කථනය ආරම්ඹ වූ හැටි
තර්ක කළ හැකි පරිදි භාෂාව (සෙසු සත්වයන් හා සසදද්දී) මානව වර්ගයාගේ එකම සුවිශේෂ අංගයයි. තවද එය (භාෂාව) මිනිස් අප අතර පහළවීම අනෙකුත් සියලු සත්වයන්ගෙන් අප ඈත් කොට වෙනස් මගකට යොමු කළේය. අවාසනාවකට මෙන් මෙම හැරවුම් ලක්ෂ්‍ය පුරාවිද්‍යා සාක්ෂිවල දැකිය නොහැකි තරම්ය. එහෙත් මෙයට වසර 600,000කට පෙර, හොමෝ හයිඩල්බර්ගන්සිස් අවධියේ අපගේ මුතුන් මිත්තන් කථනය පටන්ගෙන තිබුණ බවට ඉඟි පළවේ. හෝමෝ හයිඩල්බර්ගන්සින් විශේෂය, හොමෝ ඉරෙක්ටස්ගෙන් පරිණාමය වූයේ යයි කල්පනා කෙරෙන අතර සමහර අංශවලින් (ඉරෙක්ටස්ට) වඩා මනුෂ්‍යමය ගති වලින් සමන්විත විය.
homo heidelbergensis
ඝන සෙන්ටිමීටර 1,200ක් පමණ වන ඔවුන්ගේ මොළය අපගේ මොළයට වඩා කුඩා වන්නේ යාන්තමිනි. එමගින් හයඩල්බර්ග්ජෙන්සිස් වෙත සැපයුණු ඥානන ශක්තිය ඔවුන් භාවිත කළ විවිධ වූ ආයුධ මෙවලම්වලින් මනාව පෙන්නුම් කෙරේ. වැඩිදියුණු කළ අත්පොරවල්, මහා පිහියා, තෝමරතල මේ මෙවලම් අතර විය. හැඩයක් නැති(අනියතාකාර) පාෂාණ ගුලියක් මෙකී විවිධ හැඩ සහ විවිධ ආකාරවලට පරිණාමනය කිරීමට හැකියාවක් ඇතැයි කලින් සිතාගැනීමට නමි, සමහරවිට දෘශ්‍යතා පරිකල්පනයේ උපත සලකුණු කරමින් මනා අවකාශමය සංජානන ශක්තියක්(spatial cognition) තිබිය යුතුය.
හෝමෝ හයිඩල්බර්ජෙන්සිස්වරුන් සතුව ඔවුන්ගේ ස්වර පිහිටීමෙහි විශෝධනයක් හෙවත් සුලලිත බවක් ද තිබෙන්නට ඇත. නිදසුනක් ලෙස, සිය පූර්වගාමීන්ට වඩා මොවුන්ගේ මොළය සහ දිව සම්බන්ධ කෙරෙන ස්නායු, වැඩියෙන් තිබූ බවට අස්ථිවලින් සාක්ෂි ලැබේ. තවද, අනෙකුත් වානරයන්ගේ ස්වරාලයෙහි බැලුමක් වැනි උපාංග ස්වර උච්චාරණය සීමාකිරීමට හේතු වුව ද හයිඩල්බර්ග්ජෙනෙයිස්වරුන්ගේ එවැනි උපාංගයක් නොතිබුණු බවක් පෙනී යයි. චතුරව ශබ්ද නිපදවීමට මෙම වෙනස්කම් දෙකම අවශ්‍ය වන්නට ඇත. එය(භාෂාව) මස්තක්යට ආ හැම අවස්ථාවකම, භාෂාව මගින් මවනු ලබන මානසික අනුරූප තේරුම් ගැනීම සහ කණ්ඩායමකට වෙනත් අය කිවූ දේ මතක තබා ගැනීම පිණිස වඩාත් හොඳ වාචික මතකයක් වැනි නව මානසික අභියෝග පෙළක්ම ගෙන ආවේය.
මානසික පිම්ම
මනුෂ්‍යයන්ගේ මනස වර්ධනය කරා යන එහි ගමනේ අවසාන අදියරවෙත ළඟා වෙද්දී අපේ මුතුන් මිත්තන් බාගදා මෙකී අපහසුතාවලට මුහුණදෙමින් සිටියා විය හැකියි. මේ මානසික පිම්මේ නිදර්ශනයක්, මෙයට වසර 300,000කට පමණ පෙර තැනූ ගල් ආයුධ වල දැනගත හැකිවේ. වසර මිලියන 3.3කට පෙර නිපදවුණු මුල්යුගයේ දළ පෙණුමැති මෙවලම් මෙන් නොව ලෙවලුවා (Levallois) යනුවෙන් දැක්වෙන මෙකී මෙවලම් මානව නිර්මාණශීලීත්වයෙහි කැපීපෙනෙන කෘති ලෙස පෙනී යා හැකිය. මේ සඳහා අවශ්‍ය වූ ශිල්පීය නිපුණත්වය වෙනුවෙන් විශාල කුසලතාවක් මෙන්ම දැඩි ඉවසීමක් වුවමනාවන්නට ඇත. ඉතා පරෙස්සමින්, ඉබිකටුවක හැඩයකට ගල්වලින් තනා එය කැබලි කොට දමා එම කැබලි පැතලි, තියුණු පතුරු ලෙස සීරුම් කටු(scrapers), පිහියා, ප්‍රක්ෂිප්ත( projectiles = විසි කළ හැකි දේ) අග්ගිසි වැනි මෙවලම් පෙලක්ම නිපදවා ගත හැකි විය. මේ ක්‍රියාදාමය, එකිනෙන් වෙනස් අදියර ගණනාවකින් සමන් විත වූ අතර මෙ මෙවලම් මුලින් සැලසුම් කර නිර්මාණය කළ මොළය උසස් මට්ටමක ධූරාවලීගත චින්තනයකින්(hierarchical thinking) සහ සංකීර්ණ සංනිවේදන හැකියාවකින් සමන්විතවන්නට ඇත. මෙවන් සංකීර්ණ වස්තු හමුවන්නේ අපේම විශේෂයේ අවශේෂයන් අතරේ වුව ද, ඒවා වඩාත් සුලබව සම්බන්ධකෙරෙන්නේ නියැඩර්තල්වරුන්ටටය.
එකම යුගයක විසූ නූතන මානවයන් සතුව තිබූ සංජානන හැකියාවන් නියැඩර්තල්වරුන් ද සතුව තිබූ බවට හොඳම සාක්ෂි මෙකී ලෙවලුවා මෙවලම් මගින් සැපයේ. ඉතින්, අභිරහස රැඳී තිබෙන්නේ ඔතනයි. අපේ විශේෂය, මහාභිලාෂී නව නිපැයුම් සහ කලාකාමී සංස්කෘතීන් වර්ධනය කරගනිද්දී නියැඩර්තල්වරුන් ඉදිරියට යා නොහැකි ආවෘත අන්තයකට යොමුවූයේ ඇයි?
මෙ අගනා ප්‍රශ්නයට පිළිතුරු ලබන බ්‍රහස්පතින්දා කියවමු.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදය වන A BRIEF HISTORY OF YOUR GREY MATTER ඇසුරෙනි