මොළය වනාහි පුදුමාකාර අවයවයකි. කොපමණ පුදුමාකාර ද කීවොත් එහි සුපිරිබලය ක්‍රියාත්මකවනවා අප නොදකින තරම්ය. මෙන්න මෙබඳු දර්ශනයක් සිතින් මවාගන්න: ඔබ ඉදිරියේ සේදීමට තිබෙන හට්ටිමුට්ටි තට්ටුවකි. ඒ මේ අතට යට භාජන මද වශයෙන් සෙලවෙද්දී ඔබ එහි මුදුනටම බොහොම අසිරුවෙන් තවත් සාස් පානක් තබයි. මුළු තට්ටුවම පෙරලී යන්නේ යයි මොහොතකට සිතන්න පුළුවන. ඒත් එසේ වැටෙන්නේ නැත. ශුභ පැතුම්!
සුබ පැතුවේ හුදෙක් ගෙදර දොරේ තවත් අර්බුදයක් මගහරවා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව මනුෂ්‍යයන්ටම පමණක් සුවිශේෂී වූ දස්කම් ප්‍රදර්ශනය කිරීම ද සම්බන්ධයෙනි. ඔබට සේදීමට තිබූ හට්ටිමුට්ටි තට්ටුව සීසිකඩ වැටී යාමට ඉඩ නොදී රැකගැනීමට හැකි වූ මාදිලියේ සංකීර්ණ, තථ්‍යකාල ගණනය කිරීම සිදු කිරීමට වෙනත් කිසිම සත්ව විශේෂයකට නොහැකිය. මේ අසීරු කාර්ය ඔබේ මොළය මගින් ඉටු කරනු ලැබීම ඔබට දැනුනේවත් නැත. එය, ඔබේ මොළය කිසි අසිරුවකින් තොරව දක්වනු ලබන උසස් භෞතික විද්‍යා නිපුණතාවයකින් එකක් පමණකි. එපමණක් නොව මොළය කාල යන්ත්‍රයක් මෙන්ම අනාවැකි පළ කළ හැකිය. මොළයට දශක ගණනාවක් ආපස්සට ගොස් බොහෝ කලකට පෙර එහි ගබඩා කළ මතකයන් අළුතෙන් නැවත අත්විඳිමට හෝ ඉතා දුර අනාගතයේ සිදුවීම පුරෝකතනය කිරීමට හෝ පුළුවන. මේ සියල්ල සිදුකෙරෙන්නේ විදුලි වේගයෙනි. පින්තූර ගණනාවක් පරිලෝකනය කර ඉන් එකක් හඳුනාගැනීමට ගතවන්නේ ඇසිල්ලකි. එහෙත් ඒ සඳහා මොළයට අවශ්‍ය බලශක්ති පරිභෝජනය, (අරපරෙස්සමින් බලශක්තිය පරිහරනය කිරීමට හැකි) පරිගණක තැනීමට වෙහෙසෙන ඉංජිනේරුවන් ලැජ්ජාවට පත්කරවන තරම් සුළුය. මිනිස් මොළයට වැය කළ යුතු වන වොට් ගණන සාමාන්‍ය විදුලි බුබුළකට වැය වෙනවාට වඩා අඩුය.
මෙය ගූගල් ඇල්ෆාගෝ (AlphaGo) ක්‍රමලේඛය(වැඩසටහන) හා සසදා බලන්න. 2016 වසරේදී කොරියාවේ ලී සෙඩොල් නම් ජගත් ශූරයා බෙහෙවින් සංකීර්ණ ක්‍රීඩාවක් වන ක්‍රීඩාවෙන් පරාජය කිරීමට මෙම පරිගණක වැඩ සටහනට හැකි විය. ඇල්ෆාගෝ ජයග්‍රහණය කළ ද ඉත්තන් එහා මෙහා ඇදීමට සැලසුම් කිරීම සඳහා සහ අධික රත්වීම වළක්වා ගැනීම පිණිස සංකීර්ණ සිසිලන පද්ධතියක් සඳහා සෙඩොල්ගේ මොළය ක්‍රියා කිරීමට වුවමනා වූවාට වඩා 50,000 ගුණයක ශක්තිය අවශ්‍ය විය. සෙඩොල්ගේ මොළය ක්‍රියාකිරීමට වැය කළ ශක්ති ප්‍රමාණය ඔහුට දහඩිය පොදක්වත් ගෙන ඒමටවත් නොමැති තරමට සුළුය. ඉතින් මේ සියල්ල සැපයෙන්නේ රැළි ගැහුණු, නිසි හැඩයක් නැති මදක් රෝස පාටට හුරු අළු පැහැති ක්‍රිලෝ ග්‍රෑම් 1.4ක බරකින් යුතු ටෝෆුවල සංගිතියට සමාන සංගතියකින් යුත් ගුලියකිනි. මොළය කියන්නේ අපේ සිරුරේ වඩාත්ම අවුල් සහගත, සංකීර්ණ සහ (අවිවාදයෙන් පිළිනොගත්තත්) වඩාත් අශෝභන (කැත) අවයවයයි. ලෝකයේ සෑම සිතුවිල්ලක්ම, ක්‍රියාවක්ම, මතකයක්ම, හැඟීමක්ම සහ අත්දැකීමක්ම නිපදවන්නේ එයයි. කාලය ගෙවී යත්ම අපේ විශේෂයට ශිෂ්ඨාචාරයක් ගොඩ නැගීමට, කලාත්මක නිර්මාණ කිරීමට සහ හඳට පියඹා යන්නට එය මග පෑදී ය. මේ තත්ත්වය, මොළයක් රහිත ශාක සමග සංසන්දනය කර බලන්න. ශාකවලට ස්වභාව ධර්මයෙන් ලැබෙන ඕනෑම තත්ත්වයක් විඳ දරාගෙන එක තැනකට වී නොසෙල්වී සිටිය යුතුවේ. ඇත්ත වශයෙන්ම, ඇතැම් විද්‍යාඥයන් තර්ක කර සිටින්නේ, මොළයක් සතුව තිබීමේ සැබෑ හේතුව වන්නේ ලෝකය තේරුම් ගැනීමට හෝ ඒ ගැන සිතීමට නොව එහා මෙහායාමට() බවයි. තීරණාත්මකසාක්ෂි කරිජ්ජවායා(sea squirts) කීටයන්ගෙන් සැපයේ. මෙම සතුන් සතුව සරල මොළයක් ඇත. එහෙත්, ඔවුන් පාෂාණයක ස්ථිර පදනමක් මත පදිංචි වූ පසුව එය (මොළය) පිරිහීමට පත්වී අවසන ශරීරය තුළට අවශෝෂණය වේ. තවදුරටත් ඔවුනට මොළ ශක්තිය අවශ්‍ය නොවේ.
මොළය ද? හදවත ද?
අතීත කාලයේදී මොළයේ විස්කම් ඒවායේ අයිතිකරුවන්ට විද්‍යාමාන නොවීය. පුරාණ ඊජිප්තු ජාතිකයන්, මමිය ලෙස සංරක්ෂණය කළ මල මිණීවල නාසයෙන් කොක්කක් යවා මොළය ඉවත් කරන ලද්දේ එම අවයවය මරණින් මතු ජිවිතය සඳහා අනවශ්‍ය යයි සිතූ හෙයිනි.හෘදය වස්තුව නම් බොහෝ විට තිබෙන අන්දමට ම තිබෙන්න හැරියේ ඒවා පුද්ගලයෙකුගේ බුද්ධියේ සහ හැඟීම්වල පාදකය ලෙස සැලකුණු හෙයිනි. අපේ ධුසර පදාර්ථ (Grey matter) ගැන පූර්ණ අවබෝධයක් වර්ධනය කර ගැනීමට අපට වසර දහස් ගණනක් ගත විය. තවද, මොළයේ තැනුම් ඒකකය වන නියුරෝන සොයා ගනු ලැබුවේ විසිවෙනි සියවස උදාව සමගයි. මොළයේ දැවැන්ත බලය උපදින්නේ මේ සෛල සම්බන්ධවන අන්දම අනුව බව අපි දැන් දන්නෙමු. මොළයෙහි බිලියන 86ක් වන නියුරෝන ජාලයෙහි විදුලි සහ රසායනික ක්‍රියාකාරිත්වයෙහි සංකීර්ණ රංගනය අපට අපේ වටපිටාව අවබෝධ කර ගැනීමට, සංවේදනයට, රසබැලීමට හා මතක තබාගැනීමට මග සලසයි. මේ ජාලය සැදුම්ලන්නේ විස්මයට පත්කරවන සුළු ස්නායු කෙඳි (තන්තු) කිලෝමීටර 170,000කින්. ඒ කියන්නේ පෘථිවියේ සිට හදට ඇති දුරෙන් අඩක්ම පමණ දුරක්!
සංකීර්ණ ජාල
මෙකී සෛල අතර සම්බන්ධතාවල සංකීර්ණත්වය අප පුදුමයට පත් කරන සුළුය. සෑම නියුරෝනයකට තවත් අනෙකුත් දහසකට හෝ දසදහසක (නියුරෝන) සමග සම්බන්ධතා ඇති කර ගත හැකිය. අපේ ජීවිතයේ සෑම තත්පරයක් පාසාම අපේ මොළය අලුතෙන් සම්බන්ධතා මිලියන ගණනක් සාදයි. සම්බන්ධතාවයන් රටාව සහ ශක්තිය නිරතුරුවම වෙනස් වන අතර මොළයේ ක්‍රියාකාරිත්වයේ ඇතැම් රටා ප්‍රතිපෝෂණය කෙරන අතර ඇතැම් ඒවා නැතුව යද්දී මතකයන් ගබඩා කෙරෙන්නේ, පුරුදු ඉගෙන ගන්නේ, පෞරුෂයන් ගොඩනැගෙන්නේ මෙම ජාලයෙහි තමයි. ඇත්ත වශයෙන්ම, මෙම ලිපිය කියවන අතරතුර ඔබ ගොඩනගා ගන්නා මතකයන්ගෙන් තේරුම් යන්නේ ලිපිය කියවීමට පටන්ගත් අවස්ථාවේ තිබුණාට වඩා වෙනස් මොළයක් ඔබට ඇති බවයි.
අපගේ මොළය ක්‍රියා කරන ආකාරය පිළිබඳව නුතන ස්නායු විද්‍යාව විදග්ධ චිත්‍රයක් ගොඩ නගා ඇති නමුත් තවමත් විසඳිය නොමැති ගැටලු ද බොහොමයි. පෞරුෂයේ ස්නායුක පදනම කුමක්ද? මොළය කාලය පැසුරුම්(process) කරගන්නේ කෙලෙසද? එපමණක් නොව සියල්ල අතරේ විශාලතම රහස වන්නේ මෙයයි: සවිඥානකත්වය() පැන නගින්නේ කොයිබින්ද?
මේ අසීරු ගැටලු අපට කිසිදාක විසඳා ගත නොහැකි වන්නට ද පුළුවන. බාගදා මොළය කියන්නේ මනුෂ්‍යයන්ගේ වැටහීමෙන් ඔබ්බට හෙවත් වැටහීම ඉක්මවා යන්නක් විය හැකියි. එය එසේ වන්නට ස්ථිරවම හැකි බව. නොබෙල් ත්‍යාගලාභී අර්වින් ෂ්රොඩින්ගර්, ප්‍රකාශයට පත් කළ What is Life (ජීවිත යනු කුමක්ද?) නම් කෘතියෙහි ඔය ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙමින් පළ කර සිටියේය. කෙසේ වෙතත්, මේ ගැන විවාදය අදටත් අහවර වී නැත. මේ අතර වාරයේ ගාම්භීර දේවල්වල සිට සුළු එදිනෙදා දේවල් දක්වා මොළයේ බුද්ධි ප්‍රභාව තව තවත් අනාවරණය වෙමින් පවතී.
කැත, ධූසර පදාර්ථ ගුලියකට කළ හැකි සියල්ල ගැන හිතට කොටත් පුදුමයි!
දහහත්වැනි සියවසේ දී රෙනේ ඩෙස්කාටෙස් නම් දර්ශනවාදියා මේ විවාදයේ තානය නියම කළේ මොළය සහ සිත යන දෙක වෙනමම ද්‍රව්‍යවලින් සෑදී ඇති බව ප්‍රකාශ කිරීමෙනි. අපේ සිතුවිලි, විශ්වාසයන් හා මතකයක් ඇතුළුව සිත ද්‍රව්‍යයන්ගෙන් තොරය යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියා. ඔව්, දැකීමට, ඇල්ලීමට හෝ නිරීක්ෂණය කළ නොහැකි අද්‍රව්‍යමය දෙයක්. එහෙත් නූතන ස්නායු විද්‍යාඥයෝ ඔහුගේ සිත්-මොළය ද්වෛතවාදය බැහැර කරති. ඔවුනට අනුව සිත යනු විශේෂ, භෞතික නොවන ද්‍රව්‍යයක් නොව මොලයේම ක්‍රියාකාරී විද්‍යාමානවීමකි. එහෙත් අප සවිඥානිකවිට, තීරණ ගන්නාවිට, කේන්ති ගිය විට හො බියපත් වූ විට මේ සියල්ල භෞතික මොළයේ ක්‍රියාකාරිත්වයන් පමණයි වෙන කිසිවක් නොවේ.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදය වන WELCOME TO YOUR BRAINඇසුරෙනි