ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අවදිව සිටි කාලයේ අත්දැකීම් අතරතුර දැකිය හැකිවූ ක්‍රියාකාරී රටා සිහින දැකීමේදී මොළය මගින් යළි රඟදක්වනු මොළ පරිලෝකන මගින් හෙළිවන බව ඊයේ තතු හී පළ වූ මෙම ලිපියේ මුල් කොටසේ පලවිය. අද එතැන් සිට.
අත්දැකීම් අපේ සිහිනවලට වෙන වෙනම අවස්ථා නැතිනම් අවධි දෙකකදී ඇතුල්වෙන බවක් පෙනී යයි. ඒවා මුලින්ම සිහින ලෙස පැමිණෙන්නේ සිද්ධිය සිදුවුණුදාට පසු රාත්‍රියේ දීය. අනතුරුව නැවතත් දින පහේ සිට හතක් පසුවය. මෙය නින්දෙහි කාර්යභාරයන් අතුරෙන් එකක්වන්නේ ස්මරණ සැකසීම සහ ඒවා දිගු කාලීන මතකයේ ගබඩා කර තැබීමය යන අදහස තහවුරු කරන්නක් සේ පෙණි යයි. අප අපේ සිහිනවලදී සිදුකරන්නේ හුදෙක් සිදුවීම් යළි රඟදැක්වීමම(ආපසු දැකීමම) නොවේ. ඒවා (සිහින) කොටස්වලට කැබලිකර පැරණි මතකයන් සමග එකට එකතු කරමින්, වෙන්න බැරි නැතිනම් විය නොහැකි සිදුවීම්, ස්ථාන සහ චරිත දැක්වෙන විස්මිත, හැඟීම් දනවන ආඛ්‍යානයන් බවට හැරවීමයි. මෙය තනිකර මතකය සැකසීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මොළයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් නිසා විය හැක්කකි. ඇමිග්ඩලාව(amygdala), තැලමසය(thalamus) හා මොළ දණ්ඩහි(brainstem) චිත්තාවේගී මධ්‍යස්ථාන මෙන්ම දෘශ්‍ය ප්‍රදේශ ද බෙහෙවින් ක්‍රියාකාරීය. ඒ අතරම, තාර්කික චින්තනය සහ අවධානය ගැන ක්‍රියාත්මක වන ප්‍රදේශ නිශ්චලය.
එහෙත් මතකයන් සැකසීම යන්න මීට අදාල සමස්ත කතාව විය නොහැකියි. දුබලතා සහිතව මෙලොවට උපන් පුද්ගලයන්ගෙන් ලබාගත් සිහින වාර්තාවල ඔවුන් කිසි දිනක ඇත්ත වශයෙන් අත් නොවිඳි අංගද ඇතුළත් වෙනවා. බිහිරි පුද්ගලයන් බොහෝ දෙනෙක්, කතා කරන දෙයට තමන්ට සවන් දිය හැකි, එමෙන්ම එය තමන් තේරුම්ගන්නා සිහින දකිති. සැබෑ ජීවිතයේදී කතා කිරීමට නොහැකි අය සිහිනවලදී සිය කට හඬ අවදි කරති. උපතින්ම පක්ෂඝාතයෙන් පෙළෙන අය (සිහිනවල දී) බොහෝ විට ඇවිදිති, දුවති හෝ පිහිණති. මෙයින් හැඟී යන්නේ කුමක්ද? අපගේ ජීවිත කාලය තුළ දී හමුවෙතැයි අපේක්ෂිත අත්දැකීම් ජනනය කිරීමට හැකිවන පරිදි අපේ මොළය කිසියම් හේතුවක් මත ක්‍රම ලේඛ ගත කර ඇත යන්නයි.
බියකරු සිහින ලෙස අප සඳහන් කරන දුස් ස්වප්න (nightmares = උග්‍ර කාංසාව සලකුණු කරන සිහින) ද ඉහත සඳහන් අන්දමකට පැහැදිලි කිරීමට පුළුවන් විය හැකිය. සිහින තුනෙන් දෙකක් පමණ යම් තර්ජනයකට සම්බන්ධය. බොහෝ විට පහර දෙන්නෙකු වෙතින් පළා යාම හෝ ගැටුමකට පැටලීම (ගුටිබැට හුවමාරුවකට) වැනි බිය දනවන අවස්ථාය. එවන් අවස්ථා ළමුන් අතරේ වඩාත් බහුල අතර බොහෝ විට බියකරු සතුන් නිස එවන් අවස්ථා ඇතිවේ. මේ සඳහා ඉදිරිපත් කළ හැකි එක් පැහැදිලි කිරීමක් වනුයේ අප, අපේ සැබෑ ජීවිතයේදී මුන ගැහෙන — එහෙත් නැතිනම් අපේ දුරස්ථ පූර්වජයන් අත්විඳින්නට ඇතයි සිතිය හැකි — අභියෝග සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ පරිචයක් අපට ලබා ගත හැකි වනු අන්දමින් විඩම්භනය කරනු පිනිස(රඟ දක්වා පෙන්වීම පිණිස) මොළය මවාපානවා යන්නයි. ඉතින් අද රාත්‍රියේ දී සවිඥානයෙන් තොර නිදි ලෝකයට ඇතුල්වෙද්දී අවධානයෙන් සිටින්න. නිශාචර ලෝකය අභිරහස් සහ අනතුරුවලින් පිරී පවතී.
රෑ කල ගමන් බිමන්
සීඝ්‍ර අක්ෂි චලන නින්ද(REM) නින්ද බොහෝ විට හඳුන්වනු ලබන්නේ ‘සිහින දකින නින්ද‘ යනුවෙනි. ඇත්තටම ඒ නින්දේදී තමයි වැඩිම සිහින හටගන්නේ. එහෙත් නින්දේ වෙනත් අවදිවලදී ද අපි සිහින දකින්නෙමු. පර්යේෂකයන්, නින්දේ පසුවන පුද්ගලයන් මොළ අධීක්ෂ්ණය කරන විට REM නොවන නින්දවල්වල දී ද සිහින හටගන්නා බව දැනගතහැකිව තිබෙනවා. එහෙත් එම සිහින කෙටියි, විචිත්‍රත්වයෙන් සහ සංකීර්ණ භාවයෙන්, REM සිහිනවලට වඩා අඩුයි. නින්ද සහ අවදියෙන් සිටීම අතර ඉමේදී තවත් වර්ගයක සිහින හටගන්නවා. මෙම ඉක්මණින් ඇතිවී නැතිවී යන වශීජනන සිහිනවල ඉන්ද්‍රජාලික ගුනයක් අඩංගු විය හැකියි. මේ සිහින, සමහර අවස්ථාවලදී වෙනත් වර්ගයක සිහින සඳහා දොරටුවක් එන්නට ද පුළුවනි. මෙය මන පිනවන මෙන්ම වැඩි ඉල්ලුමක් ඇති සිහිනයි. මේ වායේ දී සිහිනයක් දකිමින් සිටින බව ඔබට දැනීමක් ඇතිවන අතර (සිහිනයේදී) සිදුවනදේ ගැන යම් පමණක පාලනයක් ඇති කළ හැකියි. සිහින ලොවක ජීවත්වෙනවා කියන්නේ බාගදා ඕකට වෙන්නැති.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE SLEEP? පරිච්ඡේදය ආශ්‍රයෙනි.