සියල්ලෙහි සුලමුල 17: බිය දනවන ඇදී යන සතුන් මෙපමණ වර්ග සිටින්නේ ඇයි? II කොටස

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

ඊයේ ලිපියේ අවසානයේ දී දැක්වූවා සේ කෘමීන්ගේ පරිණාම ක්‍රියාදාමයේ දී තවත් විප්ලවීය පරිවර්තනයකට මුහුණදීමට ඔවුනට සිදුවුණා. බාග විට එය සියලු පරිවර්තන අතර වඩාත්ම වැදගත් එක වෙන්න ඇති. මෙයට වසර මිලියන 300 කට පමණ පෙර පෘථිවිය වසා තිබූ වගුරු වනාන්තරයේ ෆොසිලගත අවශේෂ අතරේ තමයි මුල්ම කෘමීන් රූපාන්තරණය යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාදාමයට පත්වන්නේ. නූතන දළඹුවන්, සලබයන් හා සමනළයන් බවටත් නැතහොත් ඉහඳ පණුවන් නිල මැස්සන් බවටත් හරවන්නේ මේ ක්‍රියාදාමය මගිනුයි. කෘමීන් මූලික වශයෙන් ඔවුන්ගේ අන්‍යමශීලී පිටසැකිල්ල හේතුවෙන් යම් සීමාවන්ට ලක්වෙනවා. ඒ මොහොත වන තුරු ඔවුන් වර්ධන යූයේ අවස්ථා පෙළක් හරහායි. එම අවස්ථා පෙළෙහි සෑම එකකටම පසුව පිටසැකිළි හැලීමක් සිදුවුණා. එය සුහුඹුලන් (adults) සිහිගන්වන කුඩා ස්වරූපවල සිට්ට ක්‍රමයෙන් විශාලවීමට ඉඩකඩ සැලසුවා. කීට අවස්ථා ආහාර ගැනීමට කැප කරමින්ද සුහුඹුල් අවස්ථාව ප්‍රජනනයට කැපවීමෙන්ද සිය ජීවන චක්‍රය කැපීපෙනෙන අවස්ථාවන්ට බෙදා කර ගැනීමට පූර්ණ රූපාන්තරය මග පදා දුන්නා. මේ නවෝත්පාදනය කොපමණ නම් සාර්ථක වුණාද කියතහොත් කෘමී කණ්ඩායම් 10ක් අතරේ 8ක්ම අදටත් එම ක්‍රමය යොදා ගනී. මෙසේ යොදා ගන්නා විශේෂ අතරට කුරුමිණිමී මැස්සන් සහ කුහුඹුවන් වැනි බෙහෙවින් සාර්ථක කණ්ඩායම් ද ඇතුළත් වෙනවා. කෘමීන් නෂ්ටප්‍රාප්තවීම වැළැක්වීමට බලපාන සාධක අතරට රූපාන්තරය ද අයත් වන බවත් පෙනී යනවා.

පහසුවෙන් යටපත් කළනොහැක්කන්

අනෙකුත් සියල්ලටම වාගේම, දැන සිටින සියලු විශේෂයන්ගෙන් සියයට 90ක් නෂ්ටප්‍රාප්ත කළ අතීත මහා නෂ්ටප්‍රාප්තිය කෘමීන්ටද බරපතල හානි ගෙන ආවා. කෘමී පවුල් වර්ගවලින් භාගයක් පමණ අතෘදන්වුණා.  එහෙත් ඒ පවුල් බොහොමයක්ම රුපාන්තරයේ යෙදෙන්නන් නොවෙයි. රූපාන්තරයේ යෙදෙන්නන්ට කිසිදු හානියක් නොවුණු තරම්.  මේ වෙනස සමහරවිට කීටයා සහ සුහුඹුලා අතර සංක්‍රමණික අවධිය විය හැකියි. කෘමීන් පිලවා ලෙස අක්‍රියව සිටින්නේ ඒ අවධියේයි.  හිමායනය(අධික සීතලවීම) සහ වියැළීම(desiccation=ශෝෂණය) වැනි සියලු ආකාරයේ පාරිසරික ගැහැට විඳ දරා ගැනීමේ හැකියාව පිලවුන් සතුය. මෙය පාරිසරික පීඩන ඇති කාලවලදී ඔවුන් බොහෝ ශක්තිමත් කිරීමට ඉහවල්වේ.

මෙයට වසර මිලියන 65කට පෙර ග්‍රහක කඩාවැටීමක් හේතුවෙන් ඩයිනසෝරයන්ගේ නෂ්ටප්‍රාප්තිය සිදුවූ විට කෘමීන් ඒ අසීරු යුගය පහුකර ගත්තා. ඉතින් එවන් දරාගැනීමේ ශක්තියක් නැති මානව වර්ගයා වන අප මේ මිහිතලයෙන් අතුගෑවී ගිය විටත් අපව නෂ්ටප්‍රාප්ත කළ දෙය අභිබවා යමින් මෙලොව වඩාත්ම සාර්ථක සත්ව කණ්ඩායම ලෙස ඔවුන්ගේ ආධිපත්යය අඛණ්ඩව ඉදිරියට ඇදී යාමේ අවස්ථාව තියෙන්නේ කෘමීන්ටය.

දැවැන්තයන්ගේ තෝතැන්න

මෙයට වසර බිලියනයකට පමණ පෙර අවස්ථාවේ කෘමීන් හිටි අඩියේ විශාල වෙන්නට පටන් ගත්තා. නිදසුනක් ලෙස විලෝපීය කූරන් (dragonfly) වැනි මෙගනියුරා (meganeura) කෘමීන්ගේ පියාපත් අතර  සෙන්ටිමීටර 70ක් දක්වා (අඟල් 28) දුරක් තිබුණා. ඊට මග පෑදුවේ ඔක්සිජන්ය. ඔය වෙන කොට ගස් පරිණාමය වූ අලුතයි. ඉතින් ගස් කඳන් කා  බිඳ දමන්න එකල ජීව විශේෂ නොසිටි නිසා ගස් දිරුවේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔක්සිජන් නැවතත් අද මෙන් භාගයක් වන, සියයට 31 දක්වා ඉහළ නැංගා. කෘමීන් ආශ්වාස කරන්නේ ඉතා කුඩා නල මගිනුයි. එම නල තමයි ඔවුන්ගේ පටක වෙත ඔක්සිජන් රැගෙන යන්නේ. ඉතින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව තමයි ඔවුන් කොපමණ නම් විශාල වෙනවාද කියා තීරණය වන්නේ.  ඔක්සිජන් පරිසරයේ වැඩි නම් ඔවුන්ට ලැබෙන ප්‍රමාණයත්  වැඩියිනේ. මෙයට වසර මිලියන 150 ක්  පමණ වන තුරුම විශාලව සිටියා. අනතුරුව  ඔවුන්ගේ පියාපත් හදිසියේම වාගේ භාගයක් දක්වා අඩු වුණා. සමහර විට ඊට හේතුව පියාඹන කෘමීන් ආහාරයට ගන්නා නව ආකාරයක සත්ව විශේෂයක් පරිණාමය වීම වෙන්නැති: ඒ පක්ෂීන්ය.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE ARE THERE SO MANY TYPES OF CREEPY CRAWLY? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.