සූර්ය ශක්තියෙන් බලගැන්වෙන සංයුක්ත උපකරණයක් මගින් වාර්තා පිහිටුවිය හැකි වේගයෙන් හයිඩ්‍රජන් ඉන්ධන නිපදවිය හැකි බව අණාවරනය වෙයි. එක් රැස් කළ(සාන්ද්‍රිත) සූර්ය බලශක්තිය යොදාගනිමින් පිරිසිදු ඉන්ධන නිපදවීමට මෙය මගක් වියහැකියි.
හයිඩ්‍රජන් ඉන්ධන යොදා ගනිමින් බලශක්තිය නිපදවීමේදී විමෝචනය වන්නේ ජලය පමනක් හෙයින් එය බලශක්තිය නිපදවීම සඳහා වඩාත් පරිසර හිතකාමි ක්‍රමයක් බව කාගේත් පිළිගැනීමයි. එහෙත් අභියෝගය වන්නේ හයිඩ්‍රජන් ඉක්මණින් සහ පරිසරයට හානිනොවන ආකාරයෙන් නිපදවීමයි. ලොවපුරා විද්‍යාඥයෝ මේ සඳහා නොයෙකුත් අත්හදාබැලීම් සිදුකරති. ප්‍රකාශ-විද්‍යුත්-රසායනික ප්‍රවේශය(photo-electrochemical (PEC) approach) ඉන් එකකි. මෙම ප්‍රවේශයේ දී, සූර්ය ශක්ති පැනලවලට යොදා ගනු ලබන ද්‍රව්‍යවලට සමාන ද්‍රව්‍ය, ජල පාදක විද්‍යුත්-විච්ඡේදනයක(water-based electrolyte)ගිල්වනු ලැබේ. එම ද්‍රව්‍යයන්ට පතිතවන සූර්යාලෝකය යම් ප්‍රතික්‍රියාවක් මෙහයවයි. මෙම ප්‍රතික්‍රියාව හේතුවෙන් ජලය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වශයෙන් බෙදා වෙන්කෙරේ. කෙසේවෙතත් මෙහිදී මතුවන ගැටළුව වන්නේ, වර්තමාන ප්‍රකාශ-විද්‍යුත්-රසායනික ප්‍රවේශයන් කාර්මික මට්ටමින් යොදා ගැනීමට නොහැකි වීමයි.