සියල්ලෙහි සුලමුල 16: අප ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

පැහැදිලිව පෙනෙන කාරණාව හැරුණු කොට, අප ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇයි? II කොටස

ලිංගිත්වය පරිණාමයවීම නොවැළැක්විය හැක්කක් බවට මයිටොකොන්ඩ්‍රියා මගින් පත්කරනු ලැබූ බව මෙන්ම  එය සේ වන්නේ කෙලෙසද යන්නත් අපි ඊයේ ලිපියෙන් සාකච්ඡා කරමින් සිටියෙමු. අද එතැන් සිට…

ප්‍රේමය සියල්ල ජයගනී

වෙනත් වචනවලින් කියතහොත්, මයිටොකොන්ඩ්‍රියා අත්පත් කර ගැනීම ජානමය බිදවැටීම් වටයක් මුදා හැරීමට මුල් වූ බව ඊයේ ලිපිය අවසානයේ පෙන්වාදුන්නෙමු.  ඒ ආකාර අධික විකෘතිමය පීඩනය යටතේ තුලනය පැත්තකට බරවූ අතර ලිංගික ක්‍රියාවලිය අලිංගික ප්‍රජනනයට වඩා වාසිදායක බවට පත්විය. එය පරිණාමය කරගත් මුල්කාලයේ ඕනෑම සුන්‍යෂ්ටිකයට ඔවුන්ගේ අලිංගික ප්‍රතිවාදීන් තරගයෙන් පරාජය කිරීමට හැකි විය. ප්‍රතිවාදීහු පැවතිය නොහැකි මට්ටමක විකෘතීන්ට යටත් වන්නට වූහ. ලිංගික ක්‍රියාවලිය අදටත් වාසිදායක වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට ද මයිටොකොන්ඩ්‍රියාවට හැකිවෙයි. මයිටොකොන්ඩ්‍රියා ජෙනෝම අත්‍යවශ්‍ය ජාන ආකේතනය කරන නමුත් ස්වාධිනව ඒවාට කිසිවක් කරගත නොහැක. නිදසුනක් ලෙස, ප්‍රෝටීන සෑදීමටත් තමන්ගේම අනුකෘති සෑදීමටත්  එය විශ්වාසය තබන්නේ න්‍යෂ්ටික ජෙනෝමය මතය. එහෙයින්, සෛලයේ ජෙනෝම දෙක අතර සමීප සහයෝගිතාව  සෛලයේ ක්‍රියාකාරිත්වය සඳහාවිශේෂයෙන්ම ශක්ති ජනනය කිරීමේ වැදගත් කාර්ය සඳහා අත්‍යවශ්‍යය.

ලිංගික ක්‍රියාවලිය මගින් සහතික කරනු ලබන්නේ අන්න ඒ සහයෝගීතාවයි. මයිටොකොන්ඩ්‍රීය ජෙනෝම, න්‍යෂ්ටිය ජෙනෝමයට වඩා වැඩි වේගයකින් විකෘතීන් එක්රැස් කරයි. (ක්ෂීරපායීන් අතර නම් 10 ගුණයකින් වේගවත්ය.) මේ හේතුව නිසා ජෙනෝම දෙක අතර සම්මුතිය ක්‍රමයෙන් බිඳ වැටේ. අපත්, අපගේ මයිටොකොන්ඩ්‍රියාත් ක්‍රමයෙන් ඈත්වෙයි. එය මයිටොකොන්ඩ්‍රියා හී  වරදින් සිදුවන්නේ වුවත් එයින් පීඩාවට පත්වන්නේ අපයි. ලිංගික ක්‍රියාවලිය මෙම විසඳන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අවශ්‍යතා සමග වඩාත් ගැළපෙන න්‍යෂ්ටික ජානවල නව එකතුවක් ඉදිරිපත් කරමිනි. ඒ කිව්වේ ලිංගික ක්‍රියාවලියෙහි “ඇයි” යන්නය. කෙසේ වෙතත් “කෙසේද” යන්න දිගටම ඉතා අවිනිශ්චිත තත්ත්වයක පවතී. සරලතම සුන්‍යෂ්ටිකයන් එනම් ඇමීබාවන් ලිංගික ක්‍රියාවෙහි යෙදෙන්නේ ඒවායේ ජෙනෝම දෙකඩ කර අනතුරුව එකකොටසකට ජෙනෝම භාගයක් වන අයුරින් පැළීමට ලක්වෙමිනි. මේ අර්ධ ඇමීබාවන් අනතුරුව අනෙකුත් ඒවා සමග එකතුවන්නේ නව ඒකකයක් නිර්මාණය කරමිනි.

මුල්ම ලිංගික ක්‍රියාවලිය සිදුකරන්නට ඇත්තේ එලෙසය. පුළුල් අර්ථයෙන් ගත් කළ එය තවමත් සිදුකෙරෙන්නේ ඒ ආකාරයටමය. ලිංගික ක්‍රියාවලිය කියන්නේ ජෙනෝමයක් දෙකට ඇද ඉරා දමා වෙනත් අයෙකුගේ ජෙනෝම භාගයක් හා එකතු කිරීමෙන් අලුතෙන් සම්පූර්ණ ජෙනෝමයක් නිර්මාණය කිරීමයි. මනුෂ්‍ය්‍යන් සහ තවත් සත්වයන් බොහොම දෙනෙකුට ඔය කාරණය ඉටු කර ගත හැක්කේ (ස්ත්‍රී- පුරුෂ යනුවෙන්) ලිංගික පාර්ශ්ව දෙකක් තිබීමෙනුයි. එක් පිරිසක් සිය අර්ධ ජෙනෝමය අනෙකා වෙත පත්කරන්නේ සම්භෝගය කියන ක්‍රියාව මගින්ය.

ප්‍රේමාඛ්‍යානය මේ ලෝකයෙන් තුරන් වී ගියා යයි කවුද කිව්වේ?

 

අරුම පුදුම ප්‍රේම ත්‍රිකෝණය

මානව දෘෂ්ටීකෝණයකින් බලන විට ලිංගික ප්‍රජනනය කියන්නේ එකෙකු තවකෙකු හා සම්බන්ධවන කටයුත්තකටයි. පිරිමි ඉන්නවා, එතකොට ගැහැනු ඉන්නවා ඉතින් බබෙක් හදන්න නම් දෙපාර්ශ්වයෙන් එක බැගින් ඕන වෙනවා. බොහොමයක් අනෙකුත් සතුන් මෙන්ම ශාක සම්බන්ධයෙන් ඔය කතාව කියන්න පුළුවනි. ඒත් මේ ක්‍රමය මුළු ලෝකයටම පොදු නැහැ. ඇතැම් පණුවන්ඉස්පොන්ජියන්මෘද්වංශිකයන්, සහ ශාක විශේෂ ද්විලිංගිකයන්ය().  ඒ කියන්නේ ඕනෑම එකෙකුට තවත් තවත් ඕනෑම එකෙකු සමග හෝ  තමන් සමගද ජෝඩු විය හැකිය යන්නය. තවද එක්තරා කුහුඹු විශේෂයක ලිංග තුනක් ඇති බව සොයාගෙන ඇත. රැජනක් සහ වර්ග දෙකක පිරිමි. රැජනට එක්වර්ගයක පිරිමි හා සම්භෝගයෙන් සේවක කුහුඹුවන්ද අනෙක් වර්ගයෙන් රැජිනන්ද බෝ කළ හැකිවේ. ඉතින් ගණවාසය සමස්තයක් ලෙස ගත්තාම පාර්ශ්ව තුනක් එකතුවේ ප්‍රතිඵලයකි

 විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE HAVE SEX(APART FROM THE OBVIOUS REASON)  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.