‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත. ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු, ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා, එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු වී ඇති උගැන්වීම් පිළිබඳ භාවිත දැනුමද ප්‍රයෝජනයට ගනිති. ඉගෙනීමට දෙන දේවල සුවිශේෂී ගති ලක්ෂණ, සිය ශිෂ්‍යයන්ගේ පසුබිම සහ ඉගෙනීම සහ ඉගැන්වීම සිදුවන්නේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න ගැන ආකෘතිකව ඔවුහු සැලකිලිමත් වෙති.
එවන් ගුරුවරුන්ගේ ප්‍රවේශයෙහි ගතිලක්ෂණවලට අනුකූල ඉගෙනුම් සහ ඉගැන්වීම් මූලධර්ම කිහිපයක් — ක්‍රමානුකූලව හෝ සම්පූර්ණව නොවූවත් — මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. මේ මූලධර්ම බොහොමයක් පොදුවේ ඉගෙනීමට මෙන්ම උගැන්වීමටද අදාළ වන නමුත් සමහරක් පැහැදිලිවම වැදගත් වන්නේ විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණවේදය අධ්‍යාපනයටයි. පහසුව තකා මෙම ලිපි මාලාවේදී (ඒවා සමීපව එකිනෙකට සම්බන්ධ වුවද) ඉගෙනුම හා ඉගැන්වීම වෙනම ම කොටස් හැටියට ඉදිරිපත් කර ඇත.
විද්‍යා අධ්‍යාපනය, විද්‍යාවේ සාරධර්ම පිළිබිඹු කළ යුතුයි
විද්‍යාව දැනුම් කායකට වැඩියමක් වන අතර එම දැනුම ඒකරාශී කරන සහ වලංගු කරන ක්‍රමයක් ද වේ. එය ඇතැම් මිනිස් හරයන් අන්තර්ගතකෙරෙන සමාජ ක්‍රියාකාරකමකි. කුතුහලය, නිර්මාණශීලිත්වය, පරිකල්පනය සහ අලංකාරය ඇත්ත වශයෙන්ම ඉහළින් සැලකීම — සංශයවාදීවීමට සහ ආධානග්‍රාහිත්වයට ඇති අරුචියට සීමා නොවන්නාසේම — විද්‍යාවට, ගණිතයට හා ඉංජ්නේරු ශිල්පයට සීමාවූවක් නොවන්නේය. කෙසේ වෙතත් ඒවා සියල්ල විද්‍යාත්මක ව්‍යායාරයෙහි ඉහළින් වැජඹෙන ගතිලක්ෂණ වේ. විද්‍යාව උගෙනීමේදී සිසුන් ඒවාට මුහුණ දිය යුත්තේ හිස් කියාපෑම් හැටියට නොව ඔවුන්ගේ අත්දැකීමෙහි කොටසක් ලෙසිනි. එයින් හැඟවෙන්නේ ගුරුවරුන් මතු දැක්වෙන දෑ ඉටු කිරීමට උත්සාහ දැරිය යුතු බවයි:
කුතුහලයට ඉඩ දෙන්න
විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය කුතුහලය නිර්මාණය නොකරයි. ඒවා කුතුහලය පිළිගැනීමට ලක් කරයි, පෝෂණය කරයි, එමෙන්ම අන්තර්ගත කර ගනියි, කුතුහලයට ප්‍රතිලාභ ගෙන එයි හා කුතුහ්ලය හැඩගස්වයි(ශික්ෂණය කරයි). මෙලෙස විද්‍යා ගුරුවරු, තමන් උගෙන ගන්නා දෑ පිළිබඳ ප්‍රශ්න නැගීමට සිසුන් දිරිමත් කළ යුතුය; පිළිතුරු සෙවීම ආරම්භ කිරීම උදෙසා ඔවුන්ගේ ප්‍රශ්න පැහැදිලිව නැගීමට සිසුනට උපකාර කළ යුතුය; පිළිතුරු සෙවීම සඳහා ඵලදායි ක්‍රම ඔවුනට යෝජනා කළ යුතුය; තවද, අසාමාන්‍ය වුවත් අදාළත්වයකින් යුතු ප්‍රශ්න නගන සහ පසුව ඒවා හඹායන අයට ප්‍රතිලාභ හිමිකර දිය යුතුය. විද්‍යා පන්තියේදී දැනුම තරමටම දැනුම සොයා යාමද එකලෙස ඇගැයීමට ලක් කළ යුතුය.
නිර්මාණාශීලීත්වය ඵලදායි බවට පත් කිරීම
විද්‍යාඥයෝ ගණිතඥයෝ හෝ ඉංජිනේරුවෝ පරිකල්පනය නිර්මාණහීලීව උපයෝගී කරගැනීම අගයකි. අධ්‍යාපනික විශිෂ්ඨත්වයෙන් වෙන්කොට දැක්විය හැකි ගති ලක්ෂණයක් ලෙස නිර්මාණශීලීත්වය සහ නව නිමැවුම් හඳුනාගෙන දිරිමත් කෙරෙන තැනක් බවට විද්‍යා පන්තිය පත් විය යුතුය. ඇත්ත වශයෙන්ම සිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය ඵලදායි තත්ත්වයට ගෙන ආ හැකි ක්‍රියාකාරකම් උත්පාදනය කිරීමෙන් ගුරුවරුන්ට එය තමන්ගේම නිර්මාණශීලීත්වය වර්ධනයට රුකුලක් බවට පත්කර ගත හැකි වේ.
ප්‍රශ්න නැගීම උනන්දු කරවන වටපිටාවක් සැකසීම
විද්‍යාව, ගණිතය සහ ඉංජිනේරු ශිල්පය සාරවත්වන්නේ ඒවා භාවිතා කරන උදවිය පුරුදුකරගෙන ඇති සංශයවාදය නිසයි. කෙනෙකු ඉදිරිපත් කරන සාක්ෂි, තර්ක සහ කියාපෑම් ප්‍රශ්නයට ලක්කරනු ලැබීම, සහ කෙනෙකුගේ අත්හදා බැලීම් ප්‍රතිචලිතකිරීම(නැවතත් කිරීම) මෙම විෂයයන්ගේ මධ්‍යගත ප්‍රතිපත්තියයි. ‘අප දන්නේ කොහොමද? ‘කෝ සාක්ෂි මොනවාද? ‘සාක්ෂි අර්ථ දැක්වීම සඳහා වන තර්කය කුමක්ද?’ ‘විකල්ප පැහැදිලි කිරීම් හෝ ප්‍රශ්නයක්, ගැටලුවක් විසදන වෙනත් ක්‍රම තිබේද?’ ආදී ප්‍රශ්න විද්‍යා පන්තියේ දී ඇසීම ගුරුවරුන්ගේ සාමාන්‍ය භාවිතය විය යුතුය. මෙහිදී ඉලක්කය නැතිනම් අරමුණ විය යුත්තේ මෙවැනි ප්‍රශ්න නැගීමටත් එමෙන්ම ඒවාට උත්තර බැඳීමටත් සිසුන් පෙළඹවීමයි.
අධානග්‍රාහිත්වය වැද්දගැනීමෙන් වළකින්න
සිසුන් විද්‍යාව අත්විඳිය යුත්තේ අවබෝධය ව්‍යප්ත කරගැනීම සඳහා වූ ක්‍රියාදාමයක් හැටියට මිස යළි සංශෝධනය කළ නොහැකි සදාතනික සත්‍යයක් ලෙස නොවේ. මෙහි අදහස වන්නේ, තමන්මත්(ගුරුවරුන්මත්) සහ පෙළපොත් වනාහි, සිය නිගමන සෑම විටම නිවැරදි බව තහවුරුකරන ඒකාන්ත අධිකාරින්ය යන හැඟීම (සිසුනට) ලබා නොදීමට ගුරුවරුන් වග බලා ගත යුතු බවයි. විද්‍යාවෙන් කියාපාන දෙයෙහි ශක්‍යතාව නැතිනම් විශ්වාසනීයත්වය, පිළිගත් විද්‍යා අදහස් වුව පෙරළීම හෙවත් වෙනස්කිරීමම, සහ විද්‍යාඥයන් අතර මතභේද තුළින් වටහා ගත යුත්තේ කුමක්ද යන්න ගැන ක්‍රියාකිරීම මගින් විද්‍යාවෙන් විශාල කොටසක් විශ්වාසය මත පිළිගැනීමත් ඊට එරෙහිව විවෘත මනසකින් යුක්ත වීමේ වැදගත්කමත් යන දෙක අතර තුලනයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව වටහා ගැනීමට සිසුනට උපකාර කළ හැකිය.
සෞන්දර්යාත්මක ප්‍රතිචාර ප්‍රවර්ධනය කරමු
වැඩිදෙනෙකු විද්‍යාව සලකන්නේ සුහද බවකින් තොර දෙයක්, එමෙන්ම උනන්දුව දල්වන්නේ නැති දෙයක් හැටියටය. කෙසේ වෙතත් යමක් පිළිබඳ — අපි හිතමුකෝ තාරකා පිහිටීම නැතිනම් අහසේ නිල් පැහැය නැතිනම් මිනිස් හදවත ගොඩනැගී ඇති ආකාරය කියලා– යමක් පිළිබඳ විද්‍යාත්මක අවබෝධය මගින් එවන් සංසිද්ධිවල රොමෑන්තික සහ අධ්‍යාත්මක තේරුම් විස්ථාපනය කරණු ලැබීම හෙවත් අවලංගු කරණු ලැබීම සිදු කළ යුතු නොවේ. එපමණක් ද නොව විද්‍යාත්මක දැනුම – තිරයක් හරහා දකින වීථි ලාම්පුවල විවර්තන රටා, ඇසටනොපෙණෙන ජීවියෙකුගේ ජීවන නාඩි වැටීම, කැන්ටිලීවර පාලමක නැම්ම, සජීවි සෛලවල දහන කාර්යක්ෂමතාව, ගලක හෝ ගසක තිබෙන ඉතිහාසය, විශිෂ්ට ගණිතමය ඔප්පු කිරීමක් වැනි අතිරේක සෞන්දර්යාත්මක ප්‍රතිචාරයන්ට මගපාදයි. අදහස්, ක්‍රම, එතකොට මෙවලම්, ව්‍යුහයන්, වස්තූන් සහ සජීවීන්ගේ අලංකාරය වෙත දක්වන සිය ප්‍රතිචාරයන් පුළුල් කිරීමට සහ වඩාත් තීව්‍ර කිරීමට සිසුනට හැකිවන ඉගෙනුම් වාතාවරණයක් ස්ථාපිත කිරීමට විද්‍යාව, ගණිතය හා තාක්ෂණය උගන්වන ගුරුවරුන් ක්‍රියා කළ යුතුය.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ TEACHING SCIENCE, MATHEMATICS, AND TECHNOLOGY නම් 13වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.