ගෝලිය උණුසුම්වීම කියන්නේ මොකක්ද?

Posted by

ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස පිළිබඳව බොහෝ දේ අද අපට අහන්නට කියවන්නට  ලැබෙනවා. එය එසේ වුව ත්මේ සිදුවන වෙනස්‌කම් තේරුම් ගන්න උපකාරී වන යන්ත්‍රොපකරණ කීපයක් නිර්මාණය කර ඇති ඇභ්‍යවකාශ විද්‍යාඥවරියක වන මැගී ඒඩරින්-පොකොක් කියා සිටින්නේ අප අතීතය දෙස හැරී බැලුවොත් අපේ ග්‍රහලෝකය වන පෘතුවියේ දේශගුණය හිම යුගයේ සිට නියඟ සහ තාප තරංග දක්වා නිරන්තරයෙන් වෙනස් වී ඇති හැටි අපට දැකගන්න පුලුවන් බවයි. එහෙනම් ඇයි දැන් අප මේ ගැන මේ තරම් කරදර වෙන්නේ, කලබලවෙන්නේ?  

Related image

දේශගුණික විපර්යාසය පිළිබඳව අද අප  අත්දකින  ප්‍රධාන ගැටලුව තමයි එය ඉතාම වේගයෙන් සිදු වීම. අපි මීට පෙර දැක්කා විපර්යාසයන්ට වඩා වැඩි වේගයකින් මෙය සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේශගුණ විපර්යාස සිදු වන්නේ ගිනි කඳු, සූර්යයාගේ ක්‍රියාකාරකම්  වගේ ස්වභාවික සංසිද්ධීන් නිසා නෙමෙයි. අපේම, ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි මේ විපර්යාසය ඉතාම වේගයෙන් සිද්ධ වෙන්නේ. අප තාක්ෂණික වශයෙන් තව තවත් දියුණු වෙන විට මෝටර් රථ, ගුවන් යානා, පරිගණක වැනි යන්ත්‍ර පණ ගන්වන්න අපට තව තවත් බලශක්තිය අවශ්‍ය වෙනවා. “මගේ අවුරුදු 2 ක් වයස දුව පාවා විඩියෝ දර්ශන නැරඹීමට මගේ අයි පෑඩය භාවිත කරනවා. මේ ආකාරයට ඉතා කුඩා කාලයේ ඉඳලාම අපි බලශක්තිය භාවිතා කරන්න පටන් ගන්නවා” යයි ඇය සඳහන් කරනවා.

       වැඩියෙන් බලශක්තිය ලබා ගන්න අපි මෝටර් රථ වලට යොදන පෙට්‍රල් වැනි පොසිල ඉන්ධන වර්ග වැඩියෙන් දහනය කරනවා. වැඩියෙන් විදුලිය ලබා ගන්න වැඩියෙන් ගල් අඟුරු සහ ගෑස් යොදා ගන්නවා. මෙයින් අපිට අවශ්‍ය බලශක්තිය ලැබුණත් ඒ තුළින් කාබන් ඩයොක්සයිඩ් වැනි “හරිතාගාර වායුන්” නිශ්පාදනය වෙනවා. මේ වායු වර්ග පෘථිවි වායු ගෝලයේ තැන්පත් වෙලා සූර්ය තාපය ග්‍රහණය කරගෙන දේශගුණය වෙනස් කරනවා. මූලික වශයෙන්ම පෘථිවි උෂ්ණත්වය ඉහළ නංවනවා. මෙය ඉතාම නරක දෙයක් ලෙස එකවරම නොපෙනුණත් ලෝකය පුරා ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වලට ප්‍රධාන වශයෙන් බලපාන ගංවතුර, නියඟ වැනි ව්‍යවසන වලට මේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම බලපාන්න ඉඩ තිබෙනවා.

Related image

    අපට තනි පුද්ගලයන් වශයෙන් මේ සදහා කල හැකි කිසිවක් තිබෙනවාද? මෙය පෘතුවියේ ජීවත් වන සියලු දෙනාට බලපාන විශාල ප්‍රශ්නයක් වුවත් අපට මෙය වෙනස් කිරීමට කළ හැකි යම් යම් දේවල් කීපයක්ම තිබෙන  බව ඒඩරින්-පොකොක් පෙන්වා දෙනවා.

බලශක්තිය ඉතිරි කිරීම – දේශගුණික විපර්යාස හට ගන්නේ බලශක්තියට සඳහා ඇති ඉල්ලුම මතයි. ඒ නිසා භාවිතා නොකරන විදුලි පහන් නිවා දැමීම, අඩු බලශක්තියක් වැය වන විදුලි පහන් භාවිතා කිරීම යනාදී වශයෙන්  බලශක්ති ඉල්ලුම අඩු කිරීම පිණිස අප කරන ඕනැම ක්‍රියාවක් මේ සදහා උපකාරී වෙනවා.

Related image

හැකි සැම විටම ප්‍රතිචක්‍රීකරණය කිරීම – කාඩ්බෝඩ්, විදුරු, ප්ලාස්ටික් වැනි අප නිතර භාවිතයට ගන්නා ද්‍රව්‍ය නිශ්පාදනය සදහා විශාල බලශක්තියක් වැය වෙනවා. ප්‍රතිචක්‍රීකරණය මගින් අප දනටත් භාවිතයට ගන්නා  ද්‍රව්‍ය නැවත භාවිතා කර යම් බලශක්ති ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.

Related image

දේශීයව නිශ්පාදිත ආහාර අනුභව කිරීම – විදෙස් රට වල සිට ගුවන් මගින් ආහාර ගෙන එන විට එය අපට ලැබෙද්දී යම් බලශක්තියක්‌ වැය වෙනවා. දේශීයව නිශ්පාදිත ආහාර අනුභව කිරීමෙන් ප්‍රවාහනය වෙනුවෙන් වැයවන බලශක්තිය අවම මට්ටමක තබා ගත හැක. “මම මෙය තරමක් අමාරු කාර්යයක් බව තේරුම් ගත්තා. මම කෙසෙල් අනුභවයට ප්‍රියයි. එහෙත් මා ජීවත් වන එංගලන්තයේ කෙසෙල්  වැවෙන්නේ නැත. එමනිසා මම ආහාරයට ගන්නා කෙසෙල් ප්‍රමාණය අඩු කිරීමට මම උත්සහ ගන්නවා” අභ්‍යවකාශ විද්‍යාඥවරිය කියා සිටිනවා.

Related image

අනිත් පුද්ගලයන් දැනුවත් කරන්න – මෙය ලොව පුරා ව්‍යාප්ත වී ඇති ගැටළුවක් බැවින් වැඩි පිරිසක් මේ සදහා මැදිහත් වීම තමයි ගැටළුව විසඳා ගැනීමට් උත්සාහ දැරීමේ දී වඩා සුදුසු විධිය. එතකොට අප සියල්ලන්ටම එක්‌වී යම් වෙනසක් සිදු කල හැකිනේ, නේද?

Big Questions from little people ග්‍රන්ථයේ  What is Global Warming? (By Dr. Maggie Aderin-Pocock)   යන කොටස ඇසුරෙනි.

පරිවර්තනය හා සැකසුම: දිල්රූ දොඩාවත්ත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.