ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ඩයිනසෝර යුගය ආරම්භ වූයේ කවදාද?
අවසානය ගැන කියතොත් එය පැමිණියේ හදිසියේය. හරහට කිලෝමීටර 180ක් වූ ධූම කේතුවක් හෝ ග්‍රහකයක් (asteroid) මැක්සිකෝ බොක්කට කඩා වැටුණේ මුළු ලෝකය පුරාවට ගිනිජාල, විදාරණ(පිපිරීම්) සහ දැවැන්ත නැතිනම් මෙගා මට්ටමේ සුනාමි මුදාහරිමිනි. මේවායින් ඇතිවූ සුන්බුන් වසර ගණනාවක් යන තුරු හිරු එළිය පොළවට පතිතවීම අවහිර කළේය. ඩයිනසෝරයන්ට — ඒ වාගේම ඔවුන් සමග නෂ්ටප්‍රාප්තවූ, ව්‍යසනයට පත්වූ අනෙකුත් ජීවීන්ගෙන් 75%ට — ආයෙත් ගැලවීමක් ගැන සිතන්නටවත් බැරි විය.
මෙය වසර මිලියන 65කට පෙර සිදුවූ ඩයිනසෝර සතුන්ගේ විනාශය පිළිඳ කතාව හොඳින් දන්නා එකකි. එහෙත් ඔවුන්ගේ ආරම්භය හෙවත් සම්භවය පිළිබඳ කතාව නම් ඒ තරම් ප්‍රචලිත නැත. ඩයිනසෝරයන් අඩුතරමින් වසර මිලියන 135ක් වත් ගොඩබිම ප්‍රමුඛ සත්ව වර්ගය ලෙස පසුවී යයි සැලකේ. මෙය එක් ඕනෑම සත්ව කණ්ඩායමක් මේ මිහිතලය මත ආධිපත්‍යය පතුරුවාගෙන සිටි දීර්ඝතම කාලයයි. ආකාශ වස්තුවක් මිහිපිට කඩාවැටීමේ සිද්ධිය නොවන්නට ඔවුන් (ඩයිනසෝරයන්) තවමත් මුලසුනේ සිටිනු නොඅනුමානයි. මේ විශිෂ්ඨ මෘගයන් පැමිණියේ කොයිබින්ද?
සිය ප්‍රතිමල්ලවයන්ට වඩා පරිණාමීය වශයෙන් උසස්වීම නිසාවෙන් ඩයිනසෝරයන් වසර මිලියන 250කට පමණ පෙර සීඝ්‍රයෙන් ප්‍රමුඛත්වයට පැමිණියේ යයි යනුවෙනි. වසර ගණනාවක් යන තුරුම පාෂාණීධාතු විද්‍යාඥයන් කල්පනා කළේ. ඔවුන් මුලින්ම පරිණාමය වූ ත්‍රියාසික භූ යුගය සැලකෙන්නේ නියම ඩයිනසෝර යුගයට — එක්තරා විදිහක ‘සුළු ජුරාසික‘ (Juarassic-lite) යුගයකට හුදු පෙරහුරුවකට වැඩියමක් නොවන හැටියටය.
එහෙත් එය සිදුවූයේ ඔය ආකාරයටම නොවන බව අපි දැන් දන්නෙමු. ඩයිනසෝරයන්ගේ සාර්ථකත්වයේ රහස හුදෙක් වාසනාවයි. ඔවුහු හරි වෙලාවට හරිතැන සිටියහ. තවද ඔවුන්ගේ විනාශය මෙන්ම ඔවුන්ගේ ප්‍රභවය යන දෙකටම මුල පිරුණේ මහා විපත්තිදායක නෂ්ටප්‍රාප්තවලින්ය. වසර මිලියන 251කට පෙර ආදී කාලීන පර්මීය යුගය අවසානයේ මෙලොව සකල ජීවයෙන් 90%ක් හිටි අඩියේ අතුරුදහන් විය. මෙලෙස මිහිපිටින් අතුගෑවී යාමට හේතුව(හෝ හේතු) ගැන නම් උණුසුම වාද විවාද ඇති වුවද එහි විනාශකාරී බලපෑම ගැන නම් සැකයක් නැත. සකල ජීවයම පාහේ නෂ්ටප්‍රාප්ත වී ගියේ පැංජීය නමින් හඳුන්වනු ලබන අති දැවැන්ත එවක එකම මහද්වීපය මත තනි අඳුරු සහ හිස් භූ දර්ශන පමණක් ඉතිරි කරමිනි. ශාක කිහිපයක් සහ ගොඩබිම විශාල සතුන් කිහිප වර්ගයක් කෙසේ හෝ දිවි ගලවාගෙන පැවතීමට සමත් වූ අතර ඊළඟ වසර මිලියන 50 තුළ දී ඔවුහු ක්‍රම ක්‍රමයෙන් හිස් ග්‍රහලෝකය නැවතත් ජීවයෙන් පුරවන්නට පටන් ගත්හ.
මේ තත්ත්වයෙන් වාසියක් අත්පත්කර ගන්නට සමත් වූ ප්‍රථම පිරිස වූයේ සිනප්සිඩා යනුවෙන් හඳුන්වනු ලබන, ක්ෂීරපායීන් සමාන උරග කණ්ඩායමත්ය. මුල් කාලීන ත්‍රියාසික යුගයේ ඔවුන් ප්‍රමුඛව සිටි අතර ක්ෂීරපායීන්ට මග පෑදීය. ත්‍රියාසික යුගයේ මැදවන විට ඩියප්සිඩා නම් දිවි ගලවාගත් පර්මීය උරගයන්ගේ දෙවැනි කණ්ඩායමක් ඔවුන් අභිබවා ඉස්මතු විය. ඔන්න ඔය අවස්ථාවේ තමයි වැඩේ අද්භූත ස්වරූපයක් ගන්නට පටන් ගත්තේ.
උරගයන්ගේ පාලනය
මේ මෘගයන්ගෙන් සමහරක් ජලය වෙත ඇදී ගිය අතර අනෙකුත් හුරුපුරුදු සාගර උරග පිරිස (ඇත්තටම ඔවුන් ඩයිනසෝරයන් නොවුණත්) කුඩා ළමුන්ගේ ඩයිනසෝර පොත්වල එන ඉක්තියෝසෝර(icthyosaurs), ප්ලෙසියෝසෝර(plesiosaurs) සහ අනෙකුත් උරගයන් බවට පරිණාමය වූහ. තවත් පිරිසක් සර්පයන් හා කටුස්සන් ලෙස පරිණාමය වූහ. ඒ කෙසේ වෙතත් වඩාත්ම ආකර්ෂණීය පරිණාමීය ක්‍රියාව පාලක උරගයන් යනුවෙන් දැක්වෙන ආච්සෝර(archosaur) නම් ගොඩබිම සතුන් කණ්ඩායමක් අතරේ සිදුවෙමින් පැවතිණ. මේ පිළිබඳ සම්මත මතය වන්නේ ආච්සෝරයන් ත්‍රිසායික මැද යුගයේ පරිණාමය වූ බවත් එමෙන්ම වැඩිකල් නොගොසින් කිඹුලන්, ඩයිනසෝරයන් සහ පියාඹන ටෙරෝසොර්සන් ඔවුන්ගෙන්හට ගත් බවත්ය. ඔවුන් විසින් කලවමේ තවත් ‘අනෙක් අය‘ ද බිහිකළ නමුත් ඔවුන් ඒ තරම් වැදගැම්මකට ඇති අය නොවූහ.
The Archosauria
හැබැයි ඩයිනසෝරයන් වශයෙන් පරිණාමය වූ වහාම වාගේ ඔවුහු සිය බලය පෙන්වන්නට පටන් ගත්හ. වඩාත් උසස් පරිණාමීය අනුවර්තනයන්ට ස්තුති වෙන්නට ඔවුහු ඉක්මනින්ම ගොඩබිම ප්‍රමුඛ සතුන් බවට පත්වූයේ ත්‍රිසායික ඩයිනසොරයන්ගේ උදාව සලකුණු කරන යුගය බවට පත් කරමිනි.
ඒත් ඇත්තටම එහෙමද? මුල්ම කාලයේ ඩයිනසෝරයන් ත්‍රියාසික යුගයේ මැද භාගයේ පාෂාණ අතරේ දැකිය හැකි බව ඇත්තකි. ඒ අතුරෙන් පැරණිතමයා හමුවන්නේ ආජන්ටිනාවේ ඇන්ඩීස් කඳු පාමුල වසර බිලියන 230ක් පැරණි (පාෂාණ) වර්ගයකය.
ඒ කවුද කියන එක අපි හෙට (ඉරිදා) ලිපියේ ඉතිරි කොටස කියවා බලමු.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID THE AGE OF THE DINOSAURS BEGIN? පරිච්ඡේදය ආශ්‍රයෙනි.