සියල්ලෙහි සුලමුල 19: ඇස් පරිණාමය වූයේ කෙසේද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

ඇස් පරිණාමණය වූයේ කෙලෙසද?

ඇස් වර්තමාන තත්ත්වයට පරිණාමය වුණ සැටි තමයි අප ඊයේ මෙම ලිපියේ මුල් කොටසින් කතා කළේ. සියලු දෘශ්‍ය පද්ධතිවල පරිණාමීය සම්භවය එක් ප්‍රභවයක් වෙත යොමුවන බව ලිපිය අග සඳහන් විය. (ඇසක් වෙනුවට) පරිණාමීය මුල් කාලයේ ඇති වූ ඇතුලට මදක් එබීම නැතිනම් වලගැසීම ගැඹුරුවෙන්නට වෙන්නට නිශ්චිත කිරීම වඩාත් තියුණු බව ද එහි සඳහන් විය.

මෙය තවදුරටත් වර්ධනය කළ හැකි විදිහක් විය. එම ක්‍රමය වූයේඑබුමෙහි නැතිනම් වලගැස්මෙහි කට විවරය ඇතුලතින් පටු කිරීමෙන් සුවිසිදුරු කැමරාවක(pinhole camera) කුඩා විවරය නැතිනම් ඇපචරය  හරහා ආලෝකය ඇතුළට පැමිණවීමට සැලැස්වීමයි.  මේ අන්දමම උපකරණයක් සහිතව දෘෂ්ටි විතානයට(retina), (ඒ මතට වැටෙන) අනුරූප තේරුම් බේරුම් කරගත හැකිවෙයි. මෙය මීට පෙර පැවති ආකෘතිවලට වඩා බෙහෙවින් ඉදිරි පියවරකි. කාච සහ ස්වච්ඡය(සුදු ඉංගිරියාව) නොමැති සුචි සිදුරු කැමරා ඇස් (ශීර්ෂපාදිකයෙකු වන) නෞටිලයන් අතරේ අද දැකීමට පුළුවන.

නෞටිලයන්

අවසාන ප්‍රධාන පෙළේ විපර්යාසය වූයේ කාචයක් පරිණාමය වීමයි. මෙය බාගදා පටන් ගන්න ඇත්තේ අප ඉහත සඳහන් කළ ආලෝකය ඇතුල්වන විවරය මත වැඩුණු සමේ ආරක්ෂිත ස්තරයක් හැටියට වෙන්නැති. එහෙත් එය දෘෂ්ටි විතානය මත ආලෝකය නාභිගත කිරීමට හැකියාව ඇති දෘෂ්ටිමය උපකරණයක් ලෙස පරිණාමනය විය. ඔන්න ඔය සිද්ධිය සිදුවීමත් සමගම අනුරූපණ පද්ධතියක් ලෙස ඇසෙහි ඵලදයිත්වය නැතිනම් ප්‍රයෝජනය සියයට 1 සිට සියයට 100 දක්වා අහස උසට නැග්ගේය.  මේ ආකාරයේ ඇස්, ලොඩියන්ට සමාන බෙහෙවින් සංචල සහ විෂ සහිත මුහුදු විලෝපියන් වන cubozoans සතුව අදටත් දැකිය හැකිවේ. ඔවුන් සතුව පොකුරු හතරක් තුළ පිළිවෙලකට සකසා ඇති ඇස් 24 ක් ඇත. ඉන් 16ක් හුදු ආලෝක සංවේදී වලගැසීම්ය. ඒත් සෑම් පොකුරකම එක යුගලයක් කාච, දෘෂ්ටි විතාන, තාරාමණ්ඩලයක්(කළුිඉංගිරියාව) සහ ස්වච්ඡය(සුදු ඉංගිරියාව)  සහිතව සංකීර්ණ විය.

Image result for cubozoans

දඩයම් කර විනාශය කර දැමීම

බහු-කාච සහිත සංයුක්ත ඇස් පරිණාමය වෙමින් ට්‍රයිලොබයිට් වර්ධනය වූයේ මදක් වෙනස් මගක් ඔස්සේය.  එසේ වුවද, සිද්ධිවල මූලික පෙළ ගැස්ම එකක්ම විය. (එසේ කළ පළමුවැන්නන් ඔවුන් වුවද) අහම්බෙන් මෙන් මේ නව නිමැයුම අත්පත් කරගත් එකම සත්වයන් ට්‍රයිලොබයිටිස් පමණක් නොවීය. ජෛව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, වෙන් වෙන්ව නැතිනම් ස්වාධීනව බොහෝ අවස්ථා ගණනකදී සමහර විට අවස්ථා සිය ගණනකදී ඇස් පරිණාමණ්ය වන්නට ඇති බවයි. ඉතින් ඒ නිසාවෙන් කොපමණ නම් වෙනසක් සිදුවීද? මුල් කැම්බ්‍රියන් යුගයේ පෙනීමක් නොමැති අඳුරු ලෝකය තුළ දෘෂ්ටියට, සුපිරි බලවතෙකුට සමාන බලයක් හිමි විය. ඉන් පෙර විසූ වෙනත් කිසිම සත්වයෙකුට වඩා  විපරම් කර බලා ගොදුරු ඩැහැගැනීමේ හැකියාව ඇති ට්‍රයිලොබයිට්ස්ප්‍රථම ක්‍රියාකාරී විලෝපීයයන් වූහ. ඔවුන්ගේ ගොදුරු ද ප්‍රති පරිණාමනය වීම පුදුමයට කරුණක් නොවීය. වසර මිලියන කිහිපයක් පමණක් ඇවෑමෙන් ඇස්(ඇත්තන්) සෑම තැනකම දැකගත හැකි වූ අතර සත්තු වඩාත් ක්‍රියාකාරීව, වඩාත් හොඳින් සන්නද්ධව සිටියහ.  මේ පරිණාමීය නවනිපැයුමේ ක්ෂණික ව්‍යාප්තිය තමයි අද අප කැම්බ්‍රියානු මහා ව්‍යාප්තිය(Cambrian Explosion) ලෙස දකින්නේ.

කෙසේ වෙතත් ඇස් පෙනීම මුළු ලොවටම පොදු නැත. බහු සෛලීය සත්ව වංශ 37 න් ඇස් පරිණාමනය වී ඇත්තේ වංශ හයක පමණකි. ඒත් ඉතින්අපේ වංශය, සරජ්ජුකයන් ද  සන්ධිපාදිකයන් හා මෘද්වංගියන් ද ඇතුළුව මේ වංශ හය තමයි මේ මිහිතලය මත වඩාත්ම බහුල, වඩාත් ව්‍යාප්ත සහ වඩාත්ම සාර්ථක සත්වයන් වන්නේ.

 

ප්ලවාංගිකයාගේ ඇස

Related image

අක්ෂි නැතිනම් ඇස් යනු අපූරු අවයවයන්ය. එහෙත්, සියල්ලන් අතරින්  වඩාත්ම අපූරු ඇස් සන්තකව ඇත්තේ ඒක සෛල සත්වයෙකුටය. Erythropsidinium  නම් ඒ කුඩා සතාගේ කුඩා සිරුරෙන් තුනෙන් එකක්ම සමන්විත වන්නේ ocelloid නම් ව්‍යුහයකිනි.  ප්‍රමාණයෙන් ඇසට නොපෙනෙන හෙවත් අන්වීක්ෂීය  වූයේ වී නමුත් එම ව්‍යුහය, පෘෂ්ටවංශිකයන්ගේ කැමරා බදු, වඩාත් සංකීර්ණ ඇස්වලට පුදුමාකාර සමාන කමක් දක්වයි. ඉදිරිපස,සුදු ඉංගිරියාවක් බදු පාරදෘශ්‍ය ගෝලයකි.  පිටුපස ඇත්තේ ආලෝකය සොයා ගන්නා අඳුරු, අර්ධගෝලාකාර ව්‍යුහයකි. ස්නායු පද්ධතියක් නොමැති නමුත් Erythropsidinium ගොදුරු සොයා ගැනීම පිණිස  උන්ගේ ඇස් ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනී යයි. හැබැයි ඉතින් උන් දකින්නේ මොනවාද කියල කියන්න නම් පුළුවන් කාටද?

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID EYES EVOLVE?  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.