සැමට විදු නැන නුවණ – Science Literacy for All

ආතතියෙන් පෙළෙනවිට අප වැඩිපුර පැණි රස හොයන්නේ ඇයි?

 

අසීරු අවස්ථාවලට මුහුණ දෙද්දී අප චොකලට් සහ වෙනත් කාබොහයිඩ්‍රේට සඳහා අපේ අශාව වැඩිවන්නේ මන්දැයි මොළය ගැන පර්යේෂණ පිරිසක් පැහැදිලි කරයි. 

කාබොහයිඩ්‍රේට ශරීරයට වඩාත්ම ඉක්මනින් ශක්තිය සපයන මාර්ගයකි. ඇත්තවශයෙන්ම සංජානනය පිළිබඳ පරීක්ෂණවලදී පෙනී ගියේ පීඩනයට හෝ ආතතියට පත් පුද්ගලයන් කෑමට පෙර පරීක්ෂාවන්ට ලක්වීමේදී පරීක්ෂණයන්ට දුර්වල ආකාරයෙන් මුහුණ දෙන බවයි. කෙසේ වෙතත්, කෑමෙන් අනතුරුව ඔවුන්ගේ කාර්ය සාධනය ඉහළ ගියේය.

Related image

අප කුසගින්නේ සිටින විට මොළයේ කලාපවල සම්පූර්ණ ජාලාවක්ම ක්‍රියාකාරී වේ. මේ ජාලා  කේන්ද්‍රෙයහි හෙවත් මධ්‍යයෙහි ඇත්තේ පාර්ශ්වීය හයිපොතැලමසයේ (ventromedial hypothalamus)  සහ උදරීය හයිපොතාලමයයි (lateral hypothalamus). (මොළයේ හයිපොතැලමසය ස්නායු පද්ධතියබඩගින්න,පිපාසය ආදී පාලනය කරන සහ නින්ද හා චිත්තාවේගවලට සම්බන්ධ කොටසකි) ඉහළ මොළ නාරටියේ පිහිටි මේ කලාප දෙක මගින්(ජීවිතයට අවශ්‍ය වන ඓන්ද්‍රීය ක්‍රියාදාමය වන) පරිවෘත්තීය (metabolism), ආහාර ගැනීමේ චර්යාව සහ ජීර්ණ ක්‍රියාකාරිත්වයන් නියාමනය කරනු ලැබේ. කෙසේවෙතත්, ඉහළ ප්‍රවාහයේ දොරටු පාලකයෙකු ඇත: එනම් හයිතොතැලමසයේ න්‍යෂ්ටිකය. මොළයට ග්ලූකෝස් හිඟ බව මෙයට දැනී ගියොත් මේ දොරටු පාලකයා  සිරුරේ සෙසු කෙටස්වලින් තොරතුර වසන් කරයි. සිරුරේ සෙසු කොටස්වලට ඕනෑ තරම් ශක්තිය සැපයී තිබුණේ වී නමුත් ශක්තිය අවශ්‍ය යයි මොළය හැඟවීමක් කළ සැණෙන් අප කාබොහයිඩ්‍රේට්ස්ම සොයන්නේ ඒ නිසා තමයි.   

Related image

 

මොළය සහ කාබන්හයිඩ්‍රේට් අතර සම්බන්ධය තවදුරටත් අවබෝධ කරගනු වස් පර්යේෂකයන් පිරිසක් පුද්ගලයන් 40 දෙනෙකු සැසිවාර දෙකක් ඔස්සේ පරීක්ෂා කර බැලූහ. ඉන් එක සැසියකදී පර්යේෂකයෝ අමුත්තන් ඉදිරියේ විනාඩි දහයක කතාවක් පවත්වන්නැයි අධ්‍යයනයට සහභාගි වන්නන්ගෙන් ඉල්ලා සිටියහ. එවැනි කතාවක් පැවැත්වීම අනෙක් සැසියේදී අවශ්‍ය නොවීය. මේ සෑම සැසියකම අවසානයේදී සහභාගිවන්නන්ගේ රුධිරයෙහි ඇති කෝටිසොල්(cortisol) සහ අඩ්‍රොනලීන්(adrenaline) යන ආතති හෝමෝන ඒකරාශී වී ඇති ප්‍රමාණය පර්යේෂකයන් මැන බැලූහ. කැමැති ප්‍රමාණයක් කෑමට හැකි බුෆේ කෑමද පැයක් තිස්සේ ඔවුනට(සහභාගිවන්නන්ට)  සැපයිණ.  බුෆේ ආහාර ගැනීමට පෙර සහභාගිවන්නන් කතාවක් පවත්වන විට ඔවුන් වඩාත් ආතතියෙන් පසුවූ අතර ඔවුන් කතාවක් නොපැවැත්වූ සැසියේදීට වඩා සමාන්‍ය වශයෙන් අතිරේක කාබොහයිඩ්‍රේට්  ග්‍රෑම් 34ක් පරිභෝජනය කළහ.

දැන් අප ආයෙත් චොකලට් ගැන කතාවට යොමු වුණොත්? “කිසියම් අයෙකුට අපර භාගයේදී චොකලට් කෑමට තදබල ආශාවක් ආවොත් මා නම් කියන්නේ ඇයට හෝ ඔහුට සුවදායකව ඉන්නට සහ චිත්ත‍ශක්තිය වැඩිකරගැනීමට චොකලට් කන්න දෙන්න කියලයි” ආචිම් පීටර්ස්  කියා සිටී. එයට පදනමක් වශයෙන් ඔහු  පෙන්වා දෙන්නේ වැඩ රාජකාරීවල නිරත අය බොහෝ විට ආතතියට පත්වන අතර මොළයට අවශ්‍ය ශක්තිය  එහෙයින් වැඩිවන බවයි. ලුබෙක් විශ්වවිද්‍යාලයේ ආත්මාර්ථ මොළ ශායනික කණ්ඩායම මෙහෙයවන පීටර්ස් මොළ පර්යේෂකයෙක් හා දියවැඩියා රෝග විශේෂඥයෙක් ද වේ.

කෙනෙකු, කිසිම දෙයක් ආහාරයට නොගතහොත් මොළය සිරුරෙන් ග්ලූකෝස් ලබා ගැනීමට ඉඩ ඇති අතර එහෙයින්ම, මේද සහ පේශී සෛල සඳහා සැපයීමට තිබෙන ආතති හෝමෝන වඩ වඩාත් මුදා හැරීමට සිදුවේ. මෙය කෙනෙකු දුක්ඛිත තත්ත්වයට පත් කරනවා පමණක් නොව එය හෘදයාබාදයක අඝාතය හෝ දිගුකාලයේදී විෂාදය ඇතිවීමේ අවදානම ද වැඩි කරයි. මෙයට විකල්ප වහයෙන් (සිරුරෙන් ග්ලූකෝස් ලබා ගැනීමට පෙළඹෙන්නේ නැතිව) මොළයට අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා වැඩ කෙරෙන ප්‍රමාණය ඉතිරි කර ගත හැකි නමුත් එවිට සිදුවන්නේ අවධානය හා කාර්ය සධනය පහළ වැටීමයි. වැඩිවන මොළයේ අවශ්‍යතා සපුරාලීම පිණිස කෙනෙකුට (මෙම පර්යේෂණයේදී ඊට සහභාගිවන්නන්  කළ පරිදි) සෑම දෙයකින්ම වැඩියෙන්   කෑමට ගත හැකිය. නැතිනම් ශරීරයට යම් පහසුවක් අත්පත්කරදෙමින් පැණිරස කෑම පමණක් ගත හැකියි.

Related image

සිය කුඩා සිරුරට සාපේක්ෂව බිළිඳුන්ගේ මොළය අතිශය විශාල නිසා ඔවුන්ට ශක්තිය බෙහෙවින් අවශ්‍යය. ඔවුනට ඒ ශක්තිය (සීනි බහුලව ඇති) මව් කිරෙන් ලැබේ.  පැණි රසට ඇති අපේ ආශාව කාලයත් සමග අඩු වී ගියද අප වැඩිහිටියන් වීමෙන් පසුව වුවද එය සම්පූර්ණයෙන්ම අහෝසි වී නොයන්නේය. එම ආශාව රඳවාගෙන ඇති ප්‍රමාණය පුද්ගලයෙකුගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එය රඳා පවතින්නේ (අනෙකුත් දේවල් අතරේ) ජීවන තත්ත්වයන් මතය. කුඩා කාලයේදී බෙහෙවින් ආතතිය අත්විඳින අය ජීවිතයේ පසු කලෙකද පැණිරසට දැඩි කැමැත්තක් පෙන්නුම් කරන බව අධ්‍යයනයවලින් පෙනී යයි. ප්‍රමාණවත් තරම් මේද තැන්පතු තිබුණට ඇතැමුන්ට ශරීරයේ සංචිතයෙන් මොළයට ශක්තිය ලබා ගත නොහැක. මෙයට බලපාන වැදගත්ම සාධකය නිදන්ගත ආතතියයි. මේ අය නිතර ප්‍රමාණවත් අයුරින් ආහාර ගත යුතුවේ. ආහාර ගැනීමේ එවැනි ඇබ්බැහියකින් ඈත්වීමේ මග වන්නේ බොහෝවිට ආතති සහගත පරිසරය ස්ථාවරම අතහැර යාමයි.

ඉතින් ඕනෑමට වඩා පැණිරස කෑම ගැන සමහරු තමන්ටම දොස් පවරා ගනිති. එවැනි දොළදුකකට හේතුව ආත්ම පාලනයක් නැතිකමට නොවන්නට පුළුවන් යයි සිත තබා ගත යුතු බව මේ පර්යේෂණයෙන් හෙළිවෙයි. ඒ අය අතීතයේ සහ වර්තමානයේ ජීවන රටාව සහ ආතතියෙන් පිරි අවස්ථා ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. ආතතියට මුල් හේතුවට පිළියම් යෙදූ විට එය ඉබේටම විසඳී යනු ඇත.

Scientific American Mind(May/June 2019)  හී පළවන   Why Do We Crave Sweets When  We’re Stressed? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: