සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජනවර්ගය යන්න හුදු ලේබලයක් පමණයි — එහි විද්‍යාත්මක පදනමක් නැහැ

 

වසර දහස් ගණනාවක් තිස්සේ පුද්ගලයින් හුවා දැක්වීමට මෙන්ම භේදබින්න කර වෙන්කිරීමට වර්ගය යන්න යොදා ගත්තත් එය ජාන විද්‍යාව මත ප්‍රතිෂ්ඨාපණය වූවක් නොවේ

19 සියවසේ මුල් අර්ධයෙහි ඇමරිකාවේ වඩාත්ම කැපී පෙනෙන විද්‍යාඥයන් අතරේ සැමුවෙල් මෝටන් නමැති වෛද්‍යවරයෙක් ද විය.  පිලඩෙල්පියාවේ විසූ ඔහු හිස්කබල එකතු කළේය. එකතු කළ සෑම හිස් කබලක් සඳහාම ඔහු අනුගමනය කළේ එකම ක්‍රියාදාමයකි: ඔහු ඒවා මුලින් ගම්මිරිස් ඇට වලින්ද පසු කලෙක ඒ වෙනුවට ඊයම් උණ්ඩ වලින්ද පිරවූයේය. පසුව ඔහු ඒවා බේරා වත්කළේ මොළ කූඩුවේ පරිමාව සෙවීමටය.

මෝටන් විශ්වාස කළේ මිනිසුන් ජනවර්ගය(race) හැටියට පස් කොටසකට බෙදිය හැකි බව සහ ඒවායින් නිරූපනය වුනේ වෙන වෙනම මැවීමක් බවයි(ඒ කියන්නේ එකිනෙකාට නෑ සම්බන්ධයක් නැතැයි යන්නය). මේ මානව වර්ග වලට කැපී පෙණෙන ගති ලක්ෂණ විය. දිව්‍යමය වශයෙන් නිශ්චිත කරනු ලැබූ ධූරාවලියක ඒ ඒ වර්ගයට අනුරූප ස්ථානයක් ඇතැයි මෝටන් ඇදහීය. මෙම වර්ග අතුරෙන් සුදු ජාතිකයන් හෙවත් කෝසිකන් වර්ගයවඩාත්ම බුද්ධිමත් යයි ඔහුගේ  කපාලමිතිය පෙන්නුම් කරන බව ඔහු කියා සිටියේය. ඔහු නැගෙනහිර ආසියානුවන් වර්ග කළේ මොන්ගෝලියානුවන්හැටියටය. ඔවුන් විචක්ෂණශීලීවුවද ගොවිතැනට බරය. මෝටන්ගේ ධූරාවලියේ ඊළඟට හිටියේ අග්නිදිග ආසියානුවන්ය. අනතුරුව ස්වදේශික ඇමරිකානුවන්ය. යටම සිටියේ කලුජාතිකයන් හෙවත් ඉතියෝපියානුවන්ය. ඇමරිකානු සිවිල් යුද්ධයට දසක කිහිපයකට පෙර සිටි, වහල් ක්‍රමය ඇගැයූවන් මෝටන්ගෙ මත හිස් මුදුනින් පිළිගත්තේය. 1851 දි සැමුවෙල් මෝටන්  මිය ගිය විට දකුණු කැරොලිනාවේ චාල්ස්ටන් වෛද්‍ය ජර්නලය(Charleston Medical Journal ) ඔහුට ප්‍රශංසා කළේ “ ‘පහත් වර්ගයක්ලෙස නීග්‍රෝ ජාතිකයන් ඔවුනට ගැලපෙන තැනෙහිම තැබීයයි දක්වමිනි.

අද සැමුවෙල් මෝටන් සැලකෙන්නේ විද්‍යාත්මක වර්ගවාදයේ පියා හැටියටයි. පසු ගිය සියවස් ගණනාවක සංත්‍රාසය ගතහොත් එහි බීජ ඇත්තේ එක මානව වර්ගයක් තවත් එකකට වඩා පහත්ය යන අදහස තුලය. අද වුනත් අප ජීවත්වන්නේ එක්තරා දුරකට මෝටන්ගේ ලෙගසිය හෙවත් උරුමය කරපින්නා ගෙනය. වාර්ගික විලක්ෂණ අපගේ දේශපලනය, අපගේ වටපිටාව සහ අප ගැන අපගේ හැඟීම හැඩගැස්වීමට තවදුරටත් ක්‍රියාත්මක වෙයි. විද්‍යාව අපට කියන්නේ මොර්ටන්ගේ කතාවට සම්පූර්ණයෙන් පරස්පර කතාවක් වුව ද යථාර්ථය එයයි.

මෝටන් විශ්වාස කළේ පුද්ගලයන් අතරේ නිත්‍ය සහ උරුමයෙන් හිමි  ගතිලක්ෂණ හඳුනාගැනීමට තමන් සමත් වුණේය යනුවෙනි.  එහෙත් ඔහු සිය කටයුතු කර ගෙන යන අවධියේ — එනම් චාල්ස් ඩාවින්, පරිණාමවාදය පිළිබඳව සිය සිද්ධාන්තය ඉදිරිපත් කිරීමට මද කලකට පෙර සහ DNA සොයාගැනීමට බොහෝ කාලයකට පෙර —  ඌරුව නැතිනම් ගතිලක්ෂණ (traits) පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන්නේ කෙසේද යන්න ගැන  එකල විද්‍යාඥයන්ට අවබෝධයක් නොවීය.

ඉන් අනතුරුව ප්‍රවේණි මට්ටමෙන් නැතිනම් ජාන මට්ටමෙන් පුද්ගලයන් ගැන බැලූ පර්යේෂකයන් වර්තමානයේ  කියා සිටින්නේ   ජාතිය පිළිබඳව   වර්ගීකරණය යනු සම්පූර්ණයෙන්ම වැරදි වටහා ගැනීමක් යනුවෙනි.

ඇත්ත වශයෙන්ම, ප්‍රථම පරිපූර්න මානව ජිනෝමය(මෙය පුද්ගලයන් ගණනාවකගේ සංයුතියකි) ඒකාරාශීකිරිමට එක්වූ විද්‍යාඥයෝ, විවිධ ජනවාර්ගික සාමාජිකයන් ලෙස තමන් විසින්ම ලැබ හඳුනාගෙන ලැබ සිටි  පුද්ගලයන්ගේ සාම්පල ද ඕනෑ කමින්ම එක්කළහ. ක්‍රි. ව. 2000 දී ධවල මන්දිරයේ පැවති උත්සවයක දී, DNA  අනුක්‍රමණයේ පුරෝගාමියෙකු වන ක්‍රේග් වෙන්ටෙර් නිරීක්ෂණය කළේ ජනවර්ගය පිළිබඳ සංකල්පයට ජානවිද්‍යාත්මක හෝ විද්‍යාත්මක පදනමක් නැතයනුවෙනි.

පසුගිය දශක දෙක ඇතුළත  ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ මනුෂ්‍යයන් පිළිබඳ ගඹුරු සත්‍යයන් දෙකක්  හෙළිදරව් කරයි.  ඉන් පළමුවැන්න: සියළුම මානවයන් ඉතා සමිප ඥාති සමබන්ධයකින් යුක්තය —  අද බොහෝ මිනිසුන් සිටින්නේ වී නමුත්, සියළු චිම්පන්සියන්ටත් වඩා ඉතා සමිප ඥාති සමබන්ධයකින් යුක්තය. සියළු දෙනාට ඇත්තේ එකම ජාන එකතුවකි. එහෙත්, අනන්‍ය නිවුන්නු හැරුණුකොට ජාන සමහරක්  සෙස්සන්ට වඩා මදක් වෙනස්  ආරක් ගනී.මේ ජානමය විවිධත්වය පිළිබඳ  අධ්‍යයන, මානව ජනගහණ තුළ එක්තරා ආකාරයක පවුල් ගසක් ගොඩනැගීමට විද්‍යාඥයන්ටඉඩ සලසා දී ඇත. එය දෙවැනි ගඹුරු සත්‍යය හෙළිකරයි: ඉතා යථාවාදී අර්ථයකින් ගත හොත්  අද ජීවත්වන අප සියළු දෙනා අප්‍රිකානුවන්ය.

Related image

සියළුම් අනෙකුත් විශේෂ මෙන්ම මානවයන්ගේ ජාන විපර්යාසයන්අහඹු විකෘතීන්ගේ ප්‍රතිඵලයකි. එනම්, ජීවයේ කේතය වන DNAවලට සිදුකෙරෙන ඉතා සුළු වෙනස්කම්ය(tweaks). විකෘතීන් අඩු වැඩි වශයෙන් නියත ස්වරූපයකින් සිදුවන හෙයින් පරම්පරාවෙන් පරම්පරාවට එහි ජාන පවරමින් යම් කාණ්ඩායමක් පැවතී සිටින කාලය දීර්ඝ වන්නට, වන්නට (පෙර කී) සුළු වෙනස්කම් ඒකරාශී වෙන්නට පටන් ගනී. මේ අතර, කණ්ඩායම් දෙකක් වෙන් වී  සිටින කාලය දීර්ඝ වන්නට, වන්නට එම කණ්ඩායම් වඩාත් සුවිශේෂී වෙනස්කම් අතපත් කර ගනියි.

අද ජීවවන අෆ්‍රිකානු නොවන සියළුදෙනා ජාන අපට කියා දෙන පරිදි  බාගවිට වසර 60,000 කට පෙර අෆ්‍රිකාවෙන් පිටව ගිය අයගෙන් පැවත් එන්නන්ය.

  Related image

Khoe-San                                                  Pygmy

වර්තමානයේ ජීවත්වන අෆ්‍රිකානුවන්ගේ ජාන විශ්ලේෂණය කිරීමෙන් පර්යේෂකයන් නිගමනය කර ඇත්තේ දකුණුදිග අෆ්‍රිකාවේ දැන් ජීවත්වන ඛෝ-සාන්(Khoe-San) මානව පවුල් ගසෙහි පැරණිතම ශාඛාව නියෝජනය කරන බවයි. මධ්‍යම අප්‍රිකාවේ පිග්මිවරුන්ට ද සුවිශේෂී කණ්ඩායමක් ලෙස ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙයි අප තේරුම් ගත යුත්තේ මෙයයි:මානව පවුලේ උග්‍රතම බෙදීම ඇත්තේ සාමන්‍යයෙන් කල්පනා කරන පරිදි විවිධ ජනවර්ග — අපි කියමු සුදු අය, කල්ලෝ හෝ ආසියානුවන් හෝ ස්වදේශික අමරිකානුවන් හෝ වැනි ආකාර පුද්ගලයන් අතරේ නොවන බවයි. බෙදීම ඇත්තේ මානවයන් අෆ්‍රිකාවෙන් බැහැරට යාමටත් පෙර වෙන්වී වසර දසදහස් ගණන් ජීවිතය ගෙන ගිය ඛෝ-සාන් සහ පිග්මිවරු අතරයි.

ජාන අපට කියා දෙන පරිදි  අද ජීවත්වන අෆ්‍රිකානු නොවන සියළුදෙනා බාගවිට වසර 60,000 කට පෙර අෆ්‍රිකාවෙන් පිටව ගිය අයගෙන් පැවත් එන්නන්ය.

 

National Geographic හී පළවූ  There’s No Scientific Basis for Race—It’s a Made-Up Label යන ලිපිය ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: