සමහර මාලු වර්ග සාමාන්‍යයෙන් මිරිදියේ ජීවත්වෙන්නත්, තවත් සමහර මාලු කරදියේ ජීවත් වෙන්නත් හේතුව තමයි ඔය කිව්ව පරිසර දෙක, ඒ ඒ දෙකොට්ඨාශයට ඔවුන්ගේ පැවැත්මට යෝග්‍ය අවස්ථා සැපයීමට සාම්ප්‍රදායානුකුලව දායකවීම. වාසස්ථාන දෙක අතර පැහැදිලිව දැකිය හැකි වෙනසක් වන්නේ ලුණු ඒකරාශීවන් ආකාරයයි. ලුණු හිඟ පරිසරයක වසන මිරිදිය මසුන් සිය ශරීර තුල ලුණු සාන්ද්‍ර ගත කිරීමට ඉඩ සලසන කායික යාන්ත්‍රණ පවත්වාගෙන යනවා; අනෙක් අතට කරදිය මසුන් අතිරේක ලුණු විරේක(බහිස්ස්‍රාවය) කරනවා. පරිසර දෙකටම හුරුවී සිටින මසුන් මේ යාණ්ත්‍රණ දෙකම රඳවා ගන්නවා.
සාගර තුළ මෙයට වසර බිලියන ගණනාවකට පෙර ජීවය බිහිවූ බව අපි දන්නවානේ. ඉතින්, එතැන් පටන් ජීවීන් ආදිකල්පික මුහුදුවල අයනික සංයුතියට බෙහෙවින් හුරු අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගෙන යනවා. එයින් හිතාගන්න තියෙන්නේ ජීවය හටගත් ඒ ආදී අයනික තත්ත්වයන් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගැලපුන බවයි. නියුක්ලෙයික් අම්ල ඒවා එකිනෙක සහ ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියාකිරීම, එන්සයිම ආකාරයේ ප්‍රෝටීන වල ක්‍රියාකාරිත්වය, රිබෝසෝම වැනි අන්තස්සෛලීය යාන්ත්‍රණ ක්‍රියාත්මක වීම, සහ සෛලීය මැදිරි පවත්වාගෙනයාම ඇතුළුව ජීවය රඳා පවතින විවිධ වූ රසායනික් සංසිද්ධි ප්‍රතික්‍රියා සිදුවන අයනික පරිසරය මත දැඩිව රඳාපවතින්නේය යන මතය පරීක්ෂණාගාර අධ්‍යනවලින් ද තහවුරු වෙනවා.
කාලය ගතවෙත්ම, සාගර වාසී ජීවීන් එතෙක් ප්‍රයෝජනයට නොගත් සම්පත් — බිජු දැමීම පිණිස සාපේක්ෂව ආරක්ෂාකාරී ස්ථාන හෝ අලුත් ආහාර ප්‍රභවයන් වැනි සම්පත්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වුනේ මිරිදිය සහ ගොඩබිම වැනි අනෙකුත් පරිසර ගණාවාසකිරිමෙනුයි. ගොඩබිම් ස්කන්ධ(භූ කාරක තැටි) චලනය හා ඝට්ටනය මෙන්ම යමහල් ක්‍රියාකරිත්වය වැනි භූවිද්‍යාත්මක සිද්ධි ගණාවාසීකරණය සඳහා පහසුවක් වුණා නැතිනම් ගණාවාසීකරණය නැතුවම බැරි එකක් බවට පත් කළා. මේ ක්‍රියා දාමය, එක් තනි විශේෂයක සමාන කොටස් එකිනෙකාගෙන් හුදකලා කෙරුණා. ඒ හේතුව නිසා එවන් භූවිද්‍යාත්මක විපර්යාසයන් එක්කෝ නව පරිසරයට අනුකූලව හැඩගැසෙන්නට නැතිනම් නෂ්ටප්‍රාප්තවන්නට සමහර ගහනවලට බලකෙරුනා. කාලය සහ භෞතික හා පාරිසරික විචල්‍යයන් නිසාවෙන් ඇතිවන ස්වභාවික වරණය හුදකලාවීම හා එකවා ක්‍රියා කරමින් අනුවර්තනය පෝෂණය කරා.
පාරිසරික ප්‍රභේදනයේ එක් වැදගත් අංගයක් වූයේ වාසස්ථාන ලෙස යොදා ගනුලැබූ ජල කඳන් වල අයොනික සංයුතියයි. එය හුදකලාවූ සතුන්ගේ අවයව සහ අභ්‍යන්තර ක්‍රියා කරිත්වයන්ගේ වෙනස් කම් ඇතිකිරීමට මග පෑදුවේය. සත්තකින්ම, හුදකලාවූ ගහනවලට වඩාත් පරිපූර්ණ ආකාරයකට අනුවර්තනය වීම සඳහා අනෙකුත් අනුවර්තනයන් ද දායක වූ බව නිසැකය. අලුත් වාසස්ථානවල විවිද හා වෙනස් විලෝපිය මෙන්ම ගොදුරු පැවතිම හේතුවෙන් චර්යාමය වෙනස් කම් අවශ්‍ය වන්නට ඇත; නිදසුනකට විශාල හෝ කුඩා ශරීර කොටස් වඩා වාශිදයක වීම දැක්විය හැකියි. මෙලෙස, ශාරිරික, චර්යාමය සහ භෞතික විපර්යාසයන් ඒකරාශී වීම නව විශේෂයන්ට මග පෑදීය. අලුතෙන් වර්ධනය කරගත් අනුවර්තනයන් පුළුල් ආකාරයකට බෙදා හැරීම වෙනුවට තමන්ගෙන් පැවත් එන්නන්ට පැවරීම සඳ සංරක්ෂනය කරගැනීමට හුදකලාවීම බලපාන ඇත. මින් සමහරක් අතරේ බෙදීම කොපමණ නම් පරිපූර්ණව සිදුවී ද යත් කලක් අන්තරභිජනනය සිදුවූ ගහන අතර තවදුරටත් කිසි දෙමුහුම් අභිජනනයකට ඉඩක් නොවීය.
Scientific American’s Ask the Experts ග්‍රන්ථයේ Why do some fish normally live in freshwater and others in saltwater and some fish adapt to both? යන පරිච්ඡේදය ඇසුරෙනි