සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 18: ඩයිනසෝර යුගය ආරම්භ වූයේ කවදාද? II කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

ඩයිනසෝර යුගය ආරම්භ වූයේ කවදාද?

මුල්ම කාලයේ ඩයිනසෝරයන් අතුරෙන් පැරණිතමයා හමුවන්නේ ආජන්ටිනාවේ ඇන්ඩීස් කඳු පාමුල වසර බිලියන 230ක් පැරණි (පාෂාණ) වර්ගයකය යයි ඊයේ ලිපියේ සඳහන් වුණා. ඒ කවුදැයි දැන් ලිපියේ ඉතිරි කොටස කියවා බලමු.

මුල්ම යුගයේ පක්ෂීන්

මුලින්ම හඳුනාගනු ලැබුවේ herrerasaurus යන්ය. මොවුන් ද්විපාද, බෙහෙවින් ආදිකාලීන, මාංශභක්ෂක යන්ය. 1959 සොයා ගනු ලැබූ herrerasaurus, theropod නම් කණ්ඩායමකට අයත් යයි සැලකිය හැකි විය. පසු කලෙක අන්තිමේ T.rex, Velociraptor, සහ නූතන පක්ෂීන්ට මග පෑදුවේ මේ කණ්ඩායමයි.

Theropoda

ඊට වසර කිහිපයකට පසුව Eoraptor මතුවිය. මොවුන් අවසානයේ (දිගු, සිහින් ගෙලක් සහ වලිගයක් ඇති) Diplodacus, සහ Apatosaurus  වැනි ශාක භක්ෂක, දිගු ගෙල සහිත අති දැවැන්ත sauropod බවට  පරිණාමය වූයේ මොවුන්ය. ඊළඟට, Pisanosaurus සොයාගැනීමත් සමගම චිත්‍රය සම්පූර්ණ විය.  Pisanosaurus තාරා තුඩු ඩයිනසෝරයන්ගේ පූර්වගාමියෙකු විය. මෙයින් සනාථ වූයේ ඒ තරම් මුල් කාලයකදී පවා ඩයිනසෝරයන්  ප්‍රධාන පවුල් දෙකට බෙදී සිටි බවයි.  එනම්, theropods සහ sauropods  ඇතුළුව saurischians සහ තාරා තුඩු ඩයිනසෝර සහ stegosaurs වැනි ornithischians යනුවෙනි. එහෙත් මෙයින් ද චිත්‍රය සම්පූර්ණ වුනේද?

මේ අවස්ථාව වන විටත් ඩයිනසෝරයන් ප්‍රමුඛව සිටියේය යන අදහසවඩාත් මෑතක සොයා ගැනීම් තුළින් අභියෝගයට ලක් වී තිබේ. මේ නාටකයේ සහායක නළු කැලක්  යන තත්ත්වයෙන් බෙහෙවින් ඔබ්බට ගොස් කලවම් හෙවත් මිශ්‍ර අනෙකුන් ඇත්තන්   නාටකයේ ප්‍රධාන තරු බවට පත් විය. ඩයනසෝරයන් අවධානයෙන් ඉවත් වූවා සේ ය. හැබැයි එසේ වූයේ ත්‍රියාසික යුගය අවසානයේ තවත් නෂ්ටප්‍රාප්තියක් කඩා වැටෙනතුරුයි. කුමක් හෝ හේතුවක් නිසා හදිසි ව්‍යසනයෙන් වැඩියෙන්ම හානි පැමිණියේ අනෙකන්ටය. සියලු ආකාරයේ විශාල, විස්මිත උරගයන්  සදාකාලයටම අතුරුදන්ව ගියේය. තවද, ඩයිනසෝරයන් අභාවයට යාම ක්ෂීරපායියන්ගේ නැගීමට යම් පමණකට හේතුවී ද ත්‍රියාසික උරගයන්ගේ විනාශය ඩයිනසෝර යුගය උදා කළේය. පසු ත්‍රියාසික යුගය archosaurs ‘යහපත් කාලයවිය.

The Archsauria

ඩයනසෝර ආධිපත්‍යය පිළිබඳ මුලාව හෙවත් රැවටිල්ල හට ගත්තේ ත්‍රියාසික ගොඩබිම සතුන්ගේ ෆොසිල හිඟවීම හා ඒවා අසම්පූර්ණවීම යන කාරණාව හේතුකොටගනය. වළසෙකුගේ හෝ සිංහයෙකුගේ හැඩය ගත් දිගුපාද සහිත විලෝපිකයෙකු වූ rauisuchians ද  ඒවා අතර විය. මොවුන්ගේ විශාලතමයා මීටර් 7ක් පමණ දිගු විය. සමහරක් බිය ජනකය. රුවල් වන් පිටුපසකින් යුතු Arizonasaurus එවැන්නන්ය. තවත් ප්‍රමුඛ විලෝපියන් කන්ඩායමක් වූයේ phytosaurs ය. නූතන gharials සතුන්ගේ (ඉන්දියානු අර්ධ්ද්වීපයට ආවෙනික එමෙන්ම මත්ස්‍යයන් අනුභවයට ගන්නා විශාල කිඹුල් වර්ගයක්) පටු හණුවලට මද වශයෙන් සමාන යයි පෙනෙන කිඹුල් ආකාර හණු සහිත මොවුන් දිගු සිරුරින් යුතු උරගයන් විය.

Gharials

වඩාත්ම සුලබ ශාක භක්ෂකයන් වූයේ aetosaurs යන්ය. නූස් සතුන් වූ මොවුන් දිගින් මීටර් 5ක් පමණ විය. කුඩා හිසකින් සහ ආරක්ෂක ආවරණයක් සහිත ශරීරයකින් යුක්ත වූ මොවුන් ඩයිනසෝර යුගයේ ankylosaursයන්ගේ හැඩයෙන් යුක්ත විය.

ඊළඟ වසර මිලියන 10 තුළ මහ පොළොව අයත් වූයේ  වැඩිමනක් දැනුමක් අපට නැති මෙම සතුන්ටය. ඩයනසෝරයන්ට හිමිව තිබුණේ සුළු භූමිකාවකි. ඔන්න ඉතින් ඒ එක්කම වසර මිලියන 200 කට පෙර ත්‍රියාසිත-ජුරාසික මහා නෂ්ටප්‍රාප්තිය එළඹියේය. එය, පසුගිය වසර මිලියන 500 ඇතුළෙහි සිදුවූ වඩාත් ව්‍යසනමය නෂ්ටප්‍රාප්ති පහෙන් එකක් වුවද ඊට යොමු වී ඇත්තේ මද අවධානයකි. ඊට අර්ධවශයෙන් හේතු වූ එක් කාරණාවක් වූයේ මෙම නෂ්ටප්‍රජාප්තිය හට ගැනීමට පැහැදිලි හේතුවක් දැක ගත හැකි නොවීමයි. එමෙන්ම අර්ධව ගත් කළ එමගින් බිලිගත් ප්‍රතාපවත් ගොදුරු නොවීමත්ය. එහෙම නැහැ කියලමත් කියන්න බැහැ. ඇයි  archosaurයන්? අහවල් කාරණය කියා කියන්නට බැරි හේතුවක් නිසාවෙන් ඔවුන්  හොඳ හැටි බැට කෑ නිසාවෙන් මෙලොව උරුමකරගන්නට ඉතිරි වූයේ ඩයිනසෝරයන්ය.

the demise of archosaur සඳහා පින්තුර ප්‍රතිඵල

The forgotten archosaurs

 

අඳුරෙන් එළියට

ත්‍රියාසික යුගය අවසානයේ ඩයනසෝරයන්ගේ නැගීම ක්‍රිටේසීය යුගය අවසානයේ ක්ෂීරපායින්ගේ නැඟීමට සමානය. වසර මිලියන ගණනක් තිස්සේ අවධානයකින් තොරවකැපී නොපෙනෙන ජීවිත ගත කළ ඩයිනසෝරයන් තමන් මේ ග්‍රහලෝකයේ කෙරුම්කාරයන්ය යන බව හදිසියේම වාගේ පෙනී ගියෙන් ඔවුහු ඉන් ඵල ප්‍රයෝජන නෙලාගත්තා. පසු ත්‍රිසායික යුගයේ දී ඩයිනසෝරයන් හමුවන්නේ දුරාවාරයේ වුවද ඔවුන් මුල් ජුරාසික යුගයන් හි දී ප්‍රමුඛස්ථානයෙහි වැජඹුන බව ෆොසිල පෙන්නුම් කරයි. හුදු වසර 30,000ක් තරම් කාල සීමාවකදී ඩයිනසෝර විශාලතමයන්ගේ පා සලකුණු සෙන්ටි මීටර 25 සිට 35 කින් එකවර ඉහළ නැගීම දක්වයි. ඉන් අදහස් වන්නේ ඒ පා සටහන් තැබූ සතා එකී කාල පරාසය තුළ ප්‍රමාණයයෙන් දෙගුණයක් වූ බවයි. එය තමයි ඩයිනසෝර යුගයේ නියමාකාර උදාව.

Related image

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID THE AGE OF THE DINOSAURS BEGIN?  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: