මුලින්ම කියන්න තියෙන්නේ මනුෂ්‍යයන් ඇත්තටම ස්වභාවික වරණයෙහි නීති රිති වෙනස් කිරීමට ලක්කර නැත යන්නයි. සියලු ආකාරයේ වෛද්‍යමය මැදිහත්වීම් හා දියුණු තාක්ෂණවේදයන් ද ඇතුලත්වන සංස්කෘතියක් මානවයන් වන අප සතුව පවතින නිසාවෙන් අප ස්වාභාවික වරණයේ නීතිරීතිවලට යටත් නොවන්නේ යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. ඒ වුණාට ස්වභාව ධර්මය සුපුරුදු ආකාරයට ඉදිරියට ගමන් කරයි. ජාන සංඛ්‍යායන් හී හෙවත් ජාන විචලතාව යන් හී(gene frequencies) කාලයාගේ අවෑමෙන් සිදුවන විපර්යාසයක් ලෙස පරිණාමය විග්‍රහ කරනු ලැබේ. ඉන් අදහස් වෙන්නේ පරම්පරා ගණනාවක් පසුවෙද්දී ජාන කීටුවෙහි හෙවත් රාශියේ (gene pool) වෙනස්කම් ඇතිවේය යන්න මෙන්ම වෙනත් ඕනෑම ජීවියෙකු සේම මනුෂ්‍යයන් ද එම වෙනස්කම් නැතිනම් විපර්යාසයන් අත් විඳින බවයි. සමහර පුද්ගලයෝ ජිවත්වන අතර තවත් සමහරු මිය යති. තවද සමහර පුද්ගලයෝ වෙනත් අයට වඩා (ඊළඟ පරපුරට) ජාන පවරති. මේ හේතුව නිසා කල්යෑමේදී මානව ජාන කීටුවේ වෙනස්කම් ඇතිවේ.
කෙසේ වුණත්, පෙර කී සියලු සංස්කාතික හා තාක්ෂණික මැදිහත්වීම් තිබියදී පවා ජනා කීටුවේ සංයුතිය කෙරෙහි යම් ආකාරයක බලපෑමක් ඇතැයි යනුවෙන් අපට යෝජනා කරන්න පුළුවන්. ඇත්තටම එහෙම බලපෑමක් තිබෙනවා තමයි.නිදසුනකට වසූරිය රෝගය ගමු. වසර ගණනාවකට පෙර වසූරිය හේතුවෙන් මිනිස්සු මිලියන ගණනින් මියැදුනා. ඉතින් ප්‍රජනන වයසට ඒමට පෙර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මිය යාම හේතුවෙන් ඔවුන්ගේ ජාන (ඊළඟ පරපුරට) පැවරුණේ නැත. එවිට මානව ජාන කීටුවට එසේ මිය ගිය අයගේ ජාන එකතු වුණේ ද නැත. එහෙත් දැන් එම රෝගය අපේ ග්‍රහ ලෝකයෙන් සහමුලින්ම ඉවත් කර ඇති හෙයින් එම රෝගය හේතුවෙන් මිය යාමට ඉඩ තිබූ පුද්ගලයන් දැන් ජිවත්වීමට වරම් ලබා සමහරවිට දරු මුණුපුරන්ද ලබමින් සිය ජාන, මානව ජාන කීටුවට දායක කරති. තවත් නිදසුනක් ගනිමු. රටවල් සංවර්ධනය වෙද්දී, ආර්ථික වශයෙන් සරුසාර වෙද්දී සැමවිටම උපත් අනුපාත පහළට වැටේ. අද වැඩිම නැතිනම් ඉහළම උපත් අනුපාත ඇත්තේ ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකානු රටවලය. දැන් මානව ජාන කීටුවට වැඩිම දායකත්වයක් සපයන්නේ මේ රටවල උදවියයි. පරම්පරා ගණනාවක් ගතවෙද්දී මානව විශේෂය, සංවර්ධිත රටවලට වඩා වැඩියෙන් මෙම සංවර්ධනය වන රටවල කණ්ඩායම්වල ජානවලින් සමන්විත වනු ඇත.
වසූරියට ගොදුරුවූ රෝගියෙක්
ඉතින් මේ අන්දමට බලද්දී, සංස්කෘතිය, සංවර්ධනය සහ බෙහෙත් ඖෂධ මානව ජාන කීටුවේ භාවය (tenor) වෙනස් කිරීමට ඉඩ ඇතත්, ඒවා පරිණාමය සතු බලය ඉවත් කිරීමට හැකියාවක් දක්වන්නේ නැත. ඒ වගේම මතක තබා ගත යුතු දෙයක් ඇත: සංස්කෘතිය ස්වාභාවික බලයක් මෙන් පෙනී නොයන්නට ඉඩ ඇත ද, එය අපේ පරිසයේ කොටසක් වන හෙයින් සංස්කෘතිය ද, ලෙඩ රෝග, කාලගුණය හො ආහාර සම්පත් සේම, ස්වාභාවිකය.
දියුණු රටවල භෞතික බඩු භාණ්ඩ සහ ඉහළ තාක්ෂණය තමන් අවට පවතින හෙයින් ඔවුන් ස්වභාවික වරණයෙන් විනිර්මුක්තයයි ඒ රටවල මනුෂ්‍යයන් කල්පනා කිරීමට ඉඩ ඇත. එහෙත් මෙය මුලාවකි. තාක්ෂණය අපට සර්ව සම්පූර්ණ ආරක්ෂාවක් ගෙන නොදෙන අතර වෛද්‍යමය ප්‍රතිකාර ලෙඩ රෝග සියල්ල නිවාරණය කිරීමට සමත්ව නැත. සංවර්ධිත රටවල වැසියන් ගතකරන්නේ සාපේක්ෂව වඩාත් සුව පහසු ජීවිතයක් විය හැකිය. ඒත් ඔවුහුද මරණයට පත්වෙති. එමෙන්ම ඔවුහුද වෙනස් ආකාරයකට වුව අනාගත පරපුර වෙනුවෙන් දායක වෙති. එපමණක් නොව, සංවර්ධිත රටවල දෘෂ්ටිකෝණය යනු මනුෂ්‍යත්වය පිළිබඳ ඉතා පටු දැක්මක් බව වටහා ගත යුතුය. මිනිස් ගහණයෙන් බහුතරය ගෙවන්නේ ඔවුන් ගෙවන ආකාරයේ දිවියක් නොවේ; මතක තියාගන්න: මේ සියවස ආරම්භවන විටත් මේ ලෝකයේ මනුෂ්‍යයන්ගෙන් අඩකට වැඩි පිරිසක් කිසි දිනක දුරකතනයකින් කතා කරලාවත් නැත. ඒ කියන්නේ දියුණු සංස්කෘතිය සහ තාක්ෂණය සමස්ථ මානව වර්ගයාටම පොදු නැති බවයි.
SCIENTIFIC AMERICAN’S ASK THE EXPERTS යන ග්‍රන්ථයේ ‘Is the human race still evolving? Isn’t culture a more powerful force? යනුවෙන් පළවන කොටස ඇසුරෙනි