අපේ විශේෂයවන හෝමෝ සේපියන්න්වරු මහාභිලාෂී නව නිපැයුම් සහ කලාකාමී සංස්කෘතීන් වර්ධනය කරගනිද්දී නියැඩර්තල්වරුන් ඉදිරියට යා නොහැකි ආවෘත අන්තයකට යොමුවූයේ ඇයි? යන ප්‍රශ්නය අප ගිය සතියේ පළවූ ලිපියෙන් නැගුවෙමු. අද ඊට පිළිතුරු සමග ලිපියේ ඉතිරි කොටස…
නියැන්ඩර්තල් මනස
ඉහතින් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ළමා වියේ කෙනෙකුට වුව දිය හැකි ඉතා පහසු එකක් යයි සමහරු සිතති. අපේ මුතුන් මිත්තන් අනෙකුත් ප්‍රිමාටේස් සතුන්ගෙන් වෙන්ව පරිණාමය වෙද්දී ළමා කාලය එන්ට එන්ටම දීර්ඝ වෙන්නට පටන් ගත්තේය. මව් කුසින් බැහැරව මොළය වර්ධනය වීමට මේ හේතුව නිසා වැඩි කාලයක් ලැබිණ. දැනට ශේෂව පවතින අස්ථි සහ දත් වලින් පෙනී යන්නේ මුල් යුගයේ මිනිස් දරුවන් වැඩීම සඳහා නියැන්ඩර්තාල් දරුවන්ට වඩා වැඩිකාලයක් ගත් බවයි. කෙළි සෙල්ලමෙන් ගත කළ අතිරේක කාලය ඔවුනට ප්‍රතිසිද්ධි සාධක චින්තනය (‘counter-factual thinking’) – දේවල් හුදෙක් පවතින ආකාරය පමණක් නොව, ඒවා කෙසේ විය හැකි දැයි සැලකිල්ලට ගැනීමේ හැකියාව – වර්ධනය කර ගැනීමට උපකාරී වනන්ට ඇත. මෙය, සිය පරිසරය මත වැඩි පාලනයක් සහිතව පරිසරය ගැන නිර්මාණාත්මක ආකාරයන්ට පරිකල්පනයට ඉඩ සලසන්න ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ආයුධ (මෙවලම්) අලුතෙන් නිපදවීම සහ නිවහන් තැනීමට වැනි මුල් කාලයේ මානවයන්ට කල්පනා නොවුණු දේවල් කිරීමට ඔවුනට හැකිවිය. මේ අවසාන ප්‍රජනන පිම්ම සමහරු දක්වන්නේ මනසේ අදහස් ගණනාවක් තබා ගැනීමට සහ ඒවා මැනවීමට ඇති අපේ හැකියාව වර්ධනය කළ අහුඹු චිකෘතියක් හේතුවෙන් සිදුවූවක් බවයි.
නූතන මානවයන්ගේ පවා මේ ‘ක්‍රියාකාරී ස්මරණය‘(‘working memory’), අයිතම හතකට පමණ සීමා වී ඇත. කෙසේ වෙනත් සුළු වර්ධනයකින් පවා විශාල ඵලවිපාක ගෙන එන්නට ඇත. මේ දැන් කිව් දෙය මතක තබා ගැනීමේ වර්ධිත හැකියාව සංවාදයන් හි විදග්ධ බව වර්ධනය කරන්නට ඇත්තේ විවිධ වූ වාක්‍ය ඛණ්ඩ බොහොමයක් සහිත වඩාත් සංකීර්ණ ව්‍යාකරණයට ඉඩ සලසමිනි. එයින් ගම්‍යවන්නේ, නිදසුනක් ලෙස ‘එසේ නම් මොකද?’ සහ ‘එසේ නම් ඊළඟට‘ ප්‍රකාශන යොදා ගනිමින් කෙනෙකුට වඩාත් උපකල්පනමය ආකාරයකට සිතීමට හා සැලසුම් කිරීමට හැකිය යන්නය. ක්‍රියාකාරී ස්මරණය නිර්මාණශීලීත්වය හා සමග සම්බන්ධ කරනු ලැබේ. මන්ද ඔබේ මනසේ ඇති ගැටලුවකට විවිධ විසඳුම් සෙවීමට ඉඩ සලසන බැවිනි.
මොළයට අහර
ඒ කාලයේ ලබාගත හැකිව තිබූ ආහාරවලින් තවත් ඉඟි සැපයේ. මුල් කාලයේ නූතන මිනිස්සු කුඩා මුව විශේෂ සහ කෘන්තකයන් ආදීන් හබක අටවා දඩයම් කිරීම ඇරඹූහ. ආහාර සපයා ගැනීම පිණිස ස්ථාන දහ පහළොවක උගුල් ඇටවීමට සිදු විය. එහෙත් එසේ කිරීම සඳහා කලින් සිතා මතා ක්‍රියාකිරීමට සිදුවුණු අතර උගුල් අටවා තිබූ තැන් මතක තබා ගැනීමට ද සිදු විය. මෙය ක්‍රියාකාරී ස්මරණයේ කාර්භාරයට තවත් නිදසුන්ය. වසර 70,000කට පෙර මෙම වර්ධනය සිදුවූ කාල වකවානුව නිශ්චිතව දැනගැනීම වැදගත්ය. මන්ද එය සිදුවූයේ ඉන්දුනීසියාවේ සුපිරි යමහලක් වූ ටෝබා (Toba) විදාරණය වීමත් සමගමය. ටෝබා විදාරණයෙන් පසුව පෘථිවිය කෙටි අයිස් සමයකට ඇද දමනු ලැබූ අතර අප්‍රිකාව තුළ මානව ගහණයෙහි කඩා වැටීමටකට තුඩුදුන්නේය. එහෙයින් ඉතිරි වූ කුඩා ජනගහණය අතරේ යම් වාසිදායක විකෘතීන් ඉක්මනින් ව්‍යාප්තවීමට හැකි වූයේ ඔවුන්ගේ (ඉතිරි පිරිසෙහි) පැවත එන්නන් අතර ස්ථිරසාර සලකුණු ඉතිරි කරමිනි. නූතන මනසෙහි පරිණාමයේ අවසන් සමය එය විය.
මේ ආකාරයට සාපේක්ෂව මදක් උසස් චින්තන ශක්තියක් දරාගෙන අප සකල ග්‍රහලෝකය කරා ව්‍යාප්ත වන අතර වාරයේ නියැන්ඩර්තල්වරු සහ අපගේ අනෙකුත් පරිණාමීය ඥාති පිරිස් නෂ්ටප්‍රප්ත වූහ.
අපේ මොළ මේසා විශාල ඇයි?
අපගේ ප්‍රමාණයේ වානරයෙකු සතුව තිබිය යුතු මොළයේ බර මෙන් අපේ මොළය දෙගුණයක් බරය. මෙය සිදුවීමට එක් තනි විකෘතියක් මග පාදන්නට ඇත. අනෙකුත් ප්‍රිමාටේස් සතුන්ගේ ශක්තිමත් හණු ඔවුන්ගේ හිස්කබලෙහි වර්ධනය සීමා කළේය.. එහෙත් මානව පරම්පරාව අතරේ වසර මිලියන දෙකකට පෙර සිදුවූ විකෘතියක් මෙම සීමා කිරීම ලිහිල් කර දැමීය.
මෙය මොළ වර්ධනය ඉක්මනින් වේගවත් කිරීමට මග පෑදීය. මේ මග පැදීමට බලපෑම කුමක්ද යන්න විවාදාත්මකය. විශාල සමාජ ජාලයක් තරණය කිරීමේ අපහසුතා මෙහිදී යම් කාර්ය භාරයක් ඉටු කරන්නට ඇත. පෝෂණයද බල පෑ තවත් සාධකයකි. විශාල මොළයකට අපට පුදුම හිතෙන තරමට ආහාර අවශ්‍ය වේ.
මිනිස් මොළය, අපේ ශරීර බරින් යාන්තමට සියයට 2ක් පමණ වේ. එහෙත්, අපගේ ශක්ති ආදානයෙන් (ලබාගැනීමෙන්) සියයට 20කට වගකියයි. ඉතින් මුල් කාලයේ මානවයින්ට විශාල මොළ පවත්වාගෙන යාම සඳහා සිය ආහාරය වෙනස් කිරීමට අවශ්‍ය වන්නට ඇත. මස් හා මුහුදුකෑම අනුභවයට පරිවර්තනය වීමද, ආහාර පිසීම සොය ගනීමද ඊට උපකාරී වන්නට ඇත.
සිහිනවල බලය
මෙයට වසර මිලියන දෙකකට පෙර පමණ වන තෙක් මානව මුතුන් මිත්තන් රාත්‍රිය ගෙවන්නට ඇත්තේ ගස් උඩය. රුක් මත නිදිකිරා වැටිම අවසන් වන්නට ඉඩ ඇත්තේ හෝමෝ ඉරෙක්ටස් සමගය. අඩි හයක් උස සහ රාත්තල් 140ක් බර ඉරෙක්ටස් ඒ සඳහා බරින් හා උසින් වැඩි විය. පොළව මත නිදාගැනීම සංජානනයේ විශාල පිම්මකට තුඩු දෙන්නට ඇත. ගසක අත්තකින් බිමට වැටේය යන බියෙන් යුතුව නිසි නින්දක් නොලබනවාට වඩා ඉන් තොරව සුව නින්දක් ගත කිරීමෙන් හෝමෝ ඉරෙක්ටස්වරුන්ට සීග්‍ර අක්ෂිචලන නින්ද (rapid eye movement (REM) sleep) හා මන්දගාමී තරංග නින්දට වැඩි වේලාවක් ගත කරන්නට අවකාශය ලබාදෙන්නට ඇත. මේ අවධි නිර්මාණශීලී චින්තනයේ ප්‍රධාන ක්‍රියාදාමයක් වන ස්මරණ ස්ථාපනයට මෙන්ම විවිධ සිතුවිලි හා අදහස් ඇදීම සඳහා අත්‍යවශ්‍යය.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදය වන A BRIEF HISTORY OF YOUR GREY MATTER ඇසුරෙනි