ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ඇස් පරිණාමණය වූයේ කෙලෙසද?
පරිණාමීය වශයෙන් ගත් කළ ඇස් පියගහන් ඇසිල්ලකින් මේ ලෝකයේ පහල වූ ඇස් අනතුරුව ජීවයේ නීතිරීති සදහට ම වෙනස් කර දැමීය. ඇස් හටගන්නට පෙර, මුහුදේ ඒ මේ අත කම්මැලිකමින් ගත කළ මෘදු ශරීර සහිත සතුන් විසින් ආධිපත්‍ය පතුරා ගෙන සිටි ජිවය වඩාත් ශාන්තය. එමෙන්ම දඩබ්බර ගතියෙන් තොර විය. . ඇස්වල පරිණාමය ගෙන ආවේ වඩාත් කෘෘර වඩාත් තරඟකාරී ලොවකි. ක්‍රියාකාරී දඩයක්කරුවන් වීම පිණිස ඇස්, සතුන්ට අවස්ථාව සලසා දුන්නේය. ඉන් හටගත් පරිණාමීය කෲරතර තරගය අපේ මේ ග්‍රහලෝකය එහෙම පිටින්ම පරිවර්තනයකට ලක් කළේය.
මේ මිහිතලය මත කිසිවෙකු හෝ කිසිවක් සතුව ඇස් ප්‍රථම වතාවට දැක ගත හැකිවන්නේ මෙයට වසර මිලියන 541 කට පෙර (පෙලියෝ සෙයික යුගයේ මුල්කාලය වන) කැම්බ්‍රියානු අවධිය ආරම්භයේදීමය. සංකීර්ණ බහු සෛලීය ජීවය හරියාකාරව ආරම්භ වන්නේ ඔය කාලවලය. ඒ දැනට නෂ්ටප්‍රාප්ත සත්වයන් කණ්ඩායමකය. ඒ, මුහුදු සතුන් වූ විශාල මිරිස් ඇටයන්ට මදක් සමාන පෙනුමකින් යුක්ත ට්‍රිලොබයිට්(tribolites)නම් සතුන්ය. ඔවුන්ගේ ඇස් වර්තමාන කෘමීන්ගේ ඇස්වලට සමානව, සංයුක්ත විය. අනික, ෆොසිල වාර්තාව තුළ ඔවුන්ගේ ආගමනය කැපී පෙණෙන ආකාරයට් ක්ෂණිකය. වසර මිලියන 544ක පෙර ට්‍රිලොබයිට් ආදිතමයන්ට ඇස් නොතිබිණි.
එකී පුදුමකාර වසර මිලියයන කිහිපය ඇතුළත සිදුවූයේ කුමක්ද? එකිනෙකට සම්බන්ධව ඒකරාශී වූ දෘෂ්ඨිවිතාන, කාච, කර්ණිකාව(ක්ළු ඉංගිරියාව), දෘෂ්ටික ස්නායුව එකතුවක් සහිත ඇස් හිටි අඩියේ මතුවීමට තරම් සංකීර්ණ වැඩියි නේද?
ස්වභාව ධර්මයා මගින් සකසණු ලැබීම
ඇස්වල සංකීර්ණතාව පරිණාමවාදීන් සහ මැවුම්වාදීන්(creationists) අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මහා විවාදයක මාතෘකාව වේ. 1802 වර්ෂයේදී විලියම් පේලි නමැත්තා, ඔරලෝසු තනන්නාගේ සාදෘශ්‍යය ඉදිරිපත් කළේය. එහිදී ඔහු කියා සිටියේ ඔරලෝසුවක් බඳු සංකීර්ණ වස්තුවක් තනන්නෙකු නැතිනම් මැවුම්කරුවෙකු නැතිව ඉබේ බිහිවිය නොහැකි බවයි. මැවුම්වාදීහු මෙය ‘සැලසුම්කර සැකසීම‘ යන තර්කය ගෙන ඒම සඳහා යොදා ගනිති. ඔවුන් දක්වන අන්දමට ඇස් යනු කොපමණ නම් අවුල්සහගත, පැටලිලි සහගත අවයවයක් ද කියතොත් ඒවා වරණයෙන් (selection) සහ අහඹු විකෘතියකින් ඒකරාශීවී බිහිවුණේ යයි කීම විශ්වාසනීයත්වය ඉක්මවා යන විකාර රූපී කතාවකි නැතිනම් තර්කයකි. චාල්ස් ඩාවින් මේ තර්කය ගැන මනා අවබෝධයකින් පසු විය. On the Origin of Species නම් සිය ග්‍රන්ථයෙහි කියා සිටියේ ඇස් කොපමණ නම් සංකීර්ණද කියතහොත් ඒවා පරිණාමය වූයේ යන්න අතිශය විකාරරූපී බවක් “පෙනී යන්නේය” යනුවෙනි. එහෙත්, ඔහු එතැනින් කතාව අහවර කළේ නැත. ඔහු බොහොම අපූරුවට පිළිගත හැකි ආකාරකට තර්ක කළේ තමන් කියා සිටියේ බැලූ බැල්මට විකාර රූපී තවත් “පෙනී යන්නේය” යනුවෙන් පමණක් බවයි. අනුක්‍රමණයෙන් අනුක්‍රමණයට ඒ ඒ අනුක්‍රමණය(gradation) ප්‍රයෝජනවත් නම් ස්වභාවික වරණය තුළින් ඉතා සරල ඇස් සංකීර්ණ ඇස් දක්වා වර්ධනය විය හැකිය. මේ ප්‍රහේලිකාව විසඳන මගවන්නේ සත්ව රාජධානිය තුළ මධ්‍යම හෙවත් අතරමැදි මට්ටමේ සංකීර්ණතාවයකින් යුතු ඇස් සොයා ගැනීම බව ඩාවින් පෙන්වා දුන්නේය. එවිට සරල ඇස්වල සිට වඩාත් සංකීර්ණ ඇස් දක්වා මාර්ගයක් එමගින් විවර කර දෙනු ඇත.
එම අතරමැදි ස්වරූප දැන් සොයා ගනු ලැබ ඇත. පරිණාමීය ජීව විද්‍යාඥයන් දක්වන අන්දමට ඉතාමත් ප්‍රාථමික ඇසක් අද අපට තිබෙන කැමරා ඇසක් වැනි සංකීර්ණ ඇසක් දක්වා පරිණාමය වන්නට ගත්වන්නට ඇත්තේ වසර මිලියන භාගයකටත් වඩා අඩු කාලයකි. ප්‍රථම පියවර වන්නේ ආලෝක සංවේදී සෛල පරිණාමණය වීමයි. මෙය පෙනෙන්නේ වැදගැම්මකට නැති හෙවත් නොවැදගත් වැඩක් ලෙසය. ඒක සෛල ජීවීන් බොහොමයකට ආලෝක සංවේදී වර්ණක(pigments)වලින් සැදුනු අක්ෂි ලප(eyespots) ඇත. සමහරකට ආලෝකය වෙත හෝ ආලෝකය වෙතින් ඇදී යාමට පවා පුළුවන. ඒ ආකාරයේ ප්‍රාථමික ආලෝක සංවේදී හැකියාවන්, පැහැදිලිවම නොනැසී පැවතීම වාසිය සපයා දෙයි.
ඊළඟ පියවර වූයේ බහු සෛලීය ජීවීන් එක් තනි තැනක් වෙත සිය ආලෝක සංවේදී සෛල එක්තන් කිරීමයි. කැම්බ්‍රියානු අවධියට බොහෝ කාලයකට පෙර සිටම බාගදා ආලෝක නැතිනම් ප්‍රකාශ සංවේදී සෛල අණ්ඩ බහුලව තිබෙන්නට ඇත. ආලෝකය සොයා ගැනීමටත් එය පැමිණෙන්නේ කොයි දිසාවෙන්ද යන්න සොයා ගැනීම ආදී කාලීන සතුන්ට එමෙගින් ඉඩ සැලසෙන්නට ඇත. ඒ ආකාරයේ ප්‍රාථමික දෘශ්‍ය අවයව ලොඩියන් සහ පැතැලි පණුවන් සහ අනෙකුත් ආදී කණ්ඩායම් තවමත් භාවිත කරන අතර ඒවා පැහැදිලිවම (ඇසක් ආකාරයේ) කිසිමදෙයක් නැතිවාට වඩා (එවන් දෙයක් හෝ තිබීම) යහපත්ය.
අදුරෙන් එළියට
ප්‍රකාශ සංවේදී අණ්ඩ සහිත සරලතම ජීවීන් වූයේ හයිඩ්‍රාය(hydras). එනම් ලොඩියන්ට නෑ සබඳතාවක් ඇති ක්ෂුද්‍ර මිරිදිය සතුන්ය. ඔවුන් සතුව ඇස් නොමැත. එහෙත් දීප්තිමත් ආලෝකයට නිරාවරණය කළ විට බෝලයක් මෙන් හැකිලෙති. පරිණාමීය දෘෂ්ඨකෝණියකින් ගත් කළ ද හයිඩ්‍රාවන් අපගේ උනන්දුව දනවන සුළු සතුන්ය. ඔවුන්ගේ මූලික ආලෝක සංවේදී උපකරණ, ක්ෂීරපායින් ඇතුළු අනෙකුත් පරිණාමීය පරම්පරාවල දැකිය හැකි ඒවාට බෙහෙවින් සමානාකාර වීම ඊට හේතුවයි. මේ ක්‍රියාදාමය දෙවර්ගයක ප්‍රෝටීන මත පදනම්ය. ආලෝකය වැදුණු විට හැඩය වෙනස් කරන ඔප්සින් (opsin) සහ විද්‍යුත් සංඥාවක් ජනනය කිරීමෙන් හැඩය වෙනස් වීමට ප්‍රතිචාර දක්වන අයන චැනලයන්ය(ion channels).
ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ හඟවන්නේ සියලුම ඔප්සින්/අයන චැනල පද්ධති පරිණාමය වූයේ හයිඩ්‍රා වැනි පොදු පූර්වජයෙකුගෙන් බවයි. ඉන් හැඟවෙන්නේ සියලුම දෘශ්‍ය පද්ධතිවලට එක් තනි පරිණාමීය සම්භයක් ඇති බවයි. ඊළඟට පියවර වූයේ ආලෝක සංවේදී සෛල ඇතුළත් කුඩා එබුණු ස්තානයක් හෙවත් ‘වලක්‘ පරිණාමයවීමයි. ආලෝකය පැමිණෙන්නේ කොයිබින්දැයි වෙන්කොට නිශ්චිත කොට හඳුනාගැනීම මේ නිසාවෙන් පහසු විය. එහෙයින් චලනය සංවේදනය කරගැනීමද පහසුය. වල ගැඹුරුවෙන්ට වෙන්ට නිශ්චිත කොට හදුනාගැනීම වඩාත් සාර්ථක විය. මීට අදාළ තවදුරටත් වැඩි දියුණු කිරීම හෙට (ඉරිදා) මේ ලිපියේ දෙවැනි කොටසින් කියවන්න.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID EYES EVOLVE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.