ඔළුව ඇතුලේ මොනවාද සිද්ධවෙන්නේ කියලා කවදා හරි කල්පනා කරලා තියෙනවාද? නැහැ. නැහැ. සිතුවිලි, අදහස් මතකයන් වගේ දේවල් නෙවෙයි. දෘඪාංග හෙවත් භෞතික ක්‍රියාවලිය ගැනයි ඇහුවේ. ඔබේ ඔළුවේ අභ්‍යන්තරයේ ඇති පටකය මගින් කොහොමද ඇත්තටම හැඟීම්, චිත්තාවේග, සංවේදන සහ සිහිනුවණ පිළිබඳ හැඟීමක් ජනනය කරනු ලබන්නේ කෙසේ ද? ඔබේ හිස් කබල විවෘත කරලා මොළය එළියට ඇදලා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් වඩාත්ම කැපී පෙනෙන දෙය වශයෙන් ඔබ දකින්නේ අළු පාටට හුරු රෝස පාටැති නැමි සහ රැළිවලින් පිරුණු මස් ගුලියක් වගේ ගුලියක්. මොළයේ මේ පිටත ස්ථරය තමයි මස්තිෂ්ක බාහිකය. ඔය කිව් විදිහේ පෙනුමක් තියන මොළ හැම සතෙකුටමත් නැහැ. මීයන්(rats) සහ කොස්ඇට මීයන්ට(mouse) ඇත්තේ ඉතා සුමට මොළයි. එහෙත් ඌරන් සහ මනුෂ්‍යයන්ට වැනි අයගේ මොළයෙහි මියර හෙවත් උස් වැටි සහ ගැඹුරු කට්ටා හෙවත් රැළි තියෙනවා සාපේක්ෂව විශාල මොළයක් සහිත ක්ෂිරපායින්ගේ (මොළයෙහි) වඩාත් නැමුණු බාහිකයක් ඇති අතර පුළුවන් තරම් ධුසර ද්‍රව්‍ය අපේ හිස් කබල ඇතුළට පිරවූ වැඩිම රැළි ගැසුණු මොළයක් ඇත්තේ මනුෂ්‍ය මොළය ය.
(මොළයෙහි) තවත් කැපී පෙනෙන අංගයක් වනුයේ මොළය අර්ධ දෙකකට බෙදී තිබීමයි. හරියට (තද පොත්තකින් ආවරණය වූ මදයක් ඇති)වෝල්නට් ගෙඩියක් වගේමයි. මොළයෙහි වම් පැත්ත ශරීරයෙහි දකුණු පැත්ත පාලනය කරන අතර දකුණු පැත්තෙන් ශරීරයෙහි වම්පැත්ත පාලනය වෙයි. ඔබ දකුණු අත ඔසවා කාටහරි ආචාර කරනකොට ක්‍රියාකාරී වන්නේ මොළයේ වම් පසයි. මෙයින් අප තේරුම් ගත යුත්තේ මොළයෙහි එක් පැත්තකට හානියක් සිදු වුවහොත් එය බලපාන්නේ ශරීරයෙහි අනෙක් පැත්තට බවයි. බාගදා ඔබ අහලා ඇති මොළයේ දකුණු අර්ධගෝල වඩාත් නිර්මාණශීලීය, වඩාත් භාවාත්මකය යනුවෙන්ය; ඒ වගේම වම් අර්ධගෝලය සම්බන්ධවන්නේ තර්කණයටය යනුවෙන් කියලා. ඒත් යථාර්ථය වඩාත් සංකීර්ණය. එහෙම කිව්වට ඔය අර්ධ දෙක සතුව එක්තරා මට්ටමක විශේෂඥතාවක් පවතිනවා. වම් පැත්ත භාෂණය (කථාව) සහ භාෂාව සම්බන්ධ ක්‍රියාකරන අතර සමාජයීය ඉඟි සකසනවා. දකුණු අර්ධ ක්‍රියාකරන්නේ අවකාසමය හා ශාරිරික දැනුවත්කම සම්බන්ධයෙනුයි.
මොළයෙහි ව්‍යුහාත්මක නිර්මාණය අවබෝධ කරනු පිණිස උත්සාහයක් දැරීම පටන් ගැනුනේ මොළයට හානි පැමිණි පුද්ගලයන් ගැන වාර්තාවීමත් සමගයි බොහොම ප්‍රකට උදාහරණයක් තමයි දහනව වන සියවසෙහි විසූ පිනීස් ගේජ් නම් ඇමරිකාවේ දුම්රිය මාර්ග සේවකයාගේ කතාව.
මීටරයක් දිග යකඩ පොල්ලක් විසිවී ඇවිත් වම් කම්මුල පසාරු කරගෙන හිස මුදුනින් පිටවීමෙන් ඔහුට මොළයේ ඉදිරිපස කොටසක් අහිමි වුණා. ඔහුගේ දිවි ගැලවුණු නමුත් ඉන් පසුව ඇති වූ පෞරුෂයෙහි වෙනස්කම් නිසා ඔහුගේ කතාව ස්නායු විද්‍යාෙව් වඩාත් ප්‍රකට සිද්ධි අධ්‍යයන අතරින් එකක් බවට පත්වුණා. එය, මොළයේ සුවිශේෂවූ කොටස් චර්යාවෙහි සුවිශේෂී අංශ කෙරෙහි බලපාන බවට මුලින්ම අනාවරණය කෙරුණු සිද්ධි අධ්‍යයන අතුරෙන් එකකි. (මොළයේ) ස්ථානගතව සිදුවන හානිය, ශාක්ෂරතාව සහ ගණිත හැකියාව වැනි ඇතැම් විශේෂිත කුසලතාවන් ඉතා සුවිශේෂී ලෙස අඩපණ කරන බව අපි දැන් දනිමු. මොළය, විවිධ ප්‍රදේශ විවිධ වූ මානසික ක්‍රියාකාරිත්වයන් කෙරෙහි වග කියන (නිදහස් ඒකකවලින් සෑදුණු හෙවත්) මාපාංකිත එකක් බව මින් හැඟී යයි.
Modular brain
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් විවිධ වූ සංජානමය කාර්යයන් ඉටු කරමින් සිටියදී පර්යේෂකයන්ට සෞඛ්‍ය සම්පන්න මොළ ඇතුලටට එබී බැලීමට ඉඩකඩ සලසන වඩාත් සියුම් ප්‍රෙව්ශයක් ලබාදීමට විසිවන සියවසේ අග වැඩිදියුණු කෙරුණු උසස් මට්ටමේ අනුරූපණ ශිල්ප ක්‍රම සමත් වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ විවිධ කුසලතා මොළයේ හටගන්නේ කොයිබද යන්න දැක්වන විස්තරාත්මක සිතියමකි. මෙය අපේ සංකීර්ණ මානසික ජීවිත අවබෝධ කර ගැනීම සඳහා යන ගමනේ වැදගත් පියවරක්.
ස්නායු විද්‍යාඥයන් මොළය ප්‍රධාන කොටස් තුනකට බෙදනවා මේවා විවිධ වර්ගවල සැකසුම් කාර්යයන් ඉටු කරන අතර අපගේ පරිණාමීය ඉතිහාසයේ විවිධ කාල ඡේදවලදී මේ කොටස් පරිණාමනය වෙලා තියෙනවා. එම කොටස් නම් පසු (අපර) මොළය(hindbrain), මැද මොළය(midbrain) සහ පෙර මොළය(forebrain) යනුවෙනි. අපි ඊළඟ ලිපියෙන් ඒවා ගැන කතා කරමු.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ Mapping the mind පරිච්ඡේදය ඇසුරෙනි