සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඔබ හිතා ඉන්න තරමට දැනුමක් ඔබට නැති වෙන්න පුළුවන්

අධිතක්සේරුව හේතුවෙන් තමන්  විශේෂඥයකුය යන  හැඟීම  කෙනෙකු  තුළ ඇතිවිය හැකියි.

යම් විෂයක් ගැන අපට මනා වැටහීමක්, දැනීමක්  ඇතැයි සිතන්නේ නම් අපේ සහජාසය හෙවත් ස්වභාවික බුද්ධිය ගැන අප විශ්වාසය තැබීම තර්කානුකූලයි. එහෙම නේද? එහෙත්, නව පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ එහි අනිත් පැත්තයි. තමන්ම විශේෂඥයන් යැයි සිතා ගන්නාපුද්ගලයෝ(ස්වය්ං-ප්‍රකාශිත විශේෂඥයන්), තමන් ඇත්තටම දන්නේ නැති දෙවල් දන්නා බවක් හඟවන්නට  බලති. එමගින් ඔවුන් ‘අති හුවා දක්වීම’ (‘over claiming’) හෙවත් අධිතක්සේරුව නැමති සංසිද්ධියට ගොදුරු වන්නට ඉඩ තිබේ.

හේතු ගණනාවක් නිසාවෙන් මිනිස්සු ‘අති හුවා දක්වීමට’ පෙළඹෙති. අන් අයගේ මතය, අදහස කෙරෙහි බලපෑමට ඇති ආශාව මෙම හේතු අතර වෙයි. තමන් විනිශ්චවයට, පරීක්ෂාවට ලක්ව ඇතැයි සිතන අවස්ථාවලදී කෙනෙකු, තමන් අනෙකාට වඩා බුහුටියයි දැක්වීමට  උත්සාහ දරති. එය එසේ වුව ද, අති හුවා දක්වීසැමවිටම   ඕනෑකමින්ම සිදු කරන්නක් නොවේ. එය අවංකවම තමන්ගේ දැනුම ගැන නිතැතින්ම ඇති අධිතක්සේරුවක් විය හැකියි.

අත්හදා බැලීම් මාලාවක් පවත්වමින් කෝනෙල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ප්පිරිසක්,  දී මිනිසුන් ‘අති හුවා දැක්වීමට’  ඉඩකඩ ඇති අවස්ථා ගණනාවක් ගැන සොයා බැලූහ.  ප්‍රථම අත්හදා බැලීම් දෙකේ දී, මාතෘකා ගණනාවක් සම්බන්ධයෙන් තමා කොපමණ දැනුවත් දැයි (අත්හදා බැලීමට) සහභාගීවන්නන්ම ඇගැයීමක්, තක්සේරුවක් සිදු කළහ. අනතුරුව, ඉන් සෑම විෂයකටම අදාලව  පද 15 ක් සපයා ඒවා ගැන ඔවුන්ගේ දැනිම සටහන් කරන්නැයි ඔවුනට දැනුම් දෙන ලදී. මෙයින් පද තුනක් බොරු හෙවත් ‘ව්‍යාජ” ඒවා විය. යම්කිසි විෂයයක් ගැන තම දැනුම පිළිබඳව ඇති තක්සේරුව හෙවත් ඇගැයීම වැඩිවෙත්ම. වැඩිවෙත්ම එම විෂයට අදාල ‘ව්‍යාජ” පද ගැන දැනුම අති හුවා දැක්වීමට සහභාගීවන්නන් පෙළඹෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය.

තුන්වැනි අත්හදා බැලිමේ දී පර්යේෂකයෝ, පිරිස කණ්ඩායම් තුනකට බෙදා එක් කණ්ඩායමකට අසීරු භූගෝල ගැටළු ද, තවත් කණ්ඩායමකට පහසු ගැටළු ද ලබා දුන්හ. සෙස්සන්ට  ගැටළු කිසිවක් නොසැපැයිණ. එවිට, පහසු ගැටළු  ලද කණ්ඩායම තමන් අනික් කණ්ඩායම් දෙකෙහිම උදවියට වඩා භූගෝල විද්‍යාව ගැන හසල දනුමක් ඇත යනුවෙන් තමන්ම තක්සේරුවකට එළඹුණහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුව පැවැත්වෙන පරීක්ෂණයක දී ව්‍යාජ පද ගැන අති හුවා දැක්වීමකට එම කණ්ඩායම පෙළඹීමට  වඩාත් ඉඩකඩ ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.

Related image

මේ පර්යේෂණයේ ප්‍රතිඵල අපට පෙන්නුම් කරන්නේ, අප යම් කරුණක් ගැන විශාල වශයෙන් දන්නේ යයි සිතන විට ඒ ගැන තවදුරටත් සොයබලමින්  විමර්ෂණයක නොයෙදෙන්නේ නම් සිදුවන්නේ තමන්ට හුරු යයි දැනෙන පද සහ සංකල්ප ‘උඩින් පල්ලෙන්’ සලකා බැලීමට පෙළඹීමය. මීටත් අමතරව, තමන් ඇත්තටම දන්න ප්‍රමාණයට වඩා වැඩි දැනුමක් තමන්ට ඇතැයි සිතා සිටින උදවිය, තව දුරටත් හැදෑරිමට නැඹුරුවක් නොදැක්වීමට හෝ තමන්ටත් හරිහැටි වැටහීමක් නැති මාතෘකා ගැන සෙසු අයට කියා දීම පිණිස ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඉතින්, මින් පස්සේ ස්වයං-ප්‍රකාශිත ‘විශේෂඥයෙකුගෙන් අවවාද, උපදෙස් ලබා ගන්නේ නම් මදක් ‘තාරබර’ හැර ගැනිම නුවණට හුරු බවයි පර්යේෂක කණ්ඩායම අදහස් කරන්නේ.

Related image

Scientific American Mind සඟරාවෙහි පළ වූ   You Don’t Know as Much as You Think යන ලිපිය ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: