අප කාගේත් ජීවිත කාලය තුළ අපගේ සිරුරේ වෙනත් ඕනෑම කොටසකට වඩා අපේ මොළ විපර්යාසයන්ට ලක්වේ. මේවා පුළුල් ලෙස අවධි පහකට බෙදිය හැකිය. ඒ එක් එක් අවධිය, අපේ හැකියාවන් සහ චර්යාවන් කෙරෙහි බොහෝ සේ බලපායි.
ලිස්සනසුළු බෑවුම: වැඩිහිටිභාවය
අපි හිතමු ඔබ දැන් ඉන්නේ අවුරුදු විසි ගණන්වල මුල්කාලයේ කියලා. අන්තිමේ දී ඔබේ මොළය දැන් ඔන්න වැඩිහිටිභාවයට පත්වෙලා(ගැබ් දැරීම, ළමා විය, ගැටවර විය ගැන තතු මීට පෙර බ්‍රස්පතින්දා දිනවල පළකළ ලිපි කියවන්න). ඔබෙ මොළයෙහි බලය උච්ච අවස්ථාවට පැමිණෙන්නේ, වයස අවුරුදු 22 දී පමණ. එලෙස පවතින්නේ හැබැයි දශක භාගයක් පමණ කාලයක්. එතැන් පටන් ඉතින් දිගටම පරිහානිය තමයි. මෙම දීර්ඝකාලීන මන්දගාමී පරිහානිය පටන් ගැනෙන්නේ වයස අවුරුදු විසි හතේදී පමණ. එක එක හැකියාවන් පරිහානියට පත්වන්නේ විවිධ සීඝ්‍රතාවයකින් වුණාට මේ පරිහානිය නම් මුළු වැඩිහිටි කාලය පුරාවටම සිද්ධ වෙනවා. මෙහිදී කුතුහලය දනවන කාරණාව වන්නේ මුලින්ම පරිහානියට පත්වන ඒවා — සැලසුම් කිරීම සහ කාර්යයන් සම්බන්ධීකරනය වැනි විධායක පාලනය හා සම්බන්ධ ඒවා — තමයි ඔබේ ගැටවර වියේදී හටගැනීමට දීර්ඝ කාලයක් ගිය ඒවා. මේ හැකියාවන් සම්බන්ධ වන්නේ මොළයේ පුරෝලලාට(ඉදිරිපස ලලාට ඛ්ණ්ඩිකාව) හා ශංඛක(නළලෙ කෙළවර) බාහිකයන්ටය( බාහික = පිටතින් ඇති ස්තර). මේවා ඔබේ වයස විසි ගණන්වල මුල් කාලය වන තුරුම පරිණාමය වෙමින් පවතිනවා. සිදුවීම් යළි සිහිගැන්වීමට අදාළ ස්මරණය ද සීස්‍ර යෙන් පරිහානියට පත්වන අතර මොළයේ සැකසුම් වේගය ලිහිල් වී ගෙන යාමෙන් ක්‍රියාකාරි ස්මරණයට තොරතුරු ගබඩා කිරීමට හැකියන්නේ අඩුවෙනි. ඉතින් ඇත්තටම මේ පරිහානිය කොපමණ සීග්‍ර යෙන් සිදුවේද?මොළයෙහි තත්ත්වයෙහි කුඩා පරීක්ෂාව (Mini–Mental State Examination (MMSE) කියලා පරික්ෂාවක් තියෙනවා. මෙය, අංකගණිතය, භාෂාව සහ මූලික චාලක කුසලතා මනින ලක්ෂ්‍ය 30කින් සමන්විත මිම්මක් වේ. මේ පරික්ෂාව සාමාන්‍යෙයන් යොදා ගනු ලබන්නේ ඩිමෙන්ෂියාව හෙවත් ස්මෘති හානිය (dementia) නම් සංකීර්ණ රෝගයෙන් පෙළන අයගේ පරිහානිය කෙතෙරම් සීග්‍ර තාවයකින් සිදුවේද යන්න බැලීමටයි. ලක්ෂ්‍ය 3 සිට 4 දක්වා පහත වැටීමක් ශාසනිකව තීරණාත්මක හැටියටයි සැලකෙන්නේ. වෙනත් වචනවලින් කියතහොත් පුද්ගලයන් වයස අවුරුදු විසිහයේ සිට හැට පහ අතර සාමාන්‍යෙයන් අත්විඳින පරිහානිය, සැබෑ ලෝකයේ දී ප්‍රතිඵල ගෙනන සුළුයි.
මේ කතාවෙම හොඳ පැත්තකුත් තියෙනවා. වැඩිහිටි නැතිනම් සුහුඹුල් වියේ පරිහානියට පත්වන හැකියාවන් රඳා පවතින්නේ අස්ථිර බුද්ධිය(fluid intelligence) මතය – ඒ කියන්නේ මතුපිටට නොපෙනෙන ඔබේ මොළයේ සැකසුම් වේගයයි. එසේ වුවද, ඊනියා පළිඟුපේන බුද්ධිය(crystallised intelligence = මෙය දළවශයෙන් ඥානයට සමානය) ගමන් කරන්නේ අනෙක් දිශාවටයි. අස්ථිර බුද්ධිය යනු පරිණතභාවයේදී නිශ්චය කළ හැකි අස්ථිර ශක්‍යතාවයන්ය. පළිඟුපේන හැකියාවක් යනු අවසානය අත්දැකීම් මගින් වැඩිකොට නිශ්චය කරනු ලබන ශාස්ත්‍රික දැනුම වැනි ශක්‍යතාවන්ය. ඔන්න ඉතින් ඔබේ මුහුණ, එහෙමත් නැත්නම් ඔබේ පස්සපැත්ත වයස යාමත් සමග එල්ලාවැටෙන්නා සේ බුද්ධියද එල්ලා වැටෙන්නට පටන් ගත්තත් වයසත් සමග ඔබේ ඉඟටිය (බඩ) වැඩෙන්නා සේ පළිගුප්ත බුද්ධිය ද එන්ට එන්ට වැඩෙයි. අඩුතරමින් අපේ වයස අවුරුදු හැටක් හැත්තෑවක් වනතුරු එකක අගුණ අනෙකෙන් මැකී යන සෙයක් තමයි, පෙනී යන්නේ.
හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් තවත් කාරණාවක් තියෙනවා. මානසිකව හා ශාරීරිකව ක්‍රියාකාරිව සිටිමින් සාමාන්‍යෙයන් හොඳ ආහර අනුභවයට ගනිමින් සිගරැට් මත්පැන් හා මොළය අවුල් කරන වෙනත් විෂ ද්‍රව්‍යවලින් ඈත් වී සිටිමින් කල් ගෙවතොත්, අනිවාර්යයෙන් සිදුවන මෙකී පරිහානියේ වේගය අඩු කරගන්න පුළුවනි. ඒ වගේම ඔය කිව් යහපත් කල් ක්‍රියාවෙන් ජීවත්වීමට පටන් ගන්න දැනටමත් පරක්කු වැඩිය් කියලා හිතෙනවා වුණොත් කලබලවෙන්න එපා. ඒක අනිත් පැත්ත හරවන්න ඔබට තවමත් තවත් අවස්ථාවක් තියෙනවා.
දුර්වල තමයි ඒත් සම්පූර්ණයෙන් වැටිලා නැහැ: මහළු විය
ඔබ විශ්‍රාම යන විට ඔබේ මොළය පෙර කල තිබූ එකම නොවන බවට සැකයක් නැහැ. ඒ ගැන සලකුණු බොහෝ දෙනෙකුට වයස අවුරුදු හැට පහවෙද්දී දැනෙන්න පටන් ගන්නවා ඔබට බොහෝ විට පුද්ගලයන්ගේ නම් මතක නැහැ. සපත්තු ජෝඩුව ඇඳ යට වෙනුවට ඉඳහිට අල්මාරියේ ඇතුලේ දමනවා. අපේ මතකය මේ විදිහට අපව අතරමන් කරන්න හොඳ හේතුවක් තියෙනවා. ජීවිතයේ මේ අවධිය වෙද්දී (අපේ මතකයන් සකසනු ලබන ප්‍රදේශය වන) හිපොකැම්පසය වැනි වැදගත් ප්‍රදේශවල මොළ සෛල අපට අහිමි වෙනවා. මුලදී මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද, මහලු වයසේ දී වුණත් හානි පූරණය කරන්න තරමට මොළය නමයශීඊයි. එහෙමවුඅනත් එක අවස්ථාවක දී හානියේ ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගන්නවා. ඇත්ත, අප හැමෝම එකම ආකාරයට වයස්ගත වෙන්නේ නැහැ කියන එක පැහැදිලියි. එහෙම නම් ඉතින් ප්‍රීතියෙන් කල්ගෙවන බුද්ධිමත් මහල්ලන් සහ නිතර අමතක වන සුළු පුද්ගලයෙකු අතර වෙනස කුමක්ද? ඒ වගේමම් ඔවුන් මුලින් කී විදිහේ මහල්ලෙකු වීම පිණිස අපට ඇති අවස්ථා වැඩිකරගත හැකිද?
ව්‍යායාම්වලින් සත්තකින්ම විශාල රුකුලක් ලැබෙනවා. සතියකට තුන්වතාවක් සුළු ව්‍යායාම්වල යෙදීමෙන් වයස්ගත පුද්ගලයන්ගේ ඒකාග්‍රතාව සහ අමුර්ත තර්කන ශක්තිය වර්ධනය කළ හැකි බව නොයෙකුත් අධ්‍යයනවලින් පෙන්නුම් කරනවා. සමහර විට නව මොළ සෛල වැඩීම උත්තේජනය කරමින් ඇත්ත වශයෙන්ම තෘප්තිමත් විශ්‍රාමික දිවියක් ඔබට ගත කිරීම පිනිස ඔබේ මොළය, ඊට කළ හැකි හැම දෙයක්ම කරනවා.
වයස අවුරුදු විසි ගණන්වල මෙන්ම තිස් ගණන්වල දඩබ්බර ‘වැඩ‘ වලදී ඒ වගේම මැදිවයසේ නොයෙකුත් අභියෝගවලදී, ජීවිතයේ හොඳ දේවල් ගැන අවධානය යොමු කරන්නේ කෙසේද යන්න ගැන මොළය නිසොල්මනේම ඉගෙන ගෙන තියෙනවා. අවුරුදු හැට පහක් වෙනකොට ධනාත්මක හැඟීම් පිළිබඳ අත්දැකීම උපරිම කරගන්නා ආකාරය ගැන අපි මනා පරිචයක් ඇතිකරගෙනයි ඉන්නේ. ඉතින් කිසිවෙකුත් වයස් ගත වන්නට කැමැති නැතත්, සියල්ල දොම්නසින්, විනාශයෙන් වැසී ගොස් නැහැ. ඇත්ත වශයෙන්ම හිත වෙහෙසකරගැනීම නැතිනම් වදවීම බාගදා අපි සම්පූර්ණයෙන්ම නතර කරගන්න ඕන වෙනවා ඇති. ජීවිතේ සැහැල්ලුවෙන් ගන්නා අයට, වඩාත් පීඩාවත් සහිතව දිවි ගෙවූ අයට වඩා ඩිමෙන්ෂියා රෝග තත්ත්වය වර්ධනය වීමේ අවවස්ථාව අඩු බව අධ්‍යයනවලින් හෙළිවෙනවා. අන් අය සමග සමාජ සම්බන්ධතාවල දී එතරම් ක්‍රියාකාරී නොවන එසෙත් සන්සුන්ව දිවිගෙවන අයට හුදෙකලාව, කනස්සලු ස්වභාවයෙන් ගත කිරීමේ නැඹුරුවක් සහිත අයට වඩා ඩිමෙන්ෂියා රෝගය වර්ධනය වීමේ අවදානම සියයට 50 කින් අඩු බව එක් වාර්තාවකින් පෙන්නුම් කරනවා. මෙය හටගන්නට ඉඩ ඇත්තේ පීඩනය හේතුවෙන් ඇතිවන කෙටිසෝල් මට්ටම් මගිනුයි. මේ කෙටිසෝල් මට්ටම් පූර්ව ඛේටලා බාහිකයෙහි හැකිලීම් ඇතිකරන්නට පුළුවන. මෙය, ඇල්සයිමර් රෝගය සහ වයස්ගත පුද්ගලයන්ගේ විෂාදය සම්බන්ධ ප්‍ර දේශයකි. (වයසට යද්දී) අපේ මොළය, අපේ සම මෙන් රැළි වැටෙන්න්වත් එල්ලා වැටෙන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒත් එයට ද සමට මෙන්ම අවධානය හා සැලකිල්ල අවශ්‍යමයි. ඉතින් ඔබේ මොළය දැන්ම ම අල්ලා දාන්න හිතන්න එපා!
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ YOUR BRAIN THROUGH THE AGES පරිච්ඡේදය ඇසුරෙනි