‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත. ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු, ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා, එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු වී ඇති උගැන්වීම් පිළිබඳ භාවිත දැනුමද ප්‍රයෝජනයට ගනිති. ඉගෙනීමට දෙන දේවල සුවිශේෂී ගති ලක්ෂණ, සිය ශිෂ්‍යයන්ගේ පසුබිම සහ ඉගෙනීම සහ ඉගැන්වීම සිදුවන්නේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න ගැන ආකෘතිකව ඔවුහු සැලකිලිමත් වෙති.
එවන් ගුරුවරුන්ගේ ප්‍රවේශයෙහි ගතිලක්ෂණවලට අනුකූල ඉගෙනුම් සහ ඉගැන්වීම් මූලධර්ම කිහිපයක් — ක්‍රමානුකූලව හෝ සම්පූර්ණව නොවූවත් — මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. මේ මූලධර්ම බොහොමයක් පොදුවේ ඉගෙනීමට මෙන්ම උගැන්වීමටද අදාළ වන නමුත් සමහරක් පැහැදිලිවම වැදගත් වන්නේ විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණවේදය අධ්‍යාපනයටයි. පහසුව තකා මෙම ලිපි මාලාවේදී (ඒවා සමීපව එකිනෙකට සම්බන්ධ වුවද) ඉගෙනුම හා ඉගැන්වීම වෙනම ම කොටස් හැටියට ඉදිරිපත් කර ඇත.
විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය ඉගැන්වීම
(විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය) ඉගැන්වීම විද්‍යාත්මක විමර්ෂණයෙහි ස්වභාවය සමග සංගත විය යුතුය. විද්‍යාව ගණිතය හා තාක්ෂණය අර්ථ දැක්වෙන්නේ ඒවායින් ඉටුවන කාර්යය සහ ඒවා ඉටු කරන ආකාරය තරමටම ඒවා මගින් අත්පත් කර ගනු ලබන ප්‍රතිඵල ද මගින්ය. ඒවා (විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය) සිතීමේ සහ කාර්යයන් ඉටුකිරීමේ ක්‍රම ලෙස මෙන්ම දැනුම් දේහයන් (සම්භාරයන්) ලෙස අවබෝධ කර ගැනීමට නම්, මේ ක්ෂේත්‍රයන්ට ආවේනික වූ චින්තන සහ කාර්ය මාදිලි සම්බන්ධයෙන් යම් අත්දැකීමක් ශිෂ්‍යයන්ට තිබිය යුතුය. එහෙයින් ගුරුවරුන් විසින් මතු දැක්වෙන දේ ඉටුකළ යුතු වන්නේය.
ස්වභාවය (ස්වභාවධර්මය) පිළිබඳ ප්‍රශ්නවලින් (ඉගැන්වීම) අරඹන්න.
යහපත් ඉගැන්වීම සමාන්‍යයෙන් ආරම්භ වන්නේ ශිෂ්‍යයන්ට උනන්දුවක් දනවන එමෙන්ම ඔවුනට හුරුපුරුදු ප්‍රශ්න සහ සංසිද්ධිවලින් මිස ඔවුන්ගේ සංජානන පරාසයට පිටින් ඇති, අවබෝධය සහ දැනුම සහ සංසිද්ධි මගින් නොවේ. ශිෂ්‍යයින් මෙවලම් හා උපකරණ, ජිවීන්. ද්‍රව්‍යය, හැඩතල සහ සංඛ්‍යා ඇතුළුව තමන් අවට ඇති දේවල් ගැන හුරුවීමක් ඇති කරගත යුතු මෙන්ම ඒවා නිරීක්ෂණය කිරීමට එකතු කිරීමට, ඒවා හසුරුවීමට, ඒවා විස්තර කිරීමට, ඒවායින් විශ්මිත වීමට, ඒවා ගැන ප්‍රශ්න ඇසීමට, ඒවා ගැන වාද විවාද කිරීමට, සහ අනතුරුව ඒවායින් පැන නගින ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු සෙවීමට උත්සාහ කළ යුතුය.
ශිෂ්‍යයින් ක්‍රියාකාරීව යොදවා ගත යුතුය
ශිෂ්‍යයනට එක් රැස් කිරීමට, තේරීමට හා වර්ග කිරීමට, නිරීක්ෂණය කිරීමට සටහන් තබා ගැනීමට හා කටුසටහන් සැකසීමට, සම්මුඛ සාකච්ඡාවට, වරණයට සහ සමීක්ෂණයට, සහ අත්කාච, අන්වීක්ෂණය, උෂ්ණත්වමාන, කැමරා සහ අනෙකුත් සුලබ උපකරණ භාවිතයට අධික එමෙන්ම විවිධ වූ අවස්ථා තිබිය යුතුවේ. ඔවුන් (ශරීරය) කපාකොටා බැලිය යුතුය, මැනිය යුතුය, ගණන් කළ යුතුය, ප්‍රස්ථාර ඇඳිම සහ ආගණනය කළ යුතු වේ. පොදුවේ දක්නට ලැබෙන ද්‍රව්‍යයන්ගේ රසායනික ගුණ සෙවිය යුතුය. ගස් සිටුවීම හා වගා කිරිම කළ යුතුය, සහ මනුෂ්‍යයන්ගේ හා අනෙකුත් සතුන්ගේ සමාජ චර්යාව ක්‍රමාණුකූලව නිරීක්ෂණය කළ යුතුය. මෙකී කටයුතු අතරේ මැනුම (measurement) තරම් වෙන කිසිවක් වැදගත් නොවේ. ඉන් කියැවෙන්නේ, මිනිය යුත්තේ කුමක්දැයි නිර්ණය කිරීම, (ඒ සඳහා)යොදාගත යුත්තේ කුමණ උපකරණයද යන්න තීරණය කිරීම සහ මිනුම්වල නිවැරදිභාවය සොයා බලන්නේ කෙසේද යන්න සහ ප්‍රතිඵලවලින් යම් අර්ථයක් ගොඩ නගාගැනීම විද්‍යාව හා ඉංජිනේරු ශිල්පයෙහි හරයට වඩාත්ම සමීපය යන්නය.
සාක්ෂි එකතුකරගැනීම සහ යොදා ගැනීම ගැන අවධානය යොමු කිරීම
අදාළ වන්නේ කුමණ සාක්ෂි දැයි ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලැබිය යුතුවන්නාවූ ද එම සාක්ෂිවලින් කියැවෙන්නේ කුමක්දැයි යන්න ගැන තමන්ගේම අර්ථ දැක්වීම වුවමණා කරන්නාවූ ද තම තමන්ගේ පරිණතාභවයට උචිත, ගැළපෙන ගැටලු ශිෂ්‍යයන්ට ලබා දිය යුතුවේ. මෙමගින්, සැලකිල්ලෙන් සිදු කරන නිරීක්ෂණ සහ කල්පනාවෙන් සිදු කරන විශ්ලේෂණයයන්ට, විද්‍යාව සිදුකරන්නාක් මෙන්, වැඩි අගයක් එක් කරනු ලැබේ. සාක්ෂි එකතු කිරීම, වර්ග කිරීම, සහ විග්‍රහකිරීම මෙන්ම ඒ මත පදනම්ව තර්ක ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට මග පෙන්වීම, දිරිමත් කිරීම සහ පරිචයක් ලබාගැනීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඒවා එපා කරවන තරමට නීරස නොවන්නට නම් සිසුන් සැලකිල්ලක් දක්වන බුද්ධිමය වශයෙන් යහපත් ඵලයකට ඒවා මග පෑදිය යුතුය.
ඓතිහාසික පර්යාලෝක සැපයිය යුතුය
පාසල් අවධියේදී ශිෂ්‍යයන්ට, ඓතිහාසික සංදර්භ තුළ ඉදිරිපත් කෙරුණු බොහෝ විද්‍යාත්මක අදහස් හමුවිය යුතුය. ගුරුවරුන් විසින් තෝරා ගනු ලබන්නේ කුමන විශේෂ ආඛ්‍යානයක්ද යන්න ඇත්තටම වැදගත් නොවේ. ඊට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ(ගුරුවරුන්ගේ) තෝරා ගැනීම මගින් විද්‍යා ව්‍යාවසායෙහි විෂයපථය සහ විවිධත්වය නියෝජනය කරනු ලැබීමයි. විද්‍යාත්මක අදහස් වර්ධනයවීම ගැන, එවන් අදහස් සම්බන්ධයෙන් අපේ වර්තමාන අවබෝධය වෙත පැමිණීමේදී මුහුණ් දුන් නොයෙකුත් හැළ හැප්පීම් ගැන, විවිධ විමර්ෂණයන් හා පරීක්ෂණයන් විසිස් රග දක්වන ලද භූමිකා ගැන, සහ කාලයත් සමග සාක්ෂි සහ සිද්ධාන්ත අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරිත්වය ගැන යමක් ඉගෙනීමෙන් සිසුනට විද්‍යාව ඇත්ත වශයෙන්ම ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න ගැන අදහසක් වර්ධනය කර ගත හැකිවේ.
විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය ඵලදායීයව උගැන්වීමේදී ඉතිහාසය වැදගත්වන තවත් හේතුවක් ඇත. සමාජ පර්යාලෝකයන්ට ඒ කියන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වර්ධනය කෙරෙහි සමාජයෙහි බලපෑම, සහ සමාජය මත විද්‍යාව සහ තාක්ෂණය බලපෑම එම සාධකයයි. නිදසුනක් ලෙස දක්වතොත්, සමාජය විසින් තමන් මත පටවන ලද බාධා හා සීමා කිරීම් නොතකා කාන්තාවන් සහ සුළුතරයන් විසින් සැලකිය යුතු දායකත්වයක් සපයන ලද බව, විද්‍යාෙව් අක්මුල් ආදි කාලයේ ඊජිප්තියානු, ග්‍රීක අරාබි සහ චීන සංස්කෘතීන් දක්වා දිවෙන බව සහ විද්‍යාඥයන් තමන් ජීවත් වන සංස්කෘතියෙහි වටිනාකම මෙන්ම අගතීන්ද සිය කෘති වෙත එක්කරන බව සිසුන් දැනුවත්ව සිටීම වැදගත්ය.
(තව කොටසක් ලබන සතියේ).
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ TEACHING SCIENCE, MATHEMATICS, AND TECHNOLOGY නම් 13වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.