලයෙන් වටවී සිටියත්, එහි බලපෑමට නිරතුරු නතු වූවත් වායුගෝලය ක්‍රියා කරන්නේ කෙසේද එහෙම ක්‍රියාරන්න හේතු මොනවා ද යන්න ගැන අප බෝදෙනාට ඇත්තේ අල්ප දැනීමකි එමෙන්ම, ඇතැම්විට දේශගුණය සහ කාලගුණය පටලවෙන වෙලාවන්ද නැතුවාම නොවේ. මේ කෙටි ලිපියේ අරමුණ මෙවා වෙන් කොට හඳුනා ගැනීමයි.
වායුගෝලය කියන්නේ වායු අණු, ඝන සහ දියරවල කුඩා අවලම්බිත අංශු, මෙන්ම පතිතවන වර්ෂණයෙහි මිශ්‍රනයකි. කාලගුණ විද්‍යාව කියන්නේ වායුගෝලය සහ (වලාකුළු සෑදීම, අකුණුකෙටීම, සහ සුළඟේ චලය වැනි) අප ‘කාලගුණය’ යනුවෙන් හඳුන්වන ක්‍රියාදමයන්ගේ අධ්‍යනයයි.
කාලගුණය සහ දේශගුණය එකෙනෙකින් වෙන්කොට දැක්විය හැකියි. කාලගුණය කෙටි කාලින සංසිද්ධියකි. දේශගුණය යනු එයටම ආවේණික දිගුකාලීන රටා වලින් සමන්විතයි. යම් සාදෘශ්‍යයක් මගින් පැහැදිලිකිරීමක් කළොත්, යම් පුරවරයක වීදියක එක්තරා දිනයක පවතින වාහන තදබදය හෝ පාළු ස්වභාවය අප කාලගුණයට සමකිරීමක් කරනවා නම් එම විදියේ හෝ නගරයේ දිගු කාලයක් තිස්සේ පවතින වාහන ගමන් රටාව ලෙස සංසන්දනාත්මකව දේශගුණයසම කර දක්වන්න පුලුවන්.
ඔබ කාමරයක සිට මෙය කියවන්නේ නම් ජනේලයෙන් පිටත බැලූ විට ඔබ දකින්නේ කලගුණයයි — මේ මොහොතේ උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළං තත්ත්වයන්, වලාකුළු ආවරණයෙහි ප්‍රමාණය සහ වර්ගය, මෙන්ම වර්ෂණය ඇත්ද හෝ නැද්ද යන වග — මේ සියල්ල කාලගුණයෙහි අංගෝපාංගයි.
දේශගුණවිද්‍යාවේදී ද සැලකිලිමත් වන්නේ කාලගුණවිද්‍යාව මගින් සැලකිල්ල දක්වනු ලබන වායුගෝලයේ අංගෝපාංග ගැනමය. එහෙත්, ඒ වෙනස් කාල රාමුවක් තුළය. කාලගුණය සැලකිලිමත්වන්නේ කාලයේ එක්තරා නිශ්චිත නිමේශයක් ගැනය. අනෙක් අතට, දේශගුණය විශ්වාසය තබන්නේ මේ මිහිතලය මත විව්ධ ප්‍රදේශවල සාමන්‍යයෙන් දිගට පවතින වායුගෝලිය තත්ත්වයන් මැනගනු වස් වසර ගණනාවක් තුල සාමාන්‍යයන් මතය. ඉතින්, අප අතර කෙනෙකු “හාපෝ ඉන්න බෑ සහරා කාන්තාරේ වගෙ රස්නෙයි” යනුවෙන් පවසද්දී ගම්‍ය කරන්නේ උතුරු අප්‍රිකාවේ සාමාන්‍යය තත්ත්වයන් පිළිබඳ දේශගුණ විද්‍යාත්මක සඳහනක්ය.
දේශගුණවිද්‍යාවේදී සාමාන්‍යයන් වැදගත්ය. ඒ එක්කම දේශගුණ විද්‍යාඥ යෝ කාලගුන අංගයන්ගේ විචල්‍යයන් ද දැනගනීමට ද උත්සුක වෙති. වායුගෝලය ගැන අවදානය යොමු කරද්දී, අද කිසියම් ස්ථානයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් යයි දැනගැනීම වැදගත් විය හැකියි. එහෙත් මෙම සංඛ්‍යාව වඩාත් අර්ථවත් වන්නේ එසේ බැලූ දිනයට වඩා උෂ්ණත්වය කෙතරම් එහා මෙහා වන්නේ දැයි අවබෝධ කරගැනීමට හැකි වීමෙනි. අත්‍යන්ත උෂ්ණත්වය, හිම කැට වැස්සහෝ අකුණු කෙටීම වැනි කාලගුණ සිද්ධි සිඩුවෙන සීඝ්‍රතාවයන් ද දේශගුණයෙහි ම දර්ශකයන්ය. අවසාන වශයෙන් දක්වතොත්, දේශගුණවිද්‍යාවේ විශේෂිත කොටසකින් සැලකිල්ල දක්වන්නේ පෘථිවියෙහි දේශගුණයෙහි විපර්යාසයන් ගැන මෙන්ම එම විපර්යාසන්ට වගකිව යුතු සාධක මොනවාද යන්න ගැනය.
Understanding Weather and Climate (7th edition, 2015) නම් ග්‍රන්ථයේ The atmosphere, Weather, and climate යන කොටස ඇසුරෙනි
Thnks a lot most valuable article