‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත. ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු, ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා, එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු වී ඇති උගැන්වීම් පිළිබඳ භාවිත දැනුමද ප්‍රයෝජනයට ගනිති. ඉගෙනීමට දෙන දේවල සුවිශේෂී ගති ලක්ෂණ, සිය ශිෂ්‍යයන්ගේ පසුබිම සහ ඉගෙනීම සහ ඉගැන්වීම සිදුවන්නේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න ගැන ආකෘතිකව ඔවුහු සැලකිලිමත් වෙති.
එවන් ගුරුවරුන්ගේ ප්‍රවේශයෙහි ගතිලක්ෂණවලට අනුකූල ඉගෙනුම් සහ ඉගැන්වීම් මූලධර්ම කිහිපයක් — ක්‍රමානුකූලව හෝ සම්පූර්ණව නොවූවත් — මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. මේ මූලධර්ම බොහොමයක් පොදුවේ ඉගෙනීමට මෙන්ම උගැන්වීමටද අදාළ වන නමුත් සමහරක් පැහැදිලිවම වැදගත් වන්නේ විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණවේදය අධ්‍යාපනයටයි. පහසුව තකා මෙම ලිපි මාලාවේදී (ඒවා සමීපව එකිනෙකට සම්බන්ධ වුවද) ඉගෙනුම හා ඉගැන්වීම වෙනම ම කොටස් හැටියට ඉදිරිපත් කර ඇත.
ගණිතය හා විද්‍යාව ඉගෙන ගැනීම සම්බන්ධයෙන් බොහෝ සිසුනට බලවත් සැකසංකා මෙන්ම අසාර්ථක වේය යන බිය සහිත හැඟීම් තිබෙන බව ගුරුවරුන් අවබෝධ කර ගත යුතුයි. මේ වගේ තත්ත්වයක් උදාවෙන්නේ අර්ධ වශයෙන් ගතහොත් උගන්වන්නේ මොකක්ද? උගන්වන්නේ කෙලෙසද? (උගන්වන දෙය සහ ක්‍රමය) යන හේතුවෙන් සහ තවත් අතකට විද්‍යාව හා ගණිතය ගැන තමන්ටමත් චකිතයක් ඇති දෙමාපියන් හා ගුරුවරුන්ගෙන් පාසල් අවධියේ මුල්ම කාලයේ පටන්ම සිසුන් උකහාගන්නා ආකල්යන් හේතුවෙන් යන්න ගැන සැකයක් නොමැත. කොහොම වෙතත්, විද්‍යාව හා ගණිතය ගැන ඇති සැක සංකා පදනමකින් තොර යයි ඉවත දමනවා වෙනුවට ගුරුවරු මේ ප්‍රශ්නය ගැන වැටහීමක් තමුන්ට ඇතැයි ද එමෙන්ම සිසුන්ද එක්කරගෙන එය මගහරවා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු යයිද යනුවෙන් සිසුනට සහතික විය යුතුය. මේ සම්බ්න්ධයෙන් ගුරුවරුන්ට. මතු දැක්වෙන ආකාරයේ පියවර ගත හැකිය.
සාර්ථකත්වය පදනම් කරගෙන ගොඩ නැගීම
විද්‍යා හා ගණිතය උගෙන ගැනීමේ දී යම් සාර්ථකත්වයක් පිළිබඳ හැඟීමක් සිසුනට තිබෙන බවටත් එමෙන්ම සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායකය උත්තර සියල්ලටම නිවැරදි උත්තර සැපයීම නොවනා බව අවධාරණය කිරීමටත් ගුරුවරුන් වග බලා ගත යුතුය. අන්තිමේදී බැලුවහම, ඉංග්‍රීසි ජාතික ගන්තඥයෙකු සහ දාර්ශනිකයෙකු වන ඇල්ප්‍රඩ් නෝත් වයිතෙඩ් කියන්නා වාගේම විදාවම වුණත් කිසිදිනකවත් හරියටම හරි නැහැනේ? ඕනෑම දෙයක් අවබෝධ කරගැනීම කිසිවිටකත් අංග සම්පූර්ණ නොවන අතර එය විවිධ ස්වරූප ගත හැකිය. ඒ ආකාරයට සියලුම සිසුනට විශේෂයෙන්ම වැඩි විශ්වාසයකින් නොසිටින අයට, ඔවුන්ගේ ප්‍රගතිය ගැන අවබෝධයක් ලබාදීමටත් එමෙන්ම ඉගෙනීම අඛණ්ඩව කරගෙන යාමට ඔවුන් දිරිමත් කිරීමටත් ගුරුවරුන් උත්සාහ දැරිය යුතුවේ.
මෙවලම් භාවිතයේදී ඇති පදම් අත්දැකීම් සපයා දිය යුතුය
බොහෝ ශිෂ්‍යයෝ පරික්ෂණාගාර උපකරණ සහ වෙනත් මෙවලම් භාවිතය ගැන කුලෑටි ගතියක් නතිනම් චතිකයක් දක්වති. ආරක්ෂිත වාතාරවණයක් යටතේ මෙවලම් ගැන පරිචයක්, හුරුවක් ලබාගැනීමට ඇති අවස්ථා නොමැතිකම මෙම චකිතය ඇතිවීමට බලපාන මූලික හේතුවයි. මෙවලම් හා උපකරණ භාවිතරයේදී පිරිමි ළමුන් ස්වභාවිකවම වඩාත් හුරුකම් දක්වන්නේය යන වැරදි මතය හේතුවෙන් ගැහැණු ලමයි විශේෂයෙන්ම පීඩාවට පත්වෙති. මුල්ම ශ්‍රේණිවලින් පටන් ගෙන සියලුම සිසුන් මෙවලම් උපකරණ ගැන මෙන්ම ඒවා නිසියාකාරව භාවිතය ගැන සුහුරුකමක් ක්‍රමයෙන් ලබාගත යුතුවේ. පාසල් අධ්‍යාපනය අවසන් වෙද්දී සියලුම සිසුනට සුලබ අත් මෙවලම්, පාස්සන උපකරණ, විදුලි මීටර, ශ්‍රව්‍ය හා දෘශ්‍ය උපකරණ, කැල්ක්‍යුලේටර සහ පරිගණක සම්බන්ධයෙන් අධීක්ෂණයක් යටතේ ලබාගත් අත්දැකීමක් තිබිය යුතුය.
විද්‍යාවේ දී ගැහැණු ළමුන් සහ සුළුතරයන්ගේ භූමිකාවන්ට අනුබලය සැපයීම
විද්‍යාත්මක සහ ඉංජිනේරු වෘත්තීන් හි පුරුෂයන් හා සුදු ජාතිකයන් ආධිපත්යය පතුරුවා ගෙන ඇති බැවින් මෙම ක්ෂේත්‍ර තමන්ට කිට්ටුවීමට නොහකි දුරකින් ඇත යයි හෝ වෙනයම් ආකාරයකින් තමන්ට ගැලපෙන්නේ නැතැයි හෝ යන සංකල්පනාව ගැහැනු සහ සුළුතර ශිෂ්‍යයන්ට ඇති විය හැකිය. බොහෝ විට පාසලෙන් බාහිර වාතාවරණය හේතුවෙන් වෙර ගැන්වෙන මෙම බෙලහීන කරවන සුළු කල්පනාව ආපස්සට හැරවීමට ගුරුවරුන් උනන්දුවෙන් ක්‍රියා නොකළ හොත් දිගටම එය පවතිනු ඇත. කාන්තාවන් සහ සුළුතරයන්ගේ දායකත්වය විදහා දැක්වෙන ඉගෙනුම් ද්‍රව්‍ය තෝරා ගැනීමට, භූමිකා නිරූපණ(role play) යොදා ගැනීම, අනෙකුත් සියලු දෙනාම මෙන්ම කාන්තාවන් සහ සුළුතරයන් ද එක ම විෂයන්, එකම මට්ටමක දී ඉගෙනගැනීමටත් එමෙන්ම හොඳින් එය ඉටුකිරීමටත් අපේක්ෂිත බව පැහැදිලි කරදීමට ගුරුවරුන් ක්‍රියා කළ යුතුය.
සමූහ ඉගෙනීමෙහි අගය අවධාරණය කිරීම
විද්‍යාව හා ඉංජිනේරු ශිල්පය ක්‍රියාකරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ප්‍රවර්ධනය කරනු වස් කණ්ඩායම් ඉගෙනීම යොදා ගැනීමේ අවශ්‍යතාවට අමතරව සමූහ ඉගෙනුම් ප්‍රවේශයෙහි අභිප්‍රේරණීය (පෙළඹවීමේ) අගයක් ද ඇත. ඉහළ ශ්‍රේණි ලබාගනු වස් ශිෂ්‍යයන් අතරේ තරගයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් විද්‍යාවේ ප්‍රමුඛ අභිප්‍රාය විකෘතිවෙයි: (එම අභිප්‍රාය වනුයේ) දේවල් සොයා දැනගැනීමයි. විද්‍යාපන්ති කාමරයේ සිසුන් අතර තරගය හේතු කොටගෙන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අතරේ විද්‍යාව ගැන අකමැත්තක් වර්ධනය විය හැකි අතර විද්‍යාව ඉගෙනීමට ඇති තම හැකියාව ගැන ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටෙන්නට ඉඩ ඇත. විද්‍යාවේ සාමාන්‍ය ක්‍රමය වන සමූහ ප්‍රවේශය, අධ්‍යයනය සඳහා වාසි ගණනාවකට ඉඩ සලසයි. නිදසුනක් දක්වතොත්, පොදු ඉලක්ක ළඟාකර ගැනීමේදී සියල්ලන්ටම දායක විය හැකිය යන අදහස යෞවනයන් තුළ කාවැද්දීමට මෙන්ම ප්‍රගතිය නැතිනම් ඉදිරියට යාම හුදෙක් සෑම දෙනාටම එක සමාන හැකියාවක් තිබීම මත රැඳී නොමැත යන්න යෞවනයන්ට දැන ගැනීමට ද සමූහ ප්‍රවේශය උපකාරී වේ.
විද්‍යා අධ්‍යාපනය පාසලෙන් ඔබ්බට ව්‍යාප්ත විය යුතුයි
ළමුයි ගුරුවරුන්ගෙන් පමණක් නොව සිය දෙමාපියන්ගෙන්, සහෝදර සහෝදරයන්ගෙන් අනෙකුත් ඥාතීන්ගෙන් සමානයන්ගෙන්(peers) සහ වැඩිහිටි අධිකාරි චරිතයන්ගෙන්ද ඉගෙනුම ලබන්නාහ. ඔවුහු චිත්‍රපටිවලින්, රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, තැටි ඩීවීඩීවලින්, පොත් සහ සඟරාවලින්, නිවසේ පරිගණකයෙන් මෙන්ම කෞතුකාගාර, සත්ව උද්‍යාන, ප්‍රීති සම්භාෂණ, සමිති රැස්වීම් සංගීත සංදර්ශන සහ ක්‍රීඩා උත්සවලට යාමෙන්ද උගෙන ගනිති. එපමණක් ද නොව පාසලේ පොත් සහ පොදුවේ පාසල් පරිසරයෙන්ද උගනිති. ප්‍රජාව සතුව ඇති වටිනා සම්පත්වලින් ප්‍රයෝජනයට ගැනීමට ද සහ දෙමාපියන් මෙන්ම සැලකිල්ලක් දක්වන අනෙකුත් වැඩිහිටියන්ද සම්බන්ධ කරගැනීමට ද ගුරුවරුන් ක්‍රියා කළ යුතුය. තවද, තම සිසුන් අවිධිමත්ව උගෙන ගන්නා දේ අතරින් සමහරක් දේවල් වැරදිය, අසම්පූර්ණය, හොඳින් තේරුම් ගෙන නොමැත හෝ වැරදියට තේරුම්ගෙන ඇත යන බව ගුරුවරුන් හඳුනා ගත යුතුය. එහෙත් එම දැනුම ප්‍රතිව්‍යුහගත කිරීමට, සහ නව දැනුම අත්පත් කර ගැනීමට විධිමත් අධ්‍යාපනයට උදව් කළ හැකිය යන්නද වටහා ගත යුතුය.
ඉගැන්වීම, කාලවේලාව ඇතිපදම් ගෙන සිදු කළ යුත්තකි
විද්‍යාව උගෙනීමේදී ගවේෂණයට, නිරීක්ෂණය කිරීමට, වැරදි පැත්තකට යොමු වීමට, අදහස් පරීක්ෂා කර බැලීමට, දෙයක් නැවත නැවතත් කර බැලීමට, යම් දේවල් ගොඩ නැගීමට, උපකරණ ක්‍රමාංකණයට, දේවල් එකතු කිරීමට, අදහස් පරීක්ෂාකිරීම පිණිස භෞතික හා ගණිතයමය ආකෘති තැනීමට, තමන් හමුවේ ඇති ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය වන්නා යම් ගණිතමය තාක්ෂණික සහ විද්‍යාත්මක දෙයක් ඉගෙනීමට, නුහුරු මෙන්ම සහජ ඥානයට විරුද්ධ යමක් සමග පොර බැදීමට වෙනස් ආකාරයට සිතීමේ වාසි වටහාගැනීමට — මේ සියල්ල සඳහා සිසුනට කාලය අවශ්‍ය වේ. එ මතුද නොව, එක් තනි පාඩමක් හො ඒකකයක් ලෙස පම්ණක් උගැන්වූ විද්‍ය, ගණිත හෝ තාක්ෂණවේද මාතෘකාවක් පාසල් දිවිය අවසාන වනවිට එතරම් සිත් තුළ රැදී තිබීමේ අවකාශය අඩුය. සංකල්ප (සිත් තුළ) පැළපදියම්වීම හා පරිණතවීම පිණිස හුදු වරින් වර සිසුනට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවේ. ඒවා(සංකල්ප) වාරිකව, එමෙන්ම විවිධ සංදර්භ තුල සහ ක්‍රමයෙන් වැඩිවන විදග්ධතා මට්ටම්වලින් යුතුව ලබා දිය යුතුවේ.
‘ඵලදායී උගෙනුම සහ උගැන්වීම’ යටතේ සඳුදා දිනවල පළවූ ලිපි පෙළ මින් අවසන්වේ.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ TEACHING SCIENCE, MATHEMATICS, AND TECHNOLOGY නම් 13වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක අවසන් ලිපියයි මේ.