සියල්ලෙහි සුලමුල 16: අප ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

පැහැදිලිව පෙනෙන කාරණාව හැරුණු කොට, අප ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇයි?

අප කිව්වහම, පක්ෂීන්ද, මීමැස්සන් ද ඇත්ත වශයෙන්ම මැක්කන් ද, එපමණක් නොවෙයි ශාක, දිලීර සහ ඇමීබාවන් පවා! ඔව්, මේ හැමෝම. ලිංගිකත්වය (Sex) සෑම තැනකම තියෙන බවක් තමයි පෙනී යන්නේ. එහෙත් ජීවවිද්‍යාත්මක අර්ථයෙන් ගත් කල එය සුළු පිරිසකගේ කටයුත්තක්. මේ මහා පොළව මත ජීවය ආරම්භ වී මුල් වසර බිලියන 2 තුළ එය පැවතියේ නැත. මේ ග්‍රහලෝකය තුළ අද පවා අණසක පතුරුවාගෙන සිටින ප්‍රමුඛ ස්ථානයෙහි වැජඹෙන ජීවීහු – බැක්ටීරියා සහ ආකිබැක්ටීරියා – ඒ ගැන උනන්දුවක් නොදක්වති. එහෙම නම්, ලිංගික ක්‍රියාවේ සම්භවය මදක් ගුප්ත සහගතයි.  

ඉතින් එහි සම්භවය, ප්‍රභවය අවබෝධ කරගැනීමට අසීරු නම් එහි කාර්ය භාරය  ඒ හා සමානව අන්ද මන්ද කරවන සුළුයි. බැලූ බැල්මට ඔබට පෙනෙන්නේ මනස්ගාතයක් වගෙයි. ඇත්තටම ඉතින් ලිංගික ක්‍රියාව සඳහා පැහැදිලිව පෙනී යන කාර්ය භාරයක් තියනවා නේ. පරිණාමය සඳහා වන අමු ද්‍රව්‍ය වන ප්‍රභේදනය හෙවත් විචලනය(variation) එමගින් ජනනය කෙරේ. ජානමය තොරතුරු යළි එහාමෙහා කිරීම(කළවම්කිරීම) සහ යළිඑකටඑකතු කිරීම (යළිසංයෝජනය) විශේෂයන්ට අනුවර්ථනයවීම පිණිස උපකාරී වේ. ගහණයක් පුරාවට වාසිදායක ජාන ව්‍යාප්ත කිරීමටත් හානිකර ඒවා ඉවත්කර දැමීමටත් ද එය උපකාරී වේ.

එහෙත් සාමාන්‍ය දැනුමට ගෝචර මේ තර්කයට අදාළව විශාල ප්‍රශ්න තිබේ. ඉන් පළමුවැන්න මෙයයි. ලිංගික ක්‍රියාව බොහෝ සේ අකාර්යක්ෂමය. තමන්ගේ අනුපිටපතක් සකසා ගැනීම (clone) ඊට වඩා බෙහෙවින් ප්‍රඥාගෝචරය. අනුපිටපත් කිරීමෙන් ලිංගික ක්‍රියාවන්ට වඩා ජනිතයන් බොහෝ සංඛ්‍යාවක් නිපදවාගත හැකියි. ඉන් අදහස් කෙරෙන්නේ මෙයයි. එකම සම්පත් ප්‍රමාණයක් හෙවත් තොගයක් වෙනුවෙන් තරගවදින ජනිතයන් අතිවිශාල ප්‍රමාණයක් නිපදවීම මගින් අලිංගික විශේෂයන්ට ලිංගික විශේෂයන් නිෂ්ටප්‍රප්තවීම කරා යැවිය හැකිය.

Asexual reproduction

එපමණක්ද නොව, (මෙකී)කාර්යය සඳහා යෝග්‍ය යයි දැනටමත් පෙනී ගොස් ඇති ජාන සම්බන්ධනයක් එක් එක් ක්ලෝනය සතුව ඇත. මෙයට පරස්පරව, ලිංගික ක්‍රියාවෙන් බිහිකරන්නේ මෙතෙක් අත්හදා නොබැලුණු එමෙන්ම බාග විට බාල පහේ නව සම්බන්ධනයකි. ඇත්ත වශයෙන්ම, ලිංගික ප්‍රතිසම්බන්ධනය මගින් සිදුකරනු ලබන්නේ ජනනය කරනවා වෙනුවට  වාසිදායක ජාන එකතුව අවුල්කර දැමීමයි. ඔව් ඇත්ත තමයි දිගු කාලයේදී ඒ කියන්නේ වසර දහස් ගණන්, මිලියන ගණන් ගතවෙද්දී ලිංගිකත්වය වාසිදායකය. අලිංගික විශේෂයන් ඔවුනට ඉවත් කර දැමිය නොහැකි විකෘතීන් අවසානයේ ඒක රාශී කරගනු ලබන අතර එය ඔවුන්ව නෂ්ටප්‍රාප්තිය කරා ගෙන යයි.

එහෙත් පරිණාමය ඒ ආකාරයට ක්‍රියා කරන්නේ නැත. එයට අනාගතය සිදුවන දේ කලින් සැලසුම් කරගත නොහැක. පරිණාමය සැලකිලිමත් වන්නේ මෙතැන, මේ දැන් සිදුවන දේ ගැන පමණකි. තවද මේ අවුල් වියවුල් එතැනින් නිමා වන්නේ ද නැත. අනික බාධා, අවහිර ද එතැනින් කෙළවර නොවේ. ලිංගික විශේෂයන් සහකරුවෙකු සහකාරියක සොයා ගත යුතුය; ප්‍රතිමල්ලවයන්  පිටු දැකිය යුතුය; එපමණක් ද නොව ලිංගික ක්‍රියාව ආශ්‍රිතව බෝවෙන රෝගවල අවදානම ද දැරිය යුතුය.

අවසාන වශයෙන් ලිංගික ක්‍රියාව මේතරම් වාසිදායක නම්, වරින් වර DNA මඳක් හුවමාරු කර ගත්තේ වී නමුත් බැක්ටීරියා හෝ ආකිබැක්ටීරියා අතරේ කිසිදිනක එය පරිණාමය නොවූයේ ඇයි? අනෙක් අතට, අලිංගික ප්‍රජානනය එපමණ විශිෂ්ට නම් සුන්‍යෂ්ටිකයන් සියල්ලම පාහේ අඩුතරමින් යම් කාලයකදිවත් ලිංගිකව ප්‍රජනනය කරන්නේ ඇයි? මේ සියල්ල සලකා බලන විට අපට කිව හැක්කේ මෙයයි. ජීව විද්‍යාවේ, හිස කැක්කුම් ඇතිකරවන මහා ම ප්‍රශ්නය ලිංගික ක්‍රියාව බවයි.

වසර ගණනාවක් යනතුරු මෙයට හොඳම පිළිතුරු වූයේ රතු රැජිනඋපන්‍යාසයයි. මෙය ලිංගිකත්වය යනු විවිධත්වය යන අදහසෙහිම සියුම් වෙනසකි. මෙහිදී පරිකල්පනය කෙරෙන්නේ පරපෝෂිතයන් සහ ඔවුන්ගේ ධාරකයන් අතරේ තරගයකි. පරපෝෂිතයන්ගේ ජනන කාලය කෙතරම් කෙටිද කියතොත් ඔවුන්ට සිය ධාරකයන් පරදවා පරිණාමය විය හැකිය. එක් එක් පරපුර සමග නව ජාන එකතුවක් සැපයීමෙන් ලිංගික ක්‍රියාව අඩුතරමින් ඒකෛකයන් ටික දෙනෙකුට හෝ ජීවත්වීමේ වරම් ලබාදෙයි. මෙය රතුරැජින සංකල්පය ලෙස දක්වා ඇත්තේ Through the Looking Glass කෘතියෙහි  ඇලිස්ට මෙන් අපට ද එක තැනම සිටීමට වුව වඩාත් වේගයෙන් දිවීමට සිදුවන හෙයිනි.

අවාසනාවකට මෙන් මෙය ප්‍රශ්නය විසඳන්නේ නැත. පරපෝෂිතයන් ලිංගික ක්‍රියාවට තීරණාත්මක වාසියක් ලබාදෙන්නේ පරපෝෂිත සම්ප්‍රේෂණය අධික වූ විට පමණකි. තවද ඒවායේ ප්‍රතිඵල බරපතළ වූ විට සාමාන්‍ය තත්ත්වයන් යටතේ තවමත් ජය හිමිවන්නේ අනුපිටපත්වලටය.

මෑතක වර්ෂවල අලුත් පැහැදිලි කිරීමක් තහවුරුවෙන්නට පටන්ගෙන ඇත. මෙය  පදනම් වී ඇත්තේ සියලු සුන්‍යෂ්ටිකයන් ලිංගික වන්නේය හෝ අඩුතරමින් ලිංගික වූවේය යන්න මතය.

(අනුපිටපත් කිරීම මගින් බෝ කෙරෙන විශේෂ බොහොමයක් ඇති නමුත් ඔවුන් අතරේ බ්‍රහ්මචර්යාව පරිණාමය වූයේ මෑතකය) මේ අනුව තර්කානුකූල නිගමනය වන්නේ සුන්‍යෂ්ටික පරපුර අතරේ ලිංගිකත්වය බොහෝ ආදී කාලයකදීම පරිණාමය වූයේ මෙයට වසර බිලියන 2කට පමණ කලින් සිටි, දැනට ජීවත්වන සියලු සුන්‍යෂ්ටික පරපුරවල පොදු ආදිතමයෙකුගෙන් යන්නය.

Related image

ලිංගිකත්වය හැරුණු කොට සියලු සුන්‍යෂ්ටිකයන්ට පොදු තවත් දෙයක් වන්නේ සෛලයේ බලශක්ති සැපයුම වන මයිටොකොන්ඩ්‍රියා අත්පත් කරගැනීමයි. නව පැහැදිලි කිරීමෙන් කියැවෙන්නේ මෙය හුදෙක් සහසිද්ධියක් නොවන බවයි. ලිංගිත්වය පරිණාමයවීම නොවැළැක්විය හැක්කක් බවට මයිටොකොන්ඩ්‍රියා මගින් පත්කරනු ලැබීය. එය එසේ වන්නේ කෙලෙසද? ප්‍රධාන කාරණාව වන්නේ මයිටොකොන්ඩ්‍රියා සතුව තමන්ගේම ජීනෝම තිබීමයි. මෙය සුන්‍යෂ්ටික පරිණාමයේ උදාවේ දී ගිලගනු ලැබූ ස්වපෝෂී බැක්ටීරියාවේ සම්පූර්ණ ජිනෝමයෙහි ශේෂයකි. දෙක සහපරිණාමය වෙද්දී (co-evolve) ජාන බොහොමයක් ධාරකයාගේ ජිතෝමය වෙත මාරුකෙරුණු බව අපි දන්නෙමු. තවද, ධාරකයා වෙත පරපෝෂිතමය පනින ජාන වර්ෂාවක් සහජීවියා (symbiont) විසින් එල්ල කර යටකර දැමිණ.

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE HAVE SEX(APART FROM THE OBVIOUS REASON)  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.