ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ජීවය, සිය ක්ෂුද්‍රජීවී යදම්වලින් ගැලවී බොහොමයක් සුන්දර නිමක් නැති ස්වරූපවලට පරිණාමය වන්නට ඉඩ සැලසු වැදගත්ම පියවර ගැන ඊයේ අපි කතා කළෙමු. ඒ ගැන අද වැඩිදුරටත් සොයා බලමු.
සුපිරි ආරෝපණය
සෛලවලට මයිට්‍රො ක්‍රොන්ඩියම ලැබුණු විට බැක්ටීරියා සහ ආකිබැක්ටීරියා ලොකු මහත්වීම වළක්වාලන මූලික බාධකයක් ජය ගැනීමට ඒවාට (සෛලවලට) හැකිවෙයි. කෙටියෙන් කීවොත්, ක්ෂුද්‍ර ජීවීන්ට නිපදවිය හැකි ශක්ති ප්‍රමාණයට සීමාවක් ඇත. සෛලයේ ඇඩිනෝසින්ට් ට්‍රයි පොස්පේට්(ATP – පොස්පොරයිලීකරණය වූ ඇඩිනෝසීන් = සියලු ජීව විද්‍ය පද්ධතිවල ශක්තිය සංක්‍රාමණය කරන අණුව මෙය වේ) නිෂ්පාදනය කරනු ලබන්නේ සෛල පටලයෙහිය. එහෙත්, සෛල විශාලව වර්ධනය වෙද්දී පෘෂ්ඨ වර්ගඵලයට සාපේක්ෂව පරිමාවේ අනුපාතය පහළ වැටෙන අතර එවිට භාවිතය සඳහා සාපේක්ෂව ඇත්තේ අඩු පටල ප්‍රමාණයකි. ඒවා විශාලව වර්ධනය වන විට ඒවායේ ශක්ති ඉල්ලුම ඉක්මණටම සැපයුම ඉක්මවයි.
මයිටොකොන්ඩ්‍රියා (මේවා සතුව, ඒවාටම ආවේණික ATP සාදන පටල ඇත) සහිත සෛලයක් තව තවත් මයිටොකොන්ඩ්‍රියා එක්කර ගැනීමෙන් පහසුවෙන්ම මෙය මග හරවා ගත හැකිය. මෙය හුදු පහසු ක්‍රියාවක් වන්නේ මයිටොකොන්ඩ්‍රියාවලට තමන්ගේම අනු පිටපත් සකස් කිරීමට සිය බැක්ටීරියා පූර්වජයන් සතුව තිබූ හැකියාව තවදුරටත් රඳවා ගැනීමට හැකිවීම නිසාවෙනි.
ශක්තිය නිපදවන මයිටොකොන්ඩ්‍රියා බළ ඇණිවලින් මනාව සන්නද්ධව සිටි මුල්කාලයේ සුන්‍යෂ්ටික වලට, විශාලව වර්ධනය වෙන්නත්, වඩාත් විශාල සහ වඩා සංකීර්ණ ජෙනෝම ඒකරාශී කර ගන්නටත් අවස්ථා තිබිණ. ඉතින් මේ ව්‍යාප්ත වූ ජෙනෝම මගින් තව තවත් සංකීර්ණ ජීවය පරිණාමයට අවසර ලැබෙන ජානමය අමුද්‍රව්‍ය සැපයිණ.
සූර්යයාගෙන් බලගැන්වීම
කතාවේ අවසානය එතැන නොවේ. තවත් අන්තර් සහජීවිතා වටයකින් හරිතලවය(chloroplast) නිර්මාණය විනැයි කල්පනා කෙරේ. ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාදාමය තුළින් ශාක සහ ඇල්ගීවලට සූර්යාලෝකය සීනි බවට හැරවීමට හැකියාව ඇතිකරන ඉන්ද්‍රිකාව තමයි හරිතලව. මේ අවස්ථාවේ අන්තර් සහජීවියා වූයේ ප්‍රභාසංස්ලේෂණමය බැක්ටීරියාවකි. එය ප්‍රථම වරට පෘථිවියෙහි දක්නට ලැබුණේ වසර බිලියන 2.8කට පමණ පෙරය. සුන්‍යෂ්ටිකයන් ඔවුන්ගේ ඩීඑන්ඒ වලින් බහුතරය ගබඩා කර තබන සෛල න්‍යෂ්ටිය තවත් වැදගත් නව නිමැවුමකි. එය නිර්මාණය කරනු ලබන්නට ඇත්තේ තවත් අන්තර් සහජීවීයෙකු බාගවිට වෛරසයක අන්තර් සහජීවීයෙකු වෙන්න පුළුවනි. අන්තඃප්ලාස්මීය ජාලිකාව (endoplasmic reticulum – – ප්‍රෝටීන සෑදෙන්නේ මෙහිය) ගොල්ජිදේහය (Golgi apparatus= ප්‍රෝටීන ඒවායේ ගමනාන්තය වෙත යවන්නේ මේ මගිනි.) වැනි අනෙකුත් ඉන්ද්‍රියිකාද හිමිකර ගන්නට සුන්‍යෂ්ටික සෛල සමත් විය. ඒ, සමහරවිට ඒවායේ සෛල පටල ඇතුළට නැමීමෙනි.
සංකීර්ණ, බහු සෛලික ජිව ස්වරූප ඉස්මතුවීමට අවශ්‍ය පසුබිම මේ සියල්ල මගින් සැපයිණ. ඊට කලක් ගත වූ බව සැබවි. ප්‍රථම විශාල බහු සෛලීය ජීවීන් වූයේ මෙයට වසර මිලියන 700කට පමණ පෙර දක්නට ලැබුණු සාගරවාසී ජිව ස්වරූපය. මොවුන් වසර මිලියන 540කට පෙර {එඩියකරන් යුගයේ). හුරුපුරුදු සත්ව ස්වරූප ප්‍රථමයෙන් පරිණාමය වූ ඊනියා කේම්බ්‍රීය ස්ඵෝටනයේදී(Cambrian Explosion) අතුරුදන්ව ගියේය.
ඒ කෙසේ වෙතත්, එඩියකාරානු ජීව ස්වරූපවල සම්භවය සොයා ආපසු යා යුත්තේ මයිටොකොන්ඩ්‍රියා පරිණාමය වෙතය. තවද මෙය රඳා පැවතුන බවක් පෙනී යන්නේ එක් අහඹු සිද්ධියක් මතයි. එනම්, එක් සරල සෛලයක් තවත් එකක් අත්පත්කර ගැනීමයි. මේ සියල්ල පිටුපස ඇති සැබෑ තත්ත්වය මෙයයි. සරල ජීවය හට ගැනීම නොවැළැක්වය හැක්කක්ම වාගේ වුවත් සංකීර්ණ ජීවයෙහි පරිණාමය — එනම් ඔබ, අප සියලු දෙනාගේ පරිණාමය — ඇදහිය නොහැකි තරමට සිදුවිය නොහැක්කකි. පෘථිවිය මත ජීවයේ සැබෑ ආශ්චර්ය ද එයයි.
කම්මැලිකාර ග්‍රහලෝකය
අද අප ගෙවන ජීවිතය සමහර අවස්ථාවල වෙහෙසකර යයි සිතෙන්නේ නම් මෙයට වසර බිලියන 1.7ක් 0.7ත් අතර මේ මිහිපිට දිවි ගෙවූවන් ගැන මදකට සිත යොමු කරන්න. සිතා ගැනීමටවත් බැරි තරමට දීර්ඝ මේ කාලය කිසිදෙයක් සිදු නොවූ කොපමණ නම් නොවැදගත් යුගයක්ද කීවොත් ජීව විද්‍යාඥයන් විසින් එය හඳුන්වනු ලබන්නේ කම්මැලිකාර බිලියනය ලෙසයි. ඊට හේතුව පෙනී යන පරිදි ජීව විද්‍යාත්මක සාධකයකට වඩා භූවිද්‍යාත්මක එකකි. පෘථිවි කබොල ඝනීකරණය වී තිබුණේ වී නමුත් භූ කාරක තැටි ක්‍රියාකාරිත්වය හරියාකාරව ආරම්භ වී නොතිබුණි. මෙය සුවිභේදනය, යමහල් ක්‍රියාකාරීත්වය කදු ගොඩ නැගීම මහාද්වීපික ප්ලාවිතය සහ පරිණාමීය විපර්යාසයක් පණගන්වන අනෙකුත් කැළඹිලි වලින් තොර භූවිද්‍යාත්මක වශයෙන් අකර්මන්‍ය දීර්ග කාලඡේදයකට තුඩු දුන්නේය.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID COMPLEX LIFE EVOLVE පරිච්ඡේදය ආශ්‍රයෙනි.