පරිසර සංරක්ෂණයේදී ස්වදේශික ජනතාවගෙන් උගෙන ගතහැකි පාඩම්

Posted by

ස්වදේශීක ජනතාවගේ භූමි තුළ සොබාදහම පරිහානියට පත්වීම අනෙකුත් ප්‍රදේශවලට වඩා සෙමින් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ඇතිව සැකසුණු වාර්තාවකින් දැක්වේ. පෘථිවියේ ශාක හා සත්වයන් ඇතුළත් ජෛවී විවිධත්වය මනුෂ්‍යයන්ගේ පැවැත්මට පාදක වෙයි. එහෙත් පතල් කැනීමේ සිට කෘෂිකර්මය දක්වා වූ  මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන පරිසර හානිය මේ පැවැත්මට බරපතළ තර්ජනයක්ව පවතී. විශේෂයන්  මිලියනයක් නෂ්ටප්‍රාප්තවීමේ තර්ජනයට මුහුණ පා සිටිති. අප සොබාදහම සමග කටයුතු කරන ආකාරහෙි ප්‍රධාන පෙළේ වෙනස්කම් සිදු නොකරන්නේ නම් ඉන් බොහොමයක් දශක කිහිපයක් අතුළත නෂ්ටප්‍රාප්තවීමේ අනතුරට ලක්ව සිටින බව ගත වූ මැයි මස නිකුත් කළ මෙම වාර්තාවෙහි දැක්වේ.

කෙසේ වෙතත් මේ අඳුරු චිත්‍රය අතර රිදී රේඛාවක්ද නැතුවා නොවේ. මේ පරිසර හානිය ස්වදේශික ජනතාවගේ භූමියෙහි සිදුවන්නේ අඩුවේගයකින් බව ජෛවී විවිධත්වය පිළිබඳ  අන්තර් ජාතික විද්‍යා ප්‍රතිපත්ති පෙරමුණ(Intergovernmental Science-Policy Platform on Biodiversity and Ecosystem Services (IPBES) නම් පැනලය සකස් කළ මෙම වාර්තාවෙහි දැක්වේ. එහි කර්තෘවරුන් සහ අනෙකුත් පරිසර සංරක්ෂණ විශේෂඥයන් කියා සිටින්නේ ලෝකය මෙම ස්වදේශිකයන් හා අනෙකුත් දේශීය ප්‍රජාවන්ගෙන් මේ සම්බන්ධයෙන් පාඩම් ඉගෙනගත යුතුව පමණක් නොව ජෛවී විවිධත්ව හානිය නතර කර ගැනීමට නම් විද්‍යාඥයන් මෙන්ම ප්‍රතිපත්ති සකස් කරන්නන් ස්වදේශිකයන් හා දේශීය ජනතාව සමග අත්වැල් බැඳගෙන ඔවුන්ට සහාය පළ කළ යුතුය යනුවෙනි. “සාමාන්‍යයක් ලෙස ගතහොත් ඔවුන්(ස්වදේශිකයන් හා දේශීය ජනතාව) ස්වභාවික සම්පත් කළමනාකරණය දී සහ විශේෂයන් හානියට පත්වීම හා දූෂණය වැනි පාරිසරික කළමනාකරණය දී වඩා යහපත් අන්දමින් ක්‍රියාකරනවා” යයි වාර්තාවේ ප්‍රධාන කතුවරුන් අතරින් එක අයෙකුවන් සහ මානව පරිසර විද්‍යා සහාය  මහාචාර්යවරියක වන පැමෙලා මැකෙල්වී පෙන්වා දෙයි.  මානව පරිසරය ජෛවීවිධත්වය හා භූමි නඩත්තු කිරීමේ දී  සහ කළමනාකරණයේදී ස්වදේශකයන් හා දේශීය ප්‍රජාවන් අප සෙසු සියලු දෙනාට උගෙන ගත හැකි අයුරින් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉවත් කරන බව ප්‍රසිද්ධියේ පිළි ගැනීමට මෙය වැදගත් අවස්ථාවක් යයි ඇය කියා සිටියි.

ජෛවවිවිධත්ව භාරකාරත්වය

Related image

වාර්තාවෙහි දැක්වෙන අන්දමට අපේ මේ ග්‍රහලෝකයන් අඩුතරමින් හතරෙන් එකකවත්  අයිතිය, පදිංචිය හෝ කළමනාකරණය කරන්නේ ස්වදේශික ජනතාවයි. තවද  මිනිස් බලපෑම ඉතා අඩු භෞමික ප්‍රදේශ වලින් සියයට 35ක් ඊට ඇතුළත් වනවා මෙන්ම නිල වශයෙන් ආරක්ෂිත බිම් සියයට 35 ද අයත්ය. වාර්තාවෙහි  ස්වදේශික නොවනලෙස වර්ග කර දක්වා ඇති ජීවන වෘත්තිය හේතුවෙන්  සහ වෙනත් සාධක මත භූමියක් සමග දැඩිව බැඳී සිටින දේශීය ප්‍රජාවන් ද මේ කණ්ඩායමට එකතු කළොත් මෙම සංඛ්‍යා තවත් ඉහළ යනු ඇත.

සොබාදහම දෙස වෙනස් ආකාරයට බැලීම

 

ස්වදේශික ජනතාව සහ දේශීය ප්‍රජාවන් වැදගත් විධි ගණනාවකින් ජෛවී විවිධත්වයට දායක වන බව වාර්තාව හෙළිදරව් කරයි. නිදසුනක් ලෙස දක්වතොත්, ගෙවතුවලදී වල් සහ ගෘහාශ්‍රිත විශේෂයන් මිශ්‍ර කිරීමෙන් ඔවුන් නිර්මාණය කර ඇති වාසභූමිබොහෝ විට එකම භෝගය අක්කර ගණනින් එක යායට වගා කරන සාමාන්‍ය කෘෂිකාර්මික ඉඩම්වලට වඩා බෙහෙවින් විවිධයවිශේෂයන් බහුලය.  සමහර ගෙවතුවල විශේෂ 300ක් හෝ 500 පවා දැකිය හැකිය. මෙම ජනකොටස් අතර ප්‍රචලිත, ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රෙද්ශවල ජෛවී විවිධත්වය ප්‍රවර්ධනය කෙරෙන ගිනි ලෑමේ සාම්ප්‍රදායානුකූල භාවිතයන් වැනි  ක්‍රම මගින් සක්‍රීයව ඉඩම් කළමනාකරනයට පුරුදුව ඇත. හායනයට පත් හෙවත් තත්ත්වයෙන් පහතට වැටුණු ඉඩම් පාරිසරිකව යළි නගා සිටුවීමද ඔවුහු සිදු කරති.

පරිසර පද්ධති දීර්ඝ කාලීනව අධික්ෂණය කිරීමේදී ද ස්වදේශික ජනතාව සහ දේශීය ප්‍රජාව ප්‍රධාන පෙළේ භූමිකාවක් ඉටු කරයි. මෙය බෙහෙවින් වැදගත්ය. මන්ද මේ පිරිස් ජිවත් වන්නේ දුර බැහැර, යාම් ඊම් කිරීමට අසීරු ආක්ටික් හෝ ඇමොසාන් වනාන්තර වැනි ප්‍රෙද්ශවල නිසාවෙනි. “අපට විද්‍යාඥ පිරිස් දිගුකාලීනව රඳවා තබා ගත නොහැකි ස්ථානවලදී මෙය විශේෂයෙන්ම වැදගත්” යයි මැක්එල්වී පෙන්වා දෙයි.

කෙසේ වෙතත් බොහෝ විට විද්‍යාඥයන් මෙන්ම රජයන්ද ස්වදේශික ජනතාවගේ සහ දේශීය ප්‍රජාවගේ දායකත්වය හඳුනා ගෙන නැත. නිදසුනක් ගතහොත් හංගේරියාවේ සම්ප්‍රදායානුකූල එඬේරන් තණ බිම්වල උළාකෑමට තමන් ඇතිකරන සතුනට ඉඩ ලබාදෙන්නේ දිගු කාලයක සිටය. මෙය ජෛවී විවිධත්වය පවත්වාගෙන යාමට උපකාරී වේ. එහෙත් දශක කිහිපයකට පෙර හංගේරියාව, ජාතික වනෝද්‍යාන ආරම්භ කිරීමේදී මේ භාවිතය අවහිර කෙරිණ; හෝ සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ. මෙයට බලපෑවේ විද්‍යාවට සම්ප්‍රදායනුකූලව එඬේර භාවිතයන් ගැන වැටහීමක් නොවීමයි. (එහෙයින්)මෙය යළි හඳුන්වා දීමටත් වනෝද්‍යානයන් තුළ තණ කැවීමටත් යලි පියවර ගනු ලැබුවේ මෑතකය.  හේතු ගණනාවක් නිසාවෙන් ස්වදේශික ජනතා හා දේශීය ප්‍රජාවන් සංරක්ෂණ කාර්යයේදී සාර්ථකත්වයක් ලබන්නට පුළුවනැයි ඉන්ඩියානා බ්ලුම්න්ග්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ එඩ්‍රවාර්ඩෝ බ්‍රොන්ඩියියෝ පෙන්වා දෙයි. “ජීව විශේෂ සිය ගණනක ගැබ්වෙලා තියෙන ප්‍රයෝජන වගේම වටිනාකම් අවබෝධ කර ගන්නා විට,   එසේ නොකර ඇති විටක දකිනවාට වඩා කෙනෙකු වනාන්තරයක් දකින්නේ වෙනත් ආකාරයකටයි.  කෘෂිකර්මාන්තය හෝ ගොවිපොළ පිහිටුව වැනි එක් තනි පර්යාලෝකයකින් පමණක් නැතුව භූදර්ශනය බැලීමයි වැදගත්. තම ස්වභාවික සම්පත් නියාමනය කරගැනීමට මෙම ජනතාවගේ සමාජ සම්මතයන් හා ධර්මතාවයන්ද උපකාරී වේ. එපමණක් ද නොව මෙම ජනතාවට දේශීය පරිසර පද්ධති සහ ඒවයේ ගතිකයන් ගැන ගැඹුරු වැටහීමක් ඇති හෙයින් හොඳින් දැනුවත් කළමනාකරන තීරණ ගැනීමට එය උපකාරී වේ” යනුවෙන් බ්‍රොන්ඩියියෝ කියාසිටියි.

Related image

තවද බටහිර සංස්කෘතිය ඓතිහාසකව දුටු අන්දමට ස්වභාව ධර්මය ඇත්තේ මානවයන්ට සේවය කිරීම පිණිසය යනුවෙන් නොසිතා ස්වභාවධර්මය හා මනුෂ්‍යයා අතර අන්‍යෝන්‍ය වශයෙන් සබඳතාවක් දැක්වීමට මෙම ස්වදේශීක ජනතාව හා දේශීය ප්‍රජාව පෙළඹෙති. පෘථිවියේ ජෛවී විවිධත්වයන් සමස්ත පරිසර පද්ධතියේ රැකගැනීමේදී ස්වදේශික හා දේශීක දැනුමට වැදගත් කාර්ය භාරයක් පැවරේ. එහෙයින් විද්‍යාඥයන් හරහා මේ ජනකොටස් සමග මිත්‍රත්වයෙන් ක්‍රියාකරමින්, ඔවුන්ගේ හඬට තැනක් ලබා දී ඔවුන් විද්‍යා ඇගැයීමවලට සම්බන්ධ කරගෙන ඔවුන් හා හවුලේ ක්‍රියා කිරීමට පියවර ගත යුතුවේ.

 

Scientific American හී පළවූ   What Conservation Efforts Can Learn from Indigenous Communities යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.